• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජය මාමයි රන්ජන් බෑනයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 18, 2020
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
විජය මාමයි රන්ජන් බෑනයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීල.නි.ප. අපේක්‍ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ වේදිකාවේ ස්ටාර් නොහොත් තරුව වූයේ එවකට ශ්‍රීල.නි.ප. උප ලේකම් වූ ප්‍රකට නළු විජය කුමාරණතුංගය. ජනාධිපති වේදිකාවේ විජයගේ කතාවලට මිනිස්සු වශී වූහ. වේදිකාවේ විජය කතා කළේ හුඟක් මිනිසුන්ට තේරෙන භාෂාවෙනි. කොබ්බෑකඩුවගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කරගහගෙන යන්නේ විජය බව දැනගත් එවකට ජේ. ආර්.ගේ යූ.ඇන්.පී. ආණ්ඩුව විජයට බිය විය. 1982 ජනාධිපතිවරණයට පසු මහ මැතිවරණයකට නොයා ජනමත විචාරණයකට යන්න තීරණය කළ ජේ. ආර්.ගේ ආණ්ඩුව ජනමත විචාරණයත් දිනන්න අවශ්‍ය 50% ගන්න ආණ්ඩුවට තියෙන ලොකුම බාධාව විජයගේ ජනප්‍රියත්වය බව තේරුම් ගත්තේය.
විජය ජනාධිපතිවරණ වේදිකාවේ කළ ආවේගශීලී ගැලරියේ ජනතාව පිනවන කතා ප්‍රයෝජනයට ගෙන විජය ජනාධිපති ජේ. ආර්. ඝාතනය කොට බලය අල්ලාගන්න නැක්සලයිට් කුමන්ත්‍රණයක් කරනවා යැයි චෝදනා කළේය. ඒ සඳහා ආණ්ඩුව පාදක කොට ගත්තේ 1982 ජනාධිපතිවරණයේදී වැලිකඩ අවසන් රැස්වීමේ විජය කළාය කියන මේ කතාවය. එය ‘දිනමිණ’ පුවත්පත වාර්තා කොට තිබුණේ මෙසේය.

‘ජේ. ආර්. කියල තියෙනවා පැරදුණොත් පරාජය භාර අරගෙන ගිහින් නිදාගන්නවා කියලා. එයාට නිදා ගන්න ඉඩ දිය යුතු නැහැ. මම ජේ. ආර්.ට තට්ටු කරල කූද්දනවා. එයාට දෙන්න ඕනා ඡන්දෙ නෙවෙයි. හොම්බට පාරක්. ලබන 20 වැනිදාට තමන් නිදා ගන්න පැදුරත් අකුළාගෙන වෝඞ් පෙදෙසින් පිට වෙන්න සිද්ධ වේවි කියල මම ජේ. ආර්.ට කියනවා. මම තමයි පක්‍ෂ උප ලේකම් විජය කුමාරණතුංග. මේක විසඳුවේ නැතිනම් ලේ වැගිරීමක් සිද්ධ වෙයි. එහෙම නැතිනම් අපි මේක මිනිත්තු පහෙන් විසඳනවා. රජ ගෙදරට යන්න රතු පලසක් ඇත්නම් ඒ රතු පලස රතු පාට වී තිබෙන්නේ නිකම්ම නොව මිනිසුන්ගේ ලේ ධාරාවලින්.’

