• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කළු කුමාරයා ආයෙත් එයිද

March 11, 2021
in Astrology
Reading Time: 1 min read
A A
කළු කුමාරයා ආයෙත් එයිද
Share on WhatsAppShare on Facebook

කළුකුමාර දෝෂය ගැන අසා නැති කෙනෙක් නැති තරම්. කළුකුමාර දෝෂය ඒ තරමටම ප්‍රසිද්ධයි. කාන්තාවන් නිතර දෙවේලේ කළුකුමාර දෝෂය ගැන විමසනවා.
කළුකුමාරයා යනුවෙන් සැබෑවටම කෙනෙක් සිටිනවාද? එහෙම අයෙක් සිටින්නේ නම් ඔහු නොයෙක් තැන්හි සිටින කාන්තාවන්ට එක විට බලපෑම් කරන්නේ කොහොමද? කළුකුමාරයා බලපෑම් කරන්නේ මොන වගේ කාන්තාවන්ටද? කළුකුමාරයා කාන්තාවන්ට බලපෑම් කරන්නේ ඇයි? මේ ආදී ගැටලු නිවැරදිව නිරාකරණය කරගැනීම මෙම ලිපියේ අරමුණයි.

“නිදාගෙන ඉන්න අතරෙදි කවුරු හරි කෙනෙක් ශරීරය ස්පර්ශ කරනවා වගේ දැනෙනවා…”, “නින්දෙදි කවුදෝ කෙනෙක් ඇඟ උඩ ඉන්නවා වගේ දැනෙනවා… නැගිටින්න හැදුවට නැගිටගන්න බැරුව යනවා…”, “ නින්දෙන් කවුරු හරි කෙනෙක් මාත් එක්ක ශාරීරිකව එකතුවෙන බවක් දැනෙනවා…”
ඔන්න ඔය විදියේ ගුප්ත ගැටලු දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසෙන තරුණියන්ගෙන් වගේම විදේශ ගතව සිටින තරුණියන්ගෙනුත් ඉදිරිපත් වෙනවා. තරුණියන්ට ඔය විදියේ බලපෑම් එල්ල කරන්නේ කළුකුමාරයාද?

කළුකුමාරයා යනු කවරෙක් දැයි මුළින්ම විමසා බලමු. විශ්වය තුළ නොපෙනෙන බලවේග අප්‍රමාණව පවතිනවා. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව සත්ව විෂය අචින්ත්‍යයි. මේ අචින්ත්‍ය වූ සත්ව විෂය තුළ ප්‍රේත, පිශාචාදී අමනුෂ්‍ය බලවේග අප්‍රමාණව සිටිනවා. සත්වයින් තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත, අසුර, නිර, දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෝකවල උප්පත්තිය ලබනවා. මනුෂ්‍යයින් හා තිරිසන් සතුන් අපට දර්ශනය වුණත් ප්‍රේත, පිශාචාදී සත්වයින් අපේ ඇසට පෙනෙන්නේ නෑ. ඔවුන් තන්මාත්‍රමය සූක්ෂ්ම ශරීරවලින් යුක්ත වන නිසා අපට දර්ශනය වෙන්නෙ නෑ.

