• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ නිවෙස සුරකින සැඟවුණු බලවතා

October 31, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
ඔබේ නිවෙස සුරකින සැඟවුණු බලවතා
Share on WhatsAppShare on Facebook

වාස්තු පුරුෂයා සෑම නිවෙසකත්, ඉඩමකත් සිටින බව වාස්තු විiාවේ සඳහන්ය. වාස්තු පුරුෂයාගේ මූලික ඉරියව්ව මුණින් අතට සිටීමයි. මෙම මූලික ඉරියව්ව කිසිවිට වෙනස් නොවේ. මෙයට අතිරේකව වාස්තු පුරුෂයාගේ තවත් ඉරියව් හෙවත් මුහුණුවර දෙකක් වෙයි. ඒ නිත්‍ය වාස්තු පුරුෂයා හා චර වාස්තු පුරුෂයා ලෙසයි. මෙම නිත්‍ය වාස්තු පුරුෂයා සෑම හෝරා තුනකට වරක් තම ඉරියව්ව වෙනස් කරන බවද, චර වාස්තු පුරුෂයා වර්ෂයේ සෑම දිනකම ගමන් කරන බවද වාස්තු විiාවේ සඳහන් වෙයි. මෙය සිදුවනුයේ පෘථිවියේ ඍතු වෙනස් වීමට සාපේක්‍ෂ්වය.
වාස්තු පුරුෂයා බහිරවයකු නොවන අතර, සියලු බහිරවයන්ගේ පාලකයා සේ සැලකෙයි. වාස්තු පුරුෂයා තුළ වාස්තු පුරුෂ මණ්ඩල පිහිටයි. මෙම වාස්තු පුරුෂ මණ්ඩල අවබෝධ කරගැනීම උදෙසා ආකෘති දෙකක් භාවිතයේ තිබේ. ඒ මණ්ඩුක ආකෘතිය හා පරමසායික ආකෘතිය ලෙසයි. මෙම පරමසායික ආකෘතිය ‘මණ්ඩුක ආකෘතියේම වර්ධනයකි. සාමාන්‍ය වාස්තු පුරුෂ මණ්ඩල ආකෘතිය හෙවත් මණ්ඩුක ආකෘතිය කෝෂ හෙවත් කෝෂ 64කින් යුතුය. එනම් එක් පසෙකට සමාන කොටු 8කුත් අනෙක් පසට සමාන නොවූ 8කුත් (8×8) වශයෙනි. මෙම මණ්ඩුක ආකෘතියේම කම්පනය හා භ්‍රමණය හේතු කොට ගෙන එක් පසෙක තිබෙන කොටු 08 කොටු 09 බවට පත්වෙයි. මෙය මණ්ඩුක ආකෘතියේ දෙපසින් සිදුවීමෙන් කොටු හෙවත් කෝෂ්ඨ (9×9) ලෙස කෝෂ 81කින් යුත් පරමසායික ආකෘතිය ලෙස හඳුන්වන වාස්තු පුරුෂ මණ්ඩල බිහිවෙයි. වාස්තු පුරුෂයා පිදීම ඈත අතීතයේ සිට පැවැත එන්නකි. මෙහිදී එම වාස්තු පූජා කළ යුතු දිශාව පහත ආකාරයට දැක්වෙයි.

* ‘සූර්යයා සිංහ, කන්‍යා, තුලා යන රාශිවල ගමන් කරන කාලය නිරිත දිශාව.
* ‘සූර්යයා වෘශ්චික, ධනු, මකර යන රාශිවල ගමන් කරන කාලය වයඹ දිශාව.
* ‘සූර්යයා කුම්භ, මීන, මේෂ යන රාශිවල ගමන් කරන කාලය ඊසාන දිශාව.
* ‘සූර්යයා වෘෂභ, මිථුන, කටක යන රාශිවල ගමන් කරන කාලය ගිනිකොන දිශාව.

ගෘහ නිර්මාණ ශිල්පයේදී මෙන්ම ළිං, පොකුණු වැව් ආදිය නිර්මාණයේදී ද පැරැණි දිරාගිය ස්ථාන අලුත්වැඩියා කිරීමේදී ද වාස්තු පුරුෂයා පිදිය යුතුය. මෙය උක්ත කටයුතු ආරම්භයේදී මෙන්ම අවසානයේදී ද සිදුකළ යුතු බව වාස්තු පොතපතෙහි දැක්වෙයි. ඉහත සඳහන් කළ ලෙසට භූමිය ජ්‍යෙෂ්ඨ වශයෙන් බෙදූ විට ලැබෙන එක් කොටුවක් පාදයක් ලෙස හඳුන්වයි. මෙහිදී ඉහත සඳහන් කොටු 64 හා 81 යන ආකෘති බහුලව භාවිතයේ යෙදෙයි. ඒ සාමාන්‍ය ගෘහ කර්මාන්තයන් සඳහාය. එලෙස අනෙකුත් ඉදිකිරීම්වලදී භාවිත වූ පාද හෙවත් කෝෂ්ඨ සංඛ්‍යා මෙසේය.

