• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුවාගේ වයස අවුරුදු තුනට කළින් මේ යුතුකම් ඉටුකරන්න

February 1, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
දරුවාගේ වයස අවුරුදු තුනට කළින් මේ යුතුකම් ඉටුකරන්න
Share on WhatsAppShare on Facebook

යුවතිපති දෙදෙනකු බලා සිටින්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේ ම කුලුඳුල් සිඟිති දරුවකුගේ දරු සුරතල් බැලීමේ අවස්ථාව උදාවන තෙක්ය- සිඟිති දරුවකු යනු මවුපියන්ට මෙන්ම මුළු මහත් සමාජයටම මහඟු දායාදයකි- වටිනා සම්පතකි- එසේම දරුවකු යනු මුළු ලොවටම මිණි කැටයකි- දරුවකුගේ මතු ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය පිළිබඳව ඒ ඒ අවස්ථාවල අනුගමනය කරනු ලබන නැකැත් පිළිවෙළ අනුවය. ඒ අනුව බත් කැවීමේ නැකැතින් දරුවාගේ ශරිර සෞඛ්‍යයත්, අකුරු කියවීමේ නැකැතින් දරුවාගේ ඥාන ශක්තියත් ඇතිවෙයි- මෙම කටයුත්තේදී ජ්‍යොතිෂයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව මෙහිදී මූලික වන චාරිත්‍ර හයකි-

