• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජනවාරි 24 සෙනසුරු එන්නේ ජීවිත බිලිගන්නද?

January 18, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
ජනවාරි 24 සෙනසුරු එන්නේ ජීවිත බිලිගන්නද?
Share on WhatsAppShare on Facebook

2020 ජනවාරි මස 24 වැනි සිකුරාදා පෙරවරු 09.56ට මකර රාශියට ඇතුළු වන සෙනසුරු ග්‍රහයා 2022 මැයි මස 01 වැනිදා දක්වා මකර රාශිය හරහා ගමන් ගනී. අනෙකුත් ග්‍රහයන් මෙන් නොව මිනිස් ජීවිතයට කරදර, බාධක, ලෙඩ-දුක් තත්ත්වයෙන් පහළ වැටීම අතින් සෙනසුරුට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. සෙනසුරු ග්‍රහයාට එක රාශියක් පසුකර ගමන් ගැනීමට සාමාන්‍යයෙන් වසර 2 1/2ක් පමණ ගත වෙයි. මෙසේ ගමන් කිරීම හේතු කොට ගෙන ඒ ඒ ලග්නයට අනුවත්, ජන්ම පත්‍රයේ සඳු සිටිනා ස්ථානයට අනුවත්, ඒරාෂ්ටක අපල නිර්මාණය වෙයි. කේන්දරයක ලග්න භාවය, ඊට කලින් භාවය (12 වැන්න) සහ ඊට පසු භාවය හරහා සෙනසුරු ගමන් ගන්නා වසර 7 1/2 කට ආසන්න කාලයක් ලග්න ඒරාෂ්ටකයයි. ලග්න භාවයෙන් 8 වැන්න හරහා සෙනසුරු ගමන් ගැනීමේ වසර 2 1/2කට ආසන්න කාලය, ලග්න අෂ්ටම ඒරාෂ්ටකයයි.
2020 ජනවාරි 24 වැනි දින සෙනසුරු ග්‍රහයා මකර රාශියට ඇතුළු වීමත් සමඟ මකර ලග්න හිමියන්ට මෙතෙක් පැවැති ඒරාෂ්ටක අපල තත්ත්වය බලවත් වෙයි. මකර ලග්න හිමියන්ට සෙනසුරු අපලයේ උපරිම අවස්ථාව බලපාන්නේ සෙනසුරු ග්‍රහයා තමන්ගේ ලග්න ස්ඵුටය මතින් ගමන් කරන විටය. සෙනසුරු ලග්න ස්ඵුටය මතින් ගමන් කරන අවස්ථාවේදී මකර ලග්න හිමියන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය.

ලග්න ස්ඵුටය ලෙස හඳුන්වන්නේ කෙනකු උපදින අවස්ථාවේ ඔහුට හිමි ලග්නයේ, අංශක 30න් කිනම් අංශක කලා ගණනක්, නැඟෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවී තිබුණාද යන්නයි. සමහර ජන්ම පත්‍රවල මෙම අංශක කලා ගණන සටහන් කර තිබුණද එසේ නොමැති ජන්ම පත්‍රද හමුවෙයි. එවැනි අවස්ථාවලදී ලග්න ස්ඵුටය ආසන්න වශයෙන් නවාංශකය පදනම් කරගෙන සොයාගත හැකි ක්‍රමයක් තිබේ. මකර රාශිය තුළ නවාංශක බෙදී යන්නේ මෙසේය.
* 00′ – 03’20’ මකර නවාංශකය
* 03’20’ – 06’40’ කුම්භ නවාංශකය
* 06’40’ – 10’00’ මීන නවාංශකය
* 10’00’ – 13’20’ මේෂ නවාංශකය
* 13’20’ – 16’40’ වෘෂභ නවාංශකය
* 16’40’ – 20’00’ මිථුන නවාංශකය
* 20’00’ – 23’20’ කටක නවාංශකය
* 23’20’ – 26’40’ සිංහ නවාංශකය
* 26’40’ – 30’00’ කන්‍යා නවාංශකය

ඔබ මකර ලග්නයෙන් ඉපදී මකර නවාංශකයද ඇතිව ඉපදී ඇත්නම් සෙනසුරු මකර රාශියේ අංශක 00 හෝ අංශක 01 කලා 20ත් අතර සෙනසුරු ගමන් කරන කාලය තුළදී විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. එසේම ඔබ ඉපදී ඇත්තේ මකර ලග්නයේ කුම්භ නවාංශකයෙන් නම් සෙනසුරු ග්‍රහයා මකර රාශියෙහි අංශක 03 කලා 20ත්, අංශක 06 කලා 40ත් අතර ගමන් කරන කාල සීමාවෙහි විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුය.

තවද 2020 ජනවාරි 24 සිදුවන මෙම සෙනසුරු මාරුව මිථුන ලග්න හිමියන්ටද ඍජුවම බලපානු ඇත. එයට හේතුව මිථුන ලග්න හිමියන්ගේ 8 වැනි රාශිය වන්නේ, මකර රාශියයි. ලග්නයෙන් 8 වැන්නේ සෙනසුරුගේ ගමන් කිරීම නිසා ඇති වන ලග්න අෂ්ටම ඒරාෂ්ටකයට මිථුන ලග්න හිමියන්ට මුහුණ දීමට සිදුවෙයි.

මීට අමතරව ජන්ම පත්‍රයේ මකර රාශිය තුළ සඳු තැන්පත්ව සිටින කේන්දර හිමියන්ටද මෙම ග්‍රහ මාරුව ඉතාමත් දැඩි ලෙස බලපාන බව සඳහන් කළ යුතුයි. උපතේදී මකර රාශිය තුළ සඳු ගමන් කරමින් සිටි අංශක ගණන මතින් සෙනසුරුගේ ගමන සිදුවන දිනවලදී ඔවුන් ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි.

එමෙන්ම උපතේදී මිථුන රාශියේ සඳු තැන්පත්ව සිටි කේන්දර හිමියන්ට මෙම ග්‍රහ මාරුවත් සමඟම ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය බලපානු ඇත. මෙවැනි ඒරාෂ්ටක අපලයක් ඉදිරියේදී තමන්ට ඇතිවන බව දැනගත් විට ඒ සඳහා අවශ්‍ය පිළිවෙත් ඉටුකර සියලු දුසිරිත්වලින් ඈත්ව, පින්දහම් කරමින් ජීවත් වීමෙන් බොහෝ දුරට එම අපල මඟහරවා ගතහැකි බව ප්‍රත්‍යක්‍ෂ වී තිබේ. සෙනසුරුගෙන් ඇති වන අපලවලට පිළිවෙත් වශයෙන් ජ්‍යොතිෂ විද්‍යාවේදී පහත පිළිවෙත් අනුගමනය කළ හැකිය.

  1. විෂ්ණු දෙවියන්ට පූජා තබා පිහිට පැතීම.
  2. කාක නිල් මැණික් ගලක් යෙදූ යකඩ මිශ්‍ර ලෝහයෙන් තැනූ මුදුවක් පැලඳීම.
  3. නුග ගසකට සාත්තු කිරීම, ගස ස්පර්ශ කිරීම.
  4. සෙනසුරාදා උදේට ගිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දීම.
    ජ්‍යොතිෂ විද්‍යා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි
SendShareShare
Previous Post

අතීත ලංකාවේ මහා වෙළෙඳ නගරය

Next Post

විජය මාමයි රන්ජන් බෑනයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.