• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නාසයෙන් හෙළිවන ඇගේ රහස්

October 31, 2020
in Astrology
Reading Time: 1 min read
A A
නාසයෙන් හෙළිවන ඇගේ රහස්
Share on WhatsAppShare on Facebook

ස්ත්‍රියකගේ ජීවිතයේ සැඟවුණු බොහෝ කරුණු කාරණා ඇගේ රූප ස්වභාවයෙන් හඳුනාගත හැකි බව පුරාණයේ සිටි ඍෂිවරු පහදා දී තිබේ. ඒ සඳහා අංග ලක්‍ෂණ විiාව මනා පිටිවහලකි. එසේ ස්ත්‍රියකගේ ජීවිතයේ සැඟවුණු කාරණා ගැන මනාවට හඳුනා ගතහැකි ශරීරාංගයක් ලෙස නාසයට විශේෂ තැනක් හිමිවෙයි.

යම් ස්ත්‍රියකගේ නාසය ඇත් සොඬයකට සමාන පෙනුමකින් මනාව දර්ශනය වන්නේ නම් ඇය උපතින්ම වාසනාවන්තියකි. ඇගේ ජීවිතයේ මැද භාගයෙන් පසුව ධන-ධාන්‍ය, සැප-සම්පත්, යස-ඉසුරු ලැබෙන අතර, ඇයව විවාහකර ගන්නා සහකරුටද ඇගේ වාසනා මහිමයෙන් යස-ඉසුරු, සැප-සම්පත් සහ කීර්ති, ප්‍රශංසාද හිමිවෙන බව පැවසෙයි.

කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඉතා ප්‍රියමනාපව මධ්‍යස්ථව හැඩකාර නාසයක් පිහිටන ස්ත්‍රිය නිරායාසයෙන්ම දියුණුවේ මාවතට පිවිසෙන්නීය. ඇය ඉතා කෙටි කලකදී ධනවත් වෙයි. සැප-සම්පත් ලබයි. විවාහයෙන් පසුව සහකරුට උපරිම ආදරයත්, සතුටත් ලබා දෙන්නීය.

මෙවැනි කාන්තාවන්ගේ විවාහ ජීවිත කිසිදා දෙදරා නොයයි. සහකරුට ඇගෙන් තොර ජීවිතයක් නැතැයි සිතෙන තරමට ඇය යුගදිවියේදී දක්‍ෂ පතිනියක් වෙයි. ඇය පුරුෂයන් පසුපස නොයන්නීය. එහෙත් පුරුෂයන් නිතැතින්ම ඇයට වසඟ වෙයි. පති භක්තිය සුරකින ඇය යහපත් වාසනාවන්ත දරුවන් ලබන්නීය.

වරාමලක පොහොට්ටුවක හැඩයෙන් නාසය පිහිටන ස්ත්‍රියටද සැප-සම්පත් අඩුවක් නොවේ. ඇය සිය ජීවිතය පිළිවෙළකට හැඩගසා ගන්නීය. ජීවිතය පුරාම සැප-සම්පත් ලබන්නීය. එසේම ඇයද පතිභක්තිය සුරකින්නීය. සැමියා හැර අන් පුරුෂයන් ගැන නොසිතන අතර, ක්‍රියාශීලී ජීවිතයක් ගතකිරීමට උත්සාහ ගනී. ජීවිතයේ යථාර්ථය පිළිබඳව ඉතාමත් ඉහළ දැනීමක් ඇය සතු වෙයි. ඇය උපතින්ම කාමුක ගතිගුණ ඇත්තියක වුවද, අධම, පහත් ගති ඇය තුළ නැත. ඊට වහල් වන්නේද නැත.

දිගටි හැඩයෙන් යුතු සිහින් නාසයක් ඇති ස්ත්‍රිය තුළ යහපත් ගතිගුණ අඩු වෙයි. ඇය දකින, දකින පිරිමින් කෙරේ ලොල්ව කටයුතු කරන්නීය. රහසින් හෝ පස් පව් කරන්නට පෙළඹෙන ඇය නිතරම පිරිමින් හා ඇසුරට යොමුවෙයි. අධික කාමාශාවකින් යුතු හෙයින් නිතර නිතර ඒ ගැන සිතමින් ඒ සඳහාම යොමුවීමට මාන බලයි. ආශාවන් සංතර්පනයට නොකරන දෙයක් නැත. පැකිලීමකින් තොරව වරදේ බැඳෙන්නීය. තම අරමුණු රහසින්ම ඉටුකර ගන්නීය. ඇගේ ආශාවන් නිමාවක් නැත. විවිධ වූ පුරුෂයන් ඇසුරට ගැනීම ඇගේ ආශාව වෙයි. යුග දිවියේ සතුටක් නොලබන්නීය. අවාසනාවන්ත විවාහයන් කිහිපයක් සිදුකර ගන්නීය. විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන්නියක ලෙසද හඳුන්වා දිය හැකිය.

