• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හිතෙන හිතෙන විදියට යන්න බැරි ලංකාවේ අලුත්ම කෞතුකාගාරය

August 1, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හිතෙන හිතෙන විදියට යන්න බැරි ලංකාවේ අලුත්ම කෞතුකාගාරය
Share on WhatsAppShare on Facebook

සමුද්‍ර කෞතුකාගාරයක් යනු පැරණි බඩු භාණ්ඩ තැන්පත් කර මුහුදු පතුලේ ඉදිකරනු ලැබූ ස්ථානයකි. මෙදා විදෙස් රටක් වෙන මෙක්සිකෝවේ ක්‍රැන්චුන්හි මුහුදු පතුලේ ඉතා අලංකාර සමුද්‍ර කෞතුකාගාරයක් තිබේ. එය ඔබ අප දන්නා ඉතා ප්‍රසිද්ධ කරුණකි. සමුද්‍ර කෞතුකාගාරයක් රටක තිබීම හරහා එම අදාළ රටට හිමිවන්නේ ආර්ථික අතින් ඉහළ ස්ථානයකි. එය අද මෙක්සිකෝව අත්විඳිමින් සිටියි. මෙක්සිකෝව එසේ මුහුදු පතුලේ සමුද්‍ර කෞතුකාගාරය හදන්නේ නිකන්ම නොවේ. සැබෑවටම ඊට සෘජු හේතුවක් තිබේ. අද අප දන්නා පරිදි දිය යට ලෝකයේ අසිරිය ප්‍රබලය. එනිසා එම අසිරිය විඳීමට සංචාරක කිමිදුම්කරුවන් දිය යට කිමිදෙයි. එහිදී දිය යට මුහුදු පතුලේ ඇති ස්වභාවික කොරල්පරවලට යම් යම් හානි සිදුවෙයි. ඒ නිසාවෙන් මෙක්සිකෝ සාගර විද්‍යාඥයන් කෘත්‍රිම කොරල් උද්‍යාන කෙරෙහි අවධානය යොමුකර තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ කෘත්‍රිම ගල්පර හා මූර්ති සහිත විශාල සමුද්‍ර කෞතුකාගාරයක් මුහුදු පතුලේ ඉදිකිරීමය. එලෙස සමුද්‍ර කෞතුකාගාරයක් ඉදිකිරීමෙන් කොරල් වැඩෙනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව ඔවුන් එදා මෙක්සිකෝවේ සමුද්‍ර කෞතුකාගාරයක් ඉදිකළ බවට පැවසෙයි. මෙය එදා මෙක්සිකෝ සමුද්‍ර කෞතුකාගාරය ඉදිකිරීම පිටුපස තිබූ කතාවයි.

මෙක්සිකෝ සමුද්‍ර කෞතුකාගාරයේ කතාව එසේ වෙනවිට ශ්‍රී ලංකාවේද දැන් සමුද්‍ර කෞතුකාගාරයක් ඉදිකර තිබේ. එය ඉදිකර තිබෙන්නේ ගාල්ලේ මුහුදු පතුලේය. ඒ අනුව ගාලු කොටුවේ සිට මීටර් අටසීයක් පමණ දුරින් අඩි පනහක් පමණ වූ ගැඹුරින් මෙරට ඉදිකළ මුල්ම සමුද්‍ර කෞතුකාගාරය ඉදිකර තිබේ. එය විවෘත කෙරුණේද පසුගිය දිනකදීය. දැන් එය මෙරට ඓතිහාසික ගාලු කොටුවේ උරුමයට එක්වූ තවත් උරුමයක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය අප රටේ අනාගත ආර්ථිකයට සහ සංස්කෘතියට විශාල පිටිවහලක් වෙනු ඇති බව විශ්වාසයයි. මෙම සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමට යෑමට දැන් කියවන ඔබටද හැකියාව ඇත. එහෙත් ඊට පෙර ඔබට කිමිදුම්කරුවෙකු විය යුතුය. මන්ද මෙය තිබෙන්නේ අඩි පනහක් පමණ ගැඹුරු ගාල්ල මුහුදු පතුලේය. සැබෑවටම දෙස් විදෙස් කිමිදුම්කරුවන්ට නම් මෙය නවමු වූ වෙනස්ම අත්දැකීමකි. ඒත් ඔවුන් පවා සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමට යා යුතුවන්නේ අප රටේ ලියාපදිංචි කිමිදුම්කරුවෙකු සමඟය. එයට හේතුව ආරක්ෂාව අංක එක නිසාය.

