• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හොඳට නරකට කඩවර – හැබැයි ගනුදෙනු අකුරට

July 18, 2020
in Mahawanshaya
Reading Time: 5 mins read
A A
හොඳට නරකට කඩවර – හැබැයි ගනුදෙනු අකුරට
Share on WhatsAppShare on Facebook

‘කඩවර’ යනු විටෙක දෙවිකෙනකු ලෙසත්, තවත් විටෙක යක්‍ෂයකු ලෙසත් සලකන්නට ඇතීත ගැමියාගේ සිට මේ දක්වාම මෙරට ජනතාව පුරුදුව සිටිති. හොඳට සේම නරකටද කඩවර දෙවියන්ගේ පිහිටක් ඇතැයි ජනයා තුළ මහත් වූ විශ්වාසයක් ඇත. කඩවර දෙවියන් එහෙමත් නැත්නම් කඩවර ආරච්චි යන ප්‍රසිද්ධ ආමන්ත්‍රණයන්ගෙන් හඳුන්වන මේ දෙවියන්ගෙන් පිහිටක් ලබන්නට අකුරට, නූලට, වෙලාවට, කලාවට, පිළිවෙළට, පිරිසුදුවට අවශ්‍ය ගනුදෙනු, පුද පූජා කළයුතු බවත් ජන විශ්වාසයයි. එසේම කඩවර දෙවියන් ගැන කියද්දී මුලින්ම කියැවෙන්නේ කඩවර හත් කට්ටුවයි. එනම්, 1. තෙල් කඩවර, 2. මල් කඩවර, 3. ගොළු කඩවර, 4. ගොපලු කඩවර, 5. රීරි කඩවර, 6. දළ කඩවර, 7. සොහොන් කඩවර ලෙස කඩවර හත් කට්ටුව හඳුන්වද්දී කඩවර දොළොස් කට්ටුවක් ගැනද භාවිතයේ එයි. ඒ මේ අයුරිනි. 1. තෙල් කඩවර, 2. මල් කඩවර, 3. අඳුන් කඩවර, 4. සඳුන් කඩවර, 5. ආසමේ කඩවර, 6. තොටයක් කඩවර, 7. මැදියන් කඩවර, 8. තනි කඩවර, 9. මල් කඩවර, 10. ගිනි කඩවර, 11. ගොපලු කඩවර, 12. රත්න කඩවර
මෙලෙස වෙන් වෙන් වශයනේ කඩවර දෙවියන් හැඳින්වෙද්දී කඩවර දෙවියන් වැඳීමට, පිදීමට මෙන්ම පිහිට, ආරක්‍ෂාව පැතීමටත්, ඒ ඒ කාරණා සඳහාම සුදුසු ක්‍රම ශිල්ප සහ වත්පිළිවෙත්ද වෙන් වෙන්ව භාවිත කෙරෙයි.

කඩවර දෙවියන් සම්බන්ධ පුදපූජා කටයුතු කිරීමේදී සහ පිහිට පැතීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය යන විශ්වාසය නිසාමදෝ අතීතයේ සිටම ජනයා කඩවර දෙවියන් සමඟ කරන කටයුතුවලදී මහා ඊශ්වර දෙවියන්ගෙ පුත් කතරගම දෙවියන් මුල්කර ගන්නට අමතක නොකරයි. කඩවර දෙවියන්ට පහන් තැබීමේදීත්, නැමදීමේදීත්, දිග, පළල සමානව සකසා ගත් පහන් පැලක කතරගම දෙවියන් මූලික කරගෙන පහන් තැබීම සිරිතකි.

