• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පට් පට් ගාල කැමරාවට සෙට්වුණු සූරසේන

June 13, 2020
in Heart
Reading Time: 1 min read
A A
පට් පට් ගාල කැමරාවට සෙට්වුණු සූරසේන
Share on WhatsAppShare on Facebook

“පළිඟු නෝනේ. ඔහොම ඉඳලා බෑ. මම හෙටම බිස්නස් එක සෙට් කරනවා. එතකොට පට් පට් ගාලා ගෙදරට සල්ලි ඒවිනේ. කාලා ඇඳලා හොඳට ඉන්න පුළුවන්නේ. මොකද කියන්නේ. දුකෙන් ඉන්නවද? කාලා ඇඳලා සැපෙන් ඉන්නවද?”
මේ දෙබස ඇහුව ගමන්ම මේ කතා කරන්නේ කා ගැනද කියලා ඔබ හොඳටම දන්නවා. ඒ තමයි පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන. මීට වසර 35කට කලින් විකාශනය වුණු ටෙලි නාට්‍යයක ඇතුළත් දෙබසක් වුණත් මේ චරිත ගොඩ දෙනෙක් අතර අදටත් එකසේ ජනප්‍රියයි. වැඩිහිටි පරම්පරාව විතරක් නෙවෙයි වර්තමාන පරම්පරාව පවා අන්තර්ජාලය ඔස්සේ පැරැණි ටෙලි නාට්‍යය නරඹන රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඒ හරහා පළිඟු මැණිකේ සූරසේනත් නැවත වරක් කතාබහට ලක් වෙලා තියෙනවා. අමුතු විදියට ඇඳ ගත්ත, අමුතු විදියට කතා කරන සූරසේනට අද පරපුරත් ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා.
ධම්ම ජාගොඩ මහතාගේ අධ්‍යක්ෂණයක් වන පළිඟු මැණිකේ මුල් වරට තිරගත වෙලා තියෙන්නේ 1985 වසරේදියි. සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් වන එය 1984 වසරේදි තමයි රූගත කරලා තියෙන්නේ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ නළු නිළියන් කිහිප දෙනෙකුම රංගනයෙන් දායක වුණත් “සූරසේන” තමයි පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ කැපී පෙනෙන චරිතය වෙන්නේ. තිරගත වෙලා වසර 35කට පස්සෙත් නැවත නැවතත් කතාබහට ලක්වන පළිඟු මැණිකේ ගැන කතා කරන්න අපි සූරසේන හොයා ගෙන ගියා. එදා වගේම අදටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය එක වගේම රැක ගෙන ඉන්න ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා පළිඟු මැණිකේ ගැන අද කියන්නේ මොනවද කියලා අපි බලමු.
ගෙදර හිටිය කාලේ අපේ ප්‍රේක්ෂකයෝ නැවත නැවත පැරැණි ටෙලි නාට්‍ය රස විඳින්න පටන් ගත්තා. ලැබෙන ප්‍රතිචාර හරහා ඒ බව ඔබටත් දැනෙන්න ඇති?
ඔව්. ඒක පැහැදිලිව දැනුණා. අපේ සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන බොහෝ දෙනෙක් පැරැණි ටෙලි නාට්‍ය නැවත නැවත හොයා ගෙන රස විඳින බව ලැබෙන ප්‍රතිචාර හරහා අපිට පේනවා. ඉස්සර ටෙලි නාට්‍ය කොයි තරම් හොඳද කියන එක තමයි ඒ හරහා මතු වන කාරණය. අලුත් නිර්මාණ තිබියදීත් රසිකයන් පැරැණි නිර්මාණ අගය කරන්නේ ඒ හින්ද නේද කියන කාරණය තමයි එතැනදි මතු වෙන්නේ. ඒ වගේම දැන් ටෙලි නාට්‍ය හොඳ නැද්ද කියන සැකයත් එතැනදි කෙනකුට ඇති වෙන්න පුළුවන්. එතකොට අපි හොඳ දේ අතහැරලා වෙනත් පාරකද යන්නේ කියන එකත් අපිට හිතෙනවා. මම හිතනවා මේ හරහා මේ ගැන සමාජ කතිකාවතක් ගොඩ නඟන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක්.
පළිඟු මැණිකේ සූරසේනගේ චරිතයත් ඒ විදියට නැවත කතාබහට ලක් වුණා. සූරසේන ගැන දැන් මොකද හිතෙන්නේ?
