• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජෝතිට මඟහැරුණු එකම ගීතය

April 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
ජෝතිට මඟහැරුණු එකම ගීතය
Share on WhatsAppShare on Facebook

මෙරට සිටි ජනප්‍රියතම ගායකයෙකි. ජේ. ඒ. මිල්ටන් පෙරේරා. ඔහු මෙලොවින් සමුගෙන මේ වන විට වසර ගණනාවක් ගතවී ඇතත්, ඔහු මෙන්ම ඔහු ගැයූ ගීතද මෙරට ගීත ඉතිහාසයෙහි සදා අමතක නොවන ලෙස සටහන්වී ඇත. ගායකයකු වශයෙන් කැපී පෙනීමට පෙර ඔහු දස්කම් දැක්වූයේ වාදකයකු වශයෙනි. එම යුගයේම ඔහු ගායකයකු වශයෙන් ප්‍රිය සම්භාෂණ යනාදියෙහි ගීත ගායනා කර තිබූ නමුත් ගුවන්විදුලියෙහි ගී ගයා නොතිබිණි. ඔහු ගුවන්විදුලියෙන් ගායනා කළ එමෙන්ම තැටි ගතකළ මුල්ම ගීතය ලෙස ප්‍රවීණ ගීත රචක ඇලෝයි ගුණවර්ධන විසින් රචිත ‘ආලෙහි බැඳී’ නමැති ගීතය නම් කළ හැකිය. මෙම ගීතය ගැන කතා කරන විට මේ සම්බන්ධයෙන් ඇත්තේ රසවත් කතාවකි. දැනට දශක කිහිපයකට පෙර මිල්ටන් මෙය මාධ්‍ය වෙත පවසා තිබිණි.

ඒ එක්තරා රාත්‍රියක. මිල්ටන් පවසන පරිදි ඔහු එදිනද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට සහභාගි වී එන අතරවාරයේය. ඔහු සමඟ ගීත රචක ඇලෝයි ගුණවර්ධනද විය. මෙම සම්භාෂණය පැවැත්වී ඇත්තේ කැලණියේ වන අතර, නැවැත පැමිණෙ විට එදා කැලණි මහා පෙරහැර පැවැති දිනයක් වීමෙන් පෙරහැර නැරැඹීමේ අවස්ථාවද ඔහුට හිමි විය. මේ අනුව ඒ වන විට මධ්‍යම රාත්‍රියද පසුවී පැය කිහිපයක් පමණ ගෙවී ගොස් තිබූ අතර, ආදරය සම්බන්ධ ගීතයක් විශේෂයෙන් ආදරය තරුණ ජීවිතවලට බලපාන ආකාරය ගැන ගීතයක් ඇලෝයිට කියා රචනා කරවා ගැනීමට මිල්ටන්ට ඕනෑකම තිබිණි. ඒ ඔහු වඩාත් ප්‍රිය කළ ජනප්‍රිය හින්දි තනුවකට අනුවය. අවසානයේදී මිල්ටන්ගේ අවශ්‍යතාව ඉටු වූවේ සඳ එළියේම අපූරු ගීතයක් ඇලෝයි අතින් ලියැවීමෙනි. මෙය සඳහන් කළ පරිදි ‘ආලෙහි බැඳි’ නම් ගීතයයි.

මෙසේ ගීතයක් ලියවා ගත්තද මිල්ටන්ගේ ගීතය ගායනා කිරීමේ අදහසක් තිබී නොමැත. මන්ද ඒ වන විට ඔහු ගුවන්විදුලි ගායකයකු නොවීම එයට හේතු විය. නමුත් ඔහු මෙම ගීතයට මහත්සේ ඇලුම් කළ අතර, එය සුරැකිව තමා ළඟ තබා ගන්නට අමතක කළේ නැත. පසුව ඔහු මෙම ගීතය තම අතිජාත මිත්‍ර ජනකාන්ත ගායක එච්. ආර්. ජෝතිපාලට පෙන්වා ඇත. ‘වෙළෙඳ අංශයේ තිබුණු වැඩසටහනකදී මෙය ගයන්නට ජෝතිපාල කැමැති වුණා’ මිල්ටන් සඳහන් කළේ එම ගීතය ගැන ජෝතිගෙන් ලැබී ඇති ප්‍රතිචාරය සම්බන්ධවයි. නමුත් අවසානයේදී සිදුවූවේ කුමක්ද? ඒ ගැන මිල්ටන් පවසන්නේ ‘ජෝතිට චිත්‍රපට ගීත පටිගත කිරීමක් වෙනුවෙන් ඉන්දියාවට යෑමට සිදුවුණා’ මේ නිසා ඇලෝයි ගුණවර්ධන විසින් රචිත ‘මුලදී බැන්ද ආදරයක මිහිර දැන්’ වැනි ජෝති විසින් ගයන ලද අමරණීය ගීත අතරට එක්වන්නට තිබූ තවත් එවන් අමරණීය ගීතයක් ජෝතිගේ හඬින් ඇසීමේ අවස්ථාව ගිලිහී යෑම සිදුවුවද ආදර ගීත සම්බන්ධව කතා කරන විට අමතක කළ නොහැකි තවත් ආදරණීය හඬක් සිංහල ගීත ශ්‍රාවකයන් අතරට එක්වීම සිදුවිය. මේ අනුව ජෝති චිත්‍රපට ගීතයක් සඳහා ඉන්දියාවට යෑමෙන් අනතුරුව හදිසියේම වැඩසටහනක් සඳහා ගුවන්විදුලියෙන් කැඳවීමක් මිල්ටන්ට ලැබෙන්නේය. එම වැඩසටහනේදී ඔහු විසින් මෙම ගීතය ගයනු ලබයි. ප්‍රතිඵලය ඉතිහාසයේ සටහන්වී තිබේ. එක රැයකින් තම මුල් ගීයෙන්ම මිල්ටන්වත් බලාපොරොත්තු නොවූ අසීමිත ජනප්‍රියත්වයක් ඔහු කරා ආවේය. එදා එසේ ආරම්භ වූ ඔහුගේ ජනප්‍රියත්වය ඔහුගේ මරණින් මතුද මේ වනතෙක්ම නොනැසී පවතින බව පැවැසිය යුතුය. අවසානයේදී ජෝති නැවැත ලංකාවට පැමිණෙන විට මිල්ටන් නමැති තම වාදක මිතුරා ජනප්‍රිය ගායකයකු වී අවසන්ය. එමෙන්ම මෙම ගීතය සදාකල්හි තම මතකයෙහි රැඳුණු ගීතයක් ලෙසද මිල්ටන් නම් කර තිබිණි.
අනිල් වීරසිංහ

SendShareShare
Previous Post

අලුත් අවුරුද්ද ඔබට හිමි වර්ණයෙන් ජයගන්න

Next Post

ඉ‌කොනොමි සීරෝ ‌වෙද්දී ‌ගෝඨා හීරෝ ‌වෙන්න නම්… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.