සියලුම හොඳ, නරක කාරණාවන්ට කඩවර දෙවි පිහිට ලැබෙන අතර, නඩු ජය ගැනීමට, දඬුවම් දීමට, රැකියා ඉෂ්ට සිද්ධ වීමට, ස්ත්‍රී පුරුෂ වශී කටයුතු ආදිය ප්‍රධාන තැනකලා සැලකෙයි. රත්මල් හෝ රතුපාට මල් වර්ග කඩවර දෙවියන් පිදීමට සුදුසුම මල් වර්ගයි. පුදපූජා කටයුතු පිළිවෙළට කරන්නේ නම් කඩවර දෙවියන් ඕනෑම කටයුත්තකට උදව් දෙන බවටද විශ්වාසයක් ජනසමාජය තුළ තිබේ.

එහිදී හොඳ කාරණා සඳහා කඩවර දේව පිහිට ආරක්‍ෂාව පතන්නේ නම් සාමාන්‍ය පොල්තෙල් යෙදූ පහනක් දැල්වීම සිදුකරයි. එහෙත් නරක කාරණාවක් සඳහා එසේ නොවේ. ඒ සඳහා දැල්විය යුත්තේ අබ තෙල් පහනක් බවටත් ජනයා තුළ විශ්වාසයක් වෙයි. එවැනි කටයුත්තකදී සාමාන්‍ය සිරිත වන්නේ, රත්මල් යහනේ පුදා ඉන්පසුව අබතෙල් පහනට දමා හඳුන්කූරු, කපුරු හා සාම්බ්‍රානි දුම්දී තම කාරණාව පැවැසීමයි. එසේ කිරීමෙන් තම කාරණා සැණෙකින් ඉෂ්ට සිද්ධ වෙන බවට එදත්, අදත් ජනයා මහත් ගෞරවයෙන් යුතුව විශ්වාස කරති.

කඩවර දෙවියන් ලෝ සතදෙස බලන්නේ නියමිත වෙලාවකදීය. ඒ රාත්‍රි 10.10ටය. එහෙත් පොදු වෙලාවක් ලෙස රාත්‍රි 9.05 සුදුසු බවටද විශ්වාසයක් වෙයි. එසේම කඩවර දෙවියන් පිදීමට පුදපූජා කටයුතු කිරීමට ඒ ඒ අදාළ කාරණා සඳහාම සැකසුණු වත්පිළිවෙත් ක්‍රමවේද සේම, ඒ ඒ කටයුතු සඳහා භාවිත කෙරෙන කඩවර කවි, තෝල්මුර කවි, ස්තෝත්‍ර
මන්ත්‍ර වෙන් වෙන්ව භාවිත කෙරෙයි.
කඩවර තෝල්මුර කවි
සේනාධි වී යකුන්ට – සුපතල ලෝ කුස
පානා තෙදබල විකුමන් – කඩවර අස දිස
තානා තම් දෙන පදයෙන් – රඟ මඬලට බැස
යානාවට මලින් සැරසූ – වඩින්න මේ විගස

හිරි හැර කරනා දුගින්ට – අදිපත් පවිටුන් නසන්න
පෙරදන් වඩිමින් අපවෙත – සියලු දුකින් මුදාගන්න
අවසර කදිරා සුරිඳුන් – ලැබගෙන පේනත් කියන්න
කඩවර කෙළි පුද ගන්නට – මේ මල් අස්සනට වඩින්න
කඩවර දෙවිඳුන්ට ගැයෙන කවි
පස්මුල්ලා රතු තොප්පිය
සිරස දරාලන ඔපකොට
රැලි අල්ලා රක්ත සේල
නීල වර්ණ සළුව ඉනට
රන්නිල්ලා බීත රාම
සැට්ටය පොරවා දෙව්රට
බිසිබිල්ලා වැඳපල්ලා
සෙනවිරත්න කඩවරයට

සරාවරළ මල් ගවසා නීල සයුර මෙන්
ඉරා ළමැද පෙති ගෝමර එමල් පෙති පියුම්
දරා දෙඅත වඳුරු නාද ධීර හැඩ හිසින්
පුරා ගමන් කරයි කෙළිති ලෙසට අලි ඇතුන්

