• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිසි තැන අහිමි වුණු ඇය

February 19, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නිසි තැන අහිමි වුණු ඇය
Share on WhatsAppShare on Facebook

දෙව්ලොව ගීතය තාරකාවන්ය. මනුලොව ගීතය කාන්තාවන්ය. මේ කියමන අපි අසා ඇත්තේ වරක් හෝ දෙවරක් නොවෙමු. කාන්තාව හෙවත් ගැහැනිය අගයන බොහෝ තැන්හි මේ කියමනද නිතැතින්ම එතැනට සමීපය. ඊට හේතුව ඇය වෙත ඇති ආකර්ෂණීය පෙනුමය. එම ආකර්ෂණීය පෙනුම නිසාම ගැහැනියව මනුලොව ගීතයකට සමාන කරන්නට තරම් වටිනාකමක් අගයක් ඇයට උත්පත්තියෙන්ම ලැබී ඇත. එහෙත් ඒ ඇගේ රූපයටම පමණි. ඉන් එහාට ගිය කල ගැහැනිය ගැන වෙනමම කතා කළ යුතුය. ඉතින් මේ කියන්නට යන්නේ වත්මන් සමස්ත ගැහැනිය පිළිබඳව සොයන්නට නොගිය කතාවකි.

ලෝකය මැවූ බව කියන මහා බ්‍රහ්මයාට අනුව එදා ගැහැනියට හිමිවූයේ ඉතාම පහත්, මෙසේ වචනයෙන් විස්තර කළ නොහැකි තැනකි. පවුලක ගැහැනු දරුවකු ඉපදීම පවා එකල හැඳින්වූයේ මහා අපලයක් කරදරයක් හෝ අවනම්බුවක් ලෙසිනි. තවද “සති පූජාව” වැනි එකල තිබූ ආගමික සම්ප්‍රදායන් දෙස බැලූ කල ගැහැනිය යනු මැරි මැරී ජීවත් වෙන්නට බිහි වූ ඉතා පව්කාර මිනිස් වර්ගයක් ලෙස හැඳින්වීමේද වරදක් නැත. ඒ බ්‍රාහ්මණයන්ගේ කාලයේ එදා ඉපදුණු ගැහැනියට හිමි වූ තැනය. එහෙත් බුදු රජුන්ගේ පැමිණීමත් සමඟ මේ තත්ත්වය වෙනස් විය. එනම් ගැහැනියටද පිරිමියා සමඟ සමතැන් වෙන්නට ඉඩහසර ලබා දීමය. එය එදා ගැහැනිය ලද විශාල ජයග්‍රහණයක් වූයේ එකල ගැහැනියට හිමි වී තිබූ එකම උරුමය උත්පත්තියෙන්ම ලැබූ දුක පමණක් වීම නිසාය.

බුදු රජුන් එසේ ගැහැනියට ලබා දුන් වරප්‍රසාද අතර දියණියක් ලෙස, බිරිඳක් ලෙස, මවක් ලෙස, උපාසිකාවක් ලෙස ජීවිතයේ නොයෙකුත් අවධීන්වලදී ඔවුන්ට නිසි තැන ලබා දුන්හ. තවද ඉන් නොනැවතී ගැහැනියට බුදු සසුනේ පැවිදි වීමට පවා අවස්ථාවක් බුදු රජුන් ලබාදුන්නේ ගැහැනියක ජීවිතයේ ලද උතුම්ම වරප්‍රසාදයද ඔවුන්ට හිමිකර දෙමිනි. විශේෂයෙන්ම එදා පැවිද්ද යනු ගැහැනිය ලද විශාලතම ජයග්‍රහණය විය. මෙයද සිදු වූයේ බුදු රදුන් ජීවමානව වැඩසිටි එදාය. ඒ කාලයේ සිට මා මෙය ලිව්වේ නම් එදාට අනුව මේ ගෙවෙන්නේ අනාගතය බවට සැකයක් නැත. එහෙත් එදා ගැහැනිය බලාපොරොත්තු වූ අනාගතය, අද මේ ගෙවෙන වර්තමානයෙහි තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. එනිසා මෙතැන් සිට අප සොයනුයේ එම ප්‍රශ්නාර්ථයට පිළිතුරුය.

