• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහාවංශයේ හංගපු විජයට පෙර මෙරට රජවරු

October 31, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහාවංශයේ හංගපු විජයට පෙර මෙරට රජවරු
Share on WhatsAppShare on Facebook

මෙරට පළමු රජු කවුද? අතීතයටත් වඩා වර්තමානයේ වඩාත් සාකච්ඡාවට ලක් කරමින් මෙරට පළමු රජු කවුද යන ගැටලුව විසඳා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරති. විශාල සංවාදයක් ගොඩනැඟෙමින් මෙරට ඉතිහාසයද බොහෝ ඉසව්වන් වෙත ගෙන යාමට මෙය හේතු වී තිබේ. මහා වංශය, ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විජය රජතුමා මෙරට පළමු රජතුමා ලෙස හඳුන්වා දෙයි. මෙරට ඉතිහාසය ඉගැන්වෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන මහා වංශය විජයාගමනයට විශාල වටිනාකමක් දෙමින් දක්වන කතා ප්‍රවෘත්තිය නිසා විජය රජු මෙරට පළමු රජු ලෙස පොදු පිළිගැනීමකටද ලක් කොට තිබේ. නමුත් රටේ පාලනය පිළිබඳ සාක්ෂි සහිතව හමුවන පළමු රජතුමා වන්නේ පණ්ඩුකාභය රජතුමාය. එතුමා විසින් සිදුකරන ලද පාලනයේ සාක්ෂි වර්තමානයේදී පවා අනුරාධපුරයේදී දැකිය හැකිය. පසුකාලීනව සිදුකරන ලද පුරා විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් වසර ලක්ෂ ගණනාවකට එපිට මෙරට සිදුවූ මානව ක්‍රියාකාරම් පිළිබඳව සාධක හමු වූවද මෙරට විධිමත් රාජ වංශයක් ආරම්භ වූයේ විජය රජුගෙන්ය යන මතය බිඳ නොවැටී අද දක්වාම පවතී.

සිංහල මහාවංශය නාමයෙන් හඳුන්වන්නේ සිංහලයේ ආදිතමයා යයි වැඩි දෙනෙකුන් විසින් පිළිගන්නා විජය රජුගෙන් ආරම්භ වන මහා සම්මත රාජ වංශයේ කතා පුවතය. මහාවංශය යන්නේ අර්ථය උත්තම පරම්පරාව යන්නය. මෙරටට වසර 2500ක ඉතිහාසයක් ඇතැයි පවසෙන්නේද මහාවංශයේ දැක්වෙන මේ ඓතිහාසික කතා ප්‍රවෘත්තීන් දක්වමිනි. මේ නිසා මහා වංශය ගුරුකොට ගන්නා බොහෝ දෙනා මෙරට පළමු රජතුමා ලෙස විජය රජතුමා ලෙස පිළිගන්නා අතර එතැන්පටන් මෙරට රාජ වංශය ආරම්භ වූ බව දක්වයි. ලාට රට රජකම් කළ සිංහබාහු රජුගේ පුත්‍රයා වූ විජය කුමරු තම යහළුවන් සමග රටේ නීති කඩකරමින් හැසිරුණු නිසා රටෙහි ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ ඔවුන් රටින් පිටුවහල් කිරීමට සිංහබාහු රජුට සිදුවූ බවත් අවසානයේ තම්බපණ්ණියට ගොඩබසින ලද බවත් මහා වංශයේ සඳහන් වේ.