තරවනාද කරති තේජ
අණ සක ලොව පැතිර යන්ඩ
දාර කොම්බු තාල නොයෙක්
සැබෑ පාදයෙන් වඩින්ඩ
නෑර මේරි ගී තාලෙන්
දවුල් රාග සක් පිඹින්ඩ
දීර කීර්ති බලවී මැති
කඩවර දෙවිඳුන් වඩින්ඩ

රන් අටු පොත සුරතින් ගෙන
සලති පවන් සිසිල් වෙන්ඩ
රන් චාමර වමත දරා
සිටිති සබෙන් තෙද වඩින්ඩ
හත් සතකිණි මිහිරි හඬින්
සිට සබයේ සෙත පතන්ට
වන් – සතෙදැති කඩවර දෙවි
සැනෙකින් යහනට වඩින්ඩ
මෙලෙසින් කඩවර දෙවියන් උදෙසාම සැකසුණු කෝල්මුර කවි ආරාධනා කවි කියවෙද්දී කඩවර දෙවියන්ගෙ අසීමිත බලය ගැනද කවියෙන් කියැවෙන අවස්ථා ඇත.
කතරගමට දෙවි වැඩලා – මකර තොරණ මුර කරන්ඩ
අතරමඟදි රැගෙන මුගුරු – යකුන්ට බැටදී වඩින්ඩ
රන් යමකින් ගෙතුවා වැනි – සැඩ පළු සිරසේ දිලෙන්ඩ
කන්ද සාමිටත් බැරිය – ගොටුව නොදී වළක්වන්ඩ

කඩවර දෙවියන්ගේ තෙදබල කොතරම්ද යන්න එයින් මනාව පැහැදිලි වෙයි. එනම් කඩවර දෙවියන් උදෙසා පිදෙන ගොටුව නොදී වැළැක්වීමේ හැකියාවක් හෝ බලයක් කතරගම දෙවියන්ටත් නොමැති අතර, කඩවර යනු එතරම්ම බලවත් දෙවි කෙනෙකි. එනිසාම කඩවර දෙවියන් උදෙසා පුද පූජාවලදී අවශ්‍ය දෑ සකසා ගැනීමටද විශේෂිත වත්පිළිවෙත් භාවිත කෙරෙයි. එහිදී කඩවර ගොටුව සෑදීම කවියෙන් මෙලෙස කියැවෙයි.
දෝතින් මැඩ සුදු සහලින් දෙකක් ගෙන
සකසා කහ දියේ සහලුත් නාවාගෙන
මුකවාඩම් බැඳගෙන බත්ගෙන
මෙලෙසින් පුදන කඩවර ගොටුගෙන

මාළු සතක් රන් ඇඹුලද ගන්නේ
පුළුටු පසක් රඹ කැන් අර ගන්නේ
පස්තෙල් පස්පැණි කැවිලි හතක්නේ
මේ ලෙස කඩවර ගොටුව පුදන්නේ

මෙලෙස කිරිබත් ගොටුව පිදීමේදී සුදු හාලේ කිරිබතට පැණි, සීනි, වියළි මිදි, රටඉඳි, කඩල, කවුපි, මුං මිශ්‍ර කර සකසා ගතයුතු අතර, කෝලිකුට්ටු ගෙඩියක්, කැවුම් ගෙඩියක්, බුලත්විටක්, පඬුරු සහිත බුලතක්, හඳුන්කූරු, රතු විලක්කුවක්, තැඹිලි ගෙඩියක්, පොල් ගෙඩියක් පූජාව සඳහා යොදා ගනී. කිරිබත සැකසීමේදී අලුත් මුට්ටියක් සහ පොල් කටුහැන්දක් ගතයුතු අතර, සුදුපිරුවට හැඳ මුඛවාඩම් පැළඳ සුවඳ දුම් අල්ලා කහ දියර ඉස සියලු උපකරණ සහ ද්‍රව්‍ය කහ දියරයෙන් සෝදා ඉතා පිරිසුදුව සියල්ල සූදානම් කරගත යුතු වෙයි.
කඩවර දෙවියන් පිදීමේදී භාවිත කරන තවත් පුද ක්‍රමයක් නම් බත හත්මාළු ගොටුව පිදීමයි. ඒ සඳහා