කලාත්මක හුරුබුහුටි නාසයක් ඇති ස්ත්‍රියගේ ජීවිතයද කලාත්මකය, පිරිපුන්ය. ඉතාමත් වාසනාවන්ත ලෙස සිය ජීවිත කාලය ගතකිරීමට භාග්‍ය ලබන්නීය. එසේම විවාහයෙන් පසු උසස්, බුද්ධිමත් දරුවන් ලබන්නීය.

නාසයේ අග කොටස පමණට වඩා මහත්ව මධ්‍ය කොටස ඇතුළට එබී ගිය ආකාරයට නාසය පිහිටයි නම් එම ස්ත්‍රියගේ ජීවිතයේ සුබපල හීන කරයි. ඇය පසුපස අවාසනාව ගමන් කරයි. නිතරම දුකින් සිටින්නට සිදුවෙයි. විවාහයෙන් පසුව සතුටක් නොලබන්නීය.

යම් ස්ත්‍රියකගේ නාසය මතුපිට ඉහළින් රේඛාවක් සේ ලකුණු වී ඇත්නම් ඇය පුරුෂයන් කෙරේ අසීමිත ආශාව ඇත්තියකි. නිතර, නිතර පිරිමින් මාරු කරමින් ඇසුරට ප්‍රිය කරයි. එක් අයකුගෙන් සෑහීමට පත් නොවන්නීය. නිතරම අන් අය හා වෛරයෙන් කටයුතු කරන්නීය.
ස්ත්‍රියකගේ නාසයේ අග කොටස කවාකාර හැඩයක් ගනී නම් ඇය ඇසුරට සුදුසු නොවේ. මුදල් මත ඕනෑම දෙයක් තීරණය කරයි. පරපුරුෂ ඇසුරටද පත්වෙයි. මුදල් වෙනුවෙන් පතිභක්තිය පාවා දීමට වුවද ඉඩකඩ ඇත.

යම් ස්ත්‍රියකට කෙටි නාසයක් ඇත්නම් ඇය ඉතාමත් පහසුවෙන් වරදේ බැඳෙයි. අනුවන තීන්දු, තීරණ ගනී. අනුවණකම් මගින් අවශ්‍යතා ඉටුකර ගන්නට උත්සාහ කරයි.
පළල් වූ නාසයක් ඇත්ති අසීමිතව සරාගී ගතිගුණ ඇත්තියකි. මේ අය ඉතා සූක්‍ෂ්ම පිරිමින්ව වසඟයට ගන්නීය. ජීවිතයේ මැදි වයසෙන් පසුව යම් තරමක දියුණුවක් ලබන්නීය. මේ අය නිතරම අන් අයට වෛර කරන්නීය. මේ අය පිරිමින්ව වසඟයට ගෙන සිය අවශ්‍යතා ඉටුකරගන්නා අතරම මූල්‍යමය වාසියක් ලබන්නටද දක්‍ෂය.

ලප, කැලැල් හෝ ඇද, පලුදු නැති මධ්‍යස්ථ ප්‍රමාණයේ හුරුබුහුටි නාසයක් ඇත්තී සුරඟනකි. ඇය වාසනාවේ උපරිමය රැගෙන උපන් තැනැත්තියකි. ඇය විවාහය සඳහා ඉතාමත් ප්‍රියමනාප, කඩවසම් පුරුෂයකු ලබන්නීය. දෙදෙනා එක්ව දියුණුවෙන් දියුණුවට පත්වීමේ භාග්‍ය ඇය සතු වෙයි.

යහපත් ගතිගුණ ඇති සංවේදී ස්ත්‍රීන්ගේ නාසය උස්ව පිහිටයි. ඇය බුද්ධිමත්ය. උසස් මෙන්ම බුද්ධිමත් ජීවන රටාවකට ප්‍රිය කරයි.

කුල්ලක හැඩය ගන්නා නාසය ඇති ස්ත්‍රිය දියුණුවක් නොලබන්නීය. ජීවිතයේ බොහෝ අගහිඟකම් ඇය සොයා පැමිණෙන්නීය. මෙහෙකාර වෘත්තීන්ට යොමුවන්නේද මෙවැනි ස්ත්‍රීන් බව හඳුනාගත හැකිය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ඔබේ නිවෙස සුරකින සැඟවුණු බලවතා

Next Post

මහාවංශයේ හංගපු විජයට පෙර මෙරට රජවරු

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.