• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගේ හදපු මාසය ඔබට බලපාන්නෙ මෙහෙමයි

November 7, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ගේ හදපු මාසය ඔබට බලපාන්නෙ මෙහෙමයි
Share on WhatsAppShare on Facebook

නොවැම්බර් ගෙවල් හදන්න හොඳම මාසයක්

දෙසැම්බර් ගෙවල් හැදුවොත් දියුණුව සහ නිරෝගීකම

සෑම ජන්ම භූමියකුම උපතේ සිට මරණය දක්වා කාලය නිවෙසක් තුළ ජීවත් වීම සිදුකරයි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එහෙයින් තමාටම කියා නිවෙසක් ඉදිකර ගැනීම සෑම කෙනකුගේම සිහිනයක් බවට පත්වී ඇත. මේ තත්ත්වය අද වන විට තරගකාරී කාරණයක් බවට පත්ව ඇති අතර බොහෝ පිරිසක් කාලයෙන් කාලය සිය නිවාස අලුත් කිරීමට හෝ වෙනස් කිරීමට පෙළඹෙයි. එහෙත් බොහොමයක් දෙනා නොදන්නා කාරණාවක්ද නිවාස සම්බන්ධයෙන් වෙයි. එනම් වසරේ මාස දොළහම නිවාස කටයුතු ඇරැඹුමට සුදුසු නොවන බවයි. වසරේ නිවාස කටයුතු සඳහා සුබ මාසවලදී එම කටයුතු කිරීමෙන් සුබ ප්‍රතිඵල ලැබෙන බව තේරුම් ගන්නා අතරම අසුබ මාසවල නිවාස කටයුතු ඇරැඹුමෙන් ලැබෙන ප්‍රතිඵල අසුබ බවද තේරුම්ගත යුතුය. ඒ අනුව පහත දැක්වෙන්නේ වසරේ ඒ ඒ මාසවල නිවාස ඉදිකළ විට ලැබෙන ප්‍රතිඵලය.

