• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ආයති ජාතික මධ්‍යස්ථානය ජනාධිපති අතින් විවෘත වේ

February 1, 2020
in Business
Reading Time: 1 min read
A A
ආයති ජාතික මධ්‍යස්ථානය  ජනාධිපති  අතින් විවෘත වේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආබාධිත දරුවන් සඳහාම වෙන්වුණු ආයති ජාතික මධ්‍යස්ථානය පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.
ආබාධිතතාව මේ වනවිට රටේ ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. දැනට පවතින දත්ත අනුව දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු පමණ(එනම් 20%ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළෙයි. කෙසේ වුවද කල්තබා හඳුනාගත හොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමෙන් ඔවුන්ව වඩාත් ඵලදායී ලෙස සමාජ ගත කළ හැකි වෙයි. මේ ගැටලුවට විසඳුමක් සැපැයීම සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයක් ඇති කර ගත යුතුව පැවැතිණි. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉඩමක් සහ වෛද්‍ය සේවාවන් ලබාදීමට ඉදිරිපත් වූ අතර, මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාර දෙකක් වන Hemas Holdings සහ MAS Holdings සමාගම් ප්‍රධාන අරමුදල් දායකයන් ලෙස ඉදිරිපත් විය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මාස 13ක් තරම් කෙටි කාලයක් තුළ ආයති මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නොමිලයේ ඉටුකර දෙන ලදී. ශ්‍රව්‍ය උපකරණ සඳහා රොටරි සමාජයේ දායකත්වය ලැබුණු අතර “රොෂාන් විජේරාම පවුල් පදනම” තවත් එක් ප්‍රධාන අරමුදල් දායකයකු ලෙස ඉදිරිපත් විය. මෙලෙස විවෘත වූ ආයති මධ්‍යස්ථානයේ සේවාවන් සියලු ශ්‍රී ලාංකේය ආබාධිත දරුවන් හට නොමිලයේ ලබා දෙනු ඇත.

ආයති මධ්‍යස්ථානය තුළ සෑම සතියේ දිනෙකම විවිධ අංශයන් සඳහා සායනික සේවාවන් පැවැත්වීමට සැලසුම් කර ඇත. සියලුම කායික සහ මානසික ආබාධ සඳහා මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුඵව කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුඵ පුඵල් සේවාවන් රාශියක් මෙමගින් ආවරණය වනු ඇත. ඉහළම ප්‍රමිතීන්ට අනුව ස්ථාපිත කර ඇති ආයති මධ්‍යස්ථානය නවීනතම ශ්‍රවණ ප්‍රතිකාර ඒකකයකින් මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවේදක කාමරය, විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන පුහුණු මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ හා සංවර්ධන අංශයක් ඇතුඵව පහසුකම් රාශියකින් සමන්විත වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම් ලත් වෘත්තීය විශේෂඥයන් විසින් මෙහි සායන පවත්වනු ඇත. ආයති මධ්‍යස්ථානය ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් සේවාවන් ලබාදීම සහතික කරනු වස් සේවාවන් ලබාගැනීමේදී කල් තබා වේලාවන් වෙන් කරවා ගැනීම අනිවාර්ය වෙයි. සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ 0115960050 අංකය ඇමැතීමෙන් වෙලාවන් වෙන් කරවා ගැනීම සිදුකළ හැකිය.

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ඉදිකරන ලද ආයති මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැයවුණු මුදල රු. මිලියන 550කි. මෙහි සේවාවන් නොමිලයේ සපයනු ලබන බැවින් මෙහි මෙහෙයුම් තිරසාරාත්මකව හා අඛණ්ඩ ලෙස සිදුකර ගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම ආයති භාරකාරත්වය මගින් සිදුකරමින් පවතියි.

මේ වනවිට ආයති මධ්‍යස්ථානය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විවෘත වී තිබේ. ආබාධ සම්බන්ධයෙන් මෙතෙක් මෙරට ජනතාවට පහසුවෙන් ලබාගත නොහැකිව තිබූ සේවාවන් රාශියක් මෙම මධ්‍යස්ථානය මගින් ලබාදෙනු ඇත. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී රට පුරා වෙසෙන, මෙබඳු සේවාවන් අවශ්‍ය එහෙත් ඒවා සඳහා වැය වන වියදම් දරාගැනීමට නොහැකි ජනතාවට සේවාවන් සැලසීමට හැකිවන අයුරින් මෙම මෙහෙවර තවදුරටත් පු`ඵල් කිරීමට ආයති භාරය බලාපොරොත්තු වෙයි.

ආයති භාරය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර එය භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වෙයි. වැඩි විස්තර සඳහා (www.ayati.lk) වෙත පිවිසෙන්න.
ආයති භාරයේ ගිණුම් අංකය 84904435 (ලංකා බැංකුව – (Personal Branch)
ඩයලොග් දුරකතන මගින් දායකවීම සඳහා (රු.2500/- දක්වා) Donate (හිස්තැනක්) Ayati (හිස්තැනක්) මුදල සඳහන් කර 366ට SMS පණිවිඩයක් යොමුකරන්න.

SendShareShare
Previous Post

නිදහසේ වසර 72 ගැන නිදහසේ හිතමු

Next Post

දරුවාගේ වයස අවුරුදු තුනට කළින් මේ යුතුකම් ඉටුකරන්න

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.