• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තවමත් විවාහයක් හරිගියේ නැද්ද

May 22, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
තවමත් විවාහයක් හරිගියේ නැද්ද
Share on WhatsAppShare on Facebook

එදා මෙදාතුර කාලයේ බහුතරයක් දෙනා තරුණ වියට එළැඹෙත්ම නිතැතින්ම ඔවුන්ගේ සිහින අතර ප්‍රධාන කාරණයක් බවට පත්වන්නේ විවාහයකි. එක් පැත්තකින් විවාහයක් යනු සමාජයේ පැවැත්ම තීරණය කරන කාරණාවක් බවටද පත්ව තිබේ. තවත් පැත්තකින් තරුණ වියත් සමගින් ඇතිවන කායික සහ මානසික අවශ්‍යතාවල එක් පැතිකඩක් ලෙසද විවාහය හඳුන්වා දිය හැකිය. එසේම විවාහය සිදුවන ක්‍රමවේදද බොහෝමයක් වෙයි.

මේ සඳහා අතීතයේ නම් වැඩිහිටි පාර්ශ්ව අතර සිදුවන අදහස් හුවමාරුවකින් පසු කෙරෙන යෝජනාවකින් දෙදෙනකු අතර විවාහයට මුල් පියවර තැබෙයි. එහෙත් එම තත්ත්වය දින දින වෙනස් වෙමින් කාලයත් සමග එයට විවිධ ක්‍රමවේද සැකසී ඇත. ඒ අතරින් ප්‍රේම සබඳතා විවාහ සහ මංගල යෝජනා හරහා කෙරෙන විවාහාත්, නවීන තාක්ෂණික මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන යෝජනා හරහා කෙරෙන විවාහයන් ඉතා ප්‍රසිද්ධ කාරණා බවට පත්ව ඇත.

මේ කුමන ආකාරයකට විවාහයට මඟ පෑදුණද ඇතැම් පිරිස්වලට ඉතා පහසුවෙන් සාර්ථක විවාහයකට මඟ පෑදුණද, තවත් පිරිසකගේ විවාහයට ඇති අවස්ථා නොසිතූ ආකාරයට මඟහැරෙන අයුරුත්, ඇතැම් අයගේ විවාහයන් විවිධ කාරණා නිසා දිගින් දිගටම ප්‍රමාද වන අයුරුත් දක්නට ලැබෙනවා.

කෙලෙසක විවාහය ප්‍රමාද වුවද ඒ සියල්ල සිදුවන්නේ ග්‍රහ අපල නිසා හෝ තමන් ගෙන ආ පින් පව් අනුව බව වටහා ගන්නෝද අනන්තවත් වෙති. ඇතැම් විට පෙර භවයන්හි සිය සැමියන්ට ගරු නොකළ, නොසලකා හැරි, අපවාද කළ කාන්තාවන්ටත්, එලෙස සිය බිරින්දෑවරුන්ට නින්දා අපහාස කළ සැමියන්ටත් මේ භවයේ විවාහයක් සඳහා අවස්ථාව නොලැබෙන බවටත් විශ්වාසයක් ඇත.

මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් අය ඒ ඒ අයගේ විවාහ ප්‍රමාදයට බලපාන හේතු කාරණා සොයාගෙන, ඊට පිළියම් යොදන අතරේ කළ හැකි පුද පූජාද වෙයි. ඒ අනුව තමන්ට හැකි අයුරින් පහසු ස්ථානයක පිහිටි බෝධියක් අසලට ගොස් මල් පහන් පුදා තමාගෙන් සිදුවී ඇති පෙර වැරැදි ඇත්නම් ඒවාට සමාව අයැද වවාහය ඉක්මන් වීමට වාසනාව ලැබේවායි පැතීමද යහපත් ප්‍රතිඵල දෙන ක්‍රියාවකි. මෙය දින හතක් එක දිගට කළ හැකි නම් වඩාත් යහපත් වෙයි.

එසේම තරුණයකු තරුණියක අතර ඇතිවන සියලු ආදර සබඳතා විවාහයකින් කෙළවර නොවන අතර, අතීතයේ මෙන් යහපත් තරුණ තරුණියන්ම එකට හමුවන බවක්ද පෙනෙන්නට නැත. එනිසාම මේ කාලයේ විවාහයක් සඳහා සුදුසු සහකරුවකු සහකාරියක සෙවීම තරමක් අපහසු විය හැකිය.

මේ තත්ත්වය කොතරම් වර්ධනයවී ඇද්ද යන්න පවසන්නේ නම්, තවම හොඳ හෝ නරක සහකරුවකු සහකාරියක හමුවීමද පෙර පින පව අනුව යැයි සිතා සිත හදාගන්නා අයද වෙති. එය කොතරම් දුරට සත්‍ය වුවද තමාට වඩාත් ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක ලබාගන්නට හැකි වත්පිළිවෙත් පිරීම යහපත් වෙයි.

ඒ අනුව ඉන්දියාව වැනි රටවල ඉතා ප්‍රසිද්ධ සහ ප්‍රතිඵලදායක පූජාවක් මෙලෙස ඉදිරිපත් කරමි. මේ පූජාව කළ හැක්කේ අනංගයා වෙනුවෙනි. ඒ සඳහා ගැළපෙන අයුරින් මණ්ඩපයක් තනා, එහි අනංගයාගේ රූපයක් තබා, එළඟිතෙල් පහනක් දල්වා රතු මලින් මණ්ඩපය සරසන්න. ඉන් පසු දිනකට 108 වර බැගින් දින 40ක් ස්තෝත්‍ර ගායනා කර, තමාට ගැළපෙන කෙනකු සිතින් සිතා ප්‍රාර්ථනා කරගත යුතුය. එමගින් වඩාත් හොඳින් ගැළපෙන සහකරුවකු, සහකාරියක ලැබෙන බව බොහෝ දෙනා අත්දැකීමෙන් විශ්වාස කරති.

එසේ ස්තෝත්‍ර පවත්වන අතරේ පැන් කළයක් තබා, එය රත් මල් ගසකට ඉස ප්‍රාර්ථනා කිරීමද යහපත් ක්‍රියාවකි.

ස්තෝත්‍රය
ඕම් නමෝ භවතේ
කාමදේවායේ යස්‍ය යස්‍ය
ද්‍රිෂ්යෝ භවාමි
පශ්‍යාති තම් තම් මොහ්‍යතුස්වාහා

ඕම් කාම දේවාය විද්මහේ
පුෂ්ප භානාය ධීමහී
තන්තෝ අනංගඃ
ප්‍රචෝදයාත්


ජ්‍යොතිෂවේදී එච්. පුංචි බණ්ඩාර
කුරුණෑගල

SendShareShare
Previous Post

රාවණත් ගරු කරපු කවුද මේ මහා ඍෂි අගස්ති

Next Post

උසස් පෙළ විශිෂ්ටයන්ට මහජන බැංකුවෙන් තිළිණ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.