* අලුත්වැඩියා කරන ලද පරණ නිවෙස් – පාද 49 (7×7)
* රජ මැඳුරේ සිට සාමාන්‍ය නිවෙස් – පාද 64 (8×8)
* පාද 81 (9×9)
* දේවාල මණ්ඩප – පාද 100 (10×10)
* රථගාල – පාද 144 (12×12)
* ජල පොම්පාගාර – පාද 169 (13×13)
* ළිං, වැව්, පොකුණු – පාද 196 (14×14)

තවද වාස්තු පුරුෂයා පිදීමේදී එක් එක් කෝෂ්ඨයට හිමි දේවතාවන්ද පිදිය යුතුයි. ඊට හේතුව වාස්තු පුරුෂයාගේ ඒ ඒ අවයව පිහිටි ස්ථාන විවිධ දේවතාවුන්ට අයත්කර තිබීමයි. පැරැණි වාස්තු පොතපතේ සඳහන් වන ආකාරයට එය මෙසේය.

  1. හිස මුදුන – මහ දෙවියා
  2. දෙකන්හි – පර්යන්‍ය, දිනි
  3. ගෙල – ආප
  4. දෑලවර – ජය, අදිනි
  5. දෙතන – අයිමා, පෘථිවිධර
  6. හෘදය – ආපවතස
  7. දක්‍ෂිණ භූජයෙහි – ඉන්ද්‍ර ඇතුළු දෙවිවරු පස්දෙනා
  8. වාම භූජයෙහි – නාගාදීන්ද
  9. දකුණු අතෙහි – සචිත්‍ර, සචිතා
  10. වම් අතෙහි – රුද්‍රාදී දෙවිවරුන් දෙදෙනා
  11. කලවාහි – මෘත්‍යු, මෛත්‍ර ගණයා
  12. නාභියෙහි – බ්‍රහ්මයා
  13. ලිංගයෙහි – ඉන්ද්‍ර, ජය
  14. දෙදණෙහි – වහ්නි, රෝග
  15. බොලට – පුෂ, නන්දි, ගණ ආදී සප්ත දේවතාවුන්
    තවද කෝෂ්ඨ හෙවත් පාද 64 මෙන්ම 81 යන ආකෘතිවලට සම්බන්ධ දෙවි දේවතාවන් නම් වශයෙන්ද තැන්පත් ස්ථාන වශයෙන්ද ඉතා පැහැදිලිව වාස්තු විiා පොතපතෙහි සඳහන් වෙයි. මෙහිදී වැදගත් වන්නේ මෙම කොටු එකිනෙක සම්බන්ධ වන සන්ධිවලට යට ලී, බාල්ක, බිත්ති, කණු දොරවල් ආදිය නොතැබීමට වගබලා ගැනීමයි.

    වාස්තු පුරුෂයාගේ හිස ඊසාන දිශාවට බරව පිහිටා තිබේ. එලෙස ඊසාන දිශාවට හිස හැරවී තිබීමට හේතුව ලෙස වාස්තු විiාවේ සඳහන් වනුයේ පෘථිවියේ 23 1/2ක් වූ ඇලවීමයි. වාස්තු පුරුෂයා තුළින් ඉගැන්වෙන කොටස් එහි එනම් සර්ව සහ සත්ව යන කාරණා දෙකයි.

