• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අභයාරාමයේ රාජපක්ෂ පුනරුත්පත්තිය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 17, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
අභයාරාමයේ රාජපක්ෂ පුනරුත්පත්තිය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු කොළඹ ඔහුට නිල නිවෙසක් හෝ කාර්යාලයක් නොවීය. ඒ වෙලාවේ ඔහුගේ පිහිටට ආවේ නාරාහේන්පිට අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ය. හාමුදුරුවන් උන්වහන්සේගේ පන්සල මහින්දට නිවෙසක් සහ කාර්යාලයක් ලෙස පාවිච්චි කරන්න ඉඩ දුන්හ. ඒ වෙලාවේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ සිටි එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරු මහින්ද පන්සල්වල දේශපාලනය කරනවාය කියමින් මහින්දටත්, හාමුදුරුවන්ටත් තදින් පහර ගැසූහ.
ඒකට උදය ගම්මන්පිල අපූරු උත්තරයක් දුන්නේය. ඔහු කීවේ රජ කාලේ විදේශ ආක්‍රමණ පැමිණි විට රජවරු ගිහින් හැංගුණේ පන්සල්වල කියාය. එකල රජවරුන්ට රැකවරණ දුන්නේ පන්සල්වල හාමුදුරුවරුන් කියාය.
අභයාරාමය පන්සල රජකාලේ පන්සලක් නොවේ. ඒත් 1977 බලයට ආ ගැහැනියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැනියක් කිරීමත් හැර අන් ඕනෑම දෙයක් කළ හැකි යැයි කියා විධායක ජනාධිපති වූ ජේ. ආර්. ගේ ආණ්ඩුවට එරෙහි සටන් මධ්‍යස්ථානය වූයේ අභයාරාම පන්සලය. 1987 අප්‍රේල් 21 කොළඹ පිටකොටුවේ බෝධිය අසල බෝම්බයක් පුපුරා ගියේය. පසුදින එවකට ජනාධිපති ජේ. ආර්. පදිංචිව සිටි වෝඞ් පෙදෙසේ නිවෙස වටකරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් විය. එහි පෙරමුණේ හිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. රටටත්, ජාතියටත් ආරක්‍ෂාව දෙන්න යැයි හිමිවරු උද්ඝෝෂණය කළහ. ජේ. ආර්.ට හොඳටම කේන්ති ගියේය. ඔහු කොළඹ ආරක්‍ෂාව අනතුරේ යැයි කියා 1987 මැයි දිනය තහනම් කළේය. ඊට එරෙහිව මැයි දිනය පැවැත්විය යුතු යැයි හඬනැඟුවේ මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමිය. මේ හිමිවරුන්ට සහාය දුන්නේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයය. මේ බලමණ්ඩල දෙකම මෙහෙයවූයේ තිරය පිටුපස සිට ජනතා විමුක්ති පෙරමුණය. මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමි පෙරටු කරගෙන මේ සියලු ශිෂ්‍ය සංවිධාන, භික්‍ෂු සංවිධාන සහ වෘත්තීය සමිති මව්බිම සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන සිටියහ. මෙම සංවිධානයේ රැස්වීම් පැවැතියේ මුරුත්තෙට්ටුවගම හිමිගේ අභයාරාම පන්සලේය. මේ නිසා පන්සල අවට වැඩියෙන්ම සැරිසැරුවේ ආණ්ඩුවේ බුද්ධි අංශය. ඒත් මුරුත්තෙට්ටුවේ හිමි බය නොවීය. 1987 ජේ. ආර්.ගේ මැයි දින තහනම කඩන්න රැස්වීම් පැවැතියේ අභයාරාමයේය. මේ රැස්වීම්වලට බුද්ධි අංශ ඇසට වැලි ගසා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයෙක්ද සහභාගි විය.