මහාවංශය දක්වන්නේ විජයට පෙර මෙරට මනුෂ්‍ය වාසයක් නොවුණු බවය. විජය ඇතුළු පිරිස මෙරටට ගොඩබසින විට මෙරට සිටියේ මනුෂ්‍යයන් නොව යකුන් හා යක්ෂණියන් බවත් කුවේණි නම් යකිනි නායිකාවගෙන් මෙරට රාජ්‍ය ලබා ගත් බවත් කුවේණියද සිය ඥාති යකුන් මරවා රාජ්‍ය විජය රජුට ලබා දීමට ක්‍රියා කළ බවත් මහා වංශයේ දැක්වේ. ඒ අනුව රාජ්‍ය ලබා ගත් විජය හා ඔවුගේ ඇමැතියන් තැන් තැන්වල ගම් පිහිටුවා මෙරට ජනාවාස කළ බවද මහා වංශයෙහි වැඩි දුරටත් දක්වා තිබේ. විජය කුමරට මෙරට රජු ලෙස අභිෂේක කිරීම සඳහා ක්ෂත්‍රිය කන්‍යා කුමරියක් අවශ්‍ය බැවින් මධුරා පුරයෙන් කන්‍යාවක් ගෙන්වා මෙරට රජ ලෙස අභිෂේක කළ බවත් එම නිසා කුවේණිය හා දරු දෙදෙනා ලංකා පුරයට ගිය බවත් එහිදී යක්ෂයන් කුවේණිය මරා දැමූ හෙයින් දරු දෙදෙනා සමන් කුලයට පලා ගිය බවත් වැද්දන් ඔවුන්ගෙන් පැවත එන බවද මහා වංශය පැහැදිලි කොට තිබේ.

මේ අනුව මහා වංශයේ දැක්වෙන පරිදි මෙරට මනුෂ්‍යයන් එනම් සිංහලයන් හා වැද්දන් ඇති වන්නේ විජයාවරණයෙන් පසුවය. නමුත් මහාවංශයට අනුව විජයට පෙර බුදුන් වහන්සේ තෙවතාවක්ම මෙරටට වැඩම කොට තිබේ. මහා වංශයට අනුව සැලකීමේදී මහා උත්සව සංවිධානය කළ, වටිනා මැණික් පුටු නිර්මාණය කළ පිරිසක් වාසය කළ, ඉතා දියුණු සමාජයක් මෙරට පැවති අතර මහියංගන චෛත්‍ය වැනි බෞද්ධ ආගමික මධ්‍යස්ථානද ඔවුන් ඉදිකර තිබුණි. නමුත් මහා වංශයම කියන පරිදි මෙම කාලයේ මෙරට වාසය කොට ඇත්තේ මනුෂ්‍යයන් නොව යක්ෂ, දේව, නාග වැනි කොට්ඨාසයන්ය.

මහා වංශයට අනුව ප්‍රථම ලංකා තථාගතාභිගමනය සිදුවන්නේ බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේදීය. මෙහිදී යක්ෂ සමාගමට වැඩම කරන බුදුන් වහන්සේට යකුන් හමුවුවද යක්ෂ රජවරුන් හමු නොවීමද විශේෂයකි. නමුත් බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේදී හමුවන්නේ යකුන් නොව නාගයන්ය. නාගයන් පමණක් නොව නා රජුන්ද බුදුන් වහන්සේට හමුවේ. මහියංගනයේදී යක්ෂ සමාගමකට වැඩි බුදුන් වහන්සේ නාගදීපයේ වැඩම කරන්නේ නාගභවනකටය. මහාවංශයට අනුව තෙවන ලංකා තථාගතාභිගමනය සිදුවන්නේ කැලණියෙහි මණිඅක්ඛිත නා රජහු නිවෙසටය.

මේ යක්ෂ,නාග හා දේව යන කොට්ඨාස මනුෂ්‍ය කොට්ඨාස ලෙස සඳහන් නොවන අතර බුදුන් වහන්සේ යකුන් ගිරි දිවයිනයට යවන නමුත් නාගයන් එසේ නොයවයි. පෙර නාගදීපයෙහි විසූ මනුෂ්‍යයකු දෙවියකු වූ පුවතක්ද “ඒ දෙවිතෙම අනතුරු බැවෙහි නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය” යනුවෙන් බුදුන්වහන්සේගේ දෙවන ලංකාගමනයට අදාළ පුවත සමග මහා වංශය දක්වා තිබේ. මේ අනුව නාගදීපය නාගයින් හා මනුෂ්‍යයන් විසූ චූලෝදර, මහෝදර, මණිඅක්ඛිත වැනි නා රජුන් රජ කළ ස්ථානයකි. ඔවුන් රජවරු ලෙසම මහා වංශයෙහි දැක්වෙන බැවින් විජය මෙහි පැමිණීමට පෙර මෙරට සිටි රජවරුන් ලෙස ඔවුන් සැලකීමට බාධාවක් නොවේ.

