• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බිමල්ගේ අලුත්ම ආලේ ‘කොරෝනා කාලේ ආලේ’

October 24, 2020
in Heart
Reading Time: 2 mins read
A A
බිමල්ගේ අලුත්ම ආලේ ‘කොරෝනා කාලේ ආලේ’
Share on WhatsAppShare on Facebook

බිමල් ජයකොඩි ගැන ලියන්නට පෑන මෙහෙයවීමට ලැබීමද එක්තරා ගෞරවයකි. එසේත් නැතිනම් ආඩම්බරයකි. ඒ තරමටම බිමල්ගේ රංගන පෞරුෂය ශ්‍රේෂ්ඨය. එලෙසම මේ කදිම රංගනවේදියා ගැන හැඳින්වීමක් ලියන්නටද අවැසි නැති තරම්ය. ප්‍රේක්ෂක සිත් සතන් තුළ ඔහුගේ කඩවසම් රූපකාය මෙන්ම මනරම් රංගන කුසලතාවයද නිදන්ගතව ඇත. ඉතින් තව වචන කුමකටද? ඔහු හා සුහද පිළිසඳරකට මෙසේ ආරම්භය තබමු.
ඉතින් බිමල් පසුගිය දවස්වල ඔබ බොහෝ කාර්යබහුලව සිටි බව ආරංචියි?
ඔව්. රූගත කිරීම් බොහොමයකට සහභාගි වුණා. මේනක රාජපක්ෂ නම් අපේ තරුණ රංගනවේදියාගේ පළමු අධ්‍යක්ෂණය තුළත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අලුත් ටෙලිනාට්‍යය දෙකකත් වැඩ කටයුතු නිම වුණා. සුවිශේෂීම සිදුවීම වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘කොරෝනා කාලේ ආලේ’ චිත්‍රපටයෙහිද රඟපෑම් කටයුතු සඳහා සහභාගි වුණා.
‘කොරෝනා කාලේ ආලේ’ ගැන කතා කරන්න අකමැති නැතුව ඇති ඔබ?
අනිවාර්යෙන්ම එය කතා කළ යුතුම සංසිද්ධියක්. ‘මව්රටෙහි’ කතිකාවක් සඳහා ආරාධනා ලැබෙනකොටත් මගේ හිතට ආවේ ‘කොරෝනා කාලේ’ ආලේ ගැන අනිවාර්යෙන්ම කතා කළ යුතුය කියන සිතුවිල්ලයි. කොරෝනා කාලෙහි පිටපත ප්‍රසන්න ජයකොඩි කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා වෙතින් නිර්මාණය වූයේ පළමුවැනි කොරෝනා රැල්ල පැමිණීමත් සමඟමයි. ඔහු ඒ පිළිබඳව මා සමඟ කතාබහ කළා. එහි මට හිමි චරිතය ගැන පවා මට පැහැදිලි කිරීමක් කළා.
‘කොරෝනා කාලේ ආලේ’ ගැන කෙටි හැඳින්වීමක්, නිර්මාණයෙහි කුතුහලයට හානියක් නොවන ආකාරයට විග්‍රහ කරනවා නම් එය ආදරයේ මිහිරියාව සමඟ දිවෙන කතාවක්. එහි මට අයඅතිව තිබෙන්නේ ‘රවී’ කියන තරුණ මිනිසකුගේ චරිතයයි.
කොරෝනාව මිනිසුන් අතරට පැමිණි ආකාරය, එහි පීඩාකාරී ආගන්තුක බවට ඔවුන් මුහුණදෙන ආකාරය, සමාජයට කොරෝනාව දැනෙන විදිය, ඔවුන් එය බාරගත් සහ එයට මුහුණදුන් ආකාරය, තරාතිරමත් නැතිව හැම සමාජ මට්ටමකම එය විහිද ගිය ස්වභාවය ගැනද ප්‍රසන්න ජයකොඩි හරිම අපූරු විග්‍රහයක් කර තිබෙනවා.
‘කොරෝනා කාලේ ආලේ’ තුළ ඉන්නේ චරිත තුනයි. එහි මම රඟපාන රවීගේ චරිතය දිවයන්නේ විනාඩි 15ක් වැනි කාලයක් තුළ වුවද ‘රවී’ කියන පුද්ගලයා හරහා තමයි කතා තේමාව කේන්ද්‍රගත වන්නේ.
ඔබ බොහොම තෘප්තියෙන් ‘රවී’ ගැන කතා කරනවා බිමල්?