මව් පදවිය යනු ගැහැනියක ලද උතුම්ම පදවියයි. එය පිරිමින්ට කිසිදා ලැබිය නොහැකි පදවියකි. එම නිසා එතැනදී ගැහැනිය උසස්ය. ලොවක් අදහන බුදුවරයකු පවා බිහිවන්නේ ගැහැනියකගේ කුසිනි. බුදු රජුන් එදා බ්‍රාහ්මණයන් විසින් පහත හෙලූ කාන්තා වරප්‍රසාද පවා නැවත ගැහැනියට ලබා දෙන්නට තරම් මූලික වූයේ එයය. තවද මවක් ලෙස ඇයට සමාජයේ උසස් මෙන්ම වටිනා තැනක් නිර්මාණය කළේද එනිසාය. එහෙත් ප්‍රශ්නය යනු බුදු දහමට සමීප බොහෝ ආගමික චාරිත්‍රවලදී නැවතත් එදා මෙන් ගැහැනිය පහත් කොට සැලකීමයි. ඒත් නැතිනම් වෙන්නේ ගැහැනියට ඒ ඒ ආගමික අවස්ථාවන්ට සහභාගිවීමේ ඉඩහසර අහිමි කිරීමය. මේ තත්ත්වය වර්තමානයේ සුලබ දසුනක් බව කීමේ වරදක් නැත.

එදා සංඝමිත්තා තෙරණිය මෙරටට වඩම්මාගෙන ආ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද අනුරපුර උඩ මළුවේ දහස් ගණනකගේ වැඳුම් පිදුම්වලට ලක්වෙමින් තිබේ. එහෙත් අනුරපුර උඩ මළුවට යන්නට ගැහැනියකට අවසරයක් නැත. එය මෙරටට වඩම්මාගෙන ආ සංඝමිත්තා යනුද පැවිදි වූ ගැහැනියකි. එහෙත් වර්තමානයේ උඩ මළුවට ගොස් ඊට පුද සත්කාර කිරීමට අපේ ගැහැනියට අවසර නැත. ඉන්පසු මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ කිසිම දා ගැහැනියකට යන්නට අවසරයක් නැත. එහි නැටුම් ගැයුම්වලට ඉදිරිපත් වෙන්නටද කිසිදු අවසරයක් නැත. එහෙත් අපේ රටේ බොහෝ පෙරහැර මංගල්‍යයන්හි ගැහැනියට ප්‍රමුඛ තැනක් හිමි වී ඇත. තවද මෙරටට දන්ත ධාතූන් වහන්සේ පවා එදා රැගෙන ආවේ ගැහැනියකි. ඒ හේමමාලා කුමරියයි. දන්ත කුමරුන් සමඟ සිය කෙස් වැටියේ සඟවාගෙන මෙරටට දන්ත ධාතූන් වහන්සේ රැගෙන එන්නට තරම් හේමමාලා කුමරියට හැකි නම් ඒ ඒ දේවල්වලට ආගමික පුද සත්කාර කිරීමට ගැහැනියට අකැප ඇයිද යන්න ප්‍රශ්නයකි. එමඟින් පෙනී යන්නේ පිරිමියාට හිමි ආගමික වරප්‍රසාද ගැහැනියට යළිත් අහිමි වී ඇති බවයි.

බුදු රජුන් පිරිනිවන් මංචකයේ සිටි අවධියේ ආනන්ද හිමිට චෝදනාවක් එල්ල වූයේ බුදු සිරුර පළමුව කාන්තාවන් ලවා වැන්දවීමට සලස්වා එය කිලිටි කළ බවයි. එහෙත් ඒ මොහොතේද සියල්ලන්ටම අමතක වූයේ බුදුවරයෙක් ඉපදෙන්නේද ගැහැනියකගේ මව් කුසේ යන්නයි. නමුත් පසුව සියල්ලන්ටම එය වැටහිණි. එහෙත් එදාට වඩා අද කතාව වෙනස්ය. ඒ අනුව අද කතාව අවසානයේ කියන්නට ඇත්තේ එදා බුදු රජුන් ගැහැනියට ලබාදුන් ආගමික නිදහස අප පැමිණි ගමනේදී යළිත් කොහේදී හෝ ඇයට එය අහිමි වී ගොස් ඇති බවයි. එහෙත් මේ සියල්ල යටපත් කරමින් මේ සියලුම ප්‍රශ්නවලට බුදු රජුන් වරක් පිළිතුරක් දී ඇත. එනම් බුදුවරයෙක් උපත ලබන්නේ ගැහැනියකගේම කුසින් පමණක් බවයි. එසේ නම් ගැහැනිය යනු මොන තරම් උසස් අයෙක්ද? එහෙත් අද ගැහැනියට ඒ වටිනාකම ලැබෙනවාද? සත්තකින්ම ඊට නිවැරැදිම පිළිතුර ඇත්තේ වර්තමානයේ පිරිමින්ට අනුපාතිකව ගැහැනියට හිමි වී ඇති ආගමික නිදහසේ තරම මතය.
නලින්ද සම්පත්

SendShareShare
Previous Post

අන් අයගේ හිත් කියවන පරහිත් දර්ශන රේඛාව

Next Post

මෛත්‍රීගේ පදාසයක් ගැලවේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.