අන්තරීක්‍ෂ වර්ණ සංකේත පොළොව කරා කාන්දු වනුයේ අපගේ ජීවරසපාන මානයේ (Biotonic Scale) සප්ත ස්වර රටාවම අනුගතවය.
හිරුගෙන් පිට වන වර්ණ ජාල රටාව (60103)ක් පමණ යැයි වර්ණ විද්‍යාඥයන් තීරණය කර තිබේ.
විශේෂයෙන්ම මූලික වර්ණයන් අතර, රතු හයිඩ්‍රජන් භෞතික ශක්තියද, කහ කාබන් ආකාශීය ශක්තියද, නිල් ඔක්සිජන් ආධ්‍යාත්මික බලයද ලෙස හඳුන්වනු ලැබේ.
නිල් වර්ණය – සෞම්‍ය මෙන්ම ශීත ගුණකාරකය කියැවීමට සුදුසු නොවේ.
කොළ (හරිත) වර්ණය – දෙඇස් පිනවයි. ඇස් රෝග නසයි. ආරක්‍ෂා කරයි. මනසට හිතකරයි.
තැඹිලි වර්ණය – අවපාතයට එරෙහිව සටන් කරන මානසික මට්ටම ඉහළ තලයට ගෙන එන සන්නිවේදන ජාලය ක්‍රියාත්මක කරනසුලුය.
දම් වර්ණය – මානසික තත්ත්වයන්ට ප්‍රතිකාර කරයි. ස්නායු ආබාධ තුරන් කිරීමට උපකාරක වෙයි. මානසික ආවේගශීලී බව අඩු කරයි. භාවනා කිරීමට ඉතාම යෝග්‍ය වන්නේ ලා දම් පැහැය ඇසුරු කරගෙනය.
මිනිස් සිරුරට අදාළ චක්‍ර තරංග ආයාමයන්ට අනුබද්ධය. නිවෙසේ කාමරවල වර්ණාලේප කිරීමේදී වර්ණ විද්‍යාව Colurlogy අනුව කළ යුතු වෙයි. වර්ණ විද්‍යාඥයන්ගේ නිගමනය හරහා බලන විටදී වර්ණ ශක්තීන් මිනිසා පමණක් නොව භෞතික ජීවීන් හා ගහ-කොළද පාලනය කරන බවපෙනී යයි. එය නිවැරැදිව සමතුලිතතාවයට පෙළගැස්වීම කළ යුතුවෙයි.
විශේෂයෙන් නිවාසීය වාස්තු දෝෂ මඟහරවා ගැනීමට වර්ණ බෙහෙවින්ම බලපෑම් කෙරේ. කිසිවිටක කඩාබිඳ නොදමා කළ හැකි වෙයි. ගොඩනැඟිලි ජීව විද්‍යාව අනුව සරල විසඳුම් යොදා ගැනීම විද්‍යානුකූලව කළ යුතු වෙයි.
අතට හසුවන කිසියම් වර්ණයන් බිත්ති පුරාම ආලේප කිරීමෙන් අවශ්‍ය වන මූලිකමය වාස්තු කරුණු ඉටු නොවේ.
දිසාවන්ට ගැළපෙන වෙන්වී ඇති වර්ණක ගැන්වීමෙන් ධනාත්මක ප්‍රතිඵල ලැබේ. ඌෂ්ණ වර්ණ භාවිතයට නොගෙන සම ශීත වර්ණ උපයෝගී කරගැනීම ඉතාම සුබයි.
දිවා සහ රාත්‍රි කාලය තුළ නිදා ගැනීමේදී ඇඳේ සිට තමාගේ හිස උතුරු දිසාවට තිබෙන අන්දමට නිදා ගැනීම නොකළ යුතුයි. උතුරෙන් චුම්බය වඩා වේගයෙන් ඇදෙනසුලු නිසා නින්දේදී සිරුරේ ශක්තිය අධික ලෙස වැය වෙයි. සිරුරේ 1/4 එක රුධිරය සිඳෙන තත්ත්වයට පත්වෙයි. කාලයක් තිස්සේම උතුරට හිස තමා නිදා ගැනීමෙන් මතක ශක්තිය අඩු වී හිසේ වේදනාව, හිරි වැටීම, පීඩනයන් හා ආතති වැඩි වෙයි. උදේ අවදි වන විටදී රතු පාට දැකීමෙන් ඉමහත් වෙහෙසක් හිසට මෙන්ම සිරුරටද දැනේ එය ගර්භිණී ස්ත්‍රීන්ට අයහපත් වන්නේ කුස තුළ වැඩෙන දරුවාට අහිතකර බැවිනි. විද්‍යාඥයන් මේ පිළිබඳ පර්යේෂණය කර අයහපත් බැව්ද සොයාගෙන තිබේ. වර්ණ ජාලය පිළිබඳව වෙනත් බොහෝ විස්තර ඇත්තේය. මිනිසාගේ කායික හා මානසික හැසිරීම් රටාවද වර්ණ ජාලය බෙහෙවින්ම ඍජුවම බලපාන බැව් පෙනේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











