මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කිරීම සදහා මුදල් නොමැතිව බරපතළ අර්බූදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.
සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ඉදිරි මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති අතර ඒ සදහා ප්‍රමාණවත් අරමුදල් නොමැති බව අනාවරණය වී ඇත.
ඒ අනුව සිරිසේන මහතා තීන්දු කර ඇත්තේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැන්වීම්වල මිල අධික වන හෙයින් එම මිල මට්ටම් පහත හෙලන ලෙසට මාධ්‍ය ආයතනයන්ගෙන් ඉල්ලීමක් කිරීමටය.