  • කැකුළු හාල් ග්‍රෑම් 250ක පමණ සුදුහාලේ බතක්
  • රත් ඇඹුල (කෙසෙල් මුව මාළුව)
  • හත් මාළුව (එළවළු හතක් එකට පිස)
  • පුළුටු පහ (උදු, මුං, තල, වී, මෑ)
  • වෙරි පහ (රා, අරක්කු, අබිං, ගංජා, දුම්කොළ)
  • දිය ගොඩමස් (ගොඩ මස් හා දියමස්)
  • බුලත්විටක්
  • කෝලිකුට්ටු ගෙඩියක්
  • විලක්කුව (පොල්තෙල් පෙඟවූ)
  • හඳුන්කූරු 7ක්
  • පිනිදිය කුප්පිය
  • බුලතක එතූ පඬුරක්
  • කපුරු පැකැට් 1ක්
  • සාම්බ්‍රාණි හා දුම්මල
    මේ සියල්ල නිවැරැදි ලෙස ගෙන බත, හත්මාළු ගොටුව සකසා ගතයුතුය. එහෙත් යම් ලෙසකට තම අවශ්‍යතාව දරුණු ගණයේ ප්‍රබල එකක් නම් ඉහත දේවලට අමතරව කොස්කොළවලින් සැකසූ ගොටුවලට දමා
  • කුකුල් ලේ ගොටුව
  • රීරි ගොටුව
  • අඳුන් ගොටුව
  • සඳුන් ගොටුව
  • කිරි ගොටුව
  • රත්මල් ගොටුව
    යනාදිය පෙර සකස්කරගත් ගොටුව තුළ රඳවා තැබිය යුතු වෙයි. කිරිබත් ගොටුව සැකසීමේදී සඳහන් කළ ආකාරයටම මෙහිදීද අලුත් මුට්ටියක්, ඇතිලි දෙකක් අලුත් හැඳි දෙකක් ගතයුතුමය. පුළුටු හා දියගොඩ මස් බැඳීමට පරණ තාච්චියක් භාවිත කරන්න. පෙර ලෙසම මුඛවාඩම් බැඳ සියල්ල කහදියෙන් සෝදා ඉතා පිරිසුදුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

    මෙලෙස කඩවර දෙවියන් පිදීමේදී ඒ සඳහා විවිධ මන්ත්‍ර භාවිත කෙරෙයි. (මන්ත්‍ර සඳහන් කිරීම සුදුසු නොවන බැවින් ඒවා සඳහන් නොකරන බව සලකන්න.) ඒ අතර කඩවර දිෂ්ටි මන්ත්‍ර, කඩවර මනිභද්‍ර දිෂ්ටිය, කඩවර පෙරළුම, කඩවර කන්නලව්ව ආදිය භාවිත කෙරෙයි.

