• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දේහ ලක්ෂණ විද්‍යාව අපිට ලැබුණෙ කොහින්ද

February 27, 2021
in Astrology
Reading Time: 1 min read
A A
දේහ ලක්ෂණ විද්‍යාව අපිට ලැබුණෙ කොහින්ද
Share on WhatsAppShare on Facebook

දේහ ලක්‍ෂණ විද්‍යාව ඉතා ඈත අතීතයේ සිට පැවැත එන්නකි. පැරැණි මූලාශ්‍රවලට අනුව ජ්‍යොතිෂ ශාස්ත්‍රයටත් වඩා දේහ ලක්‍ෂණ විද්‍යාව පැරැණි බවට සාක්‍ෂි ඇත. අග්නි පුරාණයේ මෙන්ම ගරුඬ පුරාණයේද දේහ ලක්‍ෂණ විද්‍යාව ගැන සඳහන් වේ. එසේම ස්කන්ධ පුරාණයේද ස්කන්ධ දේවතාවා විසින් නාරද ඍෂිතුමන් හමුවේ ස්ත්‍රී අංග ලක්‍ෂණ සම්බන්ධව කළ සාකච්ඡාවක තොරතුරු අන්තර්ගත වේ. දේහ ලක්‍ෂණ විද්‍යාව හෙවත් අංග ලක්‍ෂණ විද්‍යාව උගත්, බුද්ධිමතුන් අතරේ තිබූ ශාස්ත්‍රයකි. වර්තමානය වනවිට මෙම ශාස්ත්‍රය ගුරු මුෂ්ටි වශයෙන් බොහෝ දුරට වැළලී ගොස්ය. පුරාණයේ මෙම ශාස්ත්‍රයට ඉහළ පිළිගැනීමක් හිමි විය. දේහ ලක්‍ෂණ විද්‍යාව සම්බන්ධව ලියැවුණු පැරැණි පුස්කොළ පොත් අදටත් පුරාණ විහාරස්ථාන සතුව පවතී. එනිසාම අතීතයේ විසූ උගත් ධර්මධර, විනයධර භික්‍ෂුන් වහනසේලා මෙම ශාස්ත්‍රය හොඳින් දැන සිටියහ. අදටත් බොහෝ උගත් භික්‍ෂුන් වහන්සේලා ගත ලකුණු බැලීමේ හැකියාවෙන් පොහොසත්ය.

මනුෂ්‍යයන් හට සුබ හෝ අසුබ දේහ ලක්‍ෂණ හිමිවනුයේ පෙර ආත්මභාවවල සිදුකළ කුසලාකුසල කර්මයනට අනුරූපවය. මෙම සුබ – අසුබ ගත ලකුණු විග්‍රහ කිරීම තුළින් පුද්ගල චරිත ලක්‍ෂණ, ගතිගුණ අනාවරණය කරගත හැක. එපමණක් නොව බොහෝ විශ්වීය අනාවැකිද ප්‍රකාශ කළ හැකිය. දේහ ලක්‍ෂණ විද්‍යාවේ පදනම වෙනසයි. වෙනස සාපේක්‍ෂය. පුද්ගලයාගේ මසැසට ගෝචර වන මෙම වෙනස මත දේහ ලක්‍ෂණ විග්‍රහ කෙරේ. මෙහිදී එක් දේහ ලක්‍ෂණයකින් ප්‍රකට වන දෙය නව දේහ ලක්‍ෂණයකින් නිශේදනය විය හැකිය. එනිසා දේහ ලක්‍ෂණයක් දුටු පමණින් හොඳින් නොවිමසා අනාවැකි නොපැවැසිය යුතුය. දේහ ලක්‍ෂණ විද්‍යාවත්, ජ්‍යොතිෂයත් හස්ත රේඛා ශාස්ත්‍රයත් ධවනි මුඛ ශාස්ත්‍රය හෙවත් ශබ්දයෙන් අනාවැකි කීමේ විද්‍යාවත් එකිනෙක බැඳී පවතී. අද වන විට ජ්‍යොතිෂයත් හස්ත රේඛා ශාස්ත්‍රයත් දේහ ලක්‍ෂණ විද්‍යාව හා ධවනි මුඛ ශාස්ත්‍රය අභිභවා ඉදිරියට පැමිණ ඇත. එසේ වීමට හේතුව ගුරු මුෂ්ටි වශයෙන් උක්ත ශාස්ත්‍ර දෙක යටපත් වීමයි. කෙසේ වෙතත් ජ්‍යොතිෂය හැරුණු කල ඉහත සඳහන් සෙසු ශාස්ත්‍ර සියල්ල අයත් වන්නේ දේහ ලක්‍ෂණ විද්‍යාවටය.

