• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ පක්ෂියා රජවෙන වෙලාව දන්නවද

October 24, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඔබේ පක්ෂියා රජවෙන වෙලාව දන්නවද
Share on WhatsAppShare on Facebook

පංච පක්ෂි ක්‍රමය හෙවත් පක්ෂියා රජ වන අවස්ථාව ජ්‍යොතිෂයේදී විවිධ අවස්ථාවන් සඳහා, සෙත් කවි සෑදීමේදී මෙන්ම තවත් කටයුතු රාශියකදී බෙහෙවින් යොදා ගනු ලබයි. එම ක්‍රමය සඳහා රජාලියා, බකමූණා, කපුටා, කුකුළා, හා මොනරා යන පක්ෂීන් 5 දෙනාත් ඔවුන්ගේ රජ, භෝජන, ගමන, නිදි හා මරණ යන අවස්ථා 5 යොදා ගනු ලබයි. මෙහිදී රජ භෝජන ගමන යන පක්ෂි අවස්ථා 3 සුබ වන අතර නිදි හා මරණ යන අවස්ථා 2ක අසුබදායකවේ.

අපි කිසිවකු පරාජයට පත්වීමට හෝ පරාජයක් ලැබීමට අකමැති වෙමු. සියලුම දෙනා ජයග්‍රහණය ලැබීමට යම් යම් ක්‍රියාවන්ට ඉදිරිපත්වීම සාමාන්‍ය සිරිතකි. ජ්‍යොතිෂවේදයට අනුව තමන් දරන උත්සාහයන් සාර්ථක කර ගැනීමට පංච පක්ෂි ක්‍රමය අනුගමනය කිරීම, භාවිත කිරීම, වඩාත් උචිත වෙයි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණ, නඩු කීම, විවාහ කටයුතු, නව ගෘහ ආරම්භය, ගෘහ ප්‍රවේශය, වැදගත් ගමන් බිමන්වල යෙදීම, ආදී ශුභ කටයුතුවලදී ජයග්‍රහණය ලබා ගැනීමට පංච පක්ෂි ක්‍රමය යොදා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය.
සෑම පුදගලයකුටම තමන් උපන් නැකතට අයත් (හිමි) පක්ෂියකු සිටී. උපන් නැකත නොදනී නම් තමා භාවිත කරන මුල් නමේ ස්වරූපය අනුවද පක්ෂියා තෝරා ගත හැකිය.

ඔබේ උපන් නැකත,
අස්විද, බෙරණ, කැති, රෙහෙන, මුව සිරස යන නැකත් 05න් එකක් වී නම් ඔබට අයත් පක්ෂියා වන්නේ භේරූඪයා නොහොත් රාජාලියාය.
අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකත් 06ට යෙදෙන්නේ පිංගල නොහොත් බකමූණු පක්ෂියාය.
උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකතකින් උපන් අයට යෙදෙන පක්ෂියා වන්නේ කාක නොහොත් කපුටාය.
අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ යන නැකත් 06ට යෙදෙන පක්ෂියා වන්නේ කුක්කුට නොහොත් කුකුළාය.
දෙනට සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකත් 05න් උපන් අයට මයුර නොහොත් මොණරා අයත් වෙයි.
තමන්ගේ උපන් නැකත තමුන් නොදනී නම්
අ. ආ ස්වරවලට අයත් පක්ෂියා වන්නේ භේරූඪ (රාජාලියා) පක්ෂියාය.
ඉ, ඊ, ස්වරවලට බකමූණාය. (පිංගල)
උ, ඌ ස්වරවලට යෙදෙන පක්ෂියා වන්නේ කුකුළාය.
මයුර (මොණරා) අයත් වන්නේ ඔ, ඕ ස්වරවලටයි.

මෙම පක්ෂීන් පස් දෙනාගේ අවස්ථා පහක් වෙයි. එකී අවස්ථා මෙසේය. රජ, භෝජන, ගමන, නිදි සහ මරණ වෙයි. මෙම පංච පක්ෂි ක්‍රමවේදයේ පැය දෙකයි විනාඩි 24ක් යාමයක් ලෙස සැලකෙයි. යාම ක්‍රමය අනුව දිවා කාලයට උදේ 6.00 සිට සවස 6.00 දක්වා යාම 05ක්ද, රාත්‍රි කාලයට සවස 6.00 සිට පාන්දර 6.00 දක්වා යාම 05ක්ද අයත් වෙයි. පක්ෂියාගේ අවස්ථා පිළිබඳව සැලකිලිමත් වීමේදී පුර පක්ෂය හා අව පක්ෂයත්, දවාල සහ රාත්‍රියත් යෙදෙන අයුරු දැනගත යුතු වන්නේය. පුර පක්ෂයේ උදේ 6 සිට සවස 6 දක්වා වූ යාම පහ වෙන්වන්නේ මෙසේය. පළමු යාමය 6 සිට 8.24 , 2 වැනි යාමය, 8.24 සිට 10.48, තෙවැනි යාමය, 10.48 සිට 1.12, සිව්වැනි යාමය 1.12 සිට 3.36, පස්වැනි යාමය 03.36 සිට 6.00 දක්වා සිදු වෙයි. අවපක්ෂයටද යට කී අයුරින් කාලය වෙන්වෙයි. පක්ෂි අවස්ථා රජ, නිදි, මරණ, භෝජන සහ ගමන ලෙස වෙන්වේ.

