• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වේදිකාවෙන් හොඳම නිළිය වුණු කොළඹ කෙල්ල

November 7, 2020
in Heart
Reading Time: 4 mins read
A A
වේදිකාවෙන් හොඳම නිළිය වුණු කොළඹ කෙල්ල
Share on WhatsAppShare on Facebook

මම ඒ කාලෙ රේඩියෝ සිලෝන් එකේ සින්දු කිව්ව පුංචි කෙල්ලෙක්…

පිළිමයක් වන් රුක්මණී දේවියගේ රූසපුව දිහා මම බලන් හිටියේ මහා විස්මයකින්…

කතාබහට ලක්
නොවුණද.., මතකයෙන් ඈත් නොවන සිතේ කොනක කොහේක හෝ ප්‍රේක්‍ෂක මතකය තුළ නිදන්ගතව සිටින යම් සුවිශේෂී චරිතයන් බොහෝ විට කලා ක්‍ෂේත්‍රය තුළ වෙයි. ලියෝනි කොතලාවලද එයින් එක් සුවිශේෂී අයෙකි. ප්‍රවීණත්වයට පත් රංගවේදිනියක ලෙස ලියෝනි කොතලාවල ගැන කතා කරන්නට බොහෝ දේ තිබුණා නොවේදැයි අපට හැඟුණේද ‘මව්රට’ සමඟ ඈ හා හදවතින්ම බැඳුණු පසුවය… ඉතින්.., ඇය ගැන ප්‍රේක්‍ෂක ඔබ, අපි නොදන්න කතා කියන්නට ලියෝනි කෙතලාවල නම් වූ ඒ අති විශිෂ්ට රංගවේදිනිය සුහද කතාබහකට එක්වූයේ මේ ආකාරයටය.
ඉතින් ලියෝනි මුලින්ම සුබපතනවා පසුගිය දිනක ඔබ රයිගම් සම්මාන උළෙල තුළ විශිෂ්ටත්වයට පත්වුණා?
ඔව්… ප්‍රවීණ කලාකරුවන් අගයමින් තිළිණ කෙරෙන ඒ විශිෂ්ට සම්මාන තිළිණය මෙවර ලැබුණේ මගේ දෝතටයි.
ඔබට දැනුණු ආඩම්බරයක තරම කියනවා නම්?
ඇත්තෙන්ම සතුටුයි. හැබැයි මම සම්මාන ලද පළමු වතාව මෙය නොවෙයි. කලාකාරිනියක ලෙස අවස්ථා කිහිපයකම මම සම්මානයට පාත්‍ර වුණා.
සවිස්තරාත්මකව එය පවසනවා නම්?
සම්මාන ගැන කතා කරන්නට පළමුව කුඩා කෙල්ලක අවධියේ මම කලාවට නැඹුරු වූ ආකාරය ගැන කතා කරන්නට අවසර දෙනවා නම් මම එයට සතුටුයි.
ඒ අවසරය ඔබට ලැබෙනවා. ආරම්භය ගන්නෙ කොතැනින්ද?
මම සැණෙකින් දුවගෙන යනවා ඈත අතීතයට, ඒ අතීතයෙ ඉන්නේ වයස අවුරුදු හතේදී රේඩියෝ සිලෝන් එකට ඇවිදින්, සින්දු කියාපු පුංචි කෙල්ලක්. මේ කාලේ ‘ගුවන්විදුලිය’ කියලා කිව්වට ඒ කාලේ අපි කිව්වේ ‘රේඩියෝ සිලෝන්’ එක කියලයි.
රේඩියෝ සිලෝන් එකට මම පැමිණියේ මගේ බාප්පා ‘කැන්ඩි වීරසිංහගේ’ ඇඳුනුම්කම මතයි. එතැනදී මගේ පළමු ගුරුවරුන් දෙපළ වූයේ සරත් විමලසිරි සහ කරුණාරත්න අබේසේකර යන මහත්වරුයි. එවකට ඔවුන් රේඩියෝ සිලෝන් එකේ නිෂ්පාදන අංශයේ ප්‍රධානීන් ලෙස සේවය කළා. සින්දු කියන්න, පොඩි පොඩි නාට්‍යවල රඟපාන්න මං එක්ක ඒ දවස්වල මගේ අක්කලා දෙන්නත් ආවා. ඒ තමයි මගේ කලා ජීවිතයේ ආරම්භය.
වේදිකාවට යොමු වුණේ එයට පසුවද?
ඔව්.., ජී. ඩී. එල්. පෙරේරාගේ ‘සාමා’ නාට්‍යය වේදිකාගත වූයේ ඉන්පසුවයි. කොළඹ කෙල්ලක වූ මම ‘සාමා’ නම් ගැමි චරිතය හරි අපූරුවට කළා යැයි කියලා, ජී. ඩී. එල්. පෙරේරා මහතත්යා මට හොඳ ක්‍රෙඩිට් එකක් දුන්නා.
‘සාමා’ චිත්‍රපටය නිෂ්පාදනය වුණෙත් වේදිකා නාට්‍යය අනුසාරයෙන්ද?
ඔව්. වේදිකාව තුළ ‘සාමා’ ජනප්‍රිය වූ නිසා ජී. ඩී. එල්. පෙරේරා එය චිත්‍රපටයකට ගෙනාවා. හැබැයි මා ඇතුළු එහි රඟපෑ සියල්ලන් නවකයන් නිසා චිත්‍රපටයට මුදල් වියදම් කිරීමට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා අවැසි ෆිල්ම් ස්කෑන් එක අරන් දුන්නේ මගේ තාත්තා. චිත්‍රපටයට අවශ්‍ය ඉතිරි මුදල් අපි හොයාගත්තේ නාට්‍යය රඟපාලයි.
පළමු සම්මානය ඔබට ලැබුණේ ‘සාමා’ නිසාද?
