• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දැරිය ළමිස්සි කරන මල්වරය

June 13, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
දැරිය ළමිස්සි කරන මල්වරය
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව වූ කලී සිංහල බෞද්ධ ජන පදනම මූලික කොටගත් ඉතාමත් සාරවත් දියුණු සංස්කෘතියකට උරුමකම් කියන රටකි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව ඈත අතීතතයේ සිටම පුරාණයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි දක්වන්නේ ඉතාම යහපත් වූ ආකල්පයකි. එය අපගේ ජාතියේ ප්‍රගමනයටත් යහපත් සමාජයක පැවැත්මටත් ඉතාම වටිනා වූ කාරණයකි.

මේ අතරින් කාන්තාවන්ටම සුවිශේෂී වූ චාරිත්‍රයක් වන මල්වරයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි- වැඩිහිටි කාන්තා උපදෙස් අනුව මල්වරයේදී යුවතියක් කටයුතු කළ යුතුය. යුවතියක් නැතිනම් දැරියක් මල්වර වීම වර්තමාන ජන සමාජයේ බොහෝ විට මංගල කාරණයක් ලෙස සලකනු ලබයි. ඒ අනුව අපගේ චාරිත්‍රයන් අතරින් දැරියකගේ මල්වර චාරිත්‍රයට හිමිවනුයේ ඉතාම වැදගත් වූ ස්ථානයකි. කෙසේ වෙතත් දැරියකගේ මල්වරය වෙනුවෙන් අනවශ්‍ය ලෙස උත්සව පැවැත්වීමත්, විශේෂයෙන් ජ්‍යොතිෂානූකූලව මල්වරයෙන් පසු 3, 4, 5 යන දිනවලදී සුබ නැකැත් අනුව ස්නානය කළයුතු බැවින් එම උත්සව මල්වරය වූ දින සිට සති ගණන් ප්‍රමාද කර පැවැත්වීමත්, මේ සඳහා මත්පැන් හා මස් මාංශ යොදා ගැනීමත් වර්තමාන සමාජය තුළ බහුලව සිදුවන අතර ඒ සඳහා විශාල මුදලක්ද වියදම් වේ. මෙවැනි කටයුතු අපට කිසිසේත්ම අනුමත කළ නොහැක. එය එම අදාළ මල්වර වූ යුවතියගේ අනාගතයටද සුබවාදී නොවනු ඇත. ඒ පිළිබඳ වැඩිහිටියන් සිතා බැලිය යුතුය.

ඒ අනුව දැරියකගේ මල්වර චාරිත්‍ර ඉටු කිරීමේදී ඈත අතීතයේ සිට පැවත එන ජ්‍යොතිෂයටද හිමිවනුයේ ඉතාම වැදගත් ප්‍රමුඛ ස්ථානයකි- මෙහිදී අප ජ්‍යොතිෂානුකූලව දැරියකගේ මල්වරය ලෙස හඳුන්වනු ලබන්නේ යම් ස්ත්‍රී ජන්ම පත්‍රයක ජන්ම ලග්නය හෙවත් උත්පත්ති ලග්නයෙන් 1, 2, 4, 5, 7, 8, 9, 12 යන කේන්දරයේ අනුපචය ස්ථානයකට චන්ද්‍රයා ගෝචරයෙන් පැමිණි කල එම සඳු කුජ හෙවත් අඟහරු විසින් දකින ලද්දේ නම් එකල්හි යම් ස්ත්‍රියකගේ මසක් පාසා ඔපස්වීම සිදුවේ. මෙකී අනුපචය රාශියක් නර රාශියක්ව (එනම් මිථුන, කන්‍යා, තුලා, ධනු පූර්වාර්ධය, කුම්භ යන රාශි) චන්ද්‍රයා එහි සිට අඟහරු විසින් දුටුවේ නම් ඒ අනුවද එම දැරියගේ සුදුසු වයසද පැමිණි කල ප්‍රථම මල්වරය සිදුවන බව ජ්‍යොතිෂය තුළ පුරාණ ඉසිවරු කරුණු දක්වා ඇත. මේ ආකාරයට මෙම ක්‍රම දෙකටම මල්වරය සිදුවනු ඇත- මල්වරය සිදු වූ දින සිට මස්මාංශ හා කිළි යැයි සම්මත ආහාරයෙන් වැළකී පිරිසිදුව පිරිමින් මුණ නොගැසෙන ලෙස සිටිය යුතුය-

නිරෝගී දැරියකගේ මල්වරය වයස අවු 10ත් 14 ඇතුළතදී සිදුවන අතර කලාතුරකින් වයස අවුරුදු දහයට පෙර හා 14 පසු සිදුවන මල්වර වීම්ද දක්නට ඇති අතර එය විවිධ රෝගාබාධ හා ස්ත්‍රියගේ ශාරීරික තත්ත්වය මත සිදුවන්නකි- යම් ස්ත්‍රියකගේ ගර්භාෂය දරුවන් බිහි කිරීමට සකස් වීම නැතහොත් පළමු සෘතුවීම ප්‍රථම ඔපස් වීම යනුවෙන්ද මල්වරය හඳුන්වනු ලබයි-
මෙසේ දැරියක් ප්‍රථමයෙන් මල්වර වූ කල්හී දෛවඥා මහතෙකු කරා ගොස් එහි සුබ අසුබ පරීක්ෂා කිරීමත් ඊට අදාළ මල්වර කේන්දරය හා මල්වර නැකැත් සාදා ගැනීමත් සිදුකරනු ලබයි- යුවතියක් මල්වර වන අවස්ථාවේදී දවස, නැකත, තිථිය, ලග්නය, මාසය, හැඳසිටි වස්ත්‍රය හා ස්ථානය පදනම් කොට ගෙන මල්වර ඵල ප්‍රකාශ කරනු ලැබේ. අවුරුදු 10, 12, 14 යන ඉරට්ටේ සංඛ්‍යාවන්ට ගැනෙන වයසේ සිදුවන මල්වරය ඔත්තේ සංඛ්‍යාවලදී සිදුවන මල්වරයට වඩා සුබ දායක වේ. වයස 10ට අඩු වයස්වල සිදුවන මල්වරය එතරම් සුබදායක නැත- වයස 14 ඉක්මවා සිදුවන මල්වරයද සුබ ඵල ඇති නොකරනු ඇත.