    සර්ව යනු වාස්තු පුරුෂයාගේ පිහිටීම අනුව නිවෙසේ දෝෂ බැලීමයි. මෙය අප රටේ ඉතා ඉහළින් භාවිත වෙයි. සූක්‍ෂ්ම යනු නිවෙසක් පිළිබඳ සූක්‍ෂ්ම ආකාරයෙන් සොයා බැලීමයි. මෙම ක්‍රමය අප රටට වඩා ඉන්දියාවේ භාවිත කරයි. මහා වාස්තු ක්‍රමය ලෙස හඳුන්වන්නේද මෙයයි. තවද ශ්‍රී ලංකාව තුළදී වාස්තු පුරුෂයා ඊසාන දෙසට බරව සිටි යැයි පැවසුවද ඉන්දියාවේදී වාස්තු පුරුෂයා නිරිත දෙසට බරව සිටි යැයි සැලකෙයි. ඉඩමක හෝ නිවෙසක වාස්තු පුරුෂ පිහිටීම ගත්කල ඊසාන දෙසට හිසත්, නිරිත දෙසට පාදත්, ගිනිකොන හා වයඹ දෙසට දෙවැලමිටත්, දෙදණුත් උතුරු හා නැඟෙනහිරට උරහිසුත් පිහිටා ඇත. එනමුත් වර්ෂයේ මාස අනුව වාස්තු පුරුෂයාගේ පිහිටීම සලකන ඉඩමේ නිවෙසේ සෑදිය යුතු ස්ථානය තීරණය කළ යුතුය. කෙසේ නමුත් නිවෙසේ ඉදිවිය යුත්තේ මනුෂ්‍ය හා දේව පාද තුළය. නිවෙසක සක්‍රීකත්වය පවත්වා ගැනීමට වාස්තු පුරුෂයාගේ අංගෝපාංගයන් පීඩාවට පත්නොවීම මෙන්ම වාස්තු පුරුෂයාගේ ශරීර අංගයන් හීනවීමද නොවිය යුතුය. මෙහිදී වාස්තු පුරුෂයාගේ ශරීර අංගයන් හීන වීමද නොවිය යුතුය. මෙහිදී වාස්තු පුරුෂයාගේ ශරීර අංගයන් හීන වීම යනු නිවෙසේ යම් යම් කොටස් අඩු වීමයි. එලෙස නිවාස සැලැසුමේ වාස්තු පුරුෂයාගේ ශරීර අංගයන්ට අදාළ එක් එක් දිශා අඩු වීමේ පලාපල මෙසේය.

    * ගිනිකොන අඩු වීම – දක්‍ෂිණ – ධන හානි
    * වයඹ අඩු වීම – වම් බාහුව – ධන හානි
    * ඊසාන අඩු වීම – හිස – නිවැසියන් අධාර්මික වීම ස්ත්‍රි දෝෂ, පුත්‍ර මරණය
    * නිරිත අඩු වීම – පාද – දිළිඳු වීම

    තවද වාස්තු පුරුෂයාගේ පීඩා නොවිය යුතු ස්ථාන හෙවත් මහා මර්මස්ථාන වනුයේ හිස, මුඛය, හෘදය, පපු ප්‍රදේශය, පෙකණිය, ලිංග ප්‍රදේශය හා කලවා ප්‍රදේශයි. මෙම ප්‍රදේශ අතුරින් බොහෝ ස්ථාන බ්‍රහ්ම පාදයට අයත්ය. මෙම ස්ථානවල බර භාණ්ඩ, කුලුනු බිත්ති වැනි දෑ නොතිබිය යුතුය. තවද නිවෙසක මුළුතැන්ගෙය ගිනිකොන දිශාවේ මිස ඊසාන දිශාවේ නොවිය යුතුයි. එසේ නොවුණහොත් ගෙහිමියා නිතර ලෙඩ රෝගවලට ගොදුරු වෙයි. ඊට හේතුව වාස්තු පුරුෂයාගේ හිස පීඩා වීමයි. එසේම වාස්තු පුරුෂයාගේ වැලමිට ආශ්‍රිත ප්‍රදේශයි. මෙම ප්‍රදේශ අතුරින් බොහෝ ස්ථාන බ්‍රහ්ම පාදයට අයත් යම් ලෙසකින් පීඩාවට පත්වුවහොත් නිවෙසේ හිමිකරුගේ සිරුරේ එම ප්‍රදේශයේ පීඩා ගෙන දෙයි. වාස්තු පුරුෂයාගේ සෙසු පීඩා නොවිය යුතු ස්ථාන සම්බන්ධයෙන්ද මෙසේමය. ඒ නිසා භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය දක්වන වාස්තු පුරුෂ සංකල්පය පිළිබඳ දැනුවත් වීම මගින් වාස්තු පුරුෂයා වෙතින් ඇති වන දෝෂ උපරිමයෙන් වළකාගත හැකියි.
    ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

රාජපක්ෂලා පොම්පෙ රම්පෙ කළාද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

Next Post

නාසයෙන් හෙළිවන ඇගේ රහස්

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.