ජ්‍යොතිෂයේදී යම් අතපසුවීමකින් සුළු හෝ වරදක් සිදුවීමට ඉඩකඩ තිබුණද දේහ ලක්‍ෂණ විද්‍යාව තුළ එවැන්නක් සිදුවීමට ඉඩකඩ නොමැත. එය එසේ වනුයේ කිසිවකුට දේහ ලක්‍ෂණ මෙන්ම හස්ත රේඛා වෙනස් කළ නොහැකි බැවිනි. එනිසා ජ්‍යොතිෂයත් හස්ත රේඛා ශාස්ත්‍රයත් දේහ ලක්‍ෂණ විද්‍යාවත් ක්‍රමානුකූලව නිවැරැදිව උගත් කල පලාපල කථනය ඉතා සාර්ථකව සිදුකළ හැකිය. මෙනිසා අනාවැකි වැරැදීමේ සම්භාවිතාවය අවම වෙයි. තවද ජ්‍යොතිෂයෙන් ප්‍රකාශ කළ හැකි අනාවැකි එලෙසම දේහ ලක්‍ෂණ විද්‍යාව තුළින් සනාථ කළ හැකිය. ජන්ම පත්‍රයේ පවතින යෝග අත්ලේ පිහිටීම මේ බව සනාථ කිරීමට කදිම නිදසුනකි. සාමාන්‍යයෙන් දේහ ලක්‍ෂණ විද්‍යාව ස්ත්‍රී දේහ ලක්‍ෂණ හා පුරුෂ දේහ ලක්‍ෂණ ලෙස වර්ග කෙරේ. මෙයට අතිරේකව නපුංසක දේහ ලක්‍ෂණ සම්බන්ධවද පැරැණි පොතපතෙහි සඳහන් වේ. කෙසේ වෙතත් දේහ ලක්‍ෂණ විද්‍යාවේදී ස්ත්‍රී දේහ ලක්‍ෂණවලට මුල් තැනක් හිමිවේ.

අප ගෞතම බුදුන් වහන්සේ උපත ලබන විටද දේහ ලක්‍ෂණ විද්‍යාව ජ්‍යොතිෂය අභිභවා ඉන්දියාව පුරා ඉතා ප්‍රචලිතව පැවැතුණි. සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූ අවස්ථාවේ ජන්ම පත්‍රය සකසා පරීක්‍ෂා කිරීමටත් ප්‍රථම උගත් බමුණන් 108 දෙනකු කැඳවා කුමරුන්ගේ ගත ලකුණු විමසීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. එහිදී බොහෝ බමුණන් කුමරුන්ගේ ගත ලකුණු පරීක්‍ෂා කර බලා ගිහිගෙයි විසුවහොත් සක්විති රජ වන බවත්, පැවිදි වුවහොත් ලොව්තුරා බුදු වන බවත් පවසද්දී වයසින්, දැනුමින් අගතැන්පත් අසිත හෙවත් කාලදේවල නම් තවුසා සිදුහත් කුමරුන්ගේ දකුණට කරකැවී තිබුණු ඌර්ණ රෝම ධාතුව දැක කුමරුන් ඒකාන්ත වශයනේම බුදුවන බව ප්‍රකාශ කළේය. මෙහිදී අසිත තවුස් තුමා මෙම අනාවැකිය ස්ථිරවම ප්‍රකාශ කළේ දේහ ලක්‍ෂණ විද්‍යාව පදනම් කර ගනිමිනි.

තවද ගුත්තිල ජාතකයේ ගුත්තිල පඬිතුමා දේහ ලක්‍ෂණ විද්‍යාව මැනවින් දැන සිටි බවත් මූසිලගේ ගත ලකුණු දැක ඔහුව ප්‍රතික්‍ෂේප කළ ආකාරයත් ගුත්තිල ජාතකයේ කවියක මෙසේ සඳහන් වේ.
බලමින් ලකුණු ගන
දුදන සුබ දැන ඔහු සිත
නොවසව තෙපි මවෙත
ශිල්ප නොදෙමැයි කිවෙන් මගසත