ඉහත සඳහන් කරනු පදනම් කරගෙන සකස් කරන කේන්දරය මල්වර කේන්දරය ලෙස හඳුන්වනු ලබයි- ඒ අනුව මෙම මල්වර කේන්දරය අනුසාරයෙන් පලාපල විමසා බැලෙන අතර කෙසේ වෙතත් මල්වර කේන්දරය මෙන්ම යුවතියගේ ජන්ම කේන්දරයද පදනම් කර ගෙන පලාපල හා සුබ අසුබ පරීක්ෂා කිරීම සුබදායක වනු ඇත- විශේෂයෙන් යම් අවස්ථාවක මල්වර කේන්දරයට වඩා ජන්මවිපත බලවත් විය හැකි අතර, තවත් විටෙක ජන්ම පතට වඩා මල්වර කේන්දරය බලවත් විය හැකිය- මේ නිසා මෙම කේන්දර දෙක කෙරෙහිම අවධානය යොමු කිරීම නුවණට හුරුය-
යම් යුවතියක් මල්වර වූ ස්ථානය අනුව ඇයගේ අනාගත ජීවිතයේ සුබ අසුබතා මෙසේ දැක්විය හැකිය.
තමා පදිංචි නිවෙස ඇතුළේදී මල්වර වීම ඉතාම සුබදායක වන අතර තම ගෞරවය ආරක්ෂා කර ගනිමින් දියුණුවෙන් දියුණුවට පත්වනු ඇත-
ගෙදරින් පිට තනිවම සිටින අවස්ථාවක නම් අනාගත ස්වාමියාට අසුබදායක අතර තමාට දුක් කරදර ඇතිවනු ඇත-
ඥාතී නොවන ගෙයක හෝ අතර මගකදී නම් තම කල්ක්‍රියාව යහපත් නොවන අධික වියදම්කාරියක වනු ඇත.
නෑ ගෙදරකදී මල්වර වූ යුවතිය තම ඥාාතීන්ට හිතවත් වන අතර ඇයට එම ඥාාතීන්ගෙන් උදව් උපකාර බෙහෙවින් හිමිවනු ඇත-
තමා පදිංචි ග්‍රාමයේ නොව පිට ගමකදී නම් ගමන් බිමන් වැඩි අතර පිට අය සමග ආශ්‍රයද ඉතාමත් වැඩිය-
යම් උත්සව අවස්ථාවකදී හෝ ජනකායක් මැදකදී මල්වරය සිදු වූයේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා දියුණුව ලැබී යහපත්ව වාසය කිරීමට ලැබෙනු ඇත-
ස්නානය කරන විට හෝ ළිඳක්, ගඟක් හෝ ජලාශයක් අසල නම් ආයුෂ වැඩිවන අතර, නිරෝගීභාවය ඇති වනු ඇත- ඇය බෙහෙවින් අනුන්ට උපකාර කරන තැනැත්තියක් වන අතර ඇයට බොහෝ අලංකාර වස්තුද ලැබෙනු ඇත-
තමා ජීවත්වන ගමේ අසල් වැසි ගෙවල් අසල නම් එම යුවතිය නිතරම අසල්වැසි ගෙවල්වලට යාමට කැමති වනු ඇත-

ස්ත්‍රීන් මධ්‍යයේ මල්වර වූ යුවතියට වස්තුව, සැප සම්පත් ලැබී සැපසේ වාසය කිරීමට ලැබෙන අතර, පිරිමින් අසලදී මල්වර වූ යුවතියට එසේ නොවන අතර ඇයගේ ශරීර ශක්තිය අඩු වන අතර, ඇය සතු ලැජ්ජා බයද නැතිවී යයි- එවන් වූ කාන්තාවගේ ජීවිතය සැපවත් නොවේ.
ගවයන් සමීපයේ හෝ ගව ගාලක් අබියසදී මල්වර වූ ස්ත්‍රයගේ ගති පැවතුම් ඉතා යහපත් වන අතර ඇයට කෑම බීම ගිඟ වන්නේද නැත-

සොහොනක් අසල, දේවස්ථානයක් අසල, මල ගෙදරකදී දින 7ක් ඇතුළත නම් හා හිස් භාජනයක් රැගෙන එන විට ඉදිරියට මුණගැසුණු විට මෙන්ම වාහනයක ගමන් කරන විටදී හෝ සිටගෙන සිටින විට යම් යුවතියක් මල්වර වූවොත් එම මල්වරය ඇයට එතරම් සුබදායක නැත-
ඉතිරි කොටස ලබන සතියේ…
සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවෙන් දැඩි සත්කාර ඒකකයක්

Next Post

පට් පට් ගාල කැමරාවට සෙට්වුණු සූරසේන

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.