ඉන්දියාවට එරෙහිව චීනය ඉන්දියාවේ ලැඩැක් ප්‍රාන්ත ප්‍රදේශයේ ආරම්භ කර ඇති ආක්‍රමණශීලී ක්‍රියාවට රාජ්‍යතාන්ත්‍රික මෙන්ම සන්නද්ධ පාර්ශවයද සම්බන්ධය. ජාත්‍යන්තරය චීනයේ මේ සූත්තරකාර තත්ත්වය පසුගිය අප්‍රේල් මාසයේදී (2020.04) අත්දුටුවේ ලැඩැක් ප්‍රදේශයේ සුළුවශයෙන් ඉන්දියාවට එරෙහිව මුලදී ආරම්භ කළ හමුදාමය (සන්නද්ධ) ප්රචණ්ඩ ක්‍රියා පසුව මහා පරිමාණයට වර්ධනය කළ කල්හිය. චීනයේ විද්ශීය රාජ්‍යතාන්ත්‍රිකයන් තම රට ගෙනයන කළහකාරී හමුදාමය ක්‍රියා කලාපයට සම්පූර්ණයෙන්ම සහාය වන බවද ලෝකය දැන ගත්තේය. බෙයිජිං (චීනය) සිය අරමුණු ඉටුකර ගැනීිමට තමන් දන්නා සෑම ශිල්පයක්ම යොදන බව පසුගියදා චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයා කළ නිවේදනවලින් කියැවිණි. ඒ සඳහා කරුණු පැහැදිලි කිරීමට දැක්විය හැකි හොඳම නිදර්ශනය පසුගිය ජූනි විසිපස් (25) වැනිදා චීන විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ඉන්දු චීන දේශ සීමා අවුල සම්බන්ධව නිකුත්කළ මාධ්‍ය නිවේදනයයි.
කවර අයුරකින් හෝ ගැල්වාන් නදියේ මෝය තරණය කිරිමට හෝ එසේ තරණය කර මුර සංචාරය කිරීමට හෝ ගොඩනැගිලි වැනි යටිතල පහසුකම් ඉදිකිරීමට හෝ කටයුතු නොකරන බවට ඉන්දියාව චීනය සමග දේශ සීමා ගැටලුව සම්බන්ධව පැවති ඉහළ පෙළේ සාකච්ඡාවේදී පොරොන්දු වුණා. එපමණක් නොව මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡාකර දෙපාර්ශවයේ හමුදා පියවරෙන් පියවර ඉවත් කර ගැනීමටද සාකච්ඡා පැවැත් වෙනවා යැයිද චීන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ජ්‍යෙෂ්ඨ කර්නල් වූ ක්වේන් ප්‍රකාශ කෙළේය. මේ ප්‍රකාශයම චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් කීවේය.
ෂාඕ ලිජියන් කියවා ඇත්තේ කර්නල් වූ ක්වේන්ගේ කතාවේ චීන පිටපතෙහි සඳහන් කරුණුය. ඒ පසුගිය මැයි මාසයේ මුල් දිනවල දේශසීමාවෙන් ඉවත් වීමට ඉන්දියාව පටන් ගත් බවයි. ගැල්වින් නදී නිම්නයේ වෙසෙන පුද්ගලයන් එයින් ඉවත් කිරීමටත් ඒ ප්‍රදේශයේ ඉදිකර ඇති සියලුම ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් කඩා ඉවත් කරගැනීමටත් ඉන්දියාව චීනයේ ඉල්ලීම් අනුව එකඟ වූ බවද කර්නල්වරයාගේ කතා පිටපතෙහි තිබේ. එමතුද නොව ඉන්දියාව කරන දේවලට දරුණු ප්‍රතිපල ලැබෙන බවටද ෂාඕ ලිජියන් තර්ජනාත්මකව ප්‍රකාශ කර ඇත. එපමණක් නොව චීනය ඉන්දියාවට එමගින් චෝදනාද කර ඇත.
මෙම දේශ සිමා අවුලේ ඇත්ත තත්ත්වය නම් ආක්රමණිකයා චීනයයි. චීනය හොර රහසේ දේශ සීමාව ආක්‍රමණය කර තිබේ. අනතුරුව ඉන්දියාවේ කොටසක් අල්වා ගත් චීනය ඉන්දියාවට චෝදනා කරමින් ලෝකයාට මං සුදනා වෙන්නට කරුණු කියයි.
චීනය කරන කියන කටයුතු පිළිබඳව පරීක්ෂාවෙන් නිරීක්ෂණය කරන මහාචාර්ය බ්‍රහ්ම චැලෙනි දෙදහස් දහ තුනේදී (2013) ලියූ පුවත්පත් ලිපියක සඳහන් කර ඇත්තේ චීනය වෙනත් පාර්ශව සමග එළඹෙන ගිවිසුම් යනු සතුරන් මුළාවේ දැමීමට යොදා ගනු ලබන ආයුධයක් හැටියටය. චීන සන්ට්සුගේ ප්‍රසිද්ධ මහා කියමනක් තිබේ. චීනයේ සියලුම යුද කටයුතු කෙරෙන්නේ රැවටීම මුලාව පාදක කර ගැනීමෙනි. ඒ මුලාව හා යුදමය ඒ ක්‍රියාදාමය චීනය මෙවර ලැඩැක් ප්‍රාන්තයෙන් පටන් ගෙන තිබේ. චීනයේ මේ හැසිරීම් රටාව ඉන්දියාවට අමුත්තක්ද පුදුමයක්ද නොවේ. කොයිකවරදාත් කරන විලාසිතාවය. දක්ෂිණ චීන මුහුදේ, වියට්නාමය සහ පිලිපීනයටත් කළේ ඔය දේමය. චීනය කර ගෙන යන මේ සිරිත නම් චීනය කිසියම් ප්‍රදේශයක සිටියා නම් ඊළඟ සුදානම ඒ ප්‍රදේශය තමන් සතු කර ගැනීමය. දක්ෂිණ චීන මුහුදේ බලය තමන් සතු නර ගැනීමට චීනය යෙදුවේ මේ උපායමාර්ගයයි. ඉන්දියාවේ හිමාල කොටසටද තැබුවේ මේ අතමය.
