• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අතීත ලංකාවේ මහා වෙළෙඳ නගරය

January 18, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අතීත ලංකාවේ මහා වෙළෙඳ නගරය
Share on WhatsAppShare on Facebook

ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන අපගේ අභීතවත් හෙළයන් ජීවත් වූ මෙම හෙළදීපය හෙවත් ‘හෙළදිව’ මෙයට ශතවර්ෂ ගණනාවකට පෙර පෙරදිග මහා ධාන්‍යාගාරය ලෙසද හැඳින්විණි.
අද වන විට ඇතැම් කෘෂිකාර්මික ද්‍රව්‍ය විවිධ වූ විදේශීය රටවලින් නැව් මඟින් එනතුරු බලා සිටින අපගේ වත්මන් ජනසමාජයට එදා හෙළයන්ගෙන් උගතයුතු පාඩම් අපමණය. අද වන විට අප අනුන්ගෙන් ඉල්ලා ගෙන කෑමට දත – කට මැදගෙන බලා සිටියද එදා අප රටේ ජීවත් වූ පැරැණි හෙළයා අප රටෙන් විදේශයනට බඩු භාණ්ඩ නිපදවා නැව් ගණන් පැටවූ අමරණීය ඉතිහාසයක් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබීම මොන තරම් ඛේදජනකද?

අද ජාත්‍යන්තරව බිහිවූ වෙළෙඳ නගර රැසක් දක්නට ඇතත් එදා අපගේ මෙම හෙළදිවද මහා ධනවත් වෙළෙඳ නගරවල හිමිකරුවෝ සිට ඇති බව සිහිපත් කළ යුත්තේ ආඩම්බරයෙනි.
අදින් ඈත අතීතයට එබී බලන විට එනම් ක්‍රිස්තු පූර්ව තුන් වැනි (3) සියවසේදී වත්මන් සිරි ලංකාවේ ඈත රුහුණේ මාගම රාජධානිය පිහිටුවා තිබේ. එහි නිර්මාතෘවරයා වන්නේ මහාගාම රජුය.

මෙම මාගම රාජධානියේ අගනුවර ලෙස සලකා ඇත්තේ මහාගාම නගරයයි. රටට ඇවැසි තීන්දු තීරණ ගැනීමේදී අද මෙන් බෙදි බෙදී කකුලෙන් අදින ගති එදා තිබී නැත. එසේම රාජ්‍ය විචාළ රජවරු බොහොමයක්ම රට සශ්‍රීක කිරීමට ගෙන ඇති දැවැන්ත ක්‍රම සම්පාදනයන් දෙස බලන විට අදටත් අප රටේ රජ පෙළපතක් තිබුණා නම් අපගේ රට මේ තරමටම පහතට නොවැටෙන බව අවිවාදිතය.

එදා අපගේ හෙළදිව නිපදවූ බඩු භාණ්ඩ රෝමය, චීනය, ඉතියෝපියාව යන රටවලට මෙන්ම බටහිර රටවලට නැව් ගණන් යැවූ රජ ඉතිහාසයක්ම එම කටයුතු වෙනුවෙන්ම වෙන්වූ නමගිය වෙළෙඳ නගර කිහිපයක්ද තිබූ බව පෙනී යයි.

එහෙත් අද අප කතා කරන්නේ එදා අප රටේ ඈත රුහුණට වන්නට පැවැති මහා ධනවත් වෙළෙඳ නගරය ගැනය. මෙම වෙළෙඳ නගරය වූයේ එදා මාගම ‘රාජධානියේ අගනගරය ලෙස සැලකුණු මහාගාම නගරයයි.
එදා අප රට වෙනුවෙන් ඓතිහාසික අදටත් නොමැකෙන එම සුවිසල් කාර්ය භාරය ඉටු කළ මහාගාම වෙළෙඳ නගරය පිහිටි ස්ථානයේ අද ඉදිකර තිබෙන නගරය තිස්සමහාරාම නගරය වෙයි.

