• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන සම්පතට 5000යි…

November 27, 2022
in Business
Reading Time: 3 mins read
A A
මහජන සම්පතට 5000යි…
Share on WhatsAppShare on Facebook

ලොතරැයිය කලාවක් නම්, ඒ කලාව පාරිභෝගිකයාගේ පුරුද්දක් බවට පත්කළේ ලොතරැයියේ මහගෙදර වන ජාතික ලොතරැයි මණ්ඩලයයි. ලංකාව තුළ ලොතරැයිය මුල් බැසගැනීමට පෙර ලොතරැයි ඉතිහාසය දෙස හැරී බැලුවහොත්, ලොව ප්‍රථම ලොතරැයිය නිර්මාණය වන්නේ චීන දේශයේ හන් පෙළපතේ පාලන කාලයේදීය. එය රට තුළ පවතින සුවිසල් ව්‍යාපෘති සඳහා අරමුදල් ප්‍රතිපාදනය කර ගැනීම සඳහා සිදුකරන ලද්දකි. මින් අනතුරුව ලෝකයේ නන් දෙස ප්‍රචලිත වූ ලොතරැයියේ ලංකාගමනය සිදුවන්නේ 1940 පමණ ආරම්භ වූ ජිම්කානා ලොතරැයියත් සමගය. එය රාජ්‍ය අනුග්‍රහයකින් සිදු නොවූවක් වන අතර, 1955 අංක 4 දරන ආරෝග්‍යශාලා ලොතරැයි පනත මගින් ආරෝග්‍යශාලා ලොතරැයිය අරඹනු ලැබීය. රටේ සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් මේ ලොතරැයිය ආරම්භ කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භය

1960 දශකයේ ආරම්භක අවධිය ගෙවී යත්ම රටේ සංවර්ධන ක්‍රියාදාමයට මුදල් උපයා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකිරීමට එවකට පැවති රජයට සිදුවිය. මෙතෙක් වෛද්‍ය සහ සෞඛ්‍ය සේවාවන්ට මුදල් උපයා දුන් ආරෝග්‍ය ශාලා ලොතරැයිය රටේ සංවර්ධන කාර්යය සඳහාද යොදා ගැනීමේ අරමුණ ඇතිව 1963 අංක 11 දරන මුදල් පනත මගින් ජාතික ලොතරැයි මණ්ඩලය බිහිකරනු ලැබීය. එහි ප්‍රථම සභාපතිවරයා වීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාටය.

60 දශකයේ අවසන් වකවානුව වනවිට ජාතික ලොතරැයිය සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබිණි. එම ලොතරැයිය තුළින් තම වාසනාව උරගා බැලීමේ උනන්දුව, ජනතාව වෙතින් දක්නට ලැබීමත් සමඟ නව ලොතරැයියක අවශ්‍යතාව මතුවන්නට විය. එය සපුරාලමින් 1969 වසරේදී මසකට වරක් දිනුම් අදින ජාතික සම්පත නමින් නව ලොතරැයියක් කලඑළි බසින ලදී.

මහජන සම්පත ආරම්භය

අද ලොතරැයි ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන ලංකාවේ ජනප්‍රියම ලොතරැයිය මහජන සම්පතහි මංගල දිනුම් ඇදීම 1970 ජුලි 28 වැනිදා, එවක අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අද අප රටේ වැඩිම කෝටිපතියන් ප්‍රමාණයක්, විසි ලක්ෂපතියන්, ලක්ෂපතියන් ඇතුළු වැඩිම ජයග්‍රාහකයන් බිහිකළ ලොතරැයියද, ලොතරැයි ලොව රජකිරුළට හිමිකම් කියන්නේද මහජන සම්පත ලොතරැයියයි. 2005 වසරේදී ජනප්‍රියම වෙළෙඳ නාමයට හිමි අයිකොන් සම්මානයෙන්ද මහජන සම්පත පිදුම් ලැබීය. පළමුව මසකට වරක්ද, ඉන් පසු සතියකට එක් දිනක්ද, ඉන් අනතුරුව සතියට දින දෙකක් – තුනක් ලෙසද වැඩි වෙමින්, අද සත් දිනම ජය ගෙනෙන ලොතරැයියක් බවට පත්ව ඇත්තේ ජනතාව තුළ වසර ගණනාවක් තුළ ගොඩනැගුණු විශ්වාසය නිසාමය.

