• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අලුත් අවුරුද්ද ඔබට හිමි වර්ණයෙන් ජයගන්න

April 18, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
අලුත් අවුරුද්ද ඔබට හිමි වර්ණයෙන් ජයගන්න
Share on WhatsAppShare on Facebook

ඈත අතීතයේ පටන් වර්ණවලට, විශේෂ තැනක් හිමි විය. ජ්‍යොතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමටද පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර ග්‍රන්ථාරූඪ කර ඇත. අපි ජ්‍යොතිෂයේ එක් එක් දිනයේ නැකැත් ගන්නා විට ඒ ඒ දිනට අවශ්‍ය වර්ණ භාවිත කෙරේ. ඉරිදා දිනට රන්වන් පාටද, සඳුදා දිනට සුදු පාටද, අඟහරුවාදා දිනට රතු පාටද, බදාදා දිනට කොළ පාටද, බ්‍රහස්පතින්දා දිනට කහ පාටද, සිකුරාදා දිනට විවිධ පාටද (වෛවර්ණ), සෙනසුරාදා දිනට නිල් පැහැයද භාවිත කෙරේ. එම දිනට අධිපති ග්‍රහයාගේ වර්ණය පාවිච්චි කිරීමෙන් සුබඵල ඇති කෙරේ.

ඒ වගේම ඔබ නිතර පාවිච්චි කරන මෝටර් රථයටද, ඔබගේ කාමරයේ පාවිච්චි කරන වර්ණ තුළින්ද ඔබගේ උනන්දුව උත්සාහය වැඩි කරන අතරම කරන්නා වූ වැඩය පහසුවෙන් කරගෙන යෑමට ඉඩ සැලසෙයි.

