• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබ සුපිරි තරුවක් කරවන කේන්දරේ ග්‍රහයෝ

July 18, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ඔබ සුපිරි තරුවක් කරවන කේන්දරේ ග්‍රහයෝ
Share on WhatsAppShare on Facebook

ඔබත් සුපිරි තරුවක් වෙන්න කැමතිද? බලන්න මේ ග්‍රහයෝග ඔබේ කේන්දරේත් තියනවද කියලා?
ජ්‍යොතිෂය වූ කලී ඉතාම සුවිශේෂ වූ ශාස්ත්‍රයකි. මේ තුළින් පුද්ගල ජීවිතයේ සියලු සන්ධිස්ථානයන් පිළිබඳව මනාව අවබෝධ කරගැනීමේ හැකියාව ජ්‍යොතිෂවේදියාට ඇත. එනම් ජ්‍යොතිෂය යනු තුන්කල් දක්නා ලද ශාස්ත්‍රයකි. ඉදිරි ජීවිතය, හටගන්නා රෝගාබාධ, රැකියාව හා හැකියාවන්, අධ්‍යාපනය, විවාහය, ධනය, ආදායම, වියදම, ඉදිරි අනාගත තත්ත්වයන් දරුඵල, රූ සපුව හෙවත් ලස්සන වීම, සුවිශේෂී දස්කම් ආදී මෙකී නොකී සියලුම දේ මේ උතුම් ශාස්ත්‍රයෙන් අපට කල්තියා අනාවරණය කර ගත හැකිය.

අද අප මෙම ලිපිය මඟින් සාකච්ඡා කරනු ලබන්නේ එවන්වූ කෙනෙකුගේ නිවැරැදි උපන් ජන්ම පත්‍රයක් තුළින් දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට අවබෝධ කරගත හැකි තවත් විශේෂිත වූ පුද්ගල ඉසව්වක් පිළිබඳවයි- ඒ ජනප්‍රිය තරුවක් වන්නට හඳහනේ ග්‍රහ පිහිටීම් බලපාන්නේද යන්න පිළිබඳවයි-

අද වත්මන් තරුණ පරපුර නව්‍යකරණයත් සමඟ බොහෝ ඉදිරියට ගොස් හමාරය- වත්මන් තරුණ තරුණියන් අතරින් බහුතරයක් දෙනා වඩාත් කැමැති සමාජයේ කැපී පෙනෙන යහපත් චරිතයක් වීමටය- ඒ සඳහා නොයෙකුත් මානයන් ඔස්සේ පියනඟන වත්මන් තරුණ කැල උදෙසා බොහෝ අවස්ථාද අද සමාජය තුළ අපට බෙහෙවින් දැකගත හැකිය- කෙනෙකු ගීතය තුළින්, සිනමාව තුළින්, ටෙලිනාට්‍ය තුළින්, රූපවාහිනිය හා ගුවන්විදුලිය තුළින්, එසේත් නැතිනම් දේශපාලනය, ජ්‍යොතිෂය තුළින් යන මේ කුමන හෝ ක්‍ෂේත්‍රයක් තුළින් සමාජයේ කැපී පෙනෙන ජනප්‍රිය චරිත බවට පත්වනු ඇත- එසේ වූ සුපිරි තරු රැසක් අපට වත්මන් ජන සමාජයෙන් දැකගත හැකිය- එසේම එක් රැයකින් මුළු මහත් සමාජයක් හඳුනන සුපිරි තරු බවට පත් වීමටත් සමාජයේ කෙනෙකු සමත් වන බව අපට නූතන සමාජයේ බොහෝ උදාහරණ ගෙනහැර දැක්විය හැකිය- එසේම එක් රැයකින් ජනප්‍රිය වී ක්‍ෂණිකව බැස යන තාරකා මෙන්ම කාලයක් තිස්සේ ජනප්‍රියතාව එලෙසම පවත්වාගෙන යන අයද අපට වත්මන් සමාජය තුළ කොතෙකුත් දැකගත හැකිය-

තරුවක් වන්නට අලංකාර රූ සපුවක් අත්‍යවශ්‍ය සාධකයකි- එය ස්ත්‍රී පක්ෂයට විශේෂ වන අතර පුරුෂයන්ටද ඉතා වැදගත් වනු ඇත-