පළිඟු මැණිකේ විකාශනය වුණේ 80 දශකයේ මුල් කාර්තුවේ. පළිඟු මැණිකේ තමයි ලංකාවේ තුන්වැනි ටෙලි නාට්‍යය. ඒ වෙද්දී අපි ළාබාලයෝ. ක්ෂේත්‍රයේ දුහුනෝ. එහෙම නැත්නම් පැඟිරෝ. ඒ හින්දා කරන වැඬේ උපරිම කැපවීමෙන් කරන්න තමයි ඒ කාලේ ඕන වුණේ. ඒ වගේම ඒ කාලේ අපිට හොඳට විවේකය තිබුණා. ඒ හින්දා කරන වැඬේ ගැන හොඳින් හදාරාලා ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්කම තිබුණා. ඒ කැපවීම තමයි දශක හතරක් පුරාම රැකගෙන ඉන්නේ.
එතකොට පළිඟු මැණිකේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ පළමු ටෙලි නාට්‍යයද?
මෙහෙමයි. ඒක මගේ පළමු මාලා නාටකය කිව්වොත් හරි. ඒත් ඊට පෙර පරාක්‍රම නිරිඇල්ල මහත්මයා “මහත් හොරා” නමින් විනාඩි 08ක ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා. ඒක තමයි ලංකාවේ පළමු ටෙලි නාට්‍යය. එහි මමත් රඟපෑවා. නමුත් මාලා නාටකයක් විදියට ගත්තම පළිඟු මැණිකේ තමයි මගෙත් පළමු ටෙලි නාට්‍යය.
වේදිකාවේ ඉඳන් කැමරාව ඉදිරියට යද්දී මොන වගේ වෙනසක්ද දැනුණේ. කොහොමද ඒ වෙනසට මුහුණ දුන්නේ?
මේක කරන්නේ කොහොමද කියලා මායි ජැක්සන් ඇන්තනී මහත්මයයි ධම්ම ජාගොඩ මහත්තයා හම්බ වෙලා ඇහුවා. එතුමා ඒ වෙලාවේ එක් එක් කැමරා කෝන ගැන කියලා දුන්නා. කැමරා ශිල්පියත් එක්ක යාළු වෙන්න කියලා ධම්ම ජාගොඩ මහත්තයා අපිට කිව්වා. රුවන් විජේසේකර මහත්මයා තමයි එහි කැමරා අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළේ. ඒ මහත්මයත් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. කැමරාව තියෙන තැන දැක්කම රූගත කිරීම සිදු කෙරෙන කෝණය ගැන දැනීමක් ලැබෙන තරමටම අපිට ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් වුණා.
සූරසේන විදියට පටන් අරන් මේ වන තෙක් ආව ගමන ගැන ශ්‍රියන්තට දැන් මොකද හිතෙන්නේ?
ඉතිහාසයේ පරිච්ඡේද විච්ඡේදනය කරලා බලද්දී අපි දුර්වලයි කියලයි මට හිතෙන්නේ. ඇත්තටම අපි ගමන් කරලා තියෙන්නේ ආපස්සට. අපිත් ඒ වැස්සේ තෙමෙනවා. හැබැයි නියුමෝනියාව හදා ගන්නේ නැහැ. මොකද එතැනින් ලෙඩ වුණත් වේදිකාවට ගොඩ වුණාට පස්සේ අපිට ඒ ලෙඩ හොඳ කර ගන්න බෙහෙත් ලැබෙනවා. වේදිකාව හරහා නැවත සුවපත් වෙලා තමයි ඒ වැස්සට අපි තෙමෙන්නේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට මේ තත්ත්වයෙන් ටෙලි නාට්‍ය කලාව මුදවා ගෙන නැවත පෙර පැවැති තත්ත්වයට ගෙනි යන්න මොනවද කරන්න ඕනෑ?
මම හිතන්නේ මෙහෙමයි. තව තව ටෙලි නාට්‍යකරුවෝ එන්න ඕනෑ. ඒ වගේම අපේ හිටිය ප්‍රවීණ ටෙලි නාට්‍යකරුවෝ නැවත කලාව වෙනුවෙන් දායක වෙන්න ඕනෑ. එහෙම වුණොත් මේ තැනින් මේක ගොඩගන්න පුළුවන්.
ශ්‍රියන්ත මෙන්ඩිස්ට ඒ ගැන විශ්වාසයක් තියෙනවද?
ඔව්. මම කොහොමත් බොහොම සුබවාදීව බලන කෙනෙක්. ඒ හින්දා ටෙලි නාට්‍ය කලාව පෙර පැවැති තත්ත්වයට ඒවි කියන සුබවාදී බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දැරිය ළමිස්සි කරන මල්වරය

Next Post

ෆ්‍රිජ්-අවන්-ඇඳන්-ෆෑන්-චීස්-සෝස්-පළතුරු එක්ක පාතාලයන් මීගමු හිරේ ගන්න සුපිරි සැප මෙන්න (PHOTOS)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.