• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෝෂය සොයාගෙන රෝගය හඳුනාගන්න

March 11, 2021
in Astrology
Reading Time: 1 min read
A A
දෝෂය සොයාගෙන රෝගය හඳුනාගන්න
Share on WhatsAppShare on Facebook

අතීත ජ්‍යොතිෂවේදියා ජන්ම පත්‍රය අනුව රෝගියාගේ රෝග ස්ථාන රෝග තත්ත්වය විමසුම් කරන්නේය. අවබෝධයෙන් කළයුතු ප්‍රතිකර්ම, වත්පිළිවෙත් නියම කරන්නේය. රෝග ලක්‍ෂණ අනුව ගුප්ත විද්‍යාත්මකව කළ යුතු වත්පිළිවෙත් තීරණය කිරීමද ජ්‍යොතිෂයට ඇතුළත්ය.
තදබල අමනුෂ්‍ය උපද්‍රව ගුප්ත විද්‍යාව අනුව ක්‍රමයෙන් වර්ධනය වන ඔල්මාද හෙවත් උන්මාද ගති ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැකිය.

ආයුර්වේදය සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සමගාමීව භාවිත කළ හැකි ශිල්පයන් යුගළයකි. උන්මාදයට ආයුර්වේදයේදී ද විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත. ශරීරයට බලපවත්වන කවර නම් රෝගයකට වුවද ශරීරගත ත්‍රිදෝෂයන් මූලික වෙයි. වාතය, පිත, සෙම් කුපිත වීමෙන් මෙම රෝග ලක්‍ෂණ ඇති වෙයි. යක්‍ෂ, භූත, ප්‍රේත, පිසාච සහ ග්‍රහ දෝෂ ආදී දෝෂයන් ප්‍රධානවද උන්මාද ගති ඇති වෙයි.

ආයුර්වේදයේ උන්මාද රෝග ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදෙයි. එය වාත උන්මාද, පිත්ත උන්මාද, සෙම් (කඵජ) උන්මාද, ත්‍රිදෝෂජ උන්මාද, ආගන්තුක උන්මාද වශයෙන් වර්ග කෙරෙයි. අරුතක් නැති කල්පනාව, ක්ලාන්තය, කෝපය, උණ රෝගී බව ආහාර අරුචිය, ඇවිදීම, දෙඩවීම උන්මාද රෝගයේ පූර්ව ලක්‍ෂණයන්ය.

වාත උන්මාදය යනු නොගැළපෙන වදන් පැවැසීම, සෙම වැගිරීම, සිනාසීම, නැටීම නොගැළපෙන දෙය පැලඳීම ලෙස හැඳින්වේ.
තමන්ම ශරීරයට පීඩා කර ගැනීම, අනුන්ට පහර දීම, සිසිල් ආහාරයට ගිජු වීම, නොඉවසිල්ල පිත්ත උන්මාදයේ සොබාවයයි.

සෙම් උන්මාදය යනු හුදෙකලා වීම, සෙම් සොටු වැගිරවීම, නින්ද, අපිරිසුදු බව ඇති කරවයි.
ත්‍රිදෝෂජ උන්මාදයේදී ඉහත රෝග තත්ත්වයන් තිදෙසම ශාරීරිකව, මානසිකව බලවත් කරවයි. මෙම රෝගී තත්ත්වය අසාධ්‍ය විය හැකිය.

ආගන්තුක උන්මාදයේදී මවුපිය, ගුරු දෙගුරු, උගත්, නූගත්, සියල්ලන්ටම අපහාස කිරීම් දක්වයි. පූජ්‍ය පක්‍ෂයට, දෙවියනට කරන අවමන්, හිංසා කිරීම්වලට පෙලඹෙයි. සිතේ නොසන්සුන් බව දැඩි වීම ප්‍රධානව දැකීමට හැකිය. මෙවැන්නන් යක්‍ෂ, ප්‍රේත, භූත කොටස් සමඟ අදහස් හුවමාරු කරගන්නා බව පැවසෙයි. මෙම රෝග තත්ත්වයනට පත්වූවෝ විශාලය. ඔවුනට නිසි ප්‍රතිකාර අවැසිය.

අමනුෂ්‍ය දෝෂ දුරු කිරීමට ගුප්ත විද්‍යාත්මකව පිළිවෙත් රැසකි. දොස් හරණයට නූල් බැඳීම, තෙල් මැතිරීම, දෙහි කැපීම, වතුර මැතිරීම සරල ප්‍රතිකර්මයන්ය. ගුප්ත මන්ත්‍ර ක්‍රම උපයෝගී කර ගනිමින් යන්ත්‍ර පැලඳවීමද සිදුවෙයි. සත්‍ය ලෙසින්ම බල පිහිටුවන ගුප්ත මන්ත්‍ර ශාස්ත්‍රයෙන් යහපත සිදුවෙයි. එහෙත් නිසි පුද පිළිවෙත් සහ නිවැරැදි මන්ත්‍ර භාවිතය වර්තමානයේ සිදුවන්නේ දැයි සැක සහිතය.