විජය මේ කතාව කීවේ කවුරු දින්නත් පළමු ජනාධිපති නිල කාලය අවසන් වන තෙක් තමා ජනාධිපති යැයි ජේ. ආර්. කී කතාවට උත්තරයක් වශයෙන්ය. ජේ. ආර්. ජනාධිපතිවරණය පැවැත්වූයේ ඔහුගේ වසර 6ක නිල කාලය අවසන් වීමට කලින්ය. කවුරු දින්නත් තමාගේ සම්පූර්ණ නිල කාලය අවසන් වනතෙක් තමා ජනාධිපති යැයි ජේ.ආර්. තර්කයක් ගෙන ආවේය. විජය ගැලරිය පිනවන්න ගැහුවේ ඒ තර්කයටය. ජේ.ආර්.ගේ ආණ්ඩුව මේ කතාව ප්‍රයෝජනයට ගෙන නැක්සලයිට් කුමන්ත්‍රණයක් නිර්මාණය කොට විජය ජේ.ආර්.ව ඝාතනය කොට ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය සහ පුත් අනුර හිරේට දමන්න සැලසුම් කළාය කියා එවකට රහස් පොලිසියට පරීක්‍ෂණයක් කරන්න කීවේය. මේ පරීක්‍ෂණයට අනුර කටඋත්තරයක්ද දුන්නේය. මැතිනියත් සිය සහෝදරයන් හරහා ජේ.ආර්.ගේ මේ නැක්සලයිට් කුමන්ත්‍රණ කතාවට සහාය දුන්නේ විජය ශ්‍රීල.නි.ප.යේ බලය අල්ලයි කියා බයෙන්ය. විජය කොබ්බෑකඩුව ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්කර ගැනීමේ සටන මෙන් ඔහුව දිනවන සටන කරට ගැනීමත්, තමාව විවේචනය කළ කොමියුනිස්ට් පක්‍ෂය සහ ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල කොබ්බෑකඩුවගේ මැතිවරණ වේදිකාවට ගැනීමක් ගැන මැතිනිය හිටියේ තරහෙන්ය. අනුර කොහොමත් විජය – චන්ද්‍රිකා විරෝධී පිලේ නායකයා විය. ශ්‍රීල.නි.ප.යේ මැතිනි සහ අනුර පිලේ හයියත් ගෙන ජේ. ආර්. ගේ ආණ්ඩුව විජයව අත්අඩංගුවට ගනු ලැබීය.
මේ විජයව අත්අඩංගුවට ගත්තට පස්සේ එවකට ජේ. ආර්. ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් විජයව පතුරු ඇරපු හැටිය.

‘එයාගේ නියම නම කෝවිලගේ විජය සිල්වා. එතුමා දවසක් කියල තියෙනවා රුපියල් විසි පහකට බණ්ඩාරනායක නමක් ගන්න පුළුවන්ලු. වනාතමුල්ලේ ඕනෑම කොල්ලෙක්ට. දැන් එතුමාත් රුපියල් විසිපහකින් අලුත් නමක් අරගෙන තියෙනවා විජය කුමාරණතුංග කියල. පරණ නම කෝවිලගේ විජය සිල්වා කියන නම අත හැරලා රුපියල් විසි පහකට අලුත් නමක් අරගෙන තියෙනවා. අපි දුක් වෙනවා, කනගාටු වෙනවා. නුවරඑළියේ මස්කෙළියේ දෙවැනි මන්ත්‍රි අනුර බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන්. ඇත්ත වශයෙන්ම එතුමා අතිශයින්ම අවාසනාවන්ත පුද්ගලයෙක්. විශේෂයෙන්ම එතුමාගේ මස්සිනාලා ගැන සලකා බලන විට එතුමා තෝරා ගත්තු භාර ගත්තු මස්සිනාලා නෙවෙයි. කොහෙන් හරි අහසින් වැටුණු උන්. මේ කෝවිලගේ සිල්වා නොහොත් විජය සිල්වා නොහොත් විජය කුමාරණතුංග කියන මනුෂ්‍යයා අද මොකද කරන්නේ? ඒ මනුස්සයා හා සමාන තිරිසනෙක් මේ ලංකාවේ සිටිනවා කියා මම හිතන්නේ නැහැ. ඒ මනුස්සයා කතා කරන වචන, රැස්වීම්වල කතා කරන අන්දම මනුස්සයෙක් නෙවෙයි තිරිසනෙක් හා සමානයි. ජනාධිපතිතුමාට කතා කරන අන්දම, නින්දා කරන අන්දම, පාවිච්චි කරන වචන, මේ ගරු සභාවේදී නම් අපිට කියන්නත් ලැජ්ජයි.
සිරිල් මැතිව්
පාර්ලිමේන්තු හැන්සාර්ඞ් වාර්තා
1583-1586
04-11-1982

පහත දැක්වෙන්නේ එම්. එච්. මොහොමඞ් කී කතාවය.

‘ගරු කතානායකතුමනි. මේ විජය කුමාරණතුංග කියන මනුස්සයා බොරැල්ල හන්දියේ රැස්වීමකට ඇවිත් කියනවා ‘තමුන්නාන්සේලා මාත් එක්ක එන්න ඕන 21 මොහොමඞ්ගේ ගෙදරට යන්න. එයාගේ ගේ කඩල එයාව බොරැල්ල හන්දියට උස්සන් එන්න තමුන්නාන්සේලා මාත් එක්ක එන්න ඕනෑ’ ගරු කතානායකතුමනි, මේක බොහොම භයානක තත්ත්වයක්. ආණ්ඩුවේ ඇමැතිවරු ගෙවල්වලින් උස්සගෙන ඇවිත් හන්දිවල තියල මරන්න ගියේ…’
එම්. එච්. මොහොමඞ්
පාර්ලිමේන්තු හැන්සාර්ඞ් වාර්තා
1531-1532
09-11-1982

මේ එවකට අගමැති ප්‍රේමදාස කී කතාවය.