සත්තකින්ම කියනවා නම් මම ඉතාම ආශ්වාදජනක සතුටක් ‘කොරෝනා කාලේ ආලේ’ චිත්‍රපය නිසා අත්වින්ඳාය කිව්වොත් එය ඉතාම නිවැරැදියි. පැය එකහමාරක ධාවනයකින් යුතු මේ අපූරු කතා පුවතෙහි මා සතු චරිත නිරූපණය විනාඩි 10ක් 15ක් වුවද ඒ කාලය තුළ මා ලද මානසික වින්දනය අති විශාලයි. ප්‍රසන්න ජයකොඩි කියන ප්‍රවීණ කලාකරුවාට මම ස්තුති කරනවා එවැනි භාග්‍යයක් වාසනාවක් මට උරුම කර දුන්නාට.
අනික මම විතරක්ම නෙමෙයි. මෙයට සහභාගි වූ සෑම කලාකරුවෙක්ම මූල්‍යමය කොන්දේසි ගැන පවා කිසිම ආකාරයක තැකීමක් නොකර තම කාර්යභාරය ඉටුකළේ විශාල කැප වීමක් තුළයි. ඇත්තටම කියනවා නම් ‘කොරෝනා කාලේ ආලේ’ චිත්‍රපටය සිනමා පටයක් විදිහට හෝල් එකක පෙන්වන්නට අවස්ථාව නොලැබුණත් වෙනත් කුමක් හෝ මාධ්‍යයක් හරහා එය ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එන සුබවාදී හැඟීම තුළ තමයි අපි හැමෝම ඉන්නෙ.
‘කොරෝනා කාලේ ආලේ’හි ‘රවී’ගේ චරිතය ඔබට ලැබුණේ ප්‍රසන්න ජයකොඩිගේ මනසෙහි මැවුණු යම් ස්වරූපයක් හරහාද?
ඔව්. ප්‍රසන්න ජයකොඩි මට කිව්වා ඔහු නිර්මාණය කළ රවීගේ අංග චලනය, බැල්ම, හැසිරීම සහ වයසෙහි පෙනුම මට සමානය කියා. ඒ ප්‍රතිරූපයට අනුව තමයි ඔහුගේ ආරාධනය ලැබුණේ.
ඔබේ සාර්ථක රංගන ජීවිතයෙහි නිර්මාතෘ ප්‍රසන්න ජයකොඩි නම් ප්‍රවීණයාය කිව්වොත් එය නිවැරැදිද?
සම්පූර්ණයෙන්ම එය නිවැරැදියි. සුවිශේෂීව ‘හදවිල සක්මන’ ටෙලි නිර්මාණය හරහා ප්‍රසන්න මට දුන් ආරම්භය ඉතාම අද්විතීයයි. චරිතයක් තේරුම් ගැනීම, එයට ප්‍රවිශ්ඨ වීම, ඒ තුළ දිගු ගමනක් යෑම සහ එහි අවසන් පියවර සාර්ථක කර ගැනීම යන සිදුවීම් තුළ ඔහු මට මඟපෙන්වූ ආකාරය කිසි විටෙකත් මට අමතක වන්නේ නැහැ. ඔහුගේ නිර්මාණවලට දායක වීම තුළ මම විශාල සතුටක් අත්විඳිනවා. හැබැයි අවාසනාවකට වාගේ කාලය වෙන්කර ගැනීමේ අපහසුතාවය මත ඔහු කළ සමහර ආරාධනයන් මා වෙතින් ගිලිහී ගියා. ‘කොරෝනා කාලේ’ ආලේ සමඟ නැවැතත් මම ප්‍රසන්න ජයකොඩි සමඟ එක්වුණේ මතක හැටියට අවුරුදු 15කට පමණ පසුවයි. ඒ වගේම ප්‍රවීණ නිර්මාණකරු ආනන්ද අබේනායක ගැනද මෙහිදී සිහි නොකළහොත් එය අසාධාරණයක්. බිමල් ජයකොඩි කියන රංගවේදියා අද සාර්ථක තැනක ඉන්නවා නම් ඒ සාර්ථකත්වයට උරදුන් සුවිශේෂී පුද්ගලයන් දෙදෙනා අතර ප්‍රසන්න ජයකොඩි වගේම ආනන්ද අබේනායකත් ස්ථීරවම සිටිනවා. ඒ වාගේම මා වටා රැඳෙමින් රංගනය යන විෂය ගැන යම් අත්දැකීමක් දුන් රංගන ශිල්පීන් අතර මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, අසෝක අතාවුදහෙට්ටි, ප්‍රියන්ත සිරිකුමාර සහ පාලිත පෙරේරා යන පිරිස ගැනද අමතක නොකර මෙහිද කිවයුතුමයි. රංගන ජීවිතය තුළ මම දිගු ගමනක් ඇවිත් තියෙනවා නම් ඒ පැමිණියේ ප්‍රවීණයන්ගේ මෙහෙයවීම මත මිසක ඇකඩමියකින් ලබාගත් දැනුම හරහා නොවේ.
