ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපළ තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 20.3%ක වෙළෙඳපළ කොටසකට හිමිකම් කියන අතර 2020 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වසර සඳහා රු. මිලියන 20,163ක වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
එමෙන්ම සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය -1.5ක අගයක් ගනිද්දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 6%ක වර්ධනයක් අත්කරගැනීමට සමත්ව තිබේ.
මෝටර් රථ නොවන රක්ෂණ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු. මිලියන 8357ක වාරික ආදායමක් සමගින් 38%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙන අතර මෝටර් රථ රක්ෂණ කාණ්ඩය රු. මිලියන 11,806ක වාරික ආදායමක් වාර්තා කරමින් එම කාණ්ඩයේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ.











