ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, දරුවන් පොත්පත් කියවීමට යොමුකරවීම උදෙසා ක්‍රියාවට නංවා ඇති ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ, නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට පොත් 1,000කට වැඩි සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය. පුස්තකාල පොත්පත් හිඟතාවක් ඇති පාසල්වලට එම පොත්පත් සැපයීමේ අරමුණ පෙරදැරිව, ජාතික කියවීමේ මාසය වැඩසටහනට සමගාමීව, 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.
SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, නුවරඑළිය ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම පොත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වූහ. මීට අමතරව නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට අන්තර්ජාල පහසුකම් ලබාදීමටත්, ඊට අදාළ උපාංග නොමිලේ සවිකර දීමටත් SLT-MOBITEL පියවර ගෙන ඇත.
ඉදිරියේදී ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහන තවත් පුළුල් අයුරින් ඉදිරියට කරගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගේ පොත්පත් භාරගැනීමට SLT-MOBITEL අපේක්ෂා කරයි. එසේ පරිත්‍යාග කරනු ලබන පොත්පත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයට මෙන්ම, රටපුරා විසිරී ඇති SLT-MOBITEL ප්‍රදර්ශනාගාර වෙතද භාරදිය හැක.