සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද (11) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතය.
ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීම සදහාය.
පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ බවට හෙතෙම එහිදී සදහන් කර තිබිණ.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණ.










