• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කලාව මගේ ඇඟේ තියෙන එක නහරයක්

November 7, 2020
in Heart
Reading Time: 4 mins read
A A
කලාව මගේ ඇඟේ තියෙන එක නහරයක්
Share on WhatsAppShare on Facebook

ගිරිකුළ ටෙලිනාට්‍ය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ටෙලිනාට්‍යයක්…

මුතුමැණිකා කියන්නෙ යකඩ ගැහැනියක්…

ලංකාවේ බිහිවන ගුණාත්මක නිර්මාණ තුළ විශිෂ්ට රංගන ශිල්පීන්ගේ අඩුවක් අපි දකිනවා. මේ දිනවල විකාශය වන ගිරිකුළ ටෙලිනාට්‍යයත් ඒ ගුණාත්මක නිර්මාණ අතර විශිෂ්ට නිර්මාණයක් ලෙසට හඳුන්වන්න පුළුවන්. ගිරිකුළ ටෙලිනාට්‍යයේ මුතුමැණිකා ලෙසට විශිෂ්ට රංගනයක නියැළුණු කාංචනා මෙන්ඩිස් ඔබට මතකද? ඇය මේ වෙද්දි විදේශීය රටක ජීවත් වුණත් ඇගේ ඒ විශිෂ්ට රංගනය ගැන කතා කරන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා.
ඉතින් කියමුකො ඔබගේ අලුත් තොරතුරු?
මම එංගලන්තයේ පදිංචි වෙලා ඉන්න බව මගේ ආදරණීය රසික රසිකාවියන් දන්නවා. මේ කොරෝනා වසංගතයට මුළු රටේම ජනතාවට මුහුණදෙන්න සිදුවෙලා. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල සමඟ දැඩි ආරක්ෂාකාරීව අපිත් සතුටින් ජීවත් වෙනවා.
ඔබ ගිරිගුළ ටෙලිනාට්‍යයේ මුතුමැණිකා ලෙසට සුවිශේෂී රංගනයක යෙදෙනවා. දැන් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන් නැවැත ඔබ ගැන කතා වෙනවා?
ගිරිකුළ ටෙලිනාට්‍ය කොච්චර බැලුවත් එපා වෙන්නැති ටෙලි නාට්‍යයක්. මුතුමැණිකා කියන්නේ යකඩ ගැහැනියක්. හරියටම කිව්වොත් මගේ අම්මා වගේ. ඉතින් ගිරිකුළ බලන්න බැරිවුණ අලුත් පරම්පරාවට අලුත් අත්දැකීමක් වෙයි. ගිරිකුළ ටෙලිනාට්‍ය තමයි මම අවසානයට රඟපෑවේ. ඒ කාල වකවානුවේ තමයි මට දූව ලැබෙන්න හිටියේ. එම වේදනාවන් අමතක කරමින් මම මුතුමැණිකාට උපරිම සාධාරණයක් කිරීමට උත්සාහ කළා.
ඔබ ඒ කළ සාධාරණයට ඔබටත් සාධාරණයක් ඉටුවුණා නේද?
ඔව්. රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළියට මුතුමැණිකා රංගනය වෙනුවෙන් සම්මාන ලැබුණා. ඒ සුන්දර දවසේ මට සියලුදෙනා සමඟ සතුට බෙදාගන්න බැරි වුණා. ඒ වෙනකොටත් මම විදේශගත වෙලා හිටියේ. මගේ අක්කා තමයි ඒ සම්මානය ගත්තේ.
කලාව මතක් වෙනකොට ආපහු ලංකාවට එන්න හිතෙන්නෙ නැද්ද?
කලාව මට මගේ දෙවියන් වහන්සේ දුන්න දායාදයක්. කලාව මගේ ශරීරයේ දුවන එක නහරයක් වගේ. කලාව කවදාවත් මට අමතක කරන්න බැහැ. කලාව මතක් වෙනවා මට හැමතිස්සෙම. ඉඩකඩ ලැබෙන හැම මොහොතකම ලංකාවේ සිදුවෙන නිර්මාණ මමත් මගේ පවුලේ අයත් රසවිඳිනවා.
වර්තමානයේ නිර්මාණ තුළ කිසිම ගුණාත්මක බවක් නැති බව බොහෝදෙනා චෝදනා නඟනවා. එය ගැන ඔබටත් යමක් කිව හැකිද?
දැන් තිබෙන නිර්මාණ වෙළෙඳාමක් වෙලා. එහි කිසිම හරයක් නැති බව මමත් දකිනවා. ඒ අතර මම කියූ පරිදි සුවිශේෂී විශිෂ්ට නිර්මාණ බිහිවෙනවා. අද බිහිවෙන මෙගා ටෙලිනාට්‍යවල හරිහමන් පිටපතක් නැහැ. එවලෙට කතා හදලා දෙනවා කියලා මටත් ආරංචියි. ඔය අතර හඬකැවීම් කරපු විදේශීය ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මම කියන්නේ විදේශීය ටෙලිනාට්‍යවලට වැය කරන කාලය හරි අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට හරි ඉඩකඩ දෙන්න කියලා. හොඳ නිර්මාණකරුවන් දැන් පැත්තකට වෙලා ඉන්න බව මමත් දකිනවා. ඔවුන්ට එහෙම ඉන්න දෙන්න එපා එය අපරාධයක්. අලුත් පරම්පරාවක් හදන්න ඒ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ දක්ෂතාවය පෙන්විය යුතුයි. අකාලයේ මැකිල යන්න දෙන්න හොඳ නෑ.
ඔබ විශිෂ්ට කලා ශිල්පිනියක්. ඇයි ඔබ කලාවෙන් දුරස් වෙලා?
මම කලාවෙන් සමුගෙන නැහැ. ගොඩක් විශිෂ්ට ශිල්පීන් කලාවෙන් ඈත්වීමට මේ මෙගා ටෙලිනාට්‍ය හේතුවෙන්න ඇති. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මම කැමැතියි. හොඳ සිනමා නිර්මාණයකට මට ආරාධනාවක් ලැබුණා. රටේ මේ තිබෙන ප්‍රශ්නත් ඉවර වුණාම මම ලංකාවට එනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

යාළුවෙන්න කලින් සිකුරු කොහෙද බලන්න

Next Post

ගේ හදපු මාසය ඔබට බලපාන්නෙ මෙහෙමයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.