හෙළදිව එදා මහාගාම වෙළෙඳ නගරය දෛනිකව ඉතාම කාර්ය බහුල වෙළෙඳ නගරයක්ව තිබූ බවට කදිම සාක්‍ෂි රැසක් උරුමය අපට තිබේ. ඊට කදිම සාක්‍ෂි ලෙස අපට උරුම වී ඇත්තේ එහි කළ කැණීම්වලදී හමුවී ඇති පැරැණි කාසි සමූහයකි.

අපගේ පුරාවිද්‍යාඥයන් රැසක් මහාගාම පැරැණි වෙළෙඳ නගරය පැවැති භූමියේ සිදු කරන ලද කැණීම්වලදී රෝම කාසි විශාල ප්‍රමාණයක් හමුව තිබේ. මෙම පැරැණි කාසි හමුවීමත් සමඟ එදා රුහුණේ පැවැති මහාගාම මහා ධනවත් වෙළෙඳ නගරයත් රෝම අධිරාජ්‍යයත් අතර ඉතාම දියුණු මට්ටමක වෙළෙඳ කටයුතු සිදුව ඇති බව ඉන් මොනවට පැහැදිලි වෙයි.
මෙම පැරැණි මහාගාම වෙළෙඳ අගනගරය පැවැති භූමිය වඩවඩාත් කැණීම් කිරීමේදී හමුවී ඇති විදෙස් රටවල් රැසක කාසි අතර එදා අක්සම් රාජධානියට අයත් කාසිද හමුවී ඇත. මෙම කාසිවලට අයත් කාල සීමාව නිරීක්‍ෂණයේදී වඩවඩා පැහැදිලි වී ඇත්තේ එම කාසි ක්‍රි.ව. හතර (4) හා පස් වැනි (5) සියවස්වලට අයත් බවය.

එදා අක්සම් රාජධානිය ලෙස සැලකූ රාජ්‍ය අද දවසේ හඳුන්වනුයේ ඉතියෝපියාව නමිනි. ඒ විතරක්ද නොව එදා මාගම රාජධානියේ තාක්‍ෂණයෙන් ඉතාමත් දියුණු වානේ කර්මාන්ත පද්ධති තිබී ඇති බවද පෙනේ.

එයට කදිම නිදසුන් අකුරගොඩ ප්‍රදේශයේ සිදුකළ කැණීම්වලදී මතුව ඇත. එවකට එම ප්‍රදේශයේ ලෝහ උණුකර ඇති බවට වැදගත් සාක්‍ෂි ලෙස මතුව ඇත්තේ ලෝහ උණුකිරීම සඳහා යොදා ගන්නා උදුන් හමුවීමය.

දියුණු තාක්‍ෂණය භාවිත කොට සාදා තිබූ උදුන් සමූහයක් අකුරගොඩ ප්‍රදේශය සිදු කළ කැණීම්වලදී හමුවීමෙන් පෙනී යන්නේ එදා එම ප්‍රදේශයේ වානේ කර්මාන්තය ඉතාම ඉහළ මට්ටමක පැවැති බවයි.

එපමණක්ද නොව එවකට පැවැති මහාගාම පැරැණි නගරය ආශ්‍රිතව ගල් අතුරා සකස්කර තිබූ ඉපැරැණි මාර්ගද හමුව තිබේ. මෙම මාර්ග පිරික්සීමේදී පෙනී ගොස් ඇත්තේ ක්‍රි.ව. හතර වැනි සහ පස්වැනි සියවස් තරම් ඈතට විහිද යන දියුණු මට්ටමේ අද මෙන් ගල් අතුරා සකස් කරන ලද මාර්ග පද්ධති සිරි ලංකාවේ පැවැති බවයි.

