• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙදර සතුට බිලිගත්ත මාරක ළිඳ

July 11, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ගෙදර සතුට බිලිගත්ත මාරක ළිඳ
Share on WhatsAppShare on Facebook

‘සූ සූ’ හඬින් මුළු පරිසරයම නතු කරමින් සුළි කුණාටුවක් හමා යන්නේ කිලෝමීටර් ගණනක් විශාල කේතලයකින් හුමාලය පිටවන්නා සේය. මධ්‍යහ්න දොළහ පසුවී තවම ගතවී ඇත්තේ මිනිත්තු කිහිපයකි. රාත්‍රිය උදාවී අවට වටපිටාවම කළුවර වී ඇත්තේ හිරු කොහේ ගියා දැයි සොයා ගැනීමට නොහැකි සෙයිනි. කාපට් කළ මහපාර යටකරමින් වැසි දිය මහා ගංගාවක් ලෙස ගලා යයි. මේ ගලන්නේ ගංගාවක් නොව වැසි දියෙන් ඇති ගංවතුරක් බව අපට ඒත්තුගන්වන්නේ පාරෙහි සමහර තැන්වල කළුපාටට උස්වී පෙනෙන කාපට් ස්ථිරයයි. කාර්යාලය පිහිටි උඩු මහලේ සිට බලන්නෙකුට මහපාරේ යන එන්නන් හොඳින් පෙනෙයි. අලුත් අවුරුද්ද උදාවීමට තිබුණේ සතියකටත් වඩා අඩු කාලයකි. අලුත් අවුරුද්දට මිනිසුන් කොතරම් කාර්යබහුල වුවද දින දෙක තුනක් තිස්සේ වහින බක්මහ අකුණු සහිත වැසි නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාළ වී තිබිණි. පාරේ ඉඳහිට ගමන් කරන්නේද වාහන එකක්, දෙකකි. ඒත් ඉබි ගමනිනි. කාපට් පාර යටවී තිබීමත්, සුළිකුණාටුවත්, දැඩි අන්ධකාරය නිසා තමා අසල සිටින්නෙකු පවා නොපෙනෙන පසුබිමක් ගොඩනැඟී තිබීම එයට හේතුවිය. පරිසරයේ අන්ධකාරය තරමක් අඩු වී ගියේ වීදි ලාම්පු දැල්වුණු හෙයිනි. වැස්සත් තරමක් අඩු වූ හෙයින් මාවතෙහි යන පිරිස් හඳුනාගත හැකිය. මෙලෝ සිහියක් නැති පිස්සියක ලෙසින් කාන්තාවක් වීදියේ තැනින් තැන නවතිමින් ව්‍යාපාර ස්ථාන, කඩසාප්පුවල නාම පුවරු කියවමින් එහා මෙහා ගමන් කරන්නේ අඩ පැයක් පමණ තිස්සේය. වරෙක පාරේ කෙළවරක වූ කානුවකට නොවැටී ඇය බේරුණේ අනූනවයෙනි. ඇය පදික වේදිකාවේ මායිම් වැටක ගැටුණාය. කිසියම් ස්ථානයක් සොයන බව මට වැටහිණි. ඇය පාර මාරු වී මාගේ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල දෙසට පැමිණියාය. කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල අසල විනාඩියක්වත් නොනැවතුණු ඈ කෙළින්ම උඩුමහලට පැමිණෙන බව මා වටහා ගත්තේ සරස් හඬින් පිවිසුම් දොරටුව විවෘත වන හඬත් සමඟය.

