ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම සිය දසවැනි සංවත්සරය අභිමානයෙන් සමරයි.
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ තරගකාරී හා කාර්යක්ෂම සේවාවන් සපයමින් දේශීය සමාගම් 20ක් හා විදේශීය සමාගම් 7ක් වශයෙන් ක්‍රියාත්මක රක්ෂණ සමාගම් ගණන 27කි. ඒ අතුරින් සිය අභිමානවත් දසවැනි සංවත්සරය සමරන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම සිය වටිනා ගනුදෙනුකාර ජනතාවට නවතම රක්ෂණ සේවා ගොන්නකින් සමන්විත “පීපල්ස් ගාඩියන්” නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කොට ජනතාවට තිළිණ කරනු ලබයි.
පීපල්ස් ලීසිං සමාගම විසින් 2010දී ආරම්භ කරන ලදුව, මේ වන විට වාර්ෂික වාරික ආදායම අනුව සාමාන්‍ය රක්ෂණ සමාගම් අතර පස්වැනි ස්ථානයේ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය පසුවෙයි.