ලස්සන රූ සපුවකට අපි කවුරුත් ඉතා කැමැතිය. ප්‍රසන්න පෙනුමකින් යුත් මනා අඟපසඟයෙන් යුත් ශරීරයකට හිමිකම් කීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් ආශාවකි. සුපිරි තරුවක් වීමේ අත්‍යවශ්‍ය මෙන්ම වැදගත්ම අංගය ලස්සන රූ සපුවයි- ඉතින් රූසපුව හැඩ වෙන්නේ කොහොමද? ඒ තුළින් තරුවක් වන්නේ කොහොමද? කියලා අපේ හඳහන අනුව ජ්‍යොතිෂ්‍යානූකූලව ඒ පිළිබඳව විමසා බලමු.

මෙලොව උපදින ඕනෑම ජන්මියෙකුගේ උත්සාහය හා උනන්දුව මත මෙන්ම ජන්ම පතේ ග්‍රහ ශක්තිය මත පදනම්ව කේන්දරයේ මෙන්ම නවාංශකයේ පුර සඳු, සුබවාදී සිකුරු, රවි, ගුරු, බුධ, ලග්නයෙන් 6, 8, 12 නොපිහිට වීම හා සුබ ස්ථානවල තැන්පත් වීම ඉතාම වැදගත් වනු ඇත-
වර්තමානයේ මාධ්‍ය මඟින් හා පුවත්පත් මෙන්ම සමාජයේ බොහෝදෙනා කතාකරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ රූ සපුව හා සුපිරි තරු පිළිබඳවයි. ඒ සඳහා විශේෂ තරග පවා අද සුලබව මාධ්‍ය තුළ දක්නට ඇත-. සමාජයේ බොහෝ දෙනා ලස්සන වීමටත් තරුවක් වීමටත් ඉතා කැමැතිය. මේ සඳහා උදව් කරන්නට බොහෝදෙනා පෙළගැසී සිටී. ඒ අතරින් කාන්තාව රූ සපුව හෙවත් ලස්සන ගැන කතා කිරීමේදී සුවිශේෂී චරිතයකි. කාන්තාවගේ මුහුණ පුන්සඳකට සමාන කරමින් අලංකාර කවි මෙන්ම රසවත් ගීපද වැල්ද නිර්මාණය විය. මනා රූ සපුවෙන් යුත් ලලනාවක් දෙස කෙනෙකු දෙවරක් බලන්නේ කාන්තා ලාලිත්වය ඒ තරමටම සුන්දර නිසාවෙන්ය. පූර්ව ජන්මයේ කළ උතුම් පින් බලමහිමයෙන් අගනා රූ සපුවක් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ලැබීම මොනතරම් අගනේද? කාන්තාවකට රූ සපුව වටිනා ආභරණයකි. එම නිසාවෙන් ඕනෑම වනිතාවක් තම ලස්සන කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. කෙනෙකුට උත්පත්තියෙන්ම ඉතාම අලංකාර රූ සපුවක් හිමිවන අතර තවත් කෙනෙක් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරමින් තම රූ සපුව කෘත්‍රිමව හැඩ කර ගැනීමට උත්සුක වන අවස්ථා අපට සමාජයේ කොතෙකුත් දැක ගැනීමට ලැබේ. ලස්සන වීමට ගොස් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ ශෝචනීය පුවත් රාශියක් අපට පසු ගිය කාලයේ අසන්නට ලැබුණි.

එසේ නම් ලස්සන වීමේ රහස් මෙන්ම තරුවක් වීම ඔබගේ ජන්ම පත්‍රය තුළින් විමසා බැලීමේ හැකියාව ඇත. තරුවක් වීමේ අත්‍යවශ්‍ය අංගය වන අලංකාර රෑ සපුවක් හිමි වීමට පුර, පස, සඳු, සිකුරු යන ග්‍රහයන් හඳහනේ බලවත්ව සුබ දෘෂ්ටි සහිතව සුබ ස්ථානයන්ගේ පිහිටා සිටීමත්, රවි හා බුධ ග්‍රහයන්ගේ පිහිටීමත් රූ සපුව ගැන කතා කිරීමේදී ඉතාම වැදගත්ය. එසේම ගුරු ග්‍රහයා පාප පීඩිත නොවී යහපත් ස්ථානයක සුබව පිහිටීමත් ඉතාම වැදගත් වනු ඇත-

රූපය වැඩි කරන තවත් ග්‍රහ පිහිටීමක් නම් සඳු බලවත් වීමයි. සඳු බලවත් වන ක්‍රම කිහිපයකි. රාශි බලයෙන්, ස්ථාන බලයෙන් මෙන්ම අව පක්‍ෂයේ, පුර පක්‍ෂයේ වීමෙන්ද සඳු බලවත් විය හැකිය. සඳු කාන්තා කේන්දරයක ඉතාම සුබව සිටිය යුතු වැදගත්ම ග්‍රහයෙකි.