‘එයා එක්ක රටපුරාම ගමන් කළ එයාගේ සුවච කීකරු ගෝලයා විජය කුමාරතුංග, ‘ගුරා’ කිව්වත් වරදක් නැහැ. ඔහු මොනවද වේදිකාවල කිව්වේ? අද අපට චෝදනාවක් කරනවා රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් ගැන. කරුණාකර හෘදය සාක්‍ෂිය විභාග කරන හැටියට මම ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උදව් පදව් කළ අයගෙන්, මේ රටේ ජනතාව ප්‍රකෝප කළේ කවුද කියා. මම ළඟ තිබෙනවා, ඒ පුද්ගලයාගේ පටිගත කළ කතා. මම ළඟ තිබෙනවා ඒ පුද්ගලයාගේ, ලඝු ලේඛනයෙන් සටහන් කරගත් කතා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලැජ්ජාවෙන් මුසපත් විය යුතුයි ඒ පුද්ගලයා ගැන. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිලිටි කළා පමණක් නොවෙයි. මුළු දේශපාලන වාතාවරණයම කිලිටි කළා. ඒ තරම් පහත් භාෂාවෙන් ඒ තරම් නින්දනීය ලෙසයි ඔහු කතා කළේ. පරුෂ අන්දමින්, ඔහුත් ඔහුගේ බිරියත් ඒ නිහීන ක්‍රියා කලාපයේ රජුත් රාජිනියත් හැටියට නම් කළ හැකියි. චන්ද්‍රිකා කුමාරතුංග අත්තනගල්ලේදී ජනාධිපතිතුමාට කතා කළේ ‘බල්ලා’ කියලයි. ඒ කතාව අසාගෙන සිටි අය කියන්න ගත්තා ‘අනේ මේ පර බැල්ලී කියන්නේ මොනවද?’ කියා. ලංකාවේ ජනවරමින් පත්වූ ජනාධිපතිවරයාට චන්ද්‍රිකා කතා කළේ ‘බල්ලා’ කියලයි. ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියාය කිව්වොත් මම හිතනවා කිසි කෙනෙක් මා සමඟ විරුද්ධ වන්නේ නැහැ කියා.
ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ වෙනවාත් සමඟම ජනාධිපති මන්දිරයට කඩාගෙන වදින්නට ඒ අය දිවුරුම් දීලා තිබුණා. ජේ. ආර්. ඇදල දමනවා පමණක් නොවෙයි, ඔහු මරා දමනවා කියා සාකච්ඡා වුණේ කවදාද කියා ටිකක් සොයා බලන්න. 20 වැනිදා රාත්‍රි වී 21 වැනි දාට එළිවන යාමයේ කැබිනට් මණ්ඩලය එහෙම පත්කරගෙන ඉවරයි. අපට ලැබුණු ආරංචි අනුව ඒ කණ්ඩායමෙන් අත්තනගල්ලේ ගරු මන්ත්‍රිතුමාත්, (ලක්‍ෂ්මන් ජයකොඩි මහතා) බේරුණේ අප දිනපු නිසයි. ඉස්සෙල්ලාම කනෙන් ඇදලා දොට්ට දමන්නේ එතුමායි. ඒ පක්‍ෂයෙන් එතැනට පත්වන්නේ විජය කුමාරතුංග අත්තනගල්ලේ මන්ත්‍රිවරයා හැටියට. රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නේ එතුමායි. (බාධා කිරීමක්) අගමැතිද අකමැතිද මම දන්නේ නැහැ.
මන්ත්‍රිවරයෙක් – එයාගේ කොණ්ඩයත් බොරු එකක්.
රණසිංහ ප්‍රේමදාස – එතුමාගේ කොණ්ඩයත් බොරු එකක් කියලා අපේ ගරු මන්ත්‍රිතුමා කියනවා.’
රණසිංහ ප්‍රේමදාස
පාර්ලිමේන්තු හැන්සාර්ඞ් වාර්තා
1051-1052
28-10-1982