ජන්මියකුගේ කේනදර සටහනට අසුබ වන ග්‍රහයකුගේ බලපෑම ජන්මියාගේ ශරීර සුවයට බාධාවකි. භූත විද්‍යාව සහ ජ්‍යොතිෂයට අනුව එක් එක් ග්‍රහයාට බලවත් වන දෙවිවරු ඇත. පීඩාවට පත් කරවන යක්‍ෂයන්ද ඇත. අසුබ ග්‍රහයාට බලවත් වන යක්‍ෂයන් තුළින් රෝග උවදුරුවලට ජන්මියා පහසුවෙන් ගොදුරු වන බව පැවසෙයි.
යමෙකුට අසුබ වූ ග්‍රහයන් කිහිපදෙනකුම බලවත් වන්නේ නම් විවිධ වූ පීඩාවන් ජන්මියා හට උරුම වෙයි.

නොයෙකුත් රෝගාබාධවලට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. යක්‍ෂ උවදුරුවලට ගොදුරු වීමෙන් විවිධ වූ උන්මාද ගති ලක්‍ෂණ ඇති වීම අතීතයේදී නිවැරැදිව වටහා ගැනීමට හැකියාව ජ්‍යොතිෂවේදියා සතු විය. කෝපකාරී උන්මාදය සහ රෝග ලක්‍ෂණ ජන්ම පත්‍රය අනුව විමසා බැලීමේදී එක් එක් ග්‍රහයාට බලවත් වන යක්‍ෂයන් හඳුනාගත යුතුයි. විවිධ වූ උන්මාදයේදී එම යක්‍ෂයන්ද විවිධ වෙයි. රෝග පීඩාවන්වලදී වෙනස් වෙයි. උන්මාදයේදී සහ පොදු රෝග ලක්‍ෂණවලදී ආවේණික ලක්‍ෂණයන් මෙලෙසය.

රවි ග්‍රහයා අසුබ වීමෙන් ශරීරයේ උෂ්ණකාරක බව ඇති වෙයි. හිසරදය, නොසන්සුන්කම ප්‍රධාන වෙයි. අරමුණකට සිත යොමු කිරීම අපහසු වීමෙන් ක්‍රමයෙන් උන්මාද ලක්‍ෂණ ඇති වෙයි. ශරීරයේ සීතල අපහසුතා ඇති කරන මෙම පීඩාවන් සන්නි යක්‍ෂයාගේ බලපෑමෙන් ඇති වෙයි.
නිදිමත සහ පපුවේ පීඩා, ආහාර අප්‍රියතා ඇති කරන සූනියම් යක්‍ෂයා සඳු ග්‍රහයාගේ අසුබත්වයට ප්‍රධාන වෙයි.

කුජ ග්‍රහයා රුධිරයට සම්බන්ධය. ශරීරයේ රුධිරය කෝප වීම, ඉවසීම අඩුකම, ශරීරයේ ගිනියම් බව ඇති කරන්නේ කුජ ග්‍රහයාට බලවත් වන රීරි යක්‍ෂයාය.
උකුල, තුනටියේ වේදනාව, සිහිනෙන් බය වීම, අධික වියදම බුධ ග්‍රහයා සහ බහිරව පීඩාවන් නිසා ඇති වෙයි.

රත්, පිත් දෝෂ, උදර, දණහිස් වේදනා ග්‍රහයන් අතර පාණ්ඩිත්‍ය හිමි ගුරු ග්‍රහයාගේ අසුබයෙන් ඇත වෙයි. කූට නම් යක්‍ෂයා මෙම පීඩාවනට බලවත්ය. තුන්දොස් පීඩා සිකුරුගෙන් උදාවෙයි. අලසකම ප්‍රධාන වෙයි. සිත, ගත දුබල කරන බලපෑම ගෙන එන්නේ සමාගම් යක්‍ෂයාය. කෑම අරුචිය, සා පිපාසාව, පෙනීම, නින්ද අඩු වීම සහ උදරාබාධ, සොහොන් යක්‍ෂයාට ඇතුළත්ය. සෙනසුරුගේ අයහපත මෙම යක්‍ෂයාට හිමි රෝගාබාධ ගෙන දෙයි.
රාහු සහ කේතුගේ අසුබත්වයට රෝගී තත්ත්වයන් උග්‍ර කිරීම අභිමාන යක්‍ෂයාගේ බලපෑමෙන් ඇති වෙයි.

අතීත විද්‍යාවට නවීන විද්‍යාව අවනත නැත. එහෙත් අතීතයේ ගුප්ත පිළිවෙත් මඟින් ඉහත දැක්වූ රෝග උන්මාදයන් පිටුදැක ඇත. යන්ත්‍ර මන්ත්‍රවලදී බුද්ධ මන්ත්‍ර මෙම පීඩාවනට සහනය ගෙන දීමට සමත් විය. බුද්ධ මන්ත්‍රයන්ගෙන් බල වැඩූ තිසරණ යන්ත්‍රය මෙම උන්මාද දෝෂයනට නිසැක පිළිවෙත විය. යහපත් පිළිවෙතින් එකී දෝෂයනට සෙත සලසන යහපත් ඇදුරන් අද ද නැත්තේ නොවේ.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

කළු කුමාරයා ආයෙත් එයිද

Next Post

රජ කිරුළට පාර කියන කුරුල්ලෝ

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.