රජවරුන්ගේ නිවාස පවා පැවැති මෙම ඉපැරැණි ඓතිහාසික මහාගාම වෙළෙඳ අගනගරය අභ්‍යන්තරයෙහි ඒසා දියුණු මාර්ග පද්ධති සකසා තිබී ඇත්තේ එකී නගරය ප්‍රධාන කොට ගෙන පැවැති කර්මාන්ත වාණිජ අංශවල මෙන්ම ආනයන, අපනයන වෙළෙඳ කටයුතුවලද කේන්ද්‍රීය නගරය එය වූ බවට එයද කදිම සාක්‍ෂියක් වෙයි.

එදා අපේ හෙළදිවත් – බටහිර ලෝකයේ රටවල් අතර වෙළෙඳ කටයුතු දියුණු මට්ටමක වර්ධනයක් ඇති වීමට තවත් හේතුවක් බලපා තිබේ. එම හේතුව ලෙස පෙනී යන්නේ ක්‍රි.ව. 45දී පමණ අප රටේ එදා විසූ භික්‍ෂුන් වහන්සේලා සමූහයක් රෝම අධිරාජ්‍යයට ගොස් එවකට රෝමයේ විසූ ක්ලෝඩියස් අධිරාජයා බැහැදැක තිබීමය.

ඒ විතරක් නොව චීන රාජ්‍ය සමඟද හතර වැනි (4) සියවස වන විට අප රටේ වෙළෙඳ සබඳතා ගොඩනැඟී තිබී ඇත. මේ අනුව බලන විට දිවයිනේ ඈතට වන්නට පිහිටි රුහුණ අදටද වඩා එකල ධනය සංසරණය වන මහා ධනවත් ප්‍රදේශයක් බවට පත්ව තිබී ඇති බවට මේවා කදිම සාක්‍ෂියකි.

එසේම එදා මාගම රාජධානිය යටතේ පැවැති ප්‍රධාන වරායන් දෙකක් ලෙස කිරින්ද මෙන්ම ගොඩවායද තිබී ඇති බවද පෙනේ. පුරාවිද්‍යා මතය අනුව මෙම වරායන් දෙකම මුහුදු සේද මාවතේ ප්‍රකට වරායන් දෙකක් තිබී ඇත.

ඒ සා විශාල දියුණු අඩියක පැවැති මාගම රාජධානිය පිරිහීම ඇරැඹී ඇත්තේ ක්‍රි.ව. පස් වැනි සියවසේ අග භාගයේදීය. අද වන විටද එම පළාත්වල පවතින දැඩි වියළි කර්කශ බව එදා එම රාජධානිය පිරිහී යෑමට ප්‍රබලව බලපාන්නට ඇතැයි සැලකෙයි.
අධික ලෙස පැවති නියඟයට මුහුණ දීගත නොහැකි වූ එම ප්‍රදේශවල විසූ ජන සමූහයා, එම ප්‍රදේශ අතහැර දමා ගාල්ල, මාතර, වැලිගම යන ප්‍රදේශවලට පැමිණ ජනාවාස පිහිටුවා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එදා මාගම රාජධානිය සහමුලින්ම ජනශුන්‍ය ප්‍රදේශ බවට පත් නොවන්නට ඇතැයිද, මතකයක් පවතී. තරමක කැලෑබදව පැවැති ගම්මාන කිහිපයක විසූ ජනයා දුක්ගැහැට විඳගෙන දිගටම ජීවත් වන්නට ඇතැයිද විශ්වාස කෙරේ.

ඊට දිගු කලකට පසුව එනම් 1894 – 95 කාලයේදී තිසාවැව ආශ්‍රයෙන් ඉන්ජිනේරුවරයකු මෙන්ම පුරාවිද්‍යාඥයකුවූ හෙන්රි පාකර්ගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කෙරිණි. ඒ අනුව තිසා වැව ආශ්‍රයෙන් නැවැතත් එම ප්‍රදේශවල ජීවත් වූ ජනයා අතර ආර්ථික දියුණුවක් ඇති වෙන්නට විය.