එකල සමාජ මාධ්‍ය තිබුණේ නැත. ඒත් ජනමත විචාරණයේදී විජයගේ නැක්සලයිට් කුමන්ත්‍රණය ගැන පත්‍රිකා ගහල ආණ්ඩුව ගෙන් ගෙට බෙදනු ලැබීය. ඒ පත්‍රිකාවේ ජේ. ආර්.ගේ පපුවේ රතු පැහැති ලේ පැල්ලමක් තිබිණි. නැක්සලයිට් කුමන්ත්‍රණය යැයි එහි සඳහන් වී තිබිණි. මේ එකක්වත් හිරේ ඉන්න විජය දැන සිටියේ නැත. එහෙත් තමාව හිරේ දමන්න ශ්‍රීලනිපයේ මැතිනි – අනුර පිල සම්බන්ධ බව ඔහු ඔහුව බලන්න එන බිරිය චන්ද්‍රිකාගෙන් දැන ගන්න ඇත. විජයව හිරේ දමන්න පෙර ජේ. ආර්.ගේ ආණ්ඩුව විජයගේ චරිතය ඝාතනය කරන්න බොහෝ දේවල් කළේය. වරක් ඔහු සාමණේර නමක් වඩාගෙන සිටින පින්තූරයක් පළකොට අන්‍යාගමිකයෙක් වූ විජය බෞද්ධාගමට අපහාස කරනවා යැයි හාමුදුරුවරු ලවා කියවා ගත්හ.

‘සමහර භික්‍ෂුන් වහන්සේලාට දේශපාලන පෙළපාලි යන්න හොඳයි. සිවුරු පිටින් ඇවිත් නාට්‍ය බලන්න හොඳයි. නමුත් මා අතට දුන් සාමණේර නම ඔසවා සෙනඟට පෙන්වීමයි වැරැද්ද. සිය දහස් ජනතාවගේ අත්වලින් ඔය පුංචි සාදු වඩාගෙන ඇති. නමුත් විජය කුමාරණතුංග වඩාගත්ත එකයි වැරැද්ද වෙලා තියෙන්නේ…’

මේ විජය එයට දුන්න පිළිතුරය. විජය මෙවැනි මඩ ප්‍රහාරවලට නොබියව මුහුණ දුන්නාට හිර ගෙදර ජීවිතයට බය විය. එහි ප්‍රතිඵලය චන්ද්‍රිකා – ජේ. ආර්. හමුවී විජයට සමාව දෙන ලෙස ඉල්ලා සිටීමය. විජය හිරෙන් එළියට ඇවිත් වෙනම පක්‍ෂයක් හැදුවේය. ඒ පක්‍ෂය මහජන පක්‍ෂයය. විජයගේ මහජන පක්‍ෂය පහර ගැහුවේ ජේ.ආර්.ගේ යූ.ඇන්.පී.යටත් වඩා විජයව පාවා දුන් ශ්‍රීලනිපයටය. අවසානයේ ප්‍රේමදාසත්, විජයගේ හොඳ මිත්‍රයෙක් විය. ජේ. ආර්.ද මිත්‍ර විය.
මෙහෙව් විජයගේ, බෑණා රන්ජන් රාමනායකය. අද ඔහුත් ජනාධිපතිවරණයක් අවසන් වූ විගස සිරගතව සිටී. 2019 ජනාධිපතිවරණයේ සජිත්ගේ වේදිකාවේ ස්ටාර් නොහොත් තරුව වූයේ රන්ජන්ය. හැබැයි විජය වගේ නොව රන්ජන් තමාව අත්අඩංගුවට ගන්න ඔහු විසින්ම ආණ්ඩුවට ලයිසන් දී ඇත. ඒ ඔහුගේ සදාචාරාත්මක නොවන හෝ අනුවණ හිරිකිත හඬපට නිසාය. විජයව අත්අඩංගුවට ගන්න පෙර ශ්‍රීල.නි.ප.ය විජයව අතහැරියා අද යූ.ඇන්.පීයද රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට පෙර රන්ජන්ව අතහැරියේය. හඬපට මේනියාව ඇරෙන්න මේ මාමයි – බෑණයි අතර අරුම පුදුම සමානකම් තිබේ.
‘බෑණාත් මාමා වගේ ආණ්ඩුවත් එක්ක මිතුරු වෙයිද?’
ඒක නම් තවම කියන්න බැරිය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනවාරි 24 සෙනසුරු එන්නේ ජීවිත බිලිගන්නද?

Next Post

සහෝදරියට බැන්න ඇමැති විදුරට වරෙන්තු

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.