• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අහල තිබුණට දන්නෙ නැති 22 දෙර්කාධිපති

August 1, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අහල තිබුණට දන්නෙ නැති 22 දෙර්කාධිපති
Share on WhatsAppShare on Facebook

කෙනකුට මරණය ගෙන ඒමට තරම් බලවතෙක් යැයි කියන 22 දෙර්කාණාධිපති ගැන නිතර නිතර ජ්‍යොතිෂය තුළ කියැවෙයි. කවුද මේ දෙර්කාණාධිපති. ජ්‍යොතිෂය ගැන හරියට නොදන්න කෙනකුට හිතෙන්නෙ එහෙම. එනිසා 22 දෙර්කාණාධිපති සම්බන්ධව ඔබ දැනසිටිය යුතුමයි.

ලග්න කේන්දරයකට හිමි 22 දෙර්කාණාධිපති සොයාගනු ලබන්නේ මෙලෙසයි. යම් ජන්මියකු උපත ලබන විට ලග්න කේන්දරයේ මුල් නවාංශක තුනෙන් එකක් උදාවී ඇත්නම් ඔහුගේ කේන්දරයේ 22 දෙර්කාණාධිපති වන්නේ ලග්න කේන්දරයේ 8 අධිපතියායි. එමෙන්ම යම් ජන්මියෙක් උපත ලබන විට මැද නවාංශක තුනෙන් එකක් උදාවී ඇත්නම් ඔහුගේ කේන්දරයේ 22 දෙර්කාණාධිපති වන්නේ එම ලග්නයේ 12 වැන්නාධිපතියායි. යම් ජන්මියකු උපත ලබන විට අග නවාංශක තුනෙන් එකක් උදාවී ඇත්නම් ඔහුගේ කේන්දරයෙහි 22 දෙර්කාණාධිපතියා වන්නේ එකී ලග්නයෙන් සිව් වැන්නාධිපතියායි. එසේම කේන්දරයෙහි ලග්න ස්ඵුටය සටහන් කර ඇත්නම් එම ලග්න ස්ඵුටය භාවිත කර ඉතා පහසුවෙන් 22 දෙර්කාණාධිපතියා සොයා ගන්නටද හැකියාව ඇත.

ඒ අනුව ලග්න ස්ඵුටය 0-10 අතර නම් 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ එකී ලග්නයෙන් 8 අධිපතියාය. ලග්න ස්ඵුටය 10-20 අතර නම් 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ එම ලග්නයෙන් 12 වැන්න අධිපතියායි. ලග්න ස්ඵුටය 20-30 අතර නම් 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ එම ලග්නයෙන් 4 වැන්නාධිපතියායි.

මෙයට අමතරව කේන්දරයක දෙර්කාණ ලග්නය සටහන් කර ඇත්නම් එයින්ද 22 වැනි දෙර්කාණාධිපතියා සොයාගත හැකියි. කේන්දරයකට අයත් පළමු දෙර්කණ ලග්නය උත්පත්තියේදී උදාවී ඇත්නම් 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ ලග්න කේන්දරයේ 8 වැන්නාධිපතියායි. එමෙන්ම ලග්න කේන්දරයට අයත් දෙවැනි දෙර්කාණ ලග්නය උපතේදී උදාවී ඇත්නම් 22 වැනි දෙර්කාණාධිපති වන්නේ ලග්නයෙන් 12 වැන්නාධිපතියායි. ලග්න කේන්දරයට අයත් තෙවැනි දෙර්කාණ ලග්නය උපතේදී උදාවී ඇත්නම් 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ ලග්නයෙන් හතර වැන්නාධිපතියායි.

ඒ අනුව පැහැදිලි කරගත යුතු විශේෂ කාරණා වන්නේ මෙම 22 වැනි දෙර්කාණාධිපතියා 8 හෝ 12 වූ විට සහ එකී 8, 12 යන දෙර්කාණාධිපතියකු ලග්න කේන්දරයට 22 වැනි දෙර්කාණාධිපතියා වී පාප පීඩිත වී ඇති කල එකී 22 වැනි දෙර්කාණාධිපතියාට අයත් මහා දශාවන් හෝ අන්තර් දශාවන් ලැබූ කල ජන්මියාට තදබල අපල, විපත් ඇති කරන බවයි.