  1. නිවැරැදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම-
    මෙම චාරිත්‍රය දරුවාට ජීවිත කාලයේම බලපාන ඉතාම වැදගත් චාරිත්‍රයකි- විශේෂයෙන් සිඟිති දරුවකුට ජන්ම පත්‍රයේ උපන් නැකැත අනුව එම නැකැතට සීහෙන ලෙස නිවැරැදිව ගණ පිහිටුවා අර්ථවත් නමක් තැබිය යුතුය- මෙම නම් තැබීම පිළිබඳව අපට බෞද්ධ ඉතිහාසයෙහි කරුණු අසන්නට ලැබේ- අලුත උපන් දරුවකුට නමක් තැබීමේදී එය ඉතාමත්ම සුපරීක්ෂාකාරීව කළ යුතු කටයුත්තකි- මූලිකවම දරුවා උපන් ජන්ම නැකැත පදනම් කොට ගනිමින් නමක් තැබිය යුතු අතර එසේ අපහසු අවස්ථාවල පමණක් උපන් ලග්නයට හෝ උපන් දිනයට හිමි අක්ෂරයක් ගෙන අර්ථාන්විත නමක් තැබිය යුතුය- විශේෂයෙන් නම් තැබීමේදී ගණ පිළිබඳව සැලකිලිමත් වීම ප්‍රධාන සාධකයක් වනු ඇත-
  2. සුබ නැකැතට නිවැරැදිව ජීවම්කර පංචායුධයක් කර පැලඳීම-
    දරුවාට පංචායුධයක් පැලඳීමද ඉතාම වැදගත් වන චාරිත්‍රයකි- විශේෂයෙන් නිවැරැදිව ජීවම් කරන ලද පංචායුධයක් දරුවා ඉපදී මාස 03 කට පසු දරුවාගේ ගෙලෙහි සුබ නැකැතකට අනුව පැලැඳිය යුතුය- එමඟින් ඔබගේ සිඟිති දරුවාට ගුප්ත බලවේගවලින් මෙන්ම සියලු දෙයින් පිහිට ආරක්ෂාව ලැබෙනු ඇත-
  3. සුබ නැකැතට මංගල හිස කෙස් රොද කැපීම-
    ඔබගේ සිඟිති දුවගේ හෝ පුතුගේ මුල්ම හිස කෙස් රොද ප්‍රථම වරට කැපීම අපි මංගල හිස කෙස් කැපීම ලෙස හඳුන්වමු- මෙහිදී මෙම කටයුත්ත සුබ නැකැතකින්ම කළ යුතුය- එය ජ්‍යොතිෂ නියමයයි- එය මඟහැර කටයුතු කිරීමෙන් විවිධාකාරයේ බාධක එල්ල වනු ඇත- මෙම මංගල කෙස් රොද කැපීම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අවස්ථාවක හිරු අවරට යෑමට පෙර සුබ වේලාවක සිදු කළ යුතුය- දරුවාගේ ජන්ම (උපන්) නැකැතට ගැළපෙන එසේම නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත- එසේම ලග්න වශයෙන් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මීන යන ලග්නයක් තත්කාල ලග්නය ලෙස උදාව ඇති රාහු කාලයෙන් තෝරා සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත- දරුවාගේ ජන්ම නැකැත මේ සඳහා යොදා නොගත යුතුය- සුදු හඳුන්, විලඳ, පිච්ච මල් මිශ්‍ර කරගත් පිරිසුදු දිය ස්වල්පයක් හක් ගෙඩියකට දමා එම හක් ගෙඩිය දරුවාගේ හිස වටා තුන් වරක් කරකවා එහි ඇති වතුර ස්වල්පයක් දරුවාගේ හිස මුදුනට ඉසින්න- ඉන්පසු හිස මුදුනේ සිට හිස කෙස් කැපිය යුතුය- කෙස් රොද කිහිපයක් කපා එය බැස යන ජලාශයකට දැමිය යුතුය- හිස කෙස් කැපීමෙන් පසු දරුවා නාවා ගැනීම යහපත් වනු ඇත- මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 3න් හෝ 5න් ද, ගැහැනු දරුවන්ට මාස 2, 4, 8 යන කාල සීමා ද හිස කෙස් කැපීමට සුදුසු වෙයි-
  4. ගැහැනු දරුවන්ගේ කන් විදීම
    මෙම චාරිත්‍රය ගැහැනු දරුවන්ට පමණක් වන අතර, එසේම එය ඉතාමත්ම වැදගත්ය- මෙය ලේ වහනයකට සම්බන්ධ නිසාවෙන් ඉතා කල්පනාකාරීව හා නිවැරැදි සුබ නැකැතකටම කළ යුතුය- මෙම චාරිත්‍රය චාරිත්‍ර අතර ප්‍රධාන එකකි- එය දුබල වුවහොත් දරුවාගේ අනාගත ගෘහ ජීවිතයට එය බලපාන බව අප ජන සමාජයෙහි ආකල්පයක් හා විශ්වාසයක් ඇත- මේ සඳහා නැකැත් යොදා ගැනීමේදී කනේ විස කලාව නැති දිනයක් තෝරා ගතයුතු අතර විස කලාව පවතින විට කන් විදීම සිදුකළ විට කන්වල තුවාල හා කන් පෙති පැසවීම් ඇති වීමේ අවදානමක් පවතිනු ඇත- මේ සඳහා හිරු අවරට යෑමට පෙර සුබ වේලාවක් මෙන්ම පංචාංගය සුබ පුරපස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත- කන් විදින තැනැත්තා හෝ තැනැත්තිය මනා වූ දයා කරුණාවෙන් යුත් ඒ සඳහා පළපුරුද්දක් ඇති අයකු විය යුතුය-
  5. සුබ නැකතට ඉඳුල් කට ගෑම-
