විවාහයට කේන්දර පරීක්ෂා කිරීමේදී අපේ පුරුද්දක් ලෙස පොරොන්දම් ගැළපීම් බලන බවක් පැහැදිලිය. මෙයට වගකිව යුත්තේ ජ්‍යොතිෂවේදියා යැයි තීරණය කිරීම අසාධාරණයකි. සේවාදායකයන් වැඩි පිරිසක් කේන්දර දෙකක් ජ්‍යොතිෂවේදියාට දි මෙය ගැළපෙනවා දැයි අසන්නේ ඍෂිවරයකුගෙන් අසන පරිදිය. මිනිත්තු පහකින් මෙකී කේන්දර දෙක පූර්ණ ගැළපීමක් තිබේ දැයි කිව හැකි ජ්‍යොතිෂවේදියෙක් මේ මිහිපිට නැත. ඒකයි ඇත්ත.
පුවත්පත් මංගල යෝජනා ලිපි සිය ගණනක් පැය කාලකින් පරීක්ෂා කර නිවැරැදිව තීරණය කළ හැකිද? දෝෂ නැති කේන්දර කියා නැත සෑම විවාහ දෝෂයක්ම භංග වන අයුරු නිරීක්ෂණය කළයුතු වෙයි. සමහර අය විවාහය දික්කසාදයට පැමිණි විට කේන්දර බැලූ ජ්‍යොතිෂවේදියාට දෙස් දෙවොල් තබයි. මනාව භක්තියෙන් යුතු කිසිම ජ්‍යොතිෂවේදියකු එවැනි දෙයක් නොකරනු ඇත.
කුජ දෝෂය, ඛෙමදාම යෝගය. 7, 8 පරිවර්තන යෝගය දෝෂය. විවාහ කාරකයා සහ 7 අධිපතියා දුෂ්ට රාශිගතවී මේ දෝෂය ශනි මංගල දෝෂය. චන්ද්‍ර මංගල දෝෂය, විෂ කන්‍යා දෝෂය, කඩහන්දි මාරක දෝෂය, වෛiව්ය දෝෂය, නාශාංශක දෝෂය, අතිධාවන මහා කාම දෝෂය, බහු විවාහ දෝෂය, සිකුරුගේ 7 වැන්න පාප කාර්තරී දෝෂය.
වඳ දෝෂය – තුන්කුලුඳුල් දෝෂය, ශනි – රාහු දෝෂය, ඉදිරි ඒරාෂ්ටක දෝෂ යැයි 20 වැදෑරුම් විවාහ දෝෂ යෙදී තිබේ දැයි මුලින්ම පරීක්ෂාකර බැලිය යුතුයි. දැන් ඔබට වැටහෙනවා ඇති විවාහයකට පොරොන්දම් පමණක් බලා තීරණ ගැනීම කොතරම් අපහසු කාර්යයක්ද යන්න.
මෙම ග්‍රහ යෝග භංග වන ජ්‍යොතිෂමය ක්‍රමවේදයක් තිබේ. ඒ පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කර බලා යුග දිවියකට තීරණ ගැනීම දෙලොවට යහපත් වෙයි.
සත්භාවයෙන් පිරිපුන් ජ්‍යොතිෂවේදියා අළුගෝසුවකු නොවේ.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











