හරියටම දැනගන්න
වර්තමානයේ හිතුමතේ කසාද කරගන්නා පිරිස බහුලව දැකය හැකිය. එහිදී වැඩිහරියක්ම දක්නට ලැබෙන්නේ නිසි වයසත් එළැඹෙන්නට පෙර විවාහයන්ට ඇතුල් වෙන සිදුවීම්ය. වයස අවුරුදු දහහතර, පහළොව, දහසය වැනි වයස්වල අය පවා සිය මෑණියන්ට එරෙහිව යමින් විවාහ වීමේ ප්‍රවණතාවය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අයුරුද මේ වෙද්දී දකින්නට ලැබේ. ඒ අතරින් බහුතරයක් පාසලට, ටියුෂන් පන්තියට හෝ වෙනත් ගමනක් අතරතුර හොර රහසේම ගොස් සිදුකරගන්නා විවාහයන්ය.
මේ තත්ත්වය මවුපියන්ට එතරම් හිතකර ප්‍රවණතාවක් නොවේ. එනිසාම උස් – මහත් වූ දියණියන් සිටින බහුතරයක් මවුපියන් තරමක් දෙගිඩියාවෙන් යුතුව ජීවිත ගතකරනු දක්නට ලැබේ. මේ නිසාම එවැනි උස් – මහත් වූ දරුවන් සිටින මවුපියන්ට සිය දරුවා එවැනි හිතුවක්කාර තීන්දු තීරණවලට එළැඹේදැයි දැන සිටීම යහපත්ය. එසේ දැන සිටීම තුළින් දරුවා ගැන අවධානයෙන් සිටීමට මවුපියන්ට පහසු වෙයි. එමෙන්ම යම් දරුවකු එවැනි හිතුවක්කාර විවාහයක් සඳහා අඩු වයසින් යොමු වේ දැයි යන්න දැනගන්න අතරම, ඒ කිනම් වයසකද යන්නත් දරුවාගේ කේන්දරය ඇසුරෙන් දැනගත හැකිය. ඒ සඳහා ඉතා පැහැදිලි සහ ක්‍රමානුකූල කේන්දර පරීක්‍ෂණයක් සිදුකර ගැනීම ප්‍රමාණවත්ය.
එසේ නොයා ඔබටම පහසු පරිදි සිය දරුවන්ගේ කේන්දරවල පහත සඳහන් ග්‍රහ තත්ත්වයන් තිබේ දැයි පරීක්‍ෂා කර බලා දැනගැනීමෙන් තත්ත්වය කෙබඳු දැයි වටහා ගන්නට හැකි වනු ඇත.
• සිකුරු කේන්දරගතව සිටින විට සිකුරුගෙන් 7 වැන්නේ ශනි යෙදීමෙන් අඩු වයසින් යුග දිවිගමන් අරඹයි.
• ගුරු 2 වැන්නේද, 7 වැන්නාධිපති 11 වැන්න ගතවීමද වයස අවුරුදු දහ අටේදී විවාහ ගිවිසගනී.
• ගුරු 7 වැන්නාධිපති රවි සමග යෝගව සුබස්ථානයක යෙදී ඇත්නම් වයස අවුරුදු විස්සට කලින් විවාහය සිදුවෙයි.
• සිකුරුගෙන් 7 ශනි සිටීම නිසා අඩු වයසින් විවාහයට පත්වෙයි.
• සිකුරු – මීන රාශියෙ සිට ශනි කන්‍යාව තුළ සිටී නව අඩු වයසින් විවාහයට පත්වන බව ජ්‍යොතිෂය පෙන්වා දෙයි.
• ගුරු 2 වැන්නෙන් දෙවැන්න අධිපති එකොළොස් වැන්න වේ නම් අඩු වයසින් විවාහ වෙයි.
• කුජ 11 වැන්නේද, ශනි 5හේද, හතා හිමි දුර්වලකමද විවාහය කල්ගතවෙයි.
• සිංහ ලග්නයෙන් ජනිතව ශනි 5 වැන්න ගතව යෙදී 7 හිමි ශනි දුර්වල නම් විවාහය පමාවෙයි.
• 8 වැන්නේ සිකුරු වෙනම 7 වැන්නේ 8 හිමියා හෝ කිවි වෙනම වයස 25න් පසුව හොඳ විවාහයක් වෙයි.
• මේෂ ලග්නයෙන් ඉපදී කුජ 2 වැන්නේ නම් සිකුරු 11 වීම වයස 28න් පසුව විවාහය නියමයි.
• වෘෂභ ලග්නයෙන් ඉපදී මිතුරු කේන්දර ගතව සිකුරු කේන්දරයෙන් 7හි ශනි යෙදීම විවාහය බාල කාලයේම සිදුවී සාර්ථක විවාහයක් ගතකරයි.
• ගුරු 2 වැන්නේද, 7 වැන්නාධිපති 11 වැන්නේ නම් වයස 27දී හෝ 18 දී විවාහය සිදුවෙයි.
• 7 වැන්නේ 7 හිමියාද සුබ දෘෂ්ටියකින් සුබ සංයෝගයකින් යෙදීම නිසි වයසේ විවාහ සිදුවෙයි.
• සිකුරු ග්‍රහයා 7 වැන්නාධිපතියා වී සුබ සංයෝග සුබ දෘෂ්ටිවලට ලක්වේ නම් විවාහය ළාබාල වියේ සිදුවෙයි.
• ගුරුගෙන් 2වැන්න, 7 අධිපතියා වී කුජ 11හේ යෙදීම අඩු වයසින් විවාහයට පත්වෙයි.
• කුජ 11 වැන්න වී නම් 2 වැන්නේ ශනිද, 5 වැන්නේ අධිපතියා සමග රාහු යෙදීමෙන්ද විවාහය ඉක්මන් වෙයි.
• ගුරු 7 වැන්නාධිපති වී රවි සමග යෝග වී සුබ ස්ථානයක සිටී නම් වයස අවුරුදු 20ට කලින් විවාහ වේ.
• ගුරු 2 වැන්නේ 7 වැන්නාධිපති 11 වැන්නේද වීමෙන් වයස අවුරුදු 18දී සාර්ථක විවාහයක් වෙයි.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