අවුරුදු පනහක්, පනස් තුනක වයසැති කාන්තාවක් මාගේ කාර්යාලය තුළට පිවිසියාය. පාරෙහි එහා මෙහා ගිය කාන්තාව ඇයයි. වටිනා සාරියක් ඇඳ සිටියද, ඇය ඇඳ සිටි හැට්ටේ පවා හොඳහැටි පොඩි වී තිබිණි. ඇය දෙපයට පැලැඳ සිටියේ ජාති දෙකක පාවහන් යුවළකි. වැස්සට හොඳහැටි තෙත බරිත වී සිටි ඇය පැය කිහිපයක් තිස්සේ පාරේ රස්තියාදු වී ඇතැයි මට සිතිණි. බාහිර ස්වභාවය අනුව ඇය උන්හිටිතැන් පවා අමතක වන සිහිකල්පනාවත් අඩු වීමට හේතු සාධක වන බරපතළ ඛේදවාචකයකට මුහුණපා ඇති බවක් බව වැටහිණි. ඇයගේ සමීපතමයකු යම් අසනීප තත්ත්වයකින් පෙළෙන, ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙන බව වැටහුණේ වෛi වාර්තා කිහිපයක් දුටු නිසාය. කතා කිරීමට උත්සාහ කළද ඇය අඬන්නට වූ හෙයින් වචන වෙනුවට පිටවූයේ කඳුළු සහ සුසුම්ය. දුක තුනීකර ගැනීමට ඇයට ඉඩදී ටික වේලාවක් බලා සිටින්නට මට සිදුවිය. නිහඬතාව බිඳිමින් ඇය කතා කළාය.

මම මේ වෙලාවේ ලොකු ගැටලුවක ඉන්නේ. මට ගේ පොඞ්ඩක් බලාගන්න ඕනෑ. මොකද කරන්න පුළුවන් හැමදේම මේ වෙද්දී කරලා තියෙන්නේ. යන්ත්‍ර දැම්මා, ශාන්තිකර්ම කළා, වැඩක් වුණේ නැහැ. කළේ නැත්තේ වාස්තු බලපු නැති එක විතරයි.

මිස් ගෙයක් ඇතුළේ ළිඳක් තියෙද්දී ගෙදර අයට ප්‍රශ්න වෙනවාද. ඔව් නිවෙස තුළ ළිඳ මාරකයි. විශේෂයෙන් ගෘහමූලිකයාට. මා පිළිතුරු දුණි. ඇය නැවැතත් හඬා වැළපෙමින් අපි ඉවරයි යැයි පැවැසීය. කොන්ක්‍රීට් ලෑල්ලක් උඩින් දාලා වහලා තිබුණොත්, නැවැතත් ඇගෙන් පැනයකි. බොරු වැඩක්. ඔව්වා මිනිසුන්ගේ හිත් රවටන වැඩ. දෝෂය එහෙමම තියෙනවා. කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරියටම ශරීරයේ මතුපිට බරපතළ තුවාල තියෙද්දී ලස්සන ඇඳුමකින් වහගෙන ඉන්නවා වගේ. කොයි වෙලාවේ මතුපිටට එයිද දන්නේ නැහැ.

වාස්තු පරීක්‍ෂාව සඳහා කොළඹ පිහිටි එම නිවෙසට යන විට තරමක් දහවල් වී තිබුණි. මා එනතුරු නිවෙසේ සාමාජිකයන් කිහිපදෙනකු නිවෙසේ රැඳී සිටියාය. එහෙත් ඒ සියල්ලෝ ස්ත්‍රීන්ය. ගෘහමූලිකයකු පෙනෙන්නට නොසිටියේය. සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන විදියට පිරිමි පුළුටක් නැති ගෙයක්. නිවෙස දින ගණනක් වසා තිබූ බවත්, ඒ වන විට ඔවුන් නිවෙස හැරදමා ගොස් තිබූ බව මට වැටහිණි. සොයා ගැනීමට තිබුණේ ඒ නිවෙසේ කතාවයි. ඒ සඳහා නිවෙසේ කොටසින් කොටස පරීක්‍ෂා කොට නිගමනයකට එළැඹිණි. මේ නිවෙසේ පිහිටීම් අනුව ගෘහමූලිකයාට මාරක ගෙන දෙනවා. එමෙන්ම ගෘහමූලිකයා ඔත්පළ කිරීම, අප්‍රාණික තත්ත්වයකට ඇද දැමීම සිදුකරයි.