    මෙම චාරිත්‍රය ඈත අතීතයේ සිට ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලවම ඉටු කරනු ලබන දෙයකි- මවු කිරෙන්, පලතුරු යුෂෙන් හෝ වෙනත් කිරි වර්ගයකින් පෝෂණය වූ දරුවා අප රටේ ප්‍රධාන ආහාරය වූ බත් හා ව්‍යාංජනයට හුරු වන ප්‍රථම අවස්ථාව ලෙස අපට සුබ නැකැතට ඉඳුල් කටගෑම හඳුන්වා දිය හැකිය- ඉහත සඳහන් අන් කරුණු සේම මෙහිදීද දරුවාගේ ජන්ම (උපන්) නැකැතට ගැළපෙන එසේම, නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, පුනාවස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, හත, සිත, සා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංගය සුබ පුරපස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් හා කාල හෝරාවක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත- මේ සඳහා හිරු අවරට යෑමට පෙර සුබ වේලාවක් මෙන්ම පංචාංගය සුබ පුරපස දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත- මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 10න් හෝ 12, 14 යන ඉරට්ටේ මාසවලද, ගැහැනු ළමයින්ට මාස 9, 11, 13 යන ඔත්තේ මාසවල එම කාල සීමාද යොදාගත යුතුය-
    ජීවිතයේ අත්‍යවශ්‍යම අංගය ආහාරය වන නිසාවෙන් මෙම කටයුත්ත මවුපියන් විසින් ඉතාමත් නිවැරැදිවම ඉටුකළ යුතුය- නැකැතට පෙර බුද්ධ පූජාව තබා දරුවාට අත ගස්සවා බුදුන් වැඳිය යුතුය- ඒ සඳහා නිවැරැදි වත්පිළිවෙත් අනුගමනය කිරීම බෙහෙවින්ම සුබදායක වනු ඇත- දරුවා නිරෝගීව සිටින අවස්ථාවක් මේ සඳහා යොදාගත යුතුය- පිරිසුදු ඇතිරිල්ලක් නිවෙසේ මැද බිම එළා ඒ මත සියලු ආහාර ස්වල්පය බැගින් වෙන වෙනම තබන්න- කිරිබත්, කැවිලි වර්ග, කෙසෙල් හා වෙනත් පලතුරු වර්ග, රෙදිපිළි, රන් රිදී, ළමා පින්තූර, සෙල්ලම් බඩුද එම ඇතිරිල්ල වටේ තබා නැකැතට විනාඩියකට පෙර දරුවා ඒ මත තබන්න- දරුවා යමක් රැගෙන කටේ තබාගත හොත් එය සුදුසු සේ සැලකේ- නැතහොත් නැකැත් වේලාවට බත් ටිකකට කිරි හොදි ස්වල්පයක් දමා පිඬු කොට පිරිමි දරුවකුට මව විසින්ද ගැහැනු දරුවකුට පියා විසින්ද කැවිය යුතුය-
  6. සුබ නැකැතට අකුරු කියවීම
    සුබ නැකැතට අකුරු කියැවීම- මෙම චාරිත්‍රය දරුවකුගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි- එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත් පුරවැසියකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටු කළ යුතුය- මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජයෙහි ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි- ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ වේලාවල කැවුම්, කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යෑම සිරිතයි- ඒ අනුව ජ්‍යොතිෂ්‍යානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකැතට සෑහෙන ලෙස යොදා ගත් සුබ වේලාවෙහි හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී- ඉන් අනතුරුව ගුරුවරයා විසින් ආදාළ පොත දරුවා අත තබා “ස්වස්ති සිද්ධම්” (යහපතක්ම වේවා) යැයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කිහිපයක් දරුවාට කියවා අකුරු කිහිපයක් දරුවා ලවා ලියවනු ලබයි- මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදු වුවත් අද වන විට එය වෙනස්ව එය ගෙදරම වැඩිහිටියකු විසින් කරන තත්ත්වයට පත් වී ඇත- කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත්, බුද්ධිමත්, ගුණ-ගරුක වැඩිහිටියකු විසින් කළ යුතුය- අකුරු කියවීමට අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංගය සුබ පුරපස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක, සුදුසුම පංචම කාල හෝරාවක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත- එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත- එසේම අට වැන්නේ කිසිම ග්‍රහයකු නැති උභය ලග්නයක් උදා වූ වේලාවක මෙම නැකැත සකස් විය යුතුය- අකුරු කියවීම මුල් කාලීනව වයස අවුරුදු 05ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙරපාසල් සංස්කෘතියත් සමඟින් වයස 03 ට පෙර කියැවිය යුතු යැයි මතයක් ගොඩ නැඟී ඇත-
    ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ
SendShareShare
Previous Post

ආයති ජාතික මධ්‍යස්ථානය ජනාධිපති අතින් විවෘත වේ

Next Post

යූ.ඇන්.පිය ඉවරයිද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.