ලෝකයේ බොහෝ රටවල් තිබුණද අදටත් “හිරු නොබසින අධිරාජ්‍යය” ලෙස අප හඳුන්වන එක්සත් රාජධානියට හිමිවන්නේ සුවිශේෂී තැනකි. වත්මන් ලෝකයේ බලවත්ම රටක් ලෙස සැලකෙන මෙය රජ පවුලක් විසින් පාලනයක් ගෙනයන රටකි. පස්වැනි ජෝර්ජ් රජුගේ ඇවෑමෙන් දෙවැනි එළිසබෙත් මහා රැජින තම අණසකට ගත් එක්සත් රාජධානිය ලොව සුප්‍රසිද්ධ රටක් වෙන්නටද බලපෑ කරුණු කාරණා ගණනාවකි. එහෙත් ඒ කරුණු කාරණා අතරින් ශ්‍රී ලාංකේය අප දන්නේ අල්ප මාත්‍රයක් තරම් වූ පුංචි කොටසකි. එම නිසා මෙම ලිපිය හරහා අප අද කියන්නට සූදානම් වන්නේ එක්සත් රාජධානිය ගැනය. එසේ නැත්නම් හිරු නොබසින අධිරාජ්‍යයේ ඒ නොදන්නා එහෙත් දැනගත යුතු කතාව ගැනය.
එක්සත් රාජධානිය යන නිල නාමයෙන් හඳුන්වන එක්සත් රාජධානිය මෙදා යුරෝපා මහද්වීපයට අයත් විශාලතම දූපත ලෙසින් පෙන්වා දිය හැකිය. ලෝකයේ බලවත්ම රටක් වූ එක්සත් රාජධානිය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ “ඹබසඑැා ණසබටාදප” යනුවෙනි. එමෙන්ම “හිරු නොබසින අධිරාජ්‍යය” යන නමින්ද අද එක්සත් රාජධානිය හඳුන්වයි. මෙහි පිහිටීම අත්ලාන්තික් නම් සාගර මධ්‍යයේ වෙන අතර එයට නැඟෙනහිර උතුරු මුහුදත් ඉංග්‍රීසි ඇළත් මායිම්ව පවතියි. මේ අතර මෙම එක්සත් රාජධානියේ අගනුවර වන්නේ ලන්ඩන්ය. ඊට නුදුරින් මෙහි ලිවර්පූර්, නිව් කාසල්, මැන්චැස්ටර් සහ ග්ලාස්ගෝ, එඩින්බර්ග් මෙන්ම බි්‍රස්ටල් යනුවෙන් තව තවත් නගර තිබේ. ඒවාද ඉතා විශාල හා පොහොසත් නගර ලෙස සැලකිය හැකිය.
ඉංග්‍රීසි ජාතිකයින් වැඩිම පිරිසක් සිටිනා එක්සත් රාජධානියේ රාජ්‍ය භාෂාව වන්නේද ඉංග්‍රීසි භාෂාවයි. එහි රාජ්‍ය ආගම ඇන්ග්ලිකන් කිතු දහම හා රෝමානු කතෝලිකයි. එමෙන්ම එක්සත් රාජධානිය තුළ දැනට භාවිත කරන මුදල් ඒකකය ස්ටර්ලි පවුම්ය. ලෝකය තුළ ඉතා ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල රැසක්ම මෙහි තිබෙන අතර ඒවා වන්නේ ඔක්ස්ෆර්ඞ්, ක්‍රේම්බීජ්, එඩින්බර්ග් සහ ග්ලාස්ගෝ මෙන්ම බි්‍රස්ටල් යන විශ්වවිද්‍යාලයි. ඒ නිසාමදෝ එරටෙහි ජීවත්වන මිනිසුන්ගේ සාක්ෂරතා මට්ටම 100%කි. මේ අතර ලෝකයේ ප්‍රසිද්ධ විලියම් ශේක්ස්පියර්, බර්නාඞ් ෂෝ, අයිසෙක් නිව්ටන්, චාල්ස් ඩාවින්, මයිකල් පැරඬේ යන අය එක්සත් රාජධානිය තුළින් ලොවට බිහිවූ ජනප්‍රියම මෙන්ම රටම දන්නා ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ය.
එක්සත් රාජධානිය යැයි පැවසූ සැණින්ම ඔබට මට මතක් වන්නේ බකිංහැම් මාලිගාවයි. එය දීර්ඝ ඉතිහාසයක් ඇති රජ මාලිගයකි. 18 වැනි සියවසේදී බකිංහැම් ආදිපාදිවරයා විසින් මෙය සාදවා ඇති අතර බි්‍රතාන්‍යය රජ පවුලේ වත්මන් නිල නිවස වන්නේද එයයි. බකිංහැම් මාලිගය එසේ බි්‍රතාන්‍යය රජ පවුලේ නිල නිවස වන්නේ 1761 වර්ෂයේ පටන්ය. සැබෑවටම එය එසේ මෙසේ මාලිගයක් නොවන අතර අප දන්නා පරිදි බකිංහැම් මාලිගයේ කාමර පමණක් 600ක් තිබේ. එමෙන්ම එය ඉදිකර තිබෙන්නේ මනරම් උද්‍යානයක් තුළය. එහිදී මහා රැජිනට පමණක් ඇරෙන වැහෙන දොරටුද එහි ඇති අතර මහා රැජින මාලිගයේ සිටින විට ඇයගේ කොඩිය එහි දමා තිබිය යුතුය. එය එසේ දැමීම තුළින් අනෙක් අයට රැජින මාලිගාව තුළ සිටීද නැද්ද යන්න අවාචිකව සන්නිවේදනය කරගත හැකිය.
අවසාන වශයෙන් හිරු නොබසින අධිරාජ්‍යයේ හෙවත් එක්සත් රාජධානියේ වත්මන් තත්වය ගැන පැහැදිලි කිරීමේදී එය ඉතා දියුණු මට්ටමක පවතියි. නමුත් එවකට මෙය කෘෂිකාර්මික රටකි. අතීතයේදී තිරිඟු, බාර්ලි, අර්තාපල් සහ පලතුරු හා එළවළු වගා ආදිය කෘෂිකාර්මික අතින් එක්සත් රාජධානිය ඉතාම ස්වයංපෝෂිත කර තිබේ. මේ අතර එළු, ගව, බැටළු, ඌරු, තාරා, කළුකුම් යන සතුන් යොදාගෙන එදා සත්ව පාලනයද හොඳින්ම සිදුකර තිබේ. ඒ හරහා කිරි සහ බිත්තර, මස්, ලොම් ආදී නිෂ්පාදන සිදුකළ බව සඳහන් වෙයි. එමෙන්ම එක්සත් රාජධානිය තුළ ධීවර කටයුතු මෙන්ම ලෝහමය කර්මාන්තයත් යකඩ සහ වානේ කර්මාන්තයත් සිදුකර ඇති අතර වාහන වන මෝටර් රථ, නැව් මෙන්ම ගුවන්යානාද නිෂ්පාදනය කළ බවට සඳහන් වෙයි. තවද රෙදිපිළි, ඖෂධ සහ ආහාරපාන නිෂ්පාදනය අතින්ද එවකට මෙම එක්සත් රාජධානිය ඉදිරියෙන් සිට තිබේ. මෙම සියලු කරුණු කාරණාවන් ගත්කල වර්තමානය වන විට “එක්සත් රාජධානිය” යනු ලෝකයේ දියුණුම රටකි.
නලින්ද සම්පත්