‘මම මිස්ට එදා කිව්වේ නැහැ. මේ වෙද්දි මාසෙක විතර ඉඳන් දුවගෙ තාත්තා ඉන්නේ ඉස්පිරිතාලේ. ජීවිතය කොයි වෙලාවෙද කියන්න බැහැ. එන්න එන්නම කල්පනා ශක්තිය, මතකය ගිලිහෙනවා. දියණියගේ මුහුණ ශෝකයෙන් බරවී තිබිණි.

තාත්තා අවුරුදු ගණනක් දුර පළාත්වල පොලිසියේ වැඩ කළේ. අපිත් තාත්තා යන තැන්වලට ගියා. දුෂ්කර සේවය කරලා තාත්තාට එපාවෙලා තිබුණේ. ඒ හින්දා ටිකක් වේලාසනින් විශ්‍රාම ගියේ ජීවිතයේ අන්තිම ටිකවත් සැනසීමේ ඉන්න හිතාගෙන. ඒත් කී දවසද හොඳට ඉන්න පුළුවන් වුණේ. මේ ගෙදරට එනකන් තාත්තාට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැහැ. හැමදාම එක්සයිස් කරනවා. දියණියගේ ඇස්වලින් කඳුළු නොනවත්වා කඩාවැටිණි.

උසස් පොලිස් නිලධාරියකු වූ ගෘහමූලිකයා දුර පළාතක සේවය කරන විට ඉඩම සහ නිවෙස මිලදී ගෙන මෙම නව කොටස් එකතු කොට නිවෙස සාදා තිබුණි. නිවෙසේ ස්ථිර පදිංචියට පැමිණ ඒ වන විට ගතව තිබුණේ වසර දෙකක් පමණි. ගෘහමූලිකයා හිටි හැටියේ මොළයේ නහරයක් පිපිරී සිහිසුන් තත්ත්වයකට පත්ව තිබුණි. මා සොයාගත් වාස්තු දෝෂද, ඒවා ඉවත් කළ හැකි ආකාරය එකින් එක පහදා දුණි.
ගරාජය තුළ පිහිටි ළිඳ
මෙම නිවෙස මොවුන් විසින් මිලදී ගෙන තිබුණු අතර, ළිඳ තනා තිබුණේ මුල් අයිතිකරු විසිනි. වත්මන් අයිතිකරු විසින් නිවෙස විශාල කොට උඩුමහලක් තැනීමේදී මිදුලේ තිබූ ළිඳ කොටස් ඉදිකිරීමත් සමඟ නිවෙස තුළට එක්කර ගැනිණි. ළිඳ තිබුණේ ආවරණය වූ ගරාජයක් තුළය. ඍෂි භාෂිතය නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට ගෙතුළ ළිඳ මාරක වෙයි. එය මා බොහෝ වරක් අතිශය සත්‍ය බව අත්දැකීම් පසක් කරගෙන ඇත. කිසිදු විටෙක නිවෙස් ඉදිකිරීමේදී පාරම්පරික, පැරැණි ළිඳක් යැයි සිතා, ළිං වහන්න හොඳ නැහැ යැයි සිතා ළිං නිවෙස් තුළට කිසිදු විටෙක නොගත යුතුය. එය ඔබ විසින්ම සාදා ගන්නා මර උගුලකි. මෙම ළිඳ නැවුම් ගල්පස් දමා පොළොවේ හෑරූ වළ පොළොවට මුදා හරින ලෙස උපදෙස් දුණි. එනම් ළිඳ පස් පුරවා ළිඳ වසා දැමීමට උපදෙස් දුණි. නමුත් එයට පෙර ගෘහමූලිකයා මියගියේය. ගෙතුළ ළිඳ හිසට අනතුරු, කෝමා තත්ත්ව, ස්නායු මණ්ඩලය පිරිහීම, මාරක ඇති කරයි.
ළිඳ වාස්තු පුරුෂයාගේ නාභියෙන් ඉහළ කොටසේ නිවෙස තුළම පිහිටා තිබීම
වාස්තු පුරුෂ සංකල්පය අනුව වාස්තු පුරුෂයාගේ ඉණෙන් ඉහළ ළිඳ පිහිටා තිබීම ගෘහමූලිකයාගේ ඉණෙන් ඉහළ කොටස්වල බරපතළ රෝගාබාධ ඇති කරයි. විශේෂයෙන් ගෘහමූලිකයාගේ ස්නායු පද්ධතියට, හිසට පීඩා ගෙනදෙන මාරක රෝග ඇති කරන පිහිටීමකි. යම් නිවෙසක නාභියෙන් ඉහළ සහ පහළ ලෙස කොටස් දෙකකට බෙදුණු ලබන්නේ ප්‍රධාන දොර උළුවස්සේ පිහිටීමත්, බ්‍රහ්ම පාදයේ පිහිටීම් අනුවය. මෙම නිවෙසේ ගෘහමූලිකයාට වැලඳී තිබුණේ ස්නායු අකර්මණ්‍ය වන රෝගයකි.
ප්‍රධාන දොර කෙළින් නිවෙස තුළ පොකුණක් පැවැතීම
කර්දිම දෝෂයට අයත් වන තවත් දෝෂයකි. නිවැසියන්ගේ කායික, මානසික පිරිහීම් ඇති වීමට හේතු වන පිහිටීමකි. ජීවිත එකතැන පල්වන ස්වභාවයක්, කිසි සතුටක් නැති ජීවිත නිර්මාණයක් වෙයි. එමෙන්ම ගෘහමූලිකයාට මාරක ඇති කිරීමට රුකුල් දෙයි. ප්‍රධාන දොර කෙළින් තිබූ පොකුණ ඉවත් කරන ලෙසත් නැතහොත් දොර ඉදිරිපිට පොකුණ නොතිබෙන සේ ප්‍රධාන දොර සුබපලයක් ළඟා කරන ස්ථානයකට තබන ලෙසත් උපදෙස් දෙන ලදී.