ශ්‍රී ලංකාවේ ඉදිකළ මුල්ම සමුද්‍ර කෞතුකාගාරය පිටුපස සිටින්නේ අපේ නාවික හමුදාවය. ඔවුන් එසේ නොසිටින්නට මෙය අප රටට සිහිනයකි. අපේ නාවික හමුදාව මෙම සමුද්‍ර කෞතුකාගාරය ඉදිකරන අමාරු කාර්යයට අතගැසුවේ පසුගිය ජනවාරි මාසයේය. අප දන්නා පරිදි මුහුදු පතුලේ පැරණි වූ නෞකා මෙන්ම ප්‍රභූවරුන්ගේ වෙඩි නොවදිනා වාහන ආදිය ගිල්වා දැමීමෙන් පසු ඒවා නිරීක්ෂණට අවස්ථාව ලැබෙන්නේ නාවික හමුදාවටය. එය ඔවුන්ට ලැබෙනා වටිනා අවස්ථාවකි. කෙසේ වුවද ශ්‍රී ලාංකීය නාවික හමුදා කිමිදුම්කරුවන් අතරින් ප්‍රවීණ හා අත්දැකීම් තුළින් සපිරි කිමිදුම්කරුවෙකු වන හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය ඉදිකිරීමට අතගැසුවේය. ඒ වත්මන් අගමැතිතුමා ඔහුට කළ ඉල්ලීමකට අනුවය. ඒ ඉල්ලීමට අනුව හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදාව මුලින්ම කළේ ඊට අවශ්‍ය ප්‍රතිමා සහ මූර්ති ආදිය නෙළීමය. එයද එතරම් පහසු කාර්යයක් නොවන බව අප දන්නා කරුණකි.

එදා නාවික හමුදාව සමුද්‍ර කෞතුකාගාරය සෑදීමට තෝරාගෙන තිබෙන්නේ ගාල්ල මුහුදු සීමාවය. එය තෝරාගෙන මුලින්ම ඔවුන් කර ඇත්තේ ඊට අවශ්‍ය මුහුදු පතුලක් තෝරාගැනීමය. එසේ තෝරාගැනීමේදී මුහුදේ දියවැල් ගැන සහ ලවණ ගතිය ගැන පවා ඉතා විශාලව අවධානය යොමුකළ යුතුය. ඊට හේතුව සමුද්‍ර කොරල්පර වර්ධනය සහ මත්ස්‍ය ගහනයයි. එසේම මුහුදු පත්ල පැහැදිලි විය යුතු අතර හිරු එළිය මුහුදු පතුලට පතිතවිය යුතුය. එසේ නොවන්නට මෙම වැඬේ ආකර්ෂණීය අන්දමින් කිරීම ඉතා අපහසුය. ඒ සියල්ලම ගැන සිතූ නාවික හමුදාව ගාලු මුහුදේ සමුද්‍ර කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් නිශ්චිත පතුලක් තෝරාගෙන තිබේ. පසුව එහි ප්‍රමාණය සලකුණු කර ගල් කණු සිටුවූ බව සඳහන්ය. ඒ අනුව අඩි එකසිය විස්සක් දිග මෙන්ම අඩි හැටක් පළල කලාපයක් තුළ ගල්කණු විස්සක් යොදා සමුද්‍ර කෞතුකාගාරය සෑදීම වෙනුවෙන් මායිම් සලකුණු කර ඇත.

අපේ නාවික හමුදාව මීට වසර කිහිපයකට පෙර මීගමු මුහුදු පතුලේද මෙවැනි වූ කාර්යයක් සිදුකළ බව අපේ මතකයේ තැන්පත්ව තිබේ. නමුත් එය සමුද්‍ර කෞතුකාගාරයක් නොවේ. එදා සිදුකළේ විශාල නෞකාවක් තුළට මෙරට ජනපතිවරුන් ඇතුළු ප්‍රභූ පිරිස් පාවිච්චි කළ වෙඩි නොවදින හා වෙනත් වාහන ගාල්කර අදාළ නෞකාව මීගමු මුහුදු පතුලේ ගිල්ලවීමයි. එසේ කිරීමෙන් පසුව එය ආකර්ෂණීය කිමිදුම් මධ්‍යස්ථානයක් බවට පත්විය. අද එය මත්ස්‍ය සම්පත බෝ කරන මෙන්ම කොරල්පරවලින් වැසීගිය අපූර්ව සංචාරක පාරාදීසයකි. එවැනිම වූ අංගයක් ගාලු මුහුදේ ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කළේ ඒ අනුවය. මුලින් සූදානම්ව ඇත්තේ ඉවත දමන ලද දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදාගෙන සමුද්‍ර කෞතුකාගාරය ඉදිකිරීමටය. එහි අරමුණ වී ඇත්තේ ඉන්පසු ගාල්ල සංචාරක ක්ෂේත්‍රයේ මුදල් උපයන තෝතැන්නක් බවට පත්වෙනු ඇති බවට විශ්වාස කරමිනි. කෙසේ හෝ පසුව නාවික හමුදාව ජනපතිගේ සහ ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය මත මෙය ඉදිකිරීමට තීරණය කර තිබේ.