1987 මැයි පළමු වැනි දින සවස 2 වන විට අභයාරාමයට 2000ක පමණ ජනතාවක් එක්රැස්වී සිටියහ. මැයි දින තහනම කඩාකප්පල් කිරීමේ අරමුණ පෙන්වා දුන්නේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ය. සෝභිත හිමි සහ දිනේෂ් දේශන පැවැත්වීය. පිරිස පන්සිල්හි පිහිටෙව්වේ එකල බණ්ඩාරනායක මැතිනියගේත්, ශ්‍රී ලංකා නිදස් පක්‍ෂයේත් ගෞරවයට ලක්ව සිටි තවත් යූ.ඇන්.පී. විරෝධී හිමිනමක් වූ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හාමුදුරුවන්ය. මෙම දේශනවලින් පසු පිරිස අභයාරාම පන්සලෙන් එළියට ඇවිත් පෙළපාළියේ යන්න පටන් ගත්හ. ජේ. ආර්. අභයාරාමයට එවා තිබුණේ එකල නම කිව් පමණින් විපක්‍ෂයේ කකුල් වෙව්ලන ගෆූර් පොලිස් නිලධාරියාවය. ජේ. ආර්. ඔහුට දී තිබුණේ එක නියෝගයකි. පෙළපාළි බැහැ කියාය. පන්සල වටකරගත් 300ක පමණ පොලිස් බල ඇණිය වෙඩි තියන්න පටන් ගත්හ. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ හිතුවේ පළමුව කඳුළු ගෑස් ගසා පසුව රබර් බුලට්වලින් වෙඩි තියයි කියාය. ඒත් තුවක්කු පත්තු වන විට හාමුදුරුවෝ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් වෙඩි නොතියන ලෙස පොලිසියෙන් බැගෑපත්ව ඉල්ලූහ. පොලිසිය ඇසුවේ නැත. වෙඩිපහරින් දෙදෙනකු ඇදගෙන මැරී වැටුණේ මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමිගේ ඇස් ඉදිරිපිටදීය.
මුරුත්තෙට්ටුවේ හිමි එලෙස තුවක්කුවට බය නැති හිමිනමකි. 2015 පරාජයෙන් පසු මහින්ද ඇතුළු රාජපක්‍ෂ පවුලත්, ඔවුන්ට ආධාර උපකාර කරන අයවත් හිරේ දමනවා යැයි මෛත්‍රි – රනිල් ආණ්ඩුව තර්ජනය කරද්දී මහින්දට දේශපාලනය කරන්න කාර්යාලයයි, නිවෙසයි දුන්නේ හාමුදුරුවෝය. එකල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට, සාමාන්‍ය මිනිසුන්ට මහින්ද හමුවෙන්න තැනක් නොවීය. ඔවුන් මහින්ද එනතෙක් බලා සිටියේ අභයාරාම පන්සලේය.
මෛත්‍රි – රනිල් ආණ්ඩුව මෙය ඉවසුවේ නැත. ආණ්ඩුවේ අනුදැනුම මත අභයාරාම පන්සලේ අයිතිය ඉල්ලා හිමිවරුන් කිහිප දෙනෙක් උසාවි ගියහ. ඒ 2017දීය. පන්සල දේශපාලන කටයුතුවලට, වෘත්තීය සමිති කටයුතුවලට, වෙළෙඳ කටයුතුවලට භාවිත කිරීම වළක්වමින් කොළඹ දිස්ත්‍රික්ක උසාවිය නියෝගයක් නිකුත් කළේය. ඒත් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ මහින්දට පන්සලේ දොර වැහුවේ නැත.
මෙලෙස මහින්දට රැකවරණදී මහින්දව නැඟිට්ටවපු හාමුදුරුවෝ පහුගියදා පුදුම කතාවක් කීහ.
‘බලය නොලැබුණා නම් මීට වැඩිය හොඳයි…’
හාමුදුරුවෝ කීහ.
‘මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට වෙන්න යන්නෙත් සෝභිත හිමියන්ට වෙච්ච දෙයමද..?’
2015 මහින්දව පරාජය කළේ මෛත්‍රි හෝ රනිල් හෝ නොව සෝභිත හිමි සහ ඒ හිමියන්ගේ ව්‍යාපාරයය. ජේ. ආර්.ගේ, ප්‍රේමදාසගේ, චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව සටන්කළ සටන් සගයන් දෙදෙනා වූ මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමි 2015 මාවත් දෙකක් තෝරා ගත්හ.
2015 පරාජයෙන් පසු මුරුත්තෙට්ටුවේ හිමි මහින්දව නැඟිටෙව්වා සේ 2015 මහින්දව පරාජය කරන්න සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සහ දේශපාලන පක්‍ෂ ඒකරාශි කළේ සෝභිත හිමිය. සෝභිත හිමියෝ ඒ සඳහා නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හැදූහ. ඒ ව්‍යාපාරයේ රැස්වීම් තිබ්බේ එහිමියන්ගේ පන්සලේය. මහින්දගේ ආණ්ඩුවේ මාධ්‍ය සෝභිත හිමියන්ට පන්න පන්නා පහර ගැසුවත් සෝභිත හිමි බිය වූයේ නැත.