එපමණක් නොව සූත්‍ර පිටකයේ සඳහන් වන ද්‍රෝණ සූත්‍රයේද සද්ධර්ම රත්නාවලියේ සඳහන් මාගන්ධි වස්තුවේද බෞද්ධ සාහිත්‍යයේ එන ඝෝෂක සිටු පුත්‍රයාගේ කතා වස්තුවේද දේහ ලක්‍ෂණ විද්‍යාවත් ධවනි මුඛ ශාස්ත්‍රයත් කැපී පෙනේ. දේහ ලක්‍ෂණ විද්‍යාව ආරම්භ වූයේ සමුද්‍රයට අධිපති සමුද්‍ර නම් දේවතාවාගෙන් බව වේද ග්‍රන්ථවල සඳහන් වේ. එය සිදුවූ ආකාරය මෙලෙස විස්තර කළහැකිය. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමර්තියෙන් එක් මුර්තියක් වූ විෂ්ණු දෙවිඳු කිරි සයුරෙහි අනන්ත නා රජුගේ දරණවැල මත සැතපී සිටින කළ විෂ්ණු දෙවිඳුන්ගේ ප්‍රේමවන්තිය වන ලක්‍ෂ්මී දෙවඟන විෂ්ණු දෙඳුන් සමඟ ප්‍රේමාලිංගනයේ යෙදුණි. මෙම දුර්ලභ සිදුවීම සයුරට අධිපති සමුද්‍ර දෙවියා ඉතා හොඳින් නිරීක්‍ෂණය කළේය. එහිදී විෂ්ණු දෙවිඳුන්ගේ සිරුරේ දේහ ලක්‍ෂණත්, ලක්‍ෂ්මී දෙවඟනගේ සිරුරේ දේහ ලක්‍ෂණත් හොඳින් නරඹමින් අධ්‍යයනය කිරීමේ අවස්ථාව සමුදු දෙවියාට හිමි විය. එලෙස සමුද්‍ර දෙවියා උගත් මේ දේහ ලක්‍ෂණ විද්‍යාව නම් උතුම් මහඟු ශාස්ත්‍රය මානව වර්ගයාගේ යහපත උදෙසා ග්‍රන්ථාරූඪ කළේය. මෙලෙස සමුද්‍ර දෙවියා ග්‍රන්ඨාරූඪ කළ දේහ ලක්‍ෂණ විද්‍යාව නාරද, ලක්‍ෂණ, වරහ, මාණ්ඩව්‍ය හා කර්තිකේය යන ඍෂිවරුන් අතින් තවතවත් පෝෂණය විය. ඉන්පසු භෝජ සහ සුමන්ත යන රජවරුන් ලොව පහළ වූ සමයේ දේහ ලක්‍ෂණ විද්‍යාව ඉතා සරල බසින් සකස් කරන ලද්දේ සමුද්‍ර නම් ඍෂිවරයා විසිනි.

දේහ ලක්‍ෂණ විද්‍යාවත්, හස්ත රේඛා ක්‍ෂේත්‍රයත් ප්‍රායෝගිකය. අතීතයේ රජ කල රජවරුන්ද මෙම විද්‍යාව මැනවින් ප්‍රගුණ කර ඉන් උපරිම ඵල ලැබූ බව සඳහන් වේ. විශේෂයෙන්ම අන්තඃපුරයට ස්ත්‍රීන් බඳවා ගැනීමේදී හස්ත රේඛා මෙන්ම දේහ ලක්‍ෂණ පරීක්‍ෂාව සිදුවුණි. එය පුරාණයේ බාර වූයේ දේහ ලක්‍ෂණ පාරින්ත්‍රටය. යම් හෙයකින් ඔහු අතින් දේහ ලක්‍ෂණ වැරැදුණි නම් ඔහුට ඒ සඳහා හිමිවූ දඬුවම රටින් පිටුවහල් කිරීම විය. මෙම භාරතීය දේහ ලක්‍ෂණ විද්‍යාවට අමතරව ජාත්‍යන්තරවද දේහ ලක්‍ෂණ විද්‍යාව පවතී. ඒ ග්‍රීක, තිබ්බතීය, චීන හා ජපන් දේහ ලක්‍ෂණ විද්‍යාවන් ලෙසය. එනමුත් වඩා නිවැරැදි දේහ ලක්‍ෂණ විද්‍යාව ලෙස අදටත් පිළිගැනෙනුයේ භාරතීය දේහ ලක්‍ෂණ විද්‍යාවයි.

සමාජයේ පුද්ගලයන් නිවැරැදිව අවබෝධ කොට හඳුනාගනු වස් හස්ත රේඛා ශාස්ත්‍රයත්, දේහ ලක්‍ෂණ විද්‍යාවත් මහෝපකාරී වන බව නොකිවමනාය. එනිසා මෙවැනි සැඟවී යන අගනා ශාස්ත්‍ර අප රැක ගතයුතු නොවේද. මතු පරපුරට දායාද කළයුතු නොවේද?
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

මම ගැළපෙන තැන්වල හිටගන්න කෙනෙක්

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.