පළමුව ඔවුන් කළේ දේශ සිමා මායිම ආසන්නයේ මහා පරිමාණයේ යටිතල පහසුකම් ඉදිකිරීමය. ඉන් පසු ඉදිරියට රැගෙන යෑමය. එසේ කර සම්පූර්ණයෙන්ම ඒ ප්‍රදේශය සිය පාලනයට නතු කර ගැනීමය. චීනය මේ කූට උපක්‍රමය දෙදහස් දහ හතේදී (2017) ඩොක්ලම් ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙළේය. දැන් ඒ උපාය මාර්ගයම ඉන්දියාවේ ගල්වාන් නිම්නයේ ලැඩැක් ප්‍රාන්තයේ ක්‍රියාත්මක කරයි.
තමන්ට කඩා ගැනීමට අවශ්‍ය වෙන ප්‍රාන්තය හෝ ප්‍රදේශය අයත් වන රටේ ප්‍රතිපත්ති සහ චර්යාව වෙනස් කරවීමට අවශ්‍ය අන්දමින් චීනය තර්ජන සහ සිය හමුදා ක්‍රියා යොදවයි. එහෙත් එහි වගකීම අනිත් පාර්ශවයේ කර පිටට පැටවෙන සේ කටයුතු කිරීමටද උපා යොදයි. අරමුණු කරගත් රට මේ නිසා අභියෝග නොකරන තැනට කටයුතු කර ගැනීමට වගබලා ගත් පසු දෙපාර්ශවය අතර සාකච්ඡාවට අත වනයි. ඒ සාකච්ඡාව දිනා ගැනීමට උත්සාහ ගන්නේ බලපුළුවන්කාරකම පෙන්වමින් හයිරංකාරකමෙනි.
මේ උපක්‍රමශීලී ක්‍රියා මාර්ගයම දෙදහස් දහහතේදී (2017) ඩොක්ලාම් ප්‍රදේශයේදීද මෙයට අංශුමාත්‍රයක හෝ වෙනසක් නොමැතිව ක්‍රියාත්මක කෙරිණි. ඩොක්ලාම් හෝ වේවා, ලාඩැක් හෝ වේවා ඔය කොයි කරුණටත් චීනයේ විදේශ අමාත්‍යාංශයෙන් හෝ නැතහොත් චීන ආණ්ඩුවේ සන්නද්ධ මොනයම් ආයතනයකින් ලැබුණේත් ලැබෙන්නේත් සුළුපටු අවවාද නොවේ. චීන්නු සිය ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට පෙළගැසෙති. ඩොක්ලම් අවුල පැවති සමයේ ගින්දරත් එක්ක සෙල්ලම් එපාම යනුවෙන් චීන ජන මාධය ඉන්දියාවට තර්ජනය කෙළේය. ඩොක්ලම් ප්රශ්නයේදී එසේ නම් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් හුවා චුනියිං පසුගියදා (2020.06.18) ඉන්දියාවට තර්ජනාත්මකව කීවේ චීනය අඩුවෙන් තක්සේරු කරන්න එපා යන්නයි.
චීන විදේශ අමාත්‍යාංශය ඩොක්ලාම අවුලේදී වාදනය කළ තැටියම ගැල්වන් නදී සීමා අවුලේ දීද වාදනය කරන බවම පෙනේ. කෙටියෙන් පවසන්නේ නම් චීනය ඉන්දියාවට රාජතාන්ත්‍රික, හමුදාමය සහ මාධ්‍ය යන සියලුම අංශවලින් ප්‍රහාර එල්ල කරන බවයි. එපමණක් නොව චීනය දහනම වැනි සියවසේ තිබූ අධිරාජ්‍යවාදි බලය තහවුරුකර ගෙන ඇති බව පැහැදිලිව පෙනෙන බවයි.
වර්තමානයේ චීනය ක්‍රියා කරන්නේ නව අධිරාජ්‍යවාදී බලය අත් කර ගත්තකු පරිදිය. චීනයට අවශ්‍ය වී ඇත්තේ ඒ බලය තදාසන්න ප්‍රදේශයේ පතුරා හැරීමටය. දක්ෂිණ චීන මුහුදේ සහ හිමාල ප්‍රදේශයේ ක්‍රියාකාරීව කටයුතු කරන්නේ එබැවිනි.
චීනා මේ යන ගමන නැවැත්වීමට දැන් කාලය පැමිණ තිබේ. එය ඉන්දියාවට කළ හැකිය. චීනා මේ නෙයියාඩගම් නටන කාලයේ හමුදාශක්තිය ජාතික රුචිකත්වය උදෙසා වන පාඩම ඉන්දියාව උගත යුතුව තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ











