• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පවුලේ සතුට හැංගුණු කුස්සියේ රහස්

October 17, 2020
in Astrology
Reading Time: 1 min read
A A
පවුලේ සතුට හැංගුණු කුස්සියේ රහස්
Share on WhatsAppShare on Facebook

ඕනම පවුලක, නිවෙසක සතුට, සමඟිය වර්ධනයට වගේම බිඳවැටීමටත් බලපාන ප්‍රධානම තැනැක් ලෙස මුළුතැන්ගෙය එහෙමත් නැත්නම් කුස්සිය හඳුන්වන්න පුළුවන්. මුළුතැන්ගෙයි ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පවුල්වල සමඟිය බිඳවැටීම, ආර්ථිකය කඩාවැටීම වගේම නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම වැනි දේද සිදුවන අවස්ථා දක්නට තිබෙනවා. මෙවැනි බොහෝමයක් කාරණාවලට මඟපෑදෙන්නේ, හේතු වන්නේ ඇතැම් විට නොසිතා කරන සුළු සුළු සිදුවීම් නිසයි. එනිසා ඕනෑම පවුලක නිවෙසක මුළුතැන්ගෙය භාවිත කිරීම වගේම පවත්වාගෙන යෑමත් ඉතාමත් සූක්‍ෂ්මව සහ ක්‍රමානුකූලව කරගෙන යායුතුයි.

මේ තත්ත්වයන් වාස්තු විiාවේදී ජ්‍යොතිෂවේදීන් වගේම ෆෙංෂුයි ශාස්ත්‍රයේදීත් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එම කරුණු අනුව තම තමන්ගේ මුළුතැන්ගෙවල් පවත්වාගෙන යෑමෙන් නොසිතන තරමේ වාසනාවන් මතු කරගන්න මඟ පෑදෙනවා වගේම එම කරුණු නොසලකා හැරීමෙන් නොසිතන ආකාරයේ දුක් ගැහැට ළංකර ගැනීමත් සිදුවිය හැකිය.

විශේෂයෙන්ම මුළුතැන්ගෙයක ඇති උපකරණ ගැනද සැලකිලිමත් විය යුතුය. එහිදී ශීතකරණයේ ඇති දේවල් පිළිබඳව නිතරම අවධානය යොමු කළ යුතු වෙයි. නිතරම අනවශ්‍ය දේවල් ඉවත් කරමින් නරක් වූ දේවල් ඉවත් කරමින් ශීතකරණය නැවුම් තත්ත්වයෙන් පවත්වා ගැනීමෙන් මුළුතැන්ගෙයි නැවුම් බව ආරක්‍ෂා කරගත හැකි වෙයි.

එසේම අනෙකුත් උයන – පියන ද්‍රව්‍ය ගබඩාකර ඇති ස්ථානයන්ද නිතරම පිරිසුදු කළ යුතුය. එසේ නොතබන්නට එම ද්‍රව්‍යයන් නරක් වීමෙන් හෝ පුස්බැඳීමෙන් මුළුතැන්ගෙයි නැවුම් බවට හානි සිදුවිය හැකිය.

අපගේ රටේ බොහෝමයක් ගෘහණියන් කරන නරක පුරුදු නිසා මෙරට මුළුතැන්ගෙවල් තුළ අනවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ගොඩගැසී ඇති අයුරුද දක්නට ලැබෙනවා. එවැනි දේ අතර භාවිතයට ගතනොහැකි වළං, පිඟන්, කෝප්ප වැනි දේත්, පිහියා, හැඳි, ගෑරුප්පු වැනි දේද අනන්තවත් දැක ගත හැකිය. මේ තත්ත්වය එතරම් සුබදායක නොවේ. තමන්ට අවශ්‍යම උපකරණ අලුතෙන් ගත්විට ලෝභ නොවී පරණ කැඩුණු උපකරණ ඉවත් කිරීමට ගෘහණියන් පුරුදු විය යුතුය. එවිට මුළුතැන්ගෙය තුළ ඇහිරී යෑම අඩු වෙයි. නැවුම් වාතයට නිදහසේ ගමන් කිරීමට ඉඩ ලැබේ. එයින් මානසික සහ කායික ශක්තිය වර්ධනයට සහායක් ලැබේ.

මීළඟට ගෘහණියක වඩාත් උනන්දු විය යුත්තේ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය දමන බඳුන් කෙරෙහිය. මෙය අඩුවෙන්ම සිදුවන දෙයකි. ඇතැම් පළාත්වල කුණු රැගෙන යන රථය එන්නේ සතියකට වතාවකි. නැත්නම් දෙවතාවකි. ඉතින් එදින වෙනතුරුම මුළුතැන්ගෙයි ඇති කසළ බඳුනේ ඇති ආහාර ද්‍රව්‍ය, අපද්‍රව්‍ය ආදිය එකට කැකෑරෙමින් තැම්බෙමින් දුර්ගන්ධය මුදාහරිමින් පල්වන අයුරු දක්නට ලැබේ. මෙය දිගින් දිගටම සිදුවීම තුළ ඇතැම් කුණු බඳුන් තුළ පණුවන් හටගෙන අධිකව දුර්ගන්ධය නිකුත් වීමද සිදුවෙයි. තවත් අවස්ථාවල මෙම නරක් වූ අපද්‍රව්‍ය තුළින් ගලා යන දියර නිවෙසේ වෙනත් තැන්වලටද ගලාගෙන යනු දැකිය හැකිය. මෙමඟින් සිදුවන හානිය අතිවිශාලය. නිවැසියන්ගේ ශාරීරික සහ මානසික නිරෝගීතාව විනාශ වීමට මෙම අපවිත්‍ර ද්‍රව්‍යයන්ගේ දුර්ගන්ධයෙන් ඇති කරනුයේ ප්‍රබල දායකත්වයකි. එසේම පවුල් අසමඟිය, විවාහ බිඳවැටීම, ලිංගික කටයුතු අඩාළ වීම ආදී නොයෙකුත් අසුබ කාරණා රාශියකට මේ තත්ත්වය බලපානු ඇත.