2015 ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂක කථිකාව හැදුවේ සෝභිත හිමිය. හාමුදුරුවන්ගේ තේරීම වූයේ කරු ජයසූරියය. ඒත් රනිල් එයට විරුද්ධ විය. මේ නිසා සෝභිත හිමි සහ රනිල් අතර හොඳ සම්බන්ධයක් තිබුණේ නැත. සෝභිත හිමි පොදු අපේක්‍ෂකයෙක් යටතේ රනිල්ව අගමැති කරනවාටද කැමැති නොවීය. සෝභිත හිමිගේ ඒ විරෝධය සමනය කළේ එවකට පක්‍ෂ ලේකම් තිස්සය. පොදු අපේක්‍ෂක ලෙස මෛත්‍රිපාල කරළියට ආවේ සෝභිත හිමියන්ගේ අනුදැනුමකින් තොරවය. මේ නිසාම සෝභිත හිමිගේ සහ නිදහස් සහ සාධාරණ සමාජයේ ප්‍රතිපත්තිවලට මෛත්‍රිපාල එකඟකර ගැනීම ලෙහෙසි නොවීය. සෝභිත හිමි හිටියේ ඒ ගැන කලකිරීමෙන්ය.
මෛත්‍රි ජනාධිපති වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය ගැනීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන්ට මැති ඇමැතිකම් දීම සෝභිත හිමි අනුමත කළේ නැත. සෝභිත හිමි ලෙඩ වූයේ තමන් කැපූ ඉනි ගඟට ගහගෙන ගියා සේ දැයි වූ වේදනාවකිනි. අපහාස – උපහාස විඳ තමා බලයට ගෙන ආ ආණ්ඩුව තමන්ව කරපිංචා සේ වීසි කිරීම සෝභිත හිමිට දරාගත නොහැකි විය. සෝභිත හිමිගේ උපදෙස් අහන්න මෛත්‍රි හෝ රනිල් හෝ මැති ඇමැතිවරු දුරකතනයට ආවේ නැත. අන්තිමේදී සෝභිත හිමි කීවේත් මේ යහපාලනය බලයට ගෙන ආවාට වඩා බලයට නොආවා නම් හොඳයි කියාය.
අද මුරුත්තෙට්ටුවේ හිමි කියන්නේත් ඒ කතාවමය. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ හීනය වූයේ මහින්ද රාජපක්‍ෂ රජකිරීමය. හැබැයි ව්‍යවස්ථා බාධකය නිසා රජ කරන්න වූයේ ගෝඨාභයය. කරූව රජ කරවන්න හිතාගෙන හිටියත් සෝභිත හිමි මෛත්‍රිපාල දිනවන්න බැහැල වැඩ කළා සේ මුරුත්තෙට්ටුවේ හිමි මහින්ද රජකරවන්න හිතා හිටියත් ගෝඨාභය රජ කරවන්න බැහැල වැඩ කළේය. ගෝඨාභය ජනාධිපති විය. මෛත්‍රි ජනාධිපති වී සෝභිත හිමි මෛත්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය බාර ගැනීම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන්ට මැති ඇමැති ධුර දීම ගැන අප්‍රසාදයෙන් කතා කළා සේ මුරුත්තෙට්ටුවේ හිමිද මිලින්ද මොරගොඩගේ පත්වීමට, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කිරීමට එරෙහිව හඬ නැඟූහ.
‘ආණ්ඩුව අභයාරාම පන්සල තරහකර ගනියිද..?’
එහෙම වුණොත් ආණ්ඩුවේ ගමන කොටය. හේතුව රාජපක්‍ෂලා නැවැත ඉපදුණේ අභයාරාම පන්සලේය. ඒ දේශපාලන පුනරුත්පත්තියට උප්පැන්නේ ලීවේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

20 ගැන ආණ්ඩුවේම හිමිවරු ගෝඨාට ලියපු ලියුම මෙන්න

Next Post

පවුලේ සතුට හැංගුණු කුස්සියේ රහස්

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.