ගෞතම බුදුන් වහන්සේ මෙරටට වැඩම කරන අවස්ථාවලදී මෙරට සිටි පිරිස් හා රජවරුන් මනුෂ්‍යයන් නොවන බව සැලකුවද ගෞතම බුදුන් වහන්සේට පෙර මෙරට සිටි රජවරුන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරුද මහාවංශයේම සඳහන් වේ. මිහිඳු මා හිමියන් සිදු කරන දේශනාවක් ඇසුරෙන් දක්වා ඇති, ගෞතම බුදුන් වහන්සේට පෙර මෙරටට වැඩම කළ බුදුන් වහන්සේලා පිළිබඳව හා එම යුගයන්හි මෙරට රජකළ රජවරුන් තිදෙනෙකුගේ තොරතුරු මෙන්ම එම කාලයන්හි මෙරට සිටි මනුෂ්‍යයන් හට අමනුෂ්‍යයන්ගෙන් සිදුවූ බලපෑම් පිළිබඳවද මහාවංශයෙහි දක්වා තිබේ.

ඒ අනුව කකුසඳ නම් බුදුන්වහන්සේගේ සමයේ මේ රට ඔජදීප යනුවෙන් හඳුන්වාදී තිබෙන අතර කකුසඳ බුදුන්වහන්සේගේ ලංකාගමනය සිදුවන මෙරට “අභය” නම් රජතුමෙකු රාජ්‍ය පාලනය කළ බව සඳහන් වේ. “මේ කල්පයෙහි පළමුවෙනුව සියලු ධර්මයන් දත්තා වූ සියලු ලෝකයට අනුකම්පා කර වූ ශාස්තෘ වූ කකුසඳ නම් සර්වඥවරයෙක් වූ සේක. එකල මේ මහා මෙවුනා උයන මහා තීර්ථ නම් විය. මින් පෙරදිග කොළොම් හොයයෙන් එතර අභය නම් පුරයෙක් විය. එහි අභය නම් රජෙක් විය. එකල්හි මේ දිවයින ඔජදීප නම් විය. එකල්හි රකුසන් කරණකොට ගෙන මෙහි ජනයා හට හුණු ලෙඩක් විය. කකුසඳ නම් වූ සර්වඥ තෙම ඒ උවදුර දැක එය නසා මේ දිවයිනෙහි සත්වයන් හික්මීමද ශාසනයාගේ පැවැත්වීම ද කරුණු පිණිස කරුණා වේගයෙන් මෙහෙයනු ලත් සේක් සතළිස් දහසක් රහතුන් විසින් පිරිවරන ලද්දේ අහසින් වැඩ දේවකූට නම් පර්වතයෙහි වැඩ සිටි සේක. මහ රජාණෙනි එකල්හි සර්වඥයන් වහන්සේගේ ආනුභාවයෙන් මේ මුළු දිවයින්හි ජ්වර රෝගය උපශාන්ත වූයේය. නරේශ්වරය එහි වැඩ සිටි මහා මුනි වූ සර්වඥ තෙම අද ඔජද්වීපයෙහි සියලු මනුෂ්‍යයෝ මා දකිත්වා මා කරා එනු කැමති සියලු මනුෂ්‍යයෝ වහාම නිදුකින් එත්වායි අධිෂ්ඨාන කළ සේක”.