ජීවත්ව සිටියදී පුද්ගලයෙකු තුළ පවතින ප්‍රමුඛ ගති පැවතුම්, රුචි අරුචිකම් සංසාරිකව තමන් සමග බැඳී ගමන් කරනවා. පාලනය කරගැනීමට නොහැකි තරමේ කාමාශාවන් සහිත පුද්ගලයින් සමාජය තුළ මොන තරම් සිටිනවාද. හය හතර නොතේරෙන කුඩා දැරියන් පවා දූෂණය කරන කාමුක මිනිසුන් සමාජය තුළ ඉන්නවා. තමන්ගේ දියණියගෙන් ආශාවන් සංසිඳුවා ගන්නා පියවරු ඉන්නවා. එක ගැහැනියකගෙන් සැහීමකට පත් නොවී වෙනත් කාන්තාවන් කරා යන ස්වාමිපුරුෂයින් ඉන්නවා. කාමයට ලොල් වූ මේ විදියේ මිනිසුන් මරණින් මතු ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබන්නේ කාමුක ප්‍රේතයින් ලෙසයි. මේ වගේ අමනුෂ්‍යයෝ කාන්තාවන්ට ප්‍රිය කරනවා. සමහරු කාන්තාවන්ව ස්පර්ශ කරනවා. කාන්තාවන් සමග සයනය කරනවා. කාන්තාවන්ගේ නොයෙක් අපද්‍රව්‍ය කෙරෙහි ලොල් වූ අමනුෂ්‍යයොත් ඉන්නවා. මෙන්න මේ ආකාරයට කාන්තාවන් කෙරෙහි ලොල් වූ අමනුෂ්‍ය කොටස හඳුන්වන්න භාවිතා කරන පොදු නම තමයි “කළුකුමාරයා” කියන්නේ. සමිති සමාගම්, සංවිධාන ආදියට නමක් තියෙනවා, සංකේතයක් තියෙනවා වගේ කළුකුමාරයා කියලා පොදු නමක් දාලා නල දත් සහිත කළු මනමාල පෙනුමක් තියෙන රූපයකින් සංකේතවත් කරලා තියෙනවා. අතීතයේ විසූ උගතුන් සංකේත භාවිතා කිරීමේ දක්ෂයින් බව යක්ෂ රූප, දේව රූප හා ග්‍රහ සංකේත ආදියෙන් මනාව ඔප්පු වෙනවා. දෙවි කෙනෙකුගේ ශක්තිය, බලය පෙන්වන්න අත් කීපයක්, මුහුණු කීපයක් භාවිතා කළා. ඒ හැම සංකේතයකම බොහොම අර්ථවත් විස්තරයක් සැඟවී තියෙනවා. එහෙම නම් හොඳින් තේරුම් ගන්න කළුකුමාරයා කියන්නෙ අමනුෂ්‍ය කාණ්ඩයකට මිසක් එක යක්ෂයෙකුට නෙමෙයි.

කාමයට ලොල් වූ මේ අමනුෂ්‍යයින් සෑම කාන්තාවකටම බලපෑම් කරනවද? නෑ. එහෙමනම් මොන වගේ කාන්තාවන්ටද බලපෑම් කරන්නේ? මේ අමනුෂ්‍යයින් කාන්තාවකට සමීප වෙන්නේ ඇය වෙතින් මුදාහැරෙන සිතුවිලි හා හැඟීම් හරහායි. විවාහක කාන්තාවකගේ සැමියා විදේශ රටක සේවය කරනවා යැයි සිතන්න. සැමියා සිහිවීමෙන් ඇය තුළ ඇතිවෙන ලිංගික හැඟීම්, කාමුක සිතුවිලි හා සම්බන්ධ වන අමනුෂ්‍යයා ඇයට සමීප වෙනවා. සමීපව පෙම්වතෙක් ඇසුරු කළ යුවතියක් ඔහුගෙන් දුරස් වී කල් ගෙවන විටද මෙවැනි අමනුෂ්‍යයින් සමීප වෙනවා. කායික ඇසුර අවශ්‍ය නමුත් එය අහිමිව සිටින කාන්තාවන්ට, විවාහ වන වයස ඉක්මවා ගොස් සිටියත් විවාහ නොවී සිටින කාන්තාවන්ටද මෙවැනි අමනුෂ්‍යන්ගේ බලපෑම් එල්ල වෙනවා.ඇතැමුන්ට මෙවැනි අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් නොයෙක් රෝග පීඩාවන්ද ඇතිවෙනවා.

