• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රාවණත් ගරු කරපු කවුද මේ මහා ඍෂි අගස්ති

May 22, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
රාවණත් ගරු කරපු කවුද මේ මහා ඍෂි අගස්ති
Share on WhatsAppShare on Facebook

‘දක්‍ෂිණ භාරතයේ විසූ ඍෂිවරුන්ට යක්‍ෂ හෙවත් අසුරයන්ගෙන් මහත් හිරිහැර පැමිණෙන්නට පටන් ගත්තේය. එම තාඩන පීඩන උග්‍රවූ කල ඉන් ගැලවීම සඳහා ඔවුහු මහා විෂ්ණුගෙන් පිළිසරණ පැතූහ. ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහා විෂ්ණු එතැන් සිට අසුර ඝාතනය ආරම්භ කෙළේය.

හමුවන හමුවන අසුරයන් දුටු දුටු තැනදීම ඝාතනය කෙරෙන විට මර බියෙන් තැතිගත් බලවත් අසුරයෝ මහා සාගරය පත්ළේ සැඟවී ගත්හ. ඔවුන් සොයාගැනීමට නොහැකි වූ කල මහ සයුර හිස්කර දෙන ලෙසට විෂ්ණු බලවත් ඍෂිවරයකුගෙන් ඉල්ලුවේය. ඉසිවරයා තම යෝගි ශක්තියෙන් සමස්ත සාගරයම එක හුස්මට පානය කර, විෂ්ණුගේ ඉල්ලීම ඉටු කෙළේය.

හිස්වූ සාගරයේ සැඟවී සිටි අසුරයෝ විෂ්ණු විසින් මරාදමනු ලැබූහ.

මහ සයුර පානය කිරීමේ ඒ හපන්කම කිරීමට ශක්තිය තිබූ මුනි(ඍෂි)වරයා මහා බලසම්පන්න අගස්ති බවට මහා භාරතයේද අපේ සංදේශ සාහිත්‍යයයේද හඳුන්වා ඇත.

ඇතැම් තැනෙක ඔහුගේ නම ‘අගස්ත්‍යර්’ වශයෙන්ද, ‘අගස්ත්‍යර් සිද්ධාචාර්ය’ ලෙසින්ද සඳහන් වේ. එවකට සිටි ප්‍රසිද්ධ ඍෂිවරුන් සත්දෙනා අතරින් ප්‍රධානියා අගස්තිය. සිද්ධයන් ලෙසද හැඳින්වෙන සිද්ධ විදා්‍යාධරයෝ අභිඤ්ඤාලාභියෝය. ඔවුහු අහසින් යෑමේ හැකියාවද ඇත්තෝය.

කව්සිළුමිණේ “දඟ කළ පුර කතුන්-රණහසුනහස් නැග්මට” යන පැදියෙන් ගුවනින් යන සිද්ධ විදා්‍යාධරයන් ගැන විස්තර කෙරේ.

අගස්ති යන වචනය ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ මැණික් වර්ගයකටද, අහසේ බබළන තාරකාවකටද, කතුරුමුරුංගාවලටද, වේලා නමැති ඖෂධ පැළෑටියකටද යෙදෙන බව විස්තර කර ඇත.

බ්‍රාහ්මණ ධර්මය ඉගැන්වීම් ප්‍රධාන වශයෙන් තුන් ආකාර වේ. ත්‍රිවේදය ලෙසින් හැඳින්වෙන්නේ ඒ වේද ග්‍රන්ථයි. ඒවා වේද සාහිත්‍ය ලෙසින්ද හැඳින්වේ. මේ ගන්ථ දැනට වසර පන්දහසටත්, හත්දහසටත් පෙරදී ලියා ඇති බවට හඳුනාගෙන ඇත.

ඍග්වේදය, යජුර්වේදය සහ සාමවේදය ඒ ත්‍රිවේදයයි. පසු කලෙක අථර්වන් නමින් වේදයක්ද එක්වීමෙන් සමස්තයක් ලෙස චතුර්වේදය හෙවත් සිව් වේදය ලෙසද පළය.

අගස්ති ඍසිවරයා ගායනා කරන ලදැයි කියන ශ්ලෝක රාශියක් ඍග්වේදයේ සඳහන්ව තිබේ.

වේද ග්‍රන්ථවල සඳහන් අන්දමට ආදරයට සහ සමතුලිතතාවට අධිපති දෙවියා මිත්‍රය. සමුද්‍රයට අධිපති වරුණය.

උර්වශී නමැති දෙවඟන දේව සමූහයා උන්මාදයට පත්කරවන රුචිරානණියකි. ඇය අත්කරගැනීම සම්බන්ධයෙන් මිත්‍රත් වරුණත් අතර ආරවුලක් ඇති වුවත්, ඒ දෙදෙනාටම ඇය සින්නකර ගැනීමට හැකිවී නැත. ඒ වෙනුවට ඇය වෙනුවෙන් ඔවුනට බීජ රෝපණය කිරීමට පමණක් හැකිවිය.