ඔබගේ ලග්නයට අනුව වර්ණ තෝරා ගැනීමෙන් ඔබගේ අරමුණු ඉලක්ක කරා යෑමට පහසුවක් වනු නොඅනුමානය.
ඔබ මේෂ ලග්නයෙන් උපන්නේ නම්
රතු පාට, රෝස පාට, සුදු පාට, සුදුසු වෙයි. ඒ වගේම ඔබට සුබ දවස් වන්නේ අඟහරුවාදා, සෙනසුරාදා හා සිකුරාදාය. සඳුදා හා සිකුරාදා තරමක් සුබ වෙයි. අනෙක් දවස් සුබ නොවේ. වියදම වැඩි වෙයි.
ඔබ වෘෂභ ලග්නයෙන් උපන්නේ නම්
රෝස පාට හා සුදු පාට සුබ වර්ණ වන අතර, සාමාන්‍යයෙන් සුබ දවස සිකුරාදාය. ජයග්‍රාහී දිනය බදාදාය. සෙනසුරාදා ප්‍රතිඵල පමා කෙරේ. නමුත් කෙසේ හෝ සෙනසුරාදා දිනය ජයග්‍රහණය ගෙනෙනු ලබයි. අඟහරුවාදා අනවශ්‍ය වියදම් පෙන්නුම් කරයි. බ්‍රහස්පතින්දා හවුල්කරුවන්ගෙන් ලාභ ලබා දෙයි. සඳුදා දිනවල කෙටි ගමන්, ප්‍රීතිමත් ලිපි ගනුදෙනු හා ඉරිදා නිවෙසේ විවේකය ගතකිරීමට යොදා ගැනීම සුබයි.
ඔබ මිථුන ලග්නයෙන් උපන්නේ නම්
සුබ වර්ණය වනුයේ කොළ හා කහ පාට වෙයි. රතු වර්ණවලින් වළකින තරමට සුබ වෙයි. සඳුදා ආදායම වැඩි වන අතර, අඟහරුවාදා අසුබ වෙයි. බදාදා සුබ වන අතර, බ්‍රහස්පතින්දා දින ජයග්‍රාහී දිනය වශයෙන් සලකන්න. සිකුරාදා දිනය ප්‍රීතිමත් දිනයක් වුවත් ඔබගේ මුදල් වැය වෙයි. සෙනසුරාදා දින කරදර ඇති වෙයි.
ඔබ කටක ලග්නයෙන් උපන්නේ නම්
ඔබේ සුබ වර්ණය වනුයේ සුදු හා කහයි. කොළ වර්ණ අසුබ වන අතර, අඟහරුවාදා හා සිකුරාදා සුබ දින වෙයි. අප්‍රේල් හා මැයි ජය මාස වෙයි.
රැකී රක්‍ෂා හා අධ්‍යාපනය සඳහා සඳුදා දින ඉතා සුබ වෙයි.
ඔබ සිංහ ලග්නයෙන් උපන්නේ නම්
රතු, කොළ මිශ්‍ර කහ වර්ණය සුබ වෙයි. නිල් හා සුදු වර්ණ අසුබ වෙයි. ඉරිදා ඕනෑම වැඩකට උසස් නිලධාරීන් හමු වීමට විදුලි උපකරණ මිලදී ගැනීමට සුබ වෙයි. සඳුදා සුබ නොවේ. අඟහරුවාදා ඉතාම සුබ දිනයකි. දීර්ඝ ගමනක් යෑමට හා කරන විභාගවලින් ජය ගැනීමට හැකිවනු ඇත. ඔබ දුර්වල අයෙක් වුවත් අඟහරුවාදා දින ජය ගැනීමට හැකියාව යෙදේ. බදාදා වාසනාව උරගා බැලීමට සුදුසුය. සිකුරාදා කෙටි ගමන් යෙදේ. උසස්වීම්වලට සුබ වෙයි. රැවටිලිවලට, වංචාවලට හසුවන්නේ සෙනසුරාදාය.
ඔබ කන්‍යා ලග්නයෙන් උපන්නේ නම්
කොළ සහ කහ වර්ණ සුබ වෙයි. රතු සහ නිල් ලෙඩ රෝගවලට හා හදිසි අනතුරුවලට මඟ පාදයි. බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා, සෙනසුරාදා හා ඉරිදා අසුබ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවට මෙන්ම, මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා ප්‍රේම සම්බන්ධතාවලට ඉතා සුබ වෙයි.
ඔබ තුලා ලග්නයෙන් උපන්නේ නම්
ඔරේන්ජ් පාට ඉතා සුබ වෙයි. සුදු හා රතු සුබ වන අතර, විවාහයට, තරගවලට රතු පැහැය සුබ වෙයි. ඉරිදා හා සඳුදා දිනය වාසනාවන්ත වන අතර, සෙනසුරාදා දින විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙයි. අඟහරුවාදා තරගවලට හා නඩුවලට මෙන්ම ඡන්ද විමසීම්වලට සුබ වෙයි. බලාපොරොත්තු නොවූ ලාභ ලැබෙයි. සිකුරාදා මිශ්‍ර ඵල ඇති කරන අතර, බ්‍රහස්පතින්දා අසුබ වෙයි.
ඔබ වෘශ්චික ලග්නයෙන් උපන්නේ නම්
කහ හා රතු පරිහරණයට ගන්න. ඉරිදා දින උසස් අය හමුවීමට හා රැකී රක්‍ෂා සඳහා පිට වීමට සුබ වෙයි. බැංකු ගිණුමක් ඇරැඹීමට හා විවාහයට බ්‍රහස්පතින්දා සුබ වෙයි. සෙනසුරාදා ණය ගෙවීමට සුබ වන අතර, බදාදා වැදගත් ලේඛනවලට අත්සන් නොකරන්න. සිකුරාදා දින මුදල් බැඳීම් හා පොරොන්දුවලින් වළකින්න.
ඔබ ධනු ලග්නයෙන් උපන්නේ නම්
සුබ වර්ණ වනුයේ සුදු, ක්‍රීම්, කොළ, ඔරේන්ජ් හා ළා නිල් පාටයි. රතු හා මුතු වර්ණ අසුබ වෙයි. සුදු මිශ්‍ර කහ වර්ණය ආණ්ඩුවෙන් ආධාර ලබා ගැනීමට සුදුසු වෙයි. බදාදා හා සිකුරාදා ඉතාමත් වාසනාවන්ත වෙයි. බ්‍රහස්පතින්දා ජයග්‍රහණ ලබන අතර, සඳුදා කරදර, සිත්තැවුල් ඇති වෙයි. බදාදා ප්‍රසන්නභාවය හා සමෘද්ධිය ලැබෙන අතර, සෙනසුරාදා අන් අයගෙන් උදවු ලැබෙයි. සිකුරාදා දින අධික ලාභ ලැබීමට මුදල් යෙදීමට සුබ වෙයි.
ඔබ මකර ලග්නයෙන් උපන්නේ නම්
සුදු, රතු හා නිල් වාසනාවන්ත වර්ණ වන අතර, කහ හා ක්‍රීම් වර්ණවලින් වළකින්න. සුදු වාසනාවන්ත දරුවන් ලැබෙන අතර, මුදල් ලාභ සහිත වෙයි. ව්‍යාපාරවලින් නොසිතූ ලාභ ලැබෙන අතර, සිකුරාදා, අඟහරුවාදා හා සෙනසුරාදා සුබ දවස් වෙයි. බදාදා ජය ගන්නා දිනයකි. බ්‍රහස්පතින්දා හා ඉරිදා වියදම් අධික වෙයි.
ඔබ කුම්භ ලග්නයෙන් උපන්නේ නම්
කහ, රතු, සුදු හා ක්‍රීම් පාට වාසනාවන්ත වෙයි. කහ පාට ආදායම් වැඩි වීමට හා ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුබ වෙයි. රතු පාට සතුරන්ගෙන් ජය ගැනීමට හා කීර්තියට සුබ වෙයි. බ්‍රහස්පතින්දා, සිකුරාදා, අඟහරුවාදා යන දින කුම්භ ලග්නයට ඉතාමත් සුබ වෙයි. බදාදා, ඉරිදා එතරම් සුබ නොවන අතර, මුදල් යෙදවීම අසුබ වෙයි.
ඔබ මීන ලග්නයෙන් උපන්නේ නම්
රෝස, රතු හා ඔරේන්ජ් වර්ණවලින් වළකින්න. සුදු, කොළ හා ක්‍රීම් වර්ණයෙන් සහකරුවාට සුබ වන අතර, මීන ලග්නයේ අයට මෙම වර්ණයෙන් සුබ නොවෙයි. බ්‍රහස්පතින්දා රක්‍ෂාවට හා කීර්තියට සුබ වන අතර, අඟහරුවාදා දීර්ඝ ගමන් හා මිල-මුදල් කටයුතු සඳහා සුබ වෙයි.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

ගෙදර ඉන්න ගමන් අතට සල්ලි එන වාස්තු උල්පත්

Next Post

ජෝතිට මඟහැරුණු එකම ගීතය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.