ජනවාරි
ජනවාරි මාසය තුළ නිවාස ඉදිකිරීම සුබදායකය. එලෙස ජනවාරි මාසය තුළ ඉදිකළ නිවාසවල අරඹන ව්‍යාපාර කටයුතු ඉතා පහසුවෙන් දියුණු කළ හැකිය. එම නිවාසවල පදිංචිව සිටින පුද්ගලයන්ගේද ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වේ. එසේම එම නිවාස තුළ වාසය කරමින් රැකියා කටයුතුවල නියුතු වන්නන්ටද සුබ ප්‍රතිඵල ලැබේ. නිවැසියන්ගේ දරුවන්ට දියුණුව ලබා ගැනීමට පහසු වෙයි. ධනය නොඅඩුව ලැබෙන නිවෙසකි.
පෙබරවාරි
පෙබරවාරි මාසය නිවාස ඉදිකිරීමට සුබ නොවේ. යම් ලෙසකට පෙබරවාරි මාසයේ නිවෙසක් ඉදිකළහොත් එම නිවෙසේ ජීවත්වන අයට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. ලෙඩ රෝග සතුරු පීඩා වැනි අයහපත් අත්දැකීම් බහුල වන අතර ධනය අතින් පිරිහීමට පත්වේ. රැකියා කටයුතු අසාර්ථක වෙයි. ව්‍යාපාර හෝ වෙනත් සුබ කටයුතු එම නිවාසවලට නොගැළපේ.
මාර්තු
නිවාස කටයුතු සඳහා ඉතා සුබ මාසයකි. නිවාස තුළ සතුට සමගිය වර්ධනය වේ. සිරිකත ගැවසෙන නිවෙසක් බවට පත්වනු ඇත. නිවැසියන්ට සියලු සැප සම්පත් ලැබෙනු ඇත. ලෙඩ දුක් අඩු නිරෝගී දිවියකට අවශ්‍ය ශක්තිය නිවැසියන්ට ලැබෙන නිවෙසකි. සතුට සමගිය පිරුණු මෙම නිවෙසේ දිවි ගෙවන්නන් ඉතා ඉක්මනින් දියුණුවට පත්වේ.
අප්‍රේල්
නිවාස සෑදීමේදී නොගතයුතු මාසයක් ලෙස අප්‍රේල් මාසය සඳහන් කළ හැක. අප්‍රේල් මාසයේ ආරම්භ කළ නිවාසවල වාසය කරන ගෘහමූලිකයාට සුබ නොවේ. ලෙඩ දුක් සෑදීමට ඉඩකඩ ඇත. බාහිර සමාජයෙන් කරදර ගෙනදේ. කාලයත් සමඟ විවිධ කරදර ළඟාවේ.
මැයි
වෙසක් මාසයේ නිවාස ඉදිකිරීම් ආරම්භ කළේ නම් එය ඉතාමත් සුබදායකය. එම නිවැසියන්ට දියුණුවට හේතුවන කරුණු කාරණා නිතැතින්ම යෙදෙයි. ඔවුන්ට උසස් ප්‍රතිඵල හිමිවන විවිධ සිදුවීම්වලට මඟපෑදේ. සතුටෙන් සමගියෙන් ජීවත් විය හැක. ධනයෙන් අඩුවක් නොවේ. අගහිඟ ඇති නොවේ.
ජුනි
මෙම මාසය නිවාස ඉදිකිරීමට කිසිසේත්ම සුදුසු නැත. නොසිතූ නොපැතූ සිදුවීම්වලට හේතු යෙදෙනු ඇත. ඇතැම් විට ගෙහිමියාට විපත්, කරදර හෝ මරණයද ළඟාවේ. කිසි විටකත් නොසිතූ නොපැතූ අනතුරු සිදුවෙයි. ගින්නෙන් හෝ එවන් බලශක්තිවලින් අනතුරු ඇතිවය හැක.
ජූලි
ජූලි මාසයද නිවාස කටයුතු ඇරැඹීමට සුබ නැත. නිකරුණේ ශ්‍රමයත්, ධනයත් වියදම් වේ. විනාශ වේ. ලෙඩදුක්, කරදර නිතර නිතර පැමිණේ. තමන් සතු දේ සොර සතුරන්ට අත්වීමෙන් නිවැසියන් පීඩාවට පත්විය හැක.
අගෝස්තු
අගෝස්තු නිවාස කටයුතු ඇරැඹීමට ඉතාමත් සුබ මාසයකි. වාසනාව ඉතා වේගයෙන් නිවැසියන් වෙත ළඟාකර දෙයි. හිත මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන් උදව් ලබාගැනීමට නිවැසියන්ට වාසනාව පාදයි. නිවෙසෙ සතුට සමගිය උතුරයි. ධනයෙන් පිරුණු නිවෙසක් බවට පත්වෙයි.
සැප්තැම්බර්
මෙම මාසයද නිවාස ඉදිකිරීමට අසුබ මාසයකි. මෙම මාසයේ ඉදිකළ නිවාසවල ජීවත් වන්නන්ට ලෙඩදුක් බහුල වෙයි. නෑදෑ හිත මිතුරන් අහිමි කරවයි. කොතරම් අලුත්වැඩියා කළද පාළු ස්වභාවයට පත්වෙයි.
ඔක්තෝබර්
ඔක්තෝබර්ද නිවාස සෑදීමට සුදුසු නැත. නිතර නිතර අඬදබර සහ ගැටුම් ඇතිවන නිවෙසකි. ශ්‍රියා කාන්තාව නොරැඳෙන නිවෙසකි. මෙවැනි නිවාසවලද පාළු ගුප්ත බවක් පෙන්වයි.
නොවැම්බර්
නිවාස තැනීමට තවත් සුදුසුම මාසයක් ලෙස නොවැම්බර් මාසය සැලකේ. මෙම නිවාසවල වෙසෙන්නන්ට ධනය සතුට උතුරයි. සතුට සැපත රැගෙන සිරිදෙව්දුව පැමිණෙන නිවෙසකි.
දෙසැම්බර්
දෙසැම්බර් නිවාස කටයුතු ඇරැඹීමද ඉතාමත් සුබවේ. ගෙදර දියුණුවට හේතු යෙදේ. නිවැසියන් නිරෝගී වේ. ධනය ලැබේ. රැකියා, තානාන්තර මෙන්ම ව්‍යාපාර ලාබ ලැබේ. කිසිවකුට දෙවැනි නොවී සිටින්නට නිවැසියන්ට අවස්ථාව ලැබේ.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කලාව මගේ ඇඟේ තියෙන එක නහරයක්

Next Post

වේදිකාවෙන් හොඳම නිළිය වුණු කොළඹ කෙල්ල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.