වරුණ දෙවියා සිය බීජ සමුදුර පත්ලේ තැන්පත් කෙළේය. මිත්‍ර දෙවියා බීජ කළයක (මුට්ටියක) තැන්පත් කෙළේය.

කල්ගත වූ තැන වරුණ දෙවියාගේ බීජවලින් වශිෂ්ට ඍෂිවරයා උපන්නේය. මිත්‍ර දෙවියාගේ බීජවලින් අගස්ති (අගස්ත්‍යර්) උපන්නේය.

“කළසජ” යනු අගස්ති මුණිවරයාට පබැඳුණු නමකි. අර්ථය “කළයකින් (මුට්ටිය) උපන්”යන්නය. අගස්ති මුනිවරයාගේ පියා දෙවියකු (මිත්‍ර) බැවින් දිව්‍යමය උත්පත්තියක් ඇති අගස්ති මෛත්‍රී (පියාගේ නමින්) සහ උර්වශී (අගස්තිගේ මව වශයෙන් සැලකෙන බැවින්) යන මවගේ නමින්ද ඇමතේ.

කළයට දෙමළ බසින් “කුම්භම්” යැයිද, සකු (සංසස්කෘත) බසින් “ඝට” යැයිද සඳහන් වේ. ඒ නිසා කළසජ, කළසිසුත, කුම්භ යෝනි, කුම්භ සම්භව, කුම්භ මුණි සහ ඝටෝද්භව යන නම්ද අගස්ති මුනිවරයාට යෙදේ.

කළයක උපන් බැවින් අගස්ති මුනිවරයා නූස්ය (උසනැත) ඒ නිසා හෙතෙම “කුරු මුනි”නමින්ද හැඳින්වේ.

අගස්ති ඉසිවරයාණන්ගේ බිරිය ලෝපමුදාය. මේ දෙදෙනාට පුත්‍රයෙක්ද සිටියේය. ඔහුගේ නම “සංගරේන්”ය.

අගස්ති රිෂි(ඍෂි)තුමා ගෘහ ජීවිතය සමගම තවුස් ජීවිතයද ගතකර ඇත.

පැන් (ජලය) පිරුණු කළය ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී කුම්භ ලග්නයේ සංකේතයයි. සංස්කෘතයෙන් කළයට යෙදෙන “ඝටය” දෙව්ලොව සිතූපැතූ සම්පත් දෙන භද්‍රඝටයටද නමකි.

ශිව සහ පාර්වතී දෙදෙනාගේ විවාහ මංගල්‍යයට දෙවිවරුන් විශාල සංඛ්‍යාවක් කෛලාශ කූටයට පැමිණි බැවින් ප්‍රදේශයේ සමතුලිතතාව බිඳී උත්තර ප්‍රදේශය පහත්වී ගිලාබැසීමට පටන්ගෙන ඇත. සිදුවන තත්ත්වය අවබෝධ කරගත් ශිව, ඊට විසඳුමක් වශයෙන් දක්‍ෂිණ ප්‍රදේශයට යන ලෙසට අගස්ති මුනිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අගස්ති මුනිවරයා එසේ යන ගමනේදී “නාසික්” නගරයට සහ “දණ්ඩක” වනයට උතුරින් පිහිටි “අගස්ත්‍යාර්” ආරාමයේ නැවතී තිබේ. විදර්භ දේශයේ විදර්භ රජුගේ දියණිය වූ ලෝපමුදා (ලෝපමුද්රයි) සමග මුනිවරයා විවාහ වී ඇත්තේ එහිදීය.

අනතුරුව යළි ගමන යන විට නාසික් ආශ්‍රමයට සැතපුම් තුන්සියයක පමණ දකුණෙන් පිහිටි බොම්බායේ කාලදිග දිස්ත්‍රික්කයේ පිහිටි “මාලකූට” නමැති නිවෙසේ වාසය කළ එතුමා ඉන්දූනීසීයාවට අයත් “බර්ගින” සහ “කුශවරාහ” යන දූපත්වලට ගොස් ඇති බවද සඳහනි.

හෙතෙම ඉන් පසුව තමිල්නාඩු ප්‍රදේශයේද වාසය කර ඇත්තේය. ඒ සමයේ එතුමා “ද්‍රවිඩ සංගම්” නමැති ව්‍යාපාරයක්ද අරම්භ කර ඇත.

අගස්ති මුනිතුමා ද්‍රවිඩ ව්‍යාකරණය, වෛදා්‍ය විදා්‍යාව, ගූඪ රසායනය, උද්භිද විදා්‍යාව, සදාචාරාත්මක සහ ස්වාභාවික දර්ශනය, තරුණ අධ්‍යාපනය, ආගමික පිළිවෙත්, යඥය (යාඥා) ඉන්ද්‍රජාල යන විෂයයන් යටතේ එහිදී ග්‍රන්ථ විසිපහක් රචනා කර ඇත්තේය.

