යම් කෙනකුගේ අත්ල පරීක්‍ෂාකර පලාපලයක් කීමේදී අත්ලේ පිහිටන ත්‍රිකෝණ ලකුණුවලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. එහිදි එක් අයකුගේ එවැනි ලකුණු එකක් හෝ කිහිපයක් පිහිටා තිබිය හැකිය. එවිට ඒ ඒ අයට එම ත්‍රිකෝණ ලකුණුවලට සම්බන්ධ පලාපල විවිධ අයුරින් බලපානු ඇත.
රවි මණ්ඩලය
ඉක්මනින් දියුණු විය හැකි අයෙකි. කලාත්මක දෙයට කැමැති අතර, ලියන්නට, කියන්නට දක්‍ෂයෙකි. ජනමාධ්‍යයට සම්බන්ධ රැකියා වඩාත් සුදුසු වෙයි.
චන්ද්‍ර මණ්ඩලය
සියුම් කල්පනා ශක්තියක් ඇත. දුරදිග සිතාබලා කටයුතු කිරීමේ හැකියාව ඇත. ජලයට සම්බන්ධ රැකියාවක් තෝරාගතහොත් දියුණුව ලැබේ.
ඉහළ කුජ මණ්ඩලය
දියුණුවක් ලැබීමට නිතර උත්සාහ ගනී. නිර්භීත සිතක් ඇත. තම මතය වෙනස් නොකරයි. යුද්ධ හමුදාවට සුදුසුයි.
පහළ කුජ මණ්ඩලය
නායකයකු වෙයි. කොතැන ගියත් එතැන පිළිගැනීමක් ඇත. රජයේ පරිපාලන සේවයට සුදුසුය.
කුජ තලාව
කලබල ගණන් නොගනී. ඉක්මන් කෝපයට පත් නොවේ. ඕනෑම තැනක සන්සුන්ව කටයුතු කරයි. වෛi සේවයට සුදුසුය.
බුධ මණ්ඩලය
බුද්ධිමත් අයෙකි. ඉගෙනීමට දක්‍ෂය. තරග විභාග සමත් වෙයි. උපාය කෞෂල්‍යය ඇත. කතාවට දක්‍ෂය. වෙළෙඳාමට සුදුසු වෙයි.
ගුරු මණ්ඩලය
වැදගත් අයෙකි. නීතිය දනියි. අනුන්ට හිරිහැරයක් නොවන ආකාරයේ ජීවත් වෙයි. උසස් තනතුරු දැරීමට සුදුසුය.
සිකුරු මණ්ඩලය
සැප සම්පත් ලැබීමට වාසනාව ඇත. යාන-වාහන, නිවාස හිමිවෙයි. සිත ශක්තිමත් අයෙකි. ගණිත අංශයට දක්‍ෂය.
ශනි මණ්ඩලය
ලෞකික දේවලට වඩා ලෝකෝත්තර දෙයට ඇල්මක් ඇත. ධර්මය හදාරයි. ගුප්ත දේ ගැන උනන්දු වෙයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