කෙසේ නමුත් 4 වැන්නාධිපති 22 වැනි දෙර්කාණාධිපති වශයෙන් සෑම ලග්නයකටම අසුබපල උදාකරන්නේ නැත. 4 වැන්නාධිපති 22 වැනි දෙර්කාණාධිපතියා වශයෙන් අසුබ පල උදාකරන්නේ කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ලග්නවලට පමණි. එයින් කටක ලග්නයේ අවසන් දෙර්කාණයේ උපත ලැබූ කල, 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ එම ලග්නයෙන් සිවුවැන්නාධිපති වන සිකුරුය. සිකුරු, කටක ලග්නාධිපති සඳුට සතුරු ග්‍රහයකු වීමත්, බාධක, සාමය වන 11 වැන්න වූ වෘෂභ රාශියෙහි අධිපති වීමත් යන කරුණු මත සිකුරු, කටක ලග්නයට 22 වැනි දෙර්කාණාධිපතියා වී අසුබව පිහිටි කළ අසුබ පල ලබාදෙයි.

කන්‍යා ලග්න කේන්දරයෙහි තෙවැනි දෙර්කාණයෙන් උපත ලබා ඇති විට 4 වැන්නාධිපති ගුරු ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේය. එම ගුරු කන්‍යා ලග්න කේන්දරයක කේන්ද්‍රස්ථාන දෙකකට හිමිකම් කියන නිසා බාධක ග්‍රහයා බැවිනුත්, ලග්නාධිපති බුධට සතුරු වීම නිසාත් ගුරු, කන්‍යා ලග්න කේන්දරවල 22 වැනි දෙර්කාණාධිපති වී අසුබව පිහිටි කල ගුරුට අයත් මහා දසා සහ අතුරු දසාව ලැබූ ජන්මියාට අපල ගෙනදෙනු ඇත. වෘශ්චික ලග්නයෙහි අවසන් දෙර්කාණයෙන් ජන්මය ලැබූ අයකුගේ 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ එකී ලග්නයෙන් 4 වැන්නාධිපතියා වන සෙනසුරුය. සෙනසුරු එම කේන්දරයේ යම් භාවයක පාප පීඩිතව ඇති කල සෙනසුරු ග්‍රහයාට අයත් මහ දශා අතුරු දශාවලදී අපල ගෙනදෙයි.

මකර ලග්නයෙහි අවසන් දෙර්කාණයෙන් උපත ලබා ඇති විට 22 වැනි දෙර්කාණාධිපති වන්නේ මකර ලග්නයේ සිවුවැන්නාධිපති අඟහරුය. අඟහරු, මකර ලග්නාධිපති සෙනසුරුට සතුරු මෙන්ම 11 වැන්නාධිපති වෙමින් මකර ලග්න කේන්දරයට බාධක ග්‍රහයාද වන්නේය. එනිසා 22 වැනි දෙර්කාණාධිපති අඟහරු ලග්න කේන්දරයේ යම් භාවයක පාපපීඩිතව ඇත්නම් අඟහරුට අයත් මහ දශා සහ අතුරු දශාවල අයහපත් පල ලබා දෙන්නේය.

මීන ලග්නයෙහි අවසන් දෙර්කාණයෙන් උපත ලබා ඇති අයකුගේ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ලග්නාධිපති ගුරුට සතුරු ග්‍රහයෙකි. එමෙන්ම කේන්ද්‍රස්ථාන දෙකකට හිමිකම කියන ග්‍රහයකු නිසාත් මීන කේන්දර හිමියාට බාධක ග්‍රහයා වන්නේය.
එනිසා බුධ, මීන ලග්න කේන්දරයක පාප පීඩිතව ඇත්නම් බුධගේ මහ දශා, අතුරු දශාවලදී දැඩි අසුබපල උදාකරයි.

මේ අනුව ඔබට ඒ ඒ ලග්නවලට 22 වැනි දෙර්කාණාධිපතිගේ ඇති බලපෑම් හඳුනාගත හැකිය. කෙසේ නමුත් 22 වැනි දෙර්කාණාධිපති සම්බන්ධව තීන්දු, තීරණ ගැනීමට ඒ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලිව අධ්‍යයනය කළයුතුය. එසේ නොවුණහොත් සියයට සියයක් සාර්ථක පලාපල කථනයක් නොලැබෙන්නට ඉඩ ඇත.
ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

චීනය සහ ඉන්දියාවේ ‘ලඩක්’

Next Post

හිතෙන හිතෙන විදියට යන්න බැරි ලංකාවේ අලුත්ම කෞතුකාගාරය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.