උදේ 6 සිට 8.24 දක්වා භේරූඪ (රාජාලියා) භෝජන, 8.24 සිට 10.18 දක්වා ගමන 10.48 සිට 1.12 දක්වා රජ, 1.12 සිට 3.36 දක්වා නිදි, 3.36 සිට 6.00 දක්වා (සවස) මරණ යන අවස්ථාවල සිටී. මේ අවස්ථා සෙසු පක්ෂීන්ට එනම් පිළිවෙළින් (බකමූණා), පිංගල, කපුටු, කුකුළා, මොණරා යන අයට යටකී වේලාවන්ට යෙදෙනවිට පිංගල (බකමූණා) පිළිවෙළින් ගමන, රජ, නිදි මරණ, භෝජන, අවස්ථාවලට ලක්වේ. කපුටා, රජ, නිදි, මරණ, භෝජන, ගමන යන අවස්ථාවල යෙදෙයි. කුකුළා, නිදි, මරණ, භෝජන, ගමන රජ යන අවස්ථාවල යෙදෙයි. මොනරා, මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදේ. මෙම අවස්ථා යෙදෙන්නේ ඉරිදාට සහ අඟහරුවාදා යන දිනවලටයි.
සඳුදා සහ බදාදා දින දෙකට පිළිවෙළින් කලින් සඳහන් කළ කාලය තුළ, භේරූඪ පක්ෂියා මරණ භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදෙයි. පිංගල පක්ෂියා භෝජන, ගමන, රජ, නිදි මරණ, යන අවස්ථාවල යෙදී සිටී. කාක පක්ෂියා ගමන, රජ, නිදි මරණ, භෝජන අවස්ථාවල යෙදේ. කුක්කුට පක්ෂියා රජ, නිදි, මරණ, භෝජන, ගමන යන අවස්ථාවල යෙදේ. මයුර පක්ෂියා නිදි, මරණ, භෝජන, ගමන, රජ යන අවස්ථාවල යෙදී සිටී. පිංගල මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදේ. කපුටා භෝජන, ගමන, රජ, නිදි මරණ අවස්ථාවල යෙදේ. කුකුළා ගමන රජ, නිදි, මරණ, භෝජන යන අවස්ථාවල යෙදේ. මොණරා රජ, නිදි, මරණ, භෝජන ගමන යන අවස්ථාවල යෙදේ. මේ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවලද අවස්ථා 05ක් යට කී අයුරට වෙනස්ව සිදු වෙයි. රාත්‍රියටද මේ තත්ත්වය වෙනස් වේ.

අවපක්ෂයටද දිවා කාලයට සහ රාත්‍රි කාලයටද ඒ ඒ දින අනුව සහ කලින් සඳහන් කළ කාලවේලාවන් අනුව පක්ෂීන්ගේ අවස්ථා යෙදෙයි.

මෙහිදී රජ, භෝජන – ගමන යන අවස්ථා යෙදුණු පක්ෂියා ජයග්‍රහණය කරයි. ශුභ ඵල උදාකරයි. නිදි මරණ අවස්ථාවලදී අශුභ ඵල ලැබෙන නිසා එකී වේලාවන් යොදා ගැනීම සුදුසු නොවේ.
පක්ෂියා රජ හෝ භෝජන අවස්ථාවකට පිවිසි වේලාව පුර – අව මෙන්ම දවාලට හා රාත්‍රියට යෙදෙන ක්‍රම ගැන සැලකිලිමත්වීම වටී. ලංකා පංචාංග හා ඈපා යන ග්‍රහස්ඵුට ලිතෙන් මේ ගැන වැඩි විස්තර දැනගත හැකිය.

ඔබත් තමන්ට හිමි පක්ෂියා රජ හෝ භෝජන යන අවස්ථාවලට පැමිණි කළ තරග අවස්ථා හා විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ, රැකියා හා ගමන් බිමන් යාම, විවාහ කටයුතු වැනි වැදගත් කාර්යයන්වල යෙදීම මගින් යහපත් සුබපල අත්කර ගත හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

බිමල්ගේ අලුත්ම ආලේ ‘කොරෝනා කාලේ ආලේ’

Next Post

කාටවත් නොදැනී ගැහැනුන්ගේ කාමරවලට රිංගන කළු කුමාරයා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.