නැහැ, පළමුවතාවට මම හොඳම නිළිය ලෙස සම්මාන ගත්තේ ‘මෙහෙව් ලෝකය’ වේදිකා නාට්‍යය සඳහායි. එය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යය කලාවේ නිළියන් සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවයි. අද වාගේ මට මතකයි ඒ 1962 අවුරුද්ද. මං එක්ක හොඳම නළුවාට හිමි සම්මානය අරගෙන ෆොටෝ එකට හිටියේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර. ඔහුට ඒ සම්මානය ලැබුණේ ‘බෝඩිම’ වේදිකා නාට්‍යයටයි. ඉන්පස්සේ වේදිකාව සහ සිනමාව තුළ මම තෝරාගත් නිර්මාණ සඳහා දායක වුණා. රුක්මණී දේවි, රූබි ද මෙල්, ස්ටැන්ලි පීරිස් වැනි ප්‍රවීණයන් සමඟ නවක නිළියක ලෙස මම රඟපෑවේ පුදුම උද්දාමයකින්. ‘පිපෙන කුමුදු’ චිත්‍රපටයේ රඟපාන විට මට රුක්මණී දේවියව හමුවුණා. පිළිමයක් වන් වූ ඇගේ රූසපුව දෙස මම බලා සිටියේ මහා විස්මයකින් වාගේ. ඈ වැනි නිහතමානී අයකු සමඟ එක මොහොතක් හෝ සිටින්නට ලැබීම මහඟු පිනක්.
ගුවන්විදුලි නාට්‍ය කලාව තුළ ඔබ නමක් තැබුවේ ‘වජිරා’ නාට්‍යය හරහායි?
එය අපූරු සිදුවීමක්. මම දන්නා තරමට නම් බොහෝ කලාකාරියනට එවැනි අපූර්වත්වයනට මුහුණ දීමේ වාසනාව ලැබෙන්නේ නැති තරම්. ඒ සඳහා මට දායකත්වය දුන්නේ ආනන්ද සිරිසේන මහතායි. ඔහු නිර්මාණය කළ ‘වජිරා’ ගුවන්විදුලි නාට්‍යයේ ඇසිලින් වූයේ මමයි. එය ඉතා අසීමිත ජනප්‍රියත්වයට බඳුන් වූ නාට්‍යයක් වුණා. ඒ ජනප්‍රියත්වය නිසාම සුනිල් ආරියරත්න මහතා එය චිත්‍රපටයකට ගෙන ආවා. චිත්‍රපටයද අතිශයින්ම ජනප්‍රිය වුණා. එයට පසු ‘වජිරා’ ටෙලිනාටකයක් විදියටත් පුංචි තිරයට ආවා. ඒ ටෙලිනාට්‍ය කලාවේ මුල් යුගය. ඒ වටාද ප්‍රේක්‍ෂකයන් වටවුණා. වැඬේ කියන්නේ, ඔය නිර්මාණ තුනේම ඇසිලින්ගේ චරිතයට පණ දුන්නේ ලියෝනි කොතලාවල වූ මමයි. ආනන්ද සිරිසේන මහතා මට දවසක් හිනාවෙවී කිව්වා, ‘වජිරා’ නාට්‍යය නිර්මාණය වන මාධ්‍යය කොයික වුවද එහි ඇසිලින්ගේ චරිතය ඔබම කළයුතුය කියා. එවැනි අවස්ථාවන් තුළ මා ලද සතුට අප්‍රමාණයි.
ඒ ඔබගේ පළමු ටෙලිනාට්‍යය?
නැහැ, මම පළමුවෙන් රඟපෑවේ ලූෂන් බුලත්සිංහලගේ ‘සෝමාගේ සිහිනය‘ ටෙලිනාට්‍යයේයි. එයට පසුව දිගින් දිගට ටෙලිනාට්‍යය කිහිපයකම රඟපෑවා. හොඳ චරිත නිරූපණයන් සඳහා උරදීමේ භාග්‍යය ලැබුණා. ඒ අතරින් මා ඉතාමත් කැමැත්තෙන් කළ චරිතයක් වූයේ, තිලක් ගුණවර්ධනගේ ‘කුමාරිහාමි’ ටෙලි කතාවේ ‘මේරි’ නම් වූ මාළු අම්මාගේ නිරූපණයයි.
රංගනයෙන් ඔබ දැන් ඈත්ව සිටින්නේ ඇයි කියා ඇසුවහොත්?
පසුගිය දිනවල මට ආරාධනා කිසිවක් ලැබුණේ නැහැ. ඒ නිසා විවේකීව සිටිනවාය කිව්වොත් හරි මම හිතන්නෙ.
ඔබ ‘ඔබ ගැන’ සතුටුවන ආකාරය ගැන කියනවා නම්?
නිළියක ලෙස මම සම්මානනීයයි. මවක ලෙස සත්‍ය ජීවිතයේ සද්දන්ත පුතුන් පස් දෙනකුගේ මවක්. යහපත් බිරියක ලෙස මා සතු යුතුකම් ඉටුකළා. ඒ වාගේම.., අද මුණුපුරු, මිණිපිරියන් සමූහයක් සිටින ආච්චි අම්ම කෙනකු ලෙස හොඳ සැඳෑ සමයක් ගෙවනවා. ඉතින් තව මොනවද නේද?
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගේ හදපු මාසය ඔබට බලපාන්නෙ මෙහෙමයි

Next Post

කොටුවෙ කට්ටිය පිටකොටුවට ආපු කයිමන් දොරකඩ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.