ඉවත දමන ලද දුම්රිය මැදිරි මෙන්ම ධීවර යාත්‍රා යොදාගෙන මේ සමුද්‍ර කෞතුකාගාරය ඉදිකරන ලෙස පැවසුවද එසේ දුම්රිය මැදිරි හා ධීවර යාත්‍රා එවකට සොයාගැනීමේ අපහසුව මත ඉවතදමන කොන්ක්‍රීට් තට්ටු මත ප්‍රතිමා නෙළීමට නාවික හමුදාව තීරණය කළ බව සඳහන්ය. ඊට අයි.සී.සී. ඉදිකිරීම් සමාගමේ ඉවතලන කොන්ක්‍රීට් තට්ටු ලබාගත් බවද පැවසෙයි. එමෙන්ම ඉන්සී නම් සිමෙන්ති සමාගමෙන් ඒ සඳහා සිමෙන්ති ලබාදුන් බවද සඳහන් වෙයි. එමෙන්ම සමුද්‍ර කෞතුකාගාරය සියලුම ප්‍රතිමා සහ මූර්ති සෑදීමට යොදාගත්තේ නාවික හමුදාවේම සිටි අතිදක්ෂ මූර්ති ශිල්පීන්ය. අවසන ශ්‍රී ලාංකීය ප්‍රෞඪත්වය සමඟින් ශ්‍රී ලංකාවේ මුල්ම සමුද්‍ර කෞතුකාගාරය ගාලු මුහුදේ ඉදිවිය. සැබෑවටම එහි වැඩිම ගෞරවක් යා යුත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතය. මන්ද පසුගිය ජනවාරි 15 වැනිදා ආරම්භ වූ සමුද්‍ර කෞතුකාගාරයේ සියලුම ප්‍රතිමා සහ මූර්ති නෙළීම මාර්තු 20 වැනිදා අවසන් වූ අතර අප්‍රේල් 05 වැනිදා වෙනවිට එහි සියලු ඉදිකිරීම් අවසන් කෙරුණි. ඒ අපේ ගෞරවනීය නාවික හමුදාවේ අසීමිත කැපවීම නිසාය.

මෙම සමුද්‍ර කෞතුකාගාරයේ ස්වභාවය ගැන පැවසීමේදී ඊට ඇතුළුවෙන ස්ථානයේ මුරගල් දෙකක් මෙන්ම සිංහ කුලුනු සහ කොරවක්ගල් පවා නෙළා තිබේ. සීමාව සලකුණු කර ඇති ගල්කණු රජ කාලේ ඉදිකළ ගල් කණු ලෙස නිමවා ඇත. අප සොයාගත් තොරතුරුවලට අනුව එම ගල් කණුවක් උසින් අඩි දොළහකි. තවද මෙම සමුද්‍ර කෞතුකාගාරය ඇතුළත ඉසුරුමුණිය පෙම් යුවළත් දිය කිඳුරියන්ගේ පිළිමත් පැරැණි කාලතුවක්කු ආදිය මෙන්ම හමුදා සෙබළුන්ගේ ප්‍රතිමා පවා දැකිය හැකිය. එමෙන්ම තවත් බොහෝ දේවල් එහිදී දැකැගැනීමට හැකියාව ඇති බව පැවසෙයි. මේ අතර ඒ ඇති බොහෝ මූර්ති ප්‍රමාණයෙන් ටොන් ගණනින් බරය. සමහර මූර්ති ටොන් හතරේ සිට අට දක්වා බර වූ බවත් ඒවා මුහුදු පතුලේ තැන්පත් කිරීමට අපහසු වූ බවත් පැවසෙයි. සැබෑවටම ඒ සියල්ල මුහුදු පතුලේ තැන්පත් කොට තිබෙන්නේ වරාය අධිකාරිය සතු දොඹකර හා නාවික හමුදාවේ වායු බැලුන් යෙදවීමෙනි. අවසානයේ සියලු වැඩ අවසන් කොට සමුද්‍ර කෞතුකාගාරය පසුගියදා විවෘත කෙරුණි. ඊට යෑමට අඩි පනහක් ගැඹුරු මුහුදු පතුලෙහි කිමිදිය යුතු අතර සමුද්‍ර කෞතුකාගාරයේ ආරාධිත අමුත්තා වූයේ හිටපු නාවික හමුදාපතිය. එය විවෘත කිරීමේදී පීත්ත පටියක් පවා මුහුදු පතුල තුළදී කැපූ අතර මෙම සමුද්‍ර කෞතුකාගාරය නිසා දැන් අපේ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගොස් තිබේ.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

අහල තිබුණට දන්නෙ නැති 22 දෙර්කාධිපති

Next Post

‘හතේ කල්ලියේ’ දඟයට හිරවුණු පියුමි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.