කෝණාගම නම් බුදුන්වහන්සේගේ සමයේ මෙරට වරදීප යනුවෙන් හඳුන්වා දී තිබෙන අතර කෝණාගම බුදුන්වහන්සේගේ ලංකාගමනය සිදුවන මෙරට “සමිද්ධ” නම් රජතුමෙකු රාජ්‍ය පාලනය කළ බව සඳහන් වේ. “මේ කල්පයෙහි දෙවනුව බුදු වූ සියලු ලෝ වැස්සන්ට අනුකම්පා කර වූ සියලු ධර්මයන් අවබෝධ කළා වූ ශාස්තෘ වූ කෝණාගම නම් සර්වඥ කෙනෙක් වූයේය. එකල්හි මේ මහා මෙවුනා උයන මහා නාම නම් විය. දක්ෂිණ දිසාවේ වඞ්ඪමාන නම් පුරයක් විය. එකල එහි සමිද්ධ නම් වූ නරේන්ද්‍රයෙක් වූයේය. එකල මේ ද්වීපය තෙම වරදීප නම් විය. එකල්හි මේ වරදීපයෙහි වර්ෂා හානියෙන් වූ උවදුරෙක් විය. කෝණාගම නම් සර්වඥයන් වහන්සේ ඒ උපද්‍රවය දැක ඒ උවදුර නසා මේ ලක්දිව්හි ජනයන්ගේ හික්මීමද ශාසනයාගේ පැවැත්මද කරුණු පිණිස කරුණා බලයෙන් මෙහෙයවනු ලත් සේක් අහසින් වැඩ සුමන කූට නම් පර්වතයෙහි වැඩසිටි සේක. සර්වඥයන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ වර්ෂා හානිය ක්ෂය වීමට ගියා ය. එකල්හි ශාසනාන්තර්ධානය දක්වා යහපත් වර්ෂාවම විය. නරේන්ද්‍රයාණෙනි! එහි වැඩ සිටි මහා මුනි වූ මුනීන්ද්‍රයාණන් වහන්සේ අද වරදීපයෙහි සියලු මනුෂ්‍යයෝ මා දකිත්වා මා කරා එනු කැමැත්තා වූ සියලු මනුෂ්‍යයෝ නිදුකින් වහාම එත්වායි අධිෂ්ඨාන කළ සේක පර්වත රැසින් බබුළු වන්නා වූ ඒ මුනීන්ද්‍රයන් වහන්සේ ද බබළන්නා වූ පර්වතයද දැක මහරජ තෙමේත් නුවර වැසියෝත් වහා සමීපයට පැමිණියාහ”

කාශ්‍යප නම් බුදුන්වහන්සේගේ සමයේ මේ රට මණ්ඩරදීප යනුවෙන් හඳුන්වා දී තිබෙන අතර කාශ්‍යප බුදුන්වහන්සේගේ ලංකාගමනය සිදුවන මෙරට “ජයන්ත” නම් රජතුමෙකු රාජ්‍ය පාලනය කළ බව සඳහන් වේ. “මේ කල්පයෙහි තුන් වෙනුව බුදු වූ කාශ්‍යප ගෝත්‍ර ඇති සියලු ධර්මයන් අවබෝධ කළා වූ සියලු ලෝ වැස්සාට අනුකම්පා කරවූ ශාස්තෘ කෙනෙක් වූ සේක. එකල්හි මේ මහ මෙවුනා උයන මහා සාගර නම් විය. පශ්චිම දිශාවේ විශාල නම් පුරයක් විය. එකල්හි එහි ජයන්ත නම් නරේන්ද්‍රයෙක් වූයේය. එකල මේ ද්වීපය තෙම මණ්ඩදීප නම් විය. එකල්හි ජයන්ත නම් රජහුගේ ද රජහු මල් මණ්ඩකුමාර හුගේද භය ජනක වූ සත්වයන් පෙළන්නාවූ යුද්ධයක් එළඹ සිටියේය. ඒ මහා කරුණා ඇති දශබලධාරී වූ කාශ්‍යප සර්වඥයන් වහන්සේ ඒ යුද්ධය නිසා සත්වයන්ට වන්නාවූ මහත් ව්‍යසනය දැක එය සංසිඳුවා මේ ද්වීපයෙහි සත්වයන් හික්මීම හා ශාසනයාගේ ප්‍රවෘත්තියද කරුණු පිණිස කරුණා බලයෙන් මෙහෙයනු ලත් සේක් විසි දහසක් රහතුන් විසින් පිරිවරනු ලැබ අහසින් වැඩ සුභකූට නම් පර්වතයෙහි වැඩ සිටි සේක. නරේන්ද්‍රය! එහි වැඩ සිටි මහා මුනි වූ සර්වඥයන් වහන්සේ අද මණ්ඩපයෙහි සියලු මනුෂ්‍යයෝ මා දකිත්වා මා කරා එනු කැමති වූ සියලුම මනුෂ්‍යයෝ නිරායාසයෙන් වහාම එත්වා යි අධිෂ්ඨාන කළ සේක. පර්වතයෙහි රැස් විහිදුව මින් බබළන්නා වූ ඒ සර්වඥයන් වහන්සේද විරාජමාන වූ පර්වතයද දැක රජ තෙමේ ද නුවර වැස්සෝද වහා එළඹුණාහ”