අනෙක් ප්‍රධානම කාරණය වන්නේ මුළුතැන්ගෙයි සින්ක් එකයි. ඇතැම් නිවාසවල මුළුතැන්ගෙයි ඇති සින්ක් එක අසලට යෑමටවත් නොහැකි තත්ත්වයක් පවතී. ආහාර කොටස් නළ මාර්ග තුළ පල්වී හමන දුර්ගන්ධය මෙන්ම ජලය කාන්දු වීමෙන් සිදුවන හානියද නිවෙසක ධන ශක්තියට මහත් හානිදායක දේවල්ය. එසේම අනවශ්‍ය ලෙසින් ඇහිරී ගිය මුළුතැන්ගෙයක් නම් එහි ඇති වාතය නිතර නිතර අපිරිසුදු වෙමින් එම අපිරිසුදු වාතය එතුළ කැකෑරෙමින් විෂබීජ වැපිරීමක් සිදුකරයි. මෙමඟින් ඔබගේ ආහාරවලට එකතු වන විෂබීජ ප්‍රමාණයද ඉහළ අගයක් ගනී. එනිසා ඉන් ඔබ ලෙඩ වන ප්‍රවණතාවය සීග්‍රයෙන් වර්ධනය විය හැකිය.

යම් ලෙසකට ඔබේ නිවෙසේ පදිංචි පිරිස් අතර ඈලි මෑලි බව, උදාසීන බව මෙන්ම නිරෝගී බවින් අඩුකම කෑම අරුචිය වැනි දේ ඇත්නම් මුලින්ම මුළුතැන්ගෙය ගැන සිතන්න. එහි අනවශ්‍ය දේ විශාල වශයෙන් ඇති බව ඔබටම වැටහේවි. එවිට එම අනවශ්‍ය දේවල් ඉවත් කර පිරිසුදු වාතයට මුළුතැන්ගෙය පුරා පැතිර යන්නට ඉඩ සකසන්න.

ඊළඟට සුදුපැහැ ආලෝකය විහිදවන විදුලි බල්බ කිහිපයකින් මුළුතැන්ගෙය සරසන්න. නැතිනම් බිත්තිවලට සුදු පැහැය ආලේප කරන්න. එවිට වඩාත් හොඳින් මුළුතැන්ගෙය ආලෝකවත් වේවි.
මුළුතැන්ගෙයි ඇති මල් බඳුන්වල පැළෑටි නිසි නඩත්තු තත්ත්වයන් තිබේද යන්න පිළිබඳව සැලකිලිමත් වන්න. එසේ නොමැතිව මැරී ගිය, මළානික වූ පැළෑටි ඇත්නම් ඒවා ඉවත් කරන්න. එම ස්ථානවලට අලුත් පැළෑටි එකතු කරන්න. හැකි සෑම විටම පැළෑටි සහිත බඳුන් එහා මෙහා කර ස්ථානය වෙනස් කරන්න. එවිට වාතය නිසි ලෙස සෑම තැනකම පැතිර යනු ඇත.

කාලාන්තරයක් පුරා බිත්තිවල එල්ලා තිබූ ඡායාරූප, පින්තූර දැකීමෙන් මනස පීඩාවට පත්වෙයි. කිසිදු නැවුම් බවක් සිත තුළ ඇති නොවේ. එවැනි පින්තූර ඇත්නම් ඒවා ඉවත් කර අලුත් පින්තූර එල්ලන්න. එසේ නැතහොත් පින්තූර ඇති ස්ථානය හෝ වෙනස් කරන්න. යම් ලෙසකට වර්තමානයේ ජීවත් වන ඔබ භාවිත කරන්නේ වෙනස් කෙනකු සැලසුම් කළ මුළුතැන්ගෙයක් නම් එවැන්නක් තුළ කටයුතු කිරීම තුළින් මානසික ශක්තිය පිරිහෙයි. එනිසා මුළුතැන්ගෙය තමන්ට රිසි සේ සැලැසුම් කර ගැනීම වැදගත් වෙයි.

මෙවැනි සරල සාමාන්‍ය ක්‍රියාකාරකම් තුළින් ඉතා පහසුවෙන් ළඟාකරගත හැකි වාසනාව, නොසිතා කරන සුළු වරදකින් ගිලිහී යා හැකි නිසා මේ පිළිබඳව උනන්දු වීම සෑම ගෘහණියකටම එකසේ වැදගත් වෙයි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

අභයාරාමයේ රාජපක්ෂ පුනරුත්පත්තිය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ලස්සන හඬක් දෙවියො මට දුන්නෙ වාසනාවට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.