ප්‍රේක්ෂකයන් අතර රංගනවේදියකු ලෙස ඔබ ජීවමාන වූයේ ‘ජීවිතයට ඉඩදෙන්න’ නිර්මාණය තුළිනුයි?
ඉතාම හැඟීම්බර චරිත නිරූපණයක්. එදා වාගේම අදටත් බොහෝදෙනකු ඒ ගැන කතා කරනවා.
යම් චරිතයකට ප්‍රවිෂ්ඨ වීමට පළමුව ඔබ ඒ ගැන අධ්‍යයනය කරනවාද?
මෙහෙමයි. සමහර චරිත නිරූපණයන් සඳහා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඒ සඳහා අපව යොමුකරවනවා. නිදසුනක් ලෙස සුනාමි චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරන්නට පළමුව අප එවැනි අත්දැකීම්වලට මුහුණදුන්නා. වතුරට හුරු වන ආකාරය ගැන වතුර යට අපට කොයි තරම් වෙලා ඉන්න පුළුවන්ද කියන අවස්ථාවක් ගැන එහි රඟපෑ සෑම රංගනවේදියෙක්ම යම් පෙරහුරුවක් ඇතිකර ගත්තේ පුරා දවසක්ම වාගේ ස්විමින්පූල් එකක බැහැගෙනයි.
‘ගාමණී’ චිත්‍රපටය තුළද ඔබ එවැනි පෙරහුරුවක් ලබාගත්තා?
ඔව්. ‘ගාමණී’ කියන්නේ දක්ෂ වෙඩික්කාරයෙක්. ගාම්භීර නිලධාරියකු සතු හැසිරීම් සැලියුට් එකේ ඉඳලම ඉගෙනගන්න අප හමුදා කඳවුරු වෙත ගියා. පුහුණුව ලැබුවේ සජීවී උණ්ඩවලින් බොහොම පරෙස්සමට. කර්නල් රත්නප්‍රිය බන්ධු අපට දුන් සහාය තුළ ආචාර්ය සරත් වීරසේකර හමුදා නිලධාරියකුගේ මනස හැසිරවීම ගැන කියාදුන් යම් පාඩම් තුළ දක්ෂ චරිත නිරූපණයකට අවැසි පන්නරය මම ලබාගත්තා. ඉතින් මම හිතනවා එවැනි අධ්‍යයනයන් හරහා අපට තව තව දෑ අලුතින් ඉගෙන ගන්න පුළුවනිය කියා.
ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ඔහුගේ නිර්මාණයකට ඔබව බොහෝ විට දායක කර ගන්න හේතුව කුමක්ද?
ඔහු මට කියනවා ඔහු මවන සමහර චරිතයන් ඉදිවන්නේ මගේ ස්වරූපය හරහා කියා. ඉතින් රසික සුරවීර අතින් ලියැවෙන පිටපතක යම් චරිත සඳහා ශිවා කරන ආරාධනයක් මම සතුටින් බාර ගන්නවා.
රංගන කලාවෙන් බැහැරට ගිය ඔබේ පුද්ගලික තොරතුරු දැනගන්න කැමැතියි?
මමත් සුජානිත් හරිම අපූරු පවුලක්. අවබෝධය, පරිත්‍යාගශීලී බව තුළ අපි සතුටින් ජීවත් වෙනවා. රංගනයත්. පෞද්ගලිකය කියන ජීවිතය තුළත් මම සාර්ථක තැනක සිටිනවාද? ඒ තැනට ඒම සඳහා මට සුජානි දුන් අත්වැල ඉතා ආදරණීයයි. ඉදිරියට කරන්නට තිබෙන නිර්මාණ කිහිපයක් ගැන මමත් ඇයත් යම් සැලැස්මක සිටිනවා. බාලසූරිය මහතා සමඟ ආරම්භ කිරීමට නියමිතව තිබූ එම චිත්‍රපට නිර්මාණය කොරෝනා උවදුර නිසා අතරමඟ දැනට නතරව තිබෙනවා.
ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට පණිවුඩයක් දෙනවා නම්?
‘කොරෝනා කාලේ’ ආලේ තුළින් කොරෝනා උවදුරට මුහුණදිය යුතු ආකාරය ගැන මා බොහෝ දේ ඉගෙන ගත්තා. මගේ දයාබර ප්‍රේක්ෂකයන්ට කියනවා පරිස්සමෙන් ඉන්න. අන් අයගේ පරෙස්සම ගැනද හිතන්න. නීතියකට යටත් වෙනවාට වඩා මානුෂිකත්වය තුළ අපි හැමෝම අපේ සිතුවිලි මෙහෙයවනවා නම් කොරෝනාව පරාජය කිරීම හිතන තරම් අපහසු නැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආ රෝහණ සහ අව රෝහණ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

ඔබේ පක්ෂියා රජවෙන වෙලාව දන්නවද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.