මේ අනුව විජය කුමරු මෙරට රජවීමට ප්‍රථම සිටි රජවරුන් ලෙස අභය, සමිද්ධ, ජයන්ත යන රජවරුන් හඳුනා ගත හැකිය. ගෞතම බුදුන් වහන්සේ මෙරටට වැඩම කරන විට මෙරට හමුවූයේ යක්ෂයන් හා නාගයන්ය. හමු වූ රජවරුන්ද යක්ෂ හා නාග රජවරුන්ය. යක්ෂ හා නාග යනුවෙන් හඳුන්වන පිරිස් මිනිසුන් යයි සිතීමට මහාවංශය කිසිදු අනුබලයක් ලබා නොදේ. නමුත් මහා වංශයේ දැක්වෙන පරිදි කකුසඳ, කෝණාගම, කාශ්‍යප නම් බුදුන්වහන්සේලා මෙරට වැඩම කළ අවස්ථාවන්හිදී උන්වහන්සේලාට මෙරටදී හමුවී ඇත්තේ මනුෂ්‍යයන්ය. ඒ අනුව මේ කතා පුවත්වලට අනුව විජය රජුට බොහෝ කාලයට පෙර මනුෂ්‍යයන් මෙන්ම මනුෂ්‍ය රජවරුන්ද වාසය කොට තිබේ. මහා වංශය රචනා වන්නේ ක්‍රි.පූ. 05දී පමණය. ඒ වනවිටත් වසර දහසක් ඉක්මවා ගිය විජයාගමන කතා පුවත අනුව මෙරට රාජ පරපුර පෙළ ගැස්සවීමට මහාවංශ කතුවරයා උත්සාහ කරයි. ඒ වන විට ලිඛිතව පැවති කරුණු මෙන්ම මුඛ පරම්පරාගතව පැමිණි කරුණුද මහාවංශ කතුවරයාට මූලාශ්‍ර වන්නට ඇත. මහා වංශයේ ඇති කතා පුවත් පෙළ ගැස්වීමේදී පෙනී යන්නේ මෙරට රජ පරපුර හා බුදුන් වහන්සේට ඇති නෑකම දැක්වීම හා උන්වහන්සේගෙන් පසු මෙරට රාජ වංශයේ කතාව දැක්වීම විය හැකිය.

මේ නිසාම මහා වංශයේ දැක්වෙන කරුණු අනුවම යමින් ඊට පෙර මෙරට තිබූ ඉතිහාසය හා මෙරට රාජ පරපුර පෙළ ගස්වා ගැනීමට බාධාවක් නැත. අවශ්‍ය නම් අභය, සමිද්ධ, ජයන්ත වැනි රජවරුන්ගේ පටන් චූලෝදර, මහෝදර, මණිඅක්ඛිත නා රජු වැනි රජවරුන්ද ඇතුළත් කර රාජවංශය පිළිබඳව කතාබහ කළ හැකි අතර නාගයින්,යක්ෂයන් අමනුෂ්‍යයන් යයි සලකා අතහැර දමා අභය, සමිද්ධ, ජයන්ත වැනි රජවරුන්ද රාජාවලියට ඇතුළත් කරගත හැකිය. මේ සියලු පුවත් තහවුරු කිරීමට පුරාවිද්‍යා සාධක ලැබෙන තුරු අප කැමති අයුරින් ඒවා අර්ථ දක්වා ගැනීමට මෙන්ම ඒ පිළිබඳව සංවාද කිරීමටද නිදහස තිබේ. ඒ නිසාම ඔබේ අදහසට මෙන්ම මෙහි දෝෂ පෙන්වා දීමටද මේ අපේ කාලයේ මහා වංශයේ ඉඩක් වෙන්වී තිබේ.

මූලාශ්‍ර – සිංහල මහාවංශය – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

නාසයෙන් හෙළිවන ඇගේ රහස්

Next Post

BestWeb.lk 2020 සම්මාන උළෙලේදී DFCC බැංකුවට සම්මාන රැසක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.