තනියෙන් ඉන්න සෑම කාන්තාවකටම මේ වගේ අමනුෂ්‍ය බලපෑම් එල්ල වෙන්න පුළුවන්ද? එහෙම වෙන්නෙ නෑ. අපේ ශරීරය වටා රශ්මි මණ්ඩලයක් හෙවත් රැස් වළල්ලක් පවතිනවා. අපේ ඇසට නොපෙනුණත් මෙය අමනුෂ්‍යයින්ට දර්ශනය වෙනවා. මේ රශ්මි මණ්ඩලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.සිත ප්‍රභාශ්වර නම් රශ්මි මණ්ඩලය දීප්තිමත්ව, ශක්තිමත්ව පිහිටනවා. සිත දුර්වල නම්, පාපකාරී සිතුවිලි බහුල නම් රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා. ඇතැමුන්ගේ රශ්මි මණ්ඩලය කඩතොලු සහිතයි. කඩතොලු සහිත, දුර්වල රශ්මි මණ්ඩලයක් හරහා අමනුෂ්‍යයින් ගමන් කරනවා. එවැනි දුර්වල රශ්මි මණ්ඩලයක් සහිත අයට අමනුෂ්‍ය බලපෑම් එල්ල වෙනවා. ප්‍රභාශ්වර රශ්මි මණ්ඩලයක් වූවත් සිතුවිලි රටාවේ වෙනස්වීම් සමග දුර්වල වන අවස්ථා තියෙනවා. තද බල අපල කාලසීමාවන්වලදී පාපී සිතුවිලි ඇතිවෙනවා. නිතර කලකිරීම්, කනස්සලුගති ඇතිවෙනවා. එවැනි කාලසීමාවන්වලදී තමන්ගේ රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා. විශේෂයෙන්ම කේතු මහ දශා කාලයේදී බොහෝ දෙනෙකුට අමනුෂ්‍ය බලපෑම් එල්ලවෙනවා. සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලවලදීත් එවැනි බලපෑම් එල්ල වෙන්න පුළුවන්. අපල කාලසීමාවකදී වුවත් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සිත නිරවුල්ව, ශක්තිමත්ව තබා ගැනීමෙන් තම රශ්මි මණ්ඩලය ප්‍රභාශ්වරව පවත්වා ගැනීමට හැකිවෙනවා. එවිට අමනුෂ්‍ය බලපෑම් එල්ල වන්නේ නෑ. මෙහිදී ආගමික කටයුතු, විශේෂයෙන් මෛත්‍රී භාවනාව වැඩීම ඉතාමත් වැදගත් වෙනවා.

කළුකුමාර දෝෂය නමින් හඳුන්වන මෙම අමනුෂ්‍ය බලපෑම් දුරු කරගන්නේ කොහොමද? මෙවැනි අමනුෂ්‍ය දෝෂ ඉවත් කරගැනීම සඳහා විශාල ලෙස මුදල් වැය කර කිසිදු ප්‍රතිඵලයක් නොලැබූ බොහෝ දෙනෙක් නිතර දෙවේලේ මේ සම්බන්ධයෙන් විමසනවා. අමනුෂ්‍ය බලපෑමක් එල්ලවන බවක් දැනෙනවා නම් පළමුව මෛත්‍රී භාවනාව වඩන්න. කරදර වැඩි වෙනවා වගේ දැනුණත් නොපසුබටව දිගටම මෛත්‍රී භාවනාව කරගෙන යන්න. කරණීය මෙත්ත පිරිත සංගායනා කිරීමත් ගුණදායකයි. මාසයකින් දෙකකින් ගුණයක් නොලැබුණොත් පළපුරුදු මන්ත්‍රාචාර්යවරයෙකුට ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
ජ්‍යොතිෂවේදී සංජීව කුළුපණ බණ්ඩාර

SendShareShare
Previous Post

අශෝක් අද CIDයට

Next Post

දෝෂය සොයාගෙන රෝගය හඳුනාගන්න

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.