අගස්ති මුනි මලයාසියාවේ මලය කන්දේ ජීවත්වීමෙන් පසුව තායිලන්තය සහ කාම්බෝජයේද ජීවත්ව ඇත. කාම්බෝජයේ ජීවත්වන සමයේදී එතුමා “යසෝමතී” නම් සාමාන්‍ය කාන්තාවක් සරණ කරගෙන සිටි බැවින් රාජකීය පවුල සමග සියලු සබඳතා අත්හැර දැමීමට සිදුවූ බවද කියති.

ඍෂිවරු කල්ප ගණන් ජීවත්වන්නෝය. මේ වනවිට අගස්ත්‍යාර් මුනි (ඉසි) තමිල්නාඩුවේ “තිත්තවේල්” දිස්ත්‍රිකයේ පොතිගල් කඳුවැටියේ කෝට්ට්‍රලියන් දියඇලි අසල ආරාම සංකීර්ණයේ ජීවත්වන බවටද මතයකි. ඒ අසල විශාල දියඇල්ලද එතුමාගේ නමින්ම (අගස්තිමලේ) දියඇල්ල ලෙස හැඳින් වේ.

අගස්ති ඉසිවරයා මහසයුර එක හුස්මට පානය කළ බව කියන මහා භාරතයේ ඔහු ගැන කියැවෙන කතා රාශියකි.

“සප්ත කූට” හෙවත් “සත්කුළු” පවු අතරින් උසම කූටය වූ මහාමේරුව කෙරෙහි වින්ධ්‍යා කඳුවැටිය වෛර බැන්ඳාය. අනතුරව මහාමේරුවට වඩා උස්වන්නට පටන් ගත්තාය. එසේ උස්වූයේ අගස්ති ඉසිවරයා දක්‍ෂිණ දිසාවට යන ගමන් මාර්ගය ඇහිරෙන අන්දමටය.

තමාගේ ගමන යන්නට අවශ්‍ය බව අගස්ති මුනිවරයා වින්ධ්‍යාවට කීවේලු.

“ඔබ වෙන පාරක් හොයා ගන්න” යැයි අහංකාරකමෙන් කී වින්ධ්‍යා, කඳුවැටිය තවත් උස්වන්න වූවාය. මුනිවරයා කඳුවැටිය මුදුනේ අත තබා උස්වීම නැවැත්වූ බව දැක්වේ.

මහාභාරතයේ ඇති තවත් කතාවක් මෙසේය.

මහා ඉන්ද්‍රජාලික බලයක් ඇතිව සිටි “ක්‍රන්ජා” නමැති අසුරයා දිනක් කඳුවැටියක වෙසක් (වේශයක්) ගෙන අගස්ති මුනිවරයා යමින් සිටි මාර්ගය අවුරා සිටියේය.

ක්‍රන්ජා අසුරයාට ඒ වේශයෙන් ගැලවෙන්නට නොහැකි අන්දමින් ඒ අන්දමින්ම සිටින්නට මුනිවරයා ශාප කළේය. ශාපය වැදුණු අසුරයා අදත් වින්ධ්‍යා කඳුවැටිය සේ වෙසෙයි.

රාවණා ඉන්දියාවේ පොතිගල් කන්ද ආක්‍රමණය කරන්නට ගිය අවස්ථාවේ එසේ නොකරන ලෙසට අගස්ති මුනිවරයා ඉල්ලීමක් කර තිබේ.

ඒ ඉල්ලීම පිළිගත් රාවණා ආපසු ලංකා පුරයට පැමිණි බව ක්‍රිස්තුවර්ෂ 1400දී පමණ ජීවත් වූ “නච්චින්රක්කිතියර්” නම් ලේඛකයා සිය කෘතියක සඳහන් කර තිබේ.

අගස්ති මුනිවරයාගේ ශිෂ්‍යයන් fදාළොස් දෙනෙකි.

කොකාප්පියන, අදන්කෝටසිරියානර්, තුරලිංගනර්, කක්කිපඩිතියනර්, නට්ටට්ටනර්
සෙම්පුට්චෙයනර්, වෛයබිගනර්, චිප්වයනර්, බනම්බර්නර්, ක්‍ෂමබානර්, අවිනයනර්සය වමානර්න් සහ තිරුවල්ලුවර්ය.

දෙමළ සාහිත්‍යයයේ මිණි කිරුළ ලෙසින් සැලකෙන “තිරුකුරල්” ග්‍රන්ථය තිරුවල්ලුවර් තුමාගේ කෘතියකි.

“අහර මුදල එලුවත්එල්ලාම්-ආදි භගවන් මුදට්ටුටෛ උලහු
(සියලුමැ අකරණට-‘අ’යන්න මැ මුල් වන සේ
ආදි භගවත්හු මැ යැ – ලොව සැමට පළමු වනුවෝ)

දිවංගත ශ්‍රීමත් චාර්ල්ස් ද සිල්වා සූරීන් තිරුකුරල් ග්‍රන්ථය “සිරි ගීය” නමින් සිංහලට පෙරළා ඇත. ඉහත පැදිය එම කෘතියෙනි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අදත් 3500 පනී!

Next Post

තවමත් විවාහයක් හරිගියේ නැද්ද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.