මෙම ප්‍රදේශය පළමු වරට පුරා විද්‍යාත්මක විමර්ශනයකට ලක්කොට, කෘතියක් සම්පාදනය කළේද හෙන්රි පාකර්ය. 1884 වසරේදී හෙන්රිගේ මෙම කෘතිය රාජකීය ආසියාතික සමිතිය මැදිහත්ව ප්‍රකාශයට පත්කර තිබේ.

එයින් වසර 117කට පසුව මාගම රාජධානිය පිළිබඳව තවත් පුරාවිද්‍යාත්මක විමර්ශන ග්‍රන්ථයක් එළිදක්වා ඇත. එම කෘතිය එළිදක්වා ඇත්තේ ජර්මන් සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයන් රැසකගේ එකමුතුවෙනි. එය ්බජසැබ ඍමයමබ් නමැති ග්‍රන්ථය වෙයි.
මෙම පුරාවිද්‍යාඥයන් පිරිස 1992 වසරේ සිට තිසාවැව ආසන්නයේ ඉපැරැණි මහාගාම නගරය පැවැති භූමි ප්‍රදේශය කැණීම් සිදුකර තිබේ. එම කැණීම්වලින් ඔවුහු යටගිය අතීතය සපථ කරගත හැකි බොහෝ දෑ සොයාගත්හ.

ඔවුනට එහිදී ඉපැරැණි මැටි භාණ්ඩ රැසක් හමුවිය. ඒවා සුළුපටු ප්‍රමාණයක් නොවීය. ඒවා ටොන් ගණනින් බර මැණිය යුතුව තිබිණි. මෙම කැණීම්වලින් මැටි භාණ්ඩ ටොන් දහයක – දොළහක (10-12) ප්‍රමාණයක් පරීක්‍ෂා කර බැලීමට පිරිසට හැකිවිය.

මෙකී කැණීම්වලදී ඔවුනට දසදහස (10,000) ඉක්මවූ පබළු තොගයක්ද, කාසි රැසක්ද, අලියකුගේ ඇටසැකිල්ලක්ද හමුව තිබේ.

2001 වසරේදී මෙම පුරාවිද්‍යාඥයන් පිරිසට මෙකී භූමිය තවදුරටත් පිරික්සීමේදී පැරැණි වලව්වක්ද හමුවිය. ඒ පිළිබඳ දීර්ඝ ලෙස සිදුකළ විමර්ශනයේදී එකී වලව්ව සියවස් කිහිපයකදීම අවස්ථා ගණනාවක් ඉදිකිරීම් කර ඇති බවද තහවුරු වී ඇත.

මෙකී වලව්ව අවසන් වරට ඉදිකිරීම සිදුකොට ඇත්තේ ක්‍රි.ව. 450දී පමණ බවද, ගඩොල් භාවිත කොට එය ඉදිකර ඇති බවද පෙනී ගොස් තිබේ.

එසේම එම වලව්ව නිරීක්‍ෂණය කිරීමේදී හමුවී ඇති විශේෂිත කාසි වර්ගද ඉතාම කලාත්මක ආකාරයට නිමවා තිබූ මැටි භාණ්ඩද එහි කලාත්මකව ඔබ්බවා තිබූ පබළු විශේෂද නිරීක්‍ෂණය කළ පුරාවිද්‍යාඥවරු පෙන්වා දී ඇත්තේ එම වලව්වේ ඉතා ධනවත් පිරිසක් ජීවත්ව සිට ඇති බවට මෙකී සාධක තුළින් මොනවට පැහැදිලි වන බවය.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව SD-WAN තාක්ෂණය භාවිත කරන ප්‍රථම බැංකුව බවට පත්වෙයි

Next Post

ජනවාරි 24 සෙනසුරු එන්නේ ජීවිත බිලිගන්නද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.