    මේ සියලු කාරණාවලදී නිතර මතකයේ රඳවාගෙන කටයුතු කළ යුතුම දෙයක් ලෙස පැවසෙනුයේ හොඳට, නරකට දෙකටම පිහිටවන කඩවර දෙවියන් සමඟ ගනුදෙනුව කතරගම දෙවියන් මූලික කරගෙන සිදුකිරීමයි. එසේම මහා කඩවර දේව පූජාවකදී දේව කන්නලව්වට හිමි වන්නේ විශේෂිත ස්ථානයකි.
    මහා කඩවර දේව කන්නලව්ව
    කතරගමට, මහා කතරගමට, සෙල්ල කතරගමට වැඩහිටි කන්දර, කුළුහරක් ගලට, සුදුහරක් ගාලට, මැණික් ගංගාවට, රුහුණු මාගම් පත්තුවට, මැණික් ගංගාවට, කිරිවෙහෙරට අරක් ගත්තාවූ ශ්‍රීමත් ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගෙන් වල්ලිඅම්මා දේව මාතාවගේත් සෙනෙහස දිනා ගත්තාවූ අපමණ බලය අපමහ තේජස, අපමන ශක්තිය තිබෙන්නාවූත්, සෙනවිරත්න මහා කඩවර දේවතාවුන් වහන්ස ලොව පාලනය කරන්නාවූ ආතාල බහිරව දේවතාවුන් වහන්සේගෙන්ද, පාතාල බහිරව දේවතාවුන් වහන්සේගෙන්ද, පොළොව මහී කාන්තාවුන් වහන්සේගෙන්ද, වරම් ගන්නාවූ ඔබ වහන්සේ කතරගම දෙවිඳුන්ගේ ප්‍රධාන වරම් ලබා කතරගම මහා දේවාල භූමියට ප්‍රවිෂ්ට වන්නාවූ දක්‍ෂිණ වාහල්කඩ දොරටුවේ මහා තොරණට අරක්ගන්නා සත්‍යවාදිය සැබෑය.
    මගේ ස්වාමීනි, තෙදවරම්, බලවරම්, දඩවරම්, ඖෂධ වරම්, දිෂ්ටි වරම් ආදී වරම් මාලාවන් දෙන්නාවූ ඔබ වහන්සේට ඇටැටි පස්වර්ගයෙන්ද, පුළුටු පස් වර්ගයෙන්ද, රඹාදි පලතුරු පූජාවෙන්ද, මහත්වූ ගෞරව පවත්වා ඉල්ලා සිටින්නාවූ දිව්‍ය කන් ආබරණයෙන් අසා දිව්‍ය නේත්‍රාවෙන් බලා ගැත්තාට තිබෙන්නාවූ අපල – විපල, හදි-හූනියම් , ඉරි පැන්නුම්, වැල් පැන්නුම්, ඇස්වහ-කටවහ, අඬොල්වැඩියා, සතුරු උපද්‍රව සියල්ල දූරින් භූත කොට යහ ජීවිතයක් ලබාදෙන සේක්වා කඩවර දෙවියනේ.
    මෙලෙසින් ආරම්භ කෙරෙන කඩවර දේව කන්නලව්ව ඒ ඒ අයගේ අවශ්‍යතාව මත ඉදිරියට පවත්වන අතර, මෙම පුදපූජා කන්නලව් අවසානයේ මහා බලකඩවර දෙවියන්ගේ ඇල්මෙන්, බැල්මෙන් සියලු කටයුතු කාරණා, බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන බවට එදත්, අදත් ජනයා තුළ තදබල විශ්වාසයක් වෙයි. එනිසාම කඩවර දෙවියන් සම්බන්ධ පුදපූජාවන්හිදී අංශු මාත්‍රයකින් හෝ අඩුවක්, පාඩුවක්, වරදක් නොවන්නට ජනතාව සැදී පැහැදී කටයුතු කරනු දැකිය හැකිය.
    කුමාර රත්නායක
SendShareShare
Previous Post

ඔබ සුපිරි තරුවක් කරවන කේන්දරේ ග්‍රහයෝ

Next Post

‘සිහිනි’ හින්ද පෙම්වතියක් වුණු ෂෙහානි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! ඩෙංගු මරණ 48යි! රෝගීන් 70000ට ළංවෙයි! I Sri Lanka Latest News

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.Sri Lanka Latest...

Read more
දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News

දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පාරට බැහැලා ගෙදර පල කියන්න ගොවියොද මේ ආණ්ඩුව හැදුවේ? පොලොන්නරු රාජ්‍ය නායකයාගෙන් ගොවීන්ට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?

තරුණ තරුණියන්ට දරුවන් හැදිල්ල එපා වෙලාද? සජීවී දරු උපත් 120,000කින් පහත වැටිලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.