සිකුරු ග්‍රහයා රූප ස්වභාවය ඔප්නංවා ගැනීම වෙනුවෙන් මෙන්ම කලාව තුළ සුවිශේෂී චරිතයක් වීමට විශාල වැඩ කොටසක් කරන්නෙකු වශයෙන් හඳුනාගත හැකිය. සුන්දරත්වය ලැබෙනුයේ සිකුරු ග්‍රහයාගේ බලය අනුවය. සිකුරු බලවත් වීමට බලපාන හේතු කිහිපයකි. විශේෂයෙන්ම සිකුරු පිහිටන්නේ කීවෙනි කොටුවේද යන්න මෙහිදී වැදගත් වෙයි.

රවි ග්‍රහයා ඉන් ඉතා වැදගත් වෙයි. රවි ග්‍රහයා කුජ සමඟ එකතු වීම නියත වශයෙන්ම ලස්සන රූපයකට හිමිකම් කීමට මෙන්ම තරුවක් වීමට අවස්ථාව ලබා දෙයි. රවි හා කුජ එකට සිටීමත් සම සප්තමව (එක එල්ලේ) සිටීමත් රූමත් රූපයක් හා සමාජයේ ජනප්‍රියත්වයක් ලැබීමට උපකාරී වන ග්‍රහ පිහිටීමක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙහිදී 6, 8, 12 ස්ථානවල රවි හා කුජ නොසිටීම හොඳය. එලෙස පිහිටියහොත් දරදඬු බවක් ඇති වන අතර රූපය යට වෙයි. පුරුෂයකුගේ ජන්ම පත්‍රයේ 6 වැන්නේ රවි හා කුජ සිටීම උස, මහත ශරීරයක් ලබා දෙයි. එම නිසා පුරුෂයකුගේ රූපයට සාපේක්‍ෂව ආරෝහ පරිනාහ දේහයකට උරුමකම් කියනා බැවින් එය යහපත් පිහිටීමකි.

ඉතාම සරලව පැවැසුවහොත් පුර පක්‍ෂයේ පෝයට දින අටක් පමණ තිබියදී සඳු බලවත් වන අතර පෝය ගෙවී සතියක් පමණ යනතෙක් මෙම බලය තිබෙයි. අනෙක් දින දුර්වලයයි මෙයින් ගම්‍ය වනනේ නැත. මක්නිසාද හඳහනක බලය එක් ග්‍රහයෙකුගේ අතේ පමණක් රඳා නොපවතින අතර සියලු ග්‍රහයින්ගේ පිහිටීම් යම් යම් තත්ත්වයන්ට සෘජුවම බලපැවැත්වෙන බවද අප මතක තබා ගත යුතුය.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පෙන්වා දෙන ආකාරයට රවි, කුජ, සිකුරු සංයෝගය ඉතාම බලසම්පන්නය. මෙම යෝගය තිබෙන අය බොහෝ ලස්සන අතර ස්ථානයට අනුව අනෙක් සැපසම්පත්ද ලැබෙන අය වෙයි. මෙම ග්‍රහයෝ තිදෙනාම 6, 9, 10, 11 යන ස්ථානවල පිහිටීම ඉතාම වැදගත්ය. අනෙක් තැන්වල පිහිටීමෙන් ලස්සන ලැබුණත් වෙනත් අඩුපාඩු සහිත විය හැකිය. කෙසේ වෙතත් සිකුරු ග්‍රහයා පමණක් කොටු 12ම නරක නැත.