ළිඳ නිසා කෙනකුගේ පිපාසය සංසිඳුණත් එයම මිනිසකුගේ ආයු හීන කරන මාරකයක් බවට පත්වන්නේ පෙර කළාවූ බරපතළ අකුසල කර්ම හේතුවෙනි. මෙය අකුසල කර්මයක් ගෙවා දැමීමට තමා විසින් ළංකර ගන්නා දරුණු ව්‍යසනයන් වෙයි.

මාස හයක් ඉක්මවා යන්නට මත්තෙන් නිවැසියන් නිවෙසේ වාස්තු දෝෂ ඉවත් කළ අතර, මේ වන විට වැඩිමල් දියණිය විවාහ වී විදෙස් ගතවිය. ගෘහමූලික කාන්තාව, බාල දියණිය සහ ඥාති සොහොයුරියක් සමඟ කරදරවලින් තොරව නිවෙසේ තම විශ්‍රාමික ජීවිතය ගතකරයි. ඇය මෑත කාලයකදී හමුවූ විට ළිඳ ගේ ඇතුළේ තිබුණේ නැත්නම් අපේ ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබුණා. මොනවා කරන්නද කරුමේ තමා. දැන්වත් සැනසීමේ ඉන්නවානේ යැයි පැවැසීය.

රෝගයක් ඇති වීමට පෙර හඳුනාගතහොත් රෝගය වැලඳීම වළක්වා ගැනීමට හැකිවෙයි. එය ඔබේ ජීවිතය නොසිතන පරිදි වෙනස් කිරීමට උපකාරී වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

කොහොඹ කොළ – වෙනිවැල්ගැට සහ කොරෝනා

Next Post

ආදරය හින්දා ජීවිතය කැපකළ නාලනී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.