• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ගැළපෙන තැන්වල හිටගන්න කෙනෙක්

February 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම ගැළපෙන තැන්වල හිටගන්න කෙනෙක්
Share on WhatsAppShare on Facebook

⬤ කරන්නම් වාලේ හැම දෙයක්ම කරන්නෙ නැහැ…

⬤ සතුටක් නැත්නම් කිසි දෙයක් නැහැ…

සිනමාවේ, ටෙලි නාට්‍ය තුළ සුවිශේෂී රංගනයක නියලුණු ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙසට සංජය ලීලාරත්න හඳුන්වන්නට පුළුවන්. මේ දිනවල විකාශය වන ‘අසංවර වැස්සක්’ ටෙලිනාට්‍ය තුළින් මහීපාලගේ චරිතයට ජීවය දෙන ඔහු දිග නිහැඬියාවකට පසු නැවත රඟපෑමට ඇවිත්. ඉතින් දිගු නිහැඬියාවකට පසු පැමිණි සංජයට කතා කිරීමට බොහෝ දේවල් ඇති නිසා අපි ඔහුට කතා කළේ මේ විදිහට.
🔴 ඔබ කලාව පෝෂණය කිරීමට සෑම පැතිකඩකින්ම දායකත්වය සපයා දුන් රංගවේදියෙක්. එහෙත් කාලෙකට පස්සේ තමයි රඟපෑමට සම්බන්ධ වෙන්නේ නේද?
මම කලාව වෙනුවෙන් කරන්න පුළුවන් මගේ උපරිම දායකත්වය දීලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ට මගේ වටිනාකමක් දැනුණා නම් මම හදවතින්ම සතුටු වෙනවා. මම අවුරුදු පහකට විතර පස්සේ තමයි ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘පිණි’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. නැවැතත් දිගු නිහැඬියාවකට පස්සේ ජාතික රූපවාහිනියේ විකාශනය වන ‘අසංවර වැස්ස’ ටෙලිනාට්‍යයේ මහීපාලගේ චරිතයත්, ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘ස්නැප්’ ටෙලිනාට්‍යයේ රහස් පොලිස් චරිතයත් නිරූපණය කරනවා.
🔴 මහීපාල ඔය තරම් බොන්නේ ඇයි?
හිතේ වේදනාවට තමයි. මහීපාල වගේ මිනිස්සු අද සමාජයේ ඕනෑ තරම් ඇති. ඒ මිනිසුන් අතර තවත් එක ‘මහීපාල’ කෙනෙක්ගේ චරිතයක් ගැන තමයි මම කතා කරන්නේ.
🔴 කලාවෙන් දුරස් වෙලා ඉන්න විශේෂ හේතුවක් තිබුණද?
නිර්මාණවලින් මට ඕනෑ තරම් ආරාධනා එනවා. ඒත් මම රාජ්‍ය ආයතනයක තනතුරක් දරපු නිසා මම එහි පූර්ණකාලීනව වැඩ කළා. ඒ වගේම මගේ හිතවත් මිතුරෙක් සමඟ ව්‍යාපාරයක් කළා. ඔය අතර මම ඉතාලි කෑම සම්බන්ධ රෙස්ටුරන්ට් එකක් පොඩි ව්‍යාපාරයක් විදිහට කරගෙන ආවා. ගිය අවුරුද්දේ සහරාන්ලගේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මගේ රෙස්ටුරන්ට් එකේ බිස්නස් කඩාවැටුණා. පසුකාලීනව ආපු කොරෝනා වසංගතයත් එක්ක කරගෙන ගිය අනිත් ව්‍යාපාරයත් කඩාවැටුණා. මගේ ඒ තිබුණ වැඩකටයුතු නිසා මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ.
🔴 දැන් දිගටම කලාවට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යෑමටද අදහස?
මම තෘප්තියක් ලබන්නේ කලාවෙන්. ඉතින් මගේ යටි සිත කියන්නේ කලාව කරන්න කියලා. හිතේ සතුටක් නැතිනම් මොන දේ කළත් වැඩක් නැහැ. ඒ නිසා මම පූර්ණකාලීනව මගේ දායකත්වය කලාව වෙනුවෙන් යෙදීමට තීරණය කළා.
🔴 ඔබ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. නිර්මාණයක් කිරීමට අදහසක් නැතිද?
නිර්මාණයක් අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට මට ආරාධනා ලැබුණා. ඉතින් මම කැමැති නැහැ අධ්‍යක්ෂණය කරමින් ඒ නිර්මාණය තුළ රඟපාන්න නමුත් එය ප්‍රධාන චරිතයක් නිසා මම රඟපාන්නම් කියලා තීරණය කළා. විදේශීය රූපවාහිනී නාළිකාවකින් මට වාර්තා වැඩසටහනක් කිරීමට ආරාධනා කළා. ඉතින් ඒ සියලුම වැඩකටයුතු සැලැසුම් කරගෙන යනවා.
🔴 හොඳ නිර්මාණ අතර අසංවර නිර්මාණත් බිහි වෙනවා?
මම නිර්මාණ විවේචනය කරන්න කැමැති නැහැ මමත් නිර්මාණකරුවෙක් නිසා. එවැනි නිර්මාණ තිබෙන බව මමත් දකිනවා. ඔය අතර අලුත් පරපුරක් ඉන්නවා මේ ක්ෂේත්‍රයේ ඉහළටම ගෙනියන්න පුළුවන් දක්ෂ පිරිසක්. හැබැයි ඔය අතර තවත් පිරිසක් ඉන්නවා ජනතාව රූපවාහිනියෙන්, චිත්‍රපටවලින් ඈත් කරන පිරිසක්. මොන දේ කළත් වැඩක් නැහැ නිර්මාණ ජනතාව ප්‍රතික්ෂේප කළොත්. අද බහුතරයක් කරන්නේ විදේශීය නිර්මාණ අනුසාරයෙන් නිර්මාණ කිරීම. අපේ සමාජ සංස්කෘතිය වටපිටාව ආශ්‍රිතව මොන තරම් දේවල් තිබෙනවාද කතා කිරීමට. බලන්න ‘අසංවර වැස්ස’ ටෙලිනාට්‍ය හරහා මොන තරම් වටිනා දෙයක්ද සමාජගත කරන්නේ. ඇයි එවැනි දේවල් අනිකුත් අයට කරන්න බැරි.
🔴 මෙගා ටෙලිනාට්‍ය එකහෙළා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?
මම ගැළපෙන තැන්වල හිටගන්න කෙනෙක්. නැතුව කරන්නම් වාලේ ඔය හැම නිර්මාණයකටම මම සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා මම මෙගා ටෙලිනාට්‍ය අනුමත කරන්නේ නැහැ. මෙගා ටෙලිනාට්‍ය හරහා ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒක ඔවුන්ගේ කැමැත්ත. එය මට අදාළ නැහැ. මෙය මගේ ප්‍රතිපත්තිය.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

එන්න එන්න තරුණ වෙන කොරින්ගේ රහස

Next Post

දේහ ලක්ෂණ විද්‍යාව අපිට ලැබුණෙ කොහින්ද

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් මුල්කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.