ගම් දනව් සිසාරා ජයග්‍රාහකයන් බිහිකරමින්, ඔවුන්ට කෝටි ගණනින් මුදල් පිරිනමන මහජන සම්පත රටේ සංවර්ධන කාර්ය උදෙසා ප්‍රමුඛ අනුග්‍රාහකයකු ලෙස දක්වන සහාය අතිවිශාලය. අපේ රටේ, නගරයේ, ගමේ කුමන සංවර්ධන ක්‍රියාවලියක් සිදුවුවද ඊට මහජන සම්පතේ දායකත්වය ලැබී ඇත.

මහජන සම්පත රූපවාහිනි ආගමනය

විවෘත ආර්ථික ප්‍රවාහය රට තුළ ගලායෑමත් සමඟ, රටේ ජනතාවගේ කැමැත්තද වටහාගෙන ඒ අනුව යමින් එතෙක් බාහිර පෙදෙසකදී නම් ජනතාව ඉදිරියේද, එසේ නැතිනම් ප්‍රධාන කාර්යාලයේදීද දිනුම් අදින ලද ලොතරැයි තව දුරටත් එසේ සිදු නොකර 195 දිනුම් වාරයේ සිට මහජන සම්පත ලොතරැයිය රූපවාහිනි තිරය ඔස්සේ මුළු රටක් ඇමතීය. මේ මංගල රූපවාහිනි දිනුම් ඇදීම සිදුකෙරුණේ 1988 මැයි 10 වැනිදාය. මෙම දිනුම් ඇදීමේ වැඩසටහන සම්පත් රේඛා නමින් හැඳින්විණි. තවමත් ආදේශයක් නිර්මාණය නොවු ප්‍රවීන ජ්‍යෙෂ්ඨ නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හා ජ්‍යෙෂ්ඨ නිවේදිකා රේණුකා බාලසුරිය මහත්මිය මෙම වැඩසටහන ඉදිරිපත් කළ අතර, මහජන සම්පත වැඩසටහන මුළු රටක් ආදරයෙන් වැලඳ ගත්තේය.

මේ අයුරින් සංධිස්ථාන රැසක් පසු කරමින් ආ මහජන සම්පත ලොතරැයිය අද වනවිට 5000 වන දිනුම් වාරයට පා තබමින් සිටියි. ලංකාවේ වැඩිම වාර ගණනක් දිනුම් අදිනු ලැබූ ලොතරැයිය බවට ඉතිහාසගත වී රන් අකුරින් ලියැවෙන දිනය 2023 ජනවාරි 14 වැනි දින බව ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි ඉතා ආඩම්බරයෙන් මෙයින් දැනුම් දී සිටිමු.

එසේ නම්, ලංකාවේ පළමු වතාවට වැඩිම ගාණKing රජ වෙන්න සූදානම් වෙන්න.

SendShareShare
Previous Post

2021 උසස් පෙළ විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනැමෙන BOC නැණ ජය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවේ…

Next Post

මතකද වඳ ‌දොස්තර කියලා පොහොට්ටුවේ සෙට් එකයි මාධ්‍යයි විනාශ කරපු දොස්තර ෂාෆි සහබ්දීන්! මේ නිසා දොස්තරගෙ දරුවන්ට ඉස්කෝලෙ යන්නත් බැරි වුණා! දරුවන් ඉස්කෝලෙන් අස්කරගෙන මුලු පවුලම හැංගුණා! අන්න ඒ දොස්තරගෙ දියණිය ශාෆි පාතිමා මෙච්චර කරදර මැද්දෙත් A 9ක් අරන් ඉහළින්ම පාස් වෙලා!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.