එහෙත් විශේෂයෙන්ම ලස්සන ගැන මෙන්ම සුපිරි තරුවක් වීම පිළිබඳ කතා කරන විට සිකුරු 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 12, 11 යන තැන්වල යෙදී තිබීම සුබය. ජ්‍යොතිෂ විද්‍යාවේදී බුධ ග්‍රහයා හඳුන්වන්නේ ළමයෙකු ලෙසය. බුධ ග්‍රහයාගේ ලස්සන වෙන ආකාරයකට පිහිටීමට හැකියාවක් ඇත.

බුධ 1 වැන්නේ පිහිටීමෙන් වයසට වඩා ළාබාල පෙනුමක් උරුම වෙයි. බුධ 4 වැන්නේදී බුද්ධිමත් බව හා රූපය ලැබෙන අතර බුධ 6 වැන්නේදී ලස්සන රූප සම්පත්තියක් ලැබේ.
ගුරු ග්‍රහයාද ලස්සනට උදව් වෙතත් එය එතරම් ප්‍රබලව දක්නට ලැබෙන්නේ නැත. ශරීරයේ උස්-මිටි බව පාලනය කරන විශේෂයෙන්ම තරබාරු බව ඇති කරන ග්‍රහයෙකු ලෙසද ගුරු ග්‍රහයා හැඳින්වෙයි.

සෙනසුරු බලවත්ව සිටීම යහපත් වූ නමුත් රූමත් බව වැඩි කරන ස්ථානයක් පැහැදිලිව දක්නට නොමැත.

මෙලෙස කෙටියෙන් විස්තර කෙරුණද ඔබේ ජන්ම පත්‍රය දෙස පුළුල් අවධානය යොමු කිරීමෙන් මෙම කාරණා ඔබට සරලව තේරුම්ගත හැකිය.

මෙම කරුණු මෙලෙස සරලව දක්විය හැකි නමුත් අලංකාර රූපයක් ලැබීමට නම් මෙම ග්‍රහ පිහිටීම් සියල්ලේම මනා සංකලනයක් තිබිය යුතු බව දැක්විය හැකිය.

අප මෙලෙස කොපමණ සඳහන් කළද කොපමණ ලස්සන තිබුණත් ගතිගුණ යහපත් නැත්නම් වැඩක් තිබෙනවාද යන්න සිතා බැලිය යුතුය. මෙම සියල්ල සමඟම කාන්තාවකට හෝ පුරුෂයෙකුට තිබිය යුතු හොඳම ගුණාංගය විය යුත්තේ ගුණධර්මයන් වන අතර ගුණධර්මය නැතිනම් පලක් නැති බවද දැන සිටීම ඉතාම වැදගත්ය.

එසේනම් පූර්ව ආත්ම භාවයේ අප කී කළ දේවල් මත මේ ආත්ම භාවයේ අප ලද රූ සපුවට හා සුපිරි තරුවක් වීමට අදාළ ග්‍රහ බල තත්ත්වයන් ඔබේ ජන්ම පතේ සටහන්ව ඇත. කෙනෙකුට ඉතා අලංකාර මනා වූ රූ සපුවක් ලැබෙන්නත් එසේම ජනප්‍රිය තරුවක් වීමටත්, එසේම එක් රැයකින් ජනප්‍රිය වී ක්‍ෂණිකව බැස යන තාරකා මෙන්ම කාලයක් තිස්සේ ජනප්‍රියතාව එලෙසම පවත්වාගෙන යන අයද අපට වත්මන් සමාජය තුළ කොතෙකුත් දැකගත හැකිය-

තවත් කෙනෙකුට එය නොලැබෙන්නත් තවත් අයෙකුට සාමාන්‍ය රූපයක් ලැබෙන්නත්, අදාළ වූ ග්‍රහ බලපෑම ඔබේ ජන්ම පතේම නිවැරදිවම සටහන්ව ඇත. අප එය නිවැරැදිව අවබෝධ කර ගැනීම තුළින් මා ඉහත සඳහන් කළ ආකාරයට රූපය තනන්නට ගොස්, තරුවක් වන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු නොවේ. එසේම ජන්ම පතේ සඳහන් නොවූ සුපිරි තරුවක් වීමට ගොස් එක රැයින් බැස නොයන්නටත් අප වගබලා ගත යුතුය-
සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වැඩ සිටින ලෝකයේ එකම පන්සල

Next Post

හොඳට නරකට කඩවර – හැබැයි ගනුදෙනු අකුරට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.