• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

මහජන සම්පතට 5000යි…

November 27, 2022
in Business
A A
මහජන සම්පතට 5000යි…

ලොතරැයිය කලාවක් නම්, ඒ කලාව පාරිභෝගිකයාගේ පුරුද්දක් බවට පත්කළේ ලොතරැයියේ මහගෙදර වන ජාතික ලොතරැයි මණ්ඩලයයි. ලංකාව තුළ ලොතරැයිය මුල් බැසගැනීමට පෙර ලොතරැයි ඉතිහාසය දෙස හැරී බැලුවහොත්, ලොව ප්‍රථම ලොතරැයිය නිර්මාණය වන්නේ චීන දේශයේ හන් පෙළපතේ පාලන කාලයේදීය. එය රට තුළ පවතින සුවිසල් ව්‍යාපෘති සඳහා අරමුදල් ප්‍රතිපාදනය කර ගැනීම සඳහා සිදුකරන ලද්දකි. මින් අනතුරුව ලෝකයේ නන් දෙස ප්‍රචලිත වූ ලොතරැයියේ ලංකාගමනය සිදුවන්නේ 1940 පමණ ආරම්භ වූ ජිම්කානා ලොතරැයියත් සමගය. එය රාජ්‍ය අනුග්‍රහයකින් සිදු නොවූවක් වන අතර, 1955 අංක 4 දරන ආරෝග්‍යශාලා ලොතරැයි පනත මගින් ආරෝග්‍යශාලා ලොතරැයිය අරඹනු ලැබීය. රටේ සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් මේ ලොතරැයිය ආරම්භ කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භය

1960 දශකයේ ආරම්භක අවධිය ගෙවී යත්ම රටේ සංවර්ධන ක්‍රියාදාමයට මුදල් උපයා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකිරීමට එවකට පැවති රජයට සිදුවිය. මෙතෙක් වෛද්‍ය සහ සෞඛ්‍ය සේවාවන්ට මුදල් උපයා දුන් ආරෝග්‍ය ශාලා ලොතරැයිය රටේ සංවර්ධන කාර්යය සඳහාද යොදා ගැනීමේ අරමුණ ඇතිව 1963 අංක 11 දරන මුදල් පනත මගින් ජාතික ලොතරැයි මණ්ඩලය බිහිකරනු ලැබීය. එහි ප්‍රථම සභාපතිවරයා වීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාටය.

60 දශකයේ අවසන් වකවානුව වනවිට ජාතික ලොතරැයිය සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබිණි. එම ලොතරැයිය තුළින් තම වාසනාව උරගා බැලීමේ උනන්දුව, ජනතාව වෙතින් දක්නට ලැබීමත් සමඟ නව ලොතරැයියක අවශ්‍යතාව මතුවන්නට විය. එය සපුරාලමින් 1969 වසරේදී මසකට වරක් දිනුම් අදින ජාතික සම්පත නමින් නව ලොතරැයියක් කලඑළි බසින ලදී.

මහජන සම්පත ආරම්භය

අද ලොතරැයි ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන ලංකාවේ ජනප්‍රියම ලොතරැයිය මහජන සම්පතහි මංගල දිනුම් ඇදීම 1970 ජුලි 28 වැනිදා, එවක අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අද අප රටේ වැඩිම කෝටිපතියන් ප්‍රමාණයක්, විසි ලක්ෂපතියන්, ලක්ෂපතියන් ඇතුළු වැඩිම ජයග්‍රාහකයන් බිහිකළ ලොතරැයියද, ලොතරැයි ලොව රජකිරුළට හිමිකම් කියන්නේද මහජන සම්පත ලොතරැයියයි. 2005 වසරේදී ජනප්‍රියම වෙළෙඳ නාමයට හිමි අයිකොන් සම්මානයෙන්ද මහජන සම්පත පිදුම් ලැබීය. පළමුව මසකට වරක්ද, ඉන් පසු සතියකට එක් දිනක්ද, ඉන් අනතුරුව සතියට දින දෙකක් – තුනක් ලෙසද වැඩි වෙමින්, අද සත් දිනම ජය ගෙනෙන ලොතරැයියක් බවට පත්ව ඇත්තේ ජනතාව තුළ වසර ගණනාවක් තුළ ගොඩනැගුණු විශ්වාසය නිසාමය.

ගම් දනව් සිසාරා ජයග්‍රාහකයන් බිහිකරමින්, ඔවුන්ට කෝටි ගණනින් මුදල් පිරිනමන මහජන සම්පත රටේ සංවර්ධන කාර්ය උදෙසා ප්‍රමුඛ අනුග්‍රාහකයකු ලෙස දක්වන සහාය අතිවිශාලය. අපේ රටේ, නගරයේ, ගමේ කුමන සංවර්ධන ක්‍රියාවලියක් සිදුවුවද ඊට මහජන සම්පතේ දායකත්වය ලැබී ඇත.

මහජන සම්පත රූපවාහිනි ආගමනය

විවෘත ආර්ථික ප්‍රවාහය රට තුළ ගලායෑමත් සමඟ, රටේ ජනතාවගේ කැමැත්තද වටහාගෙන ඒ අනුව යමින් එතෙක් බාහිර පෙදෙසකදී නම් ජනතාව ඉදිරියේද, එසේ නැතිනම් ප්‍රධාන කාර්යාලයේදීද දිනුම් අදින ලද ලොතරැයි තව දුරටත් එසේ සිදු නොකර 195 දිනුම් වාරයේ සිට මහජන සම්පත ලොතරැයිය රූපවාහිනි තිරය ඔස්සේ මුළු රටක් ඇමතීය. මේ මංගල රූපවාහිනි දිනුම් ඇදීම සිදුකෙරුණේ 1988 මැයි 10 වැනිදාය. මෙම දිනුම් ඇදීමේ වැඩසටහන සම්පත් රේඛා නමින් හැඳින්විණි. තවමත් ආදේශයක් නිර්මාණය නොවු ප්‍රවීන ජ්‍යෙෂ්ඨ නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හා ජ්‍යෙෂ්ඨ නිවේදිකා රේණුකා බාලසුරිය මහත්මිය මෙම වැඩසටහන ඉදිරිපත් කළ අතර, මහජන සම්පත වැඩසටහන මුළු රටක් ආදරයෙන් වැලඳ ගත්තේය.

මේ අයුරින් සංධිස්ථාන රැසක් පසු කරමින් ආ මහජන සම්පත ලොතරැයිය අද වනවිට 5000 වන දිනුම් වාරයට පා තබමින් සිටියි. ලංකාවේ වැඩිම වාර ගණනක් දිනුම් අදිනු ලැබූ ලොතරැයිය බවට ඉතිහාසගත වී රන් අකුරින් ලියැවෙන දිනය 2023 ජනවාරි 14 වැනි දින බව ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි ඉතා ආඩම්බරයෙන් මෙයින් දැනුම් දී සිටිමු.

එසේ නම්, ලංකාවේ පළමු වතාවට වැඩිම ගාණKing රජ වෙන්න සූදානම් වෙන්න.

Share50Tweet32SendShare13
Previous Post

2021 උසස් පෙළ විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනැමෙන BOC නැණ ජය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවේ…

Next Post

මතකද වඳ ‌දොස්තර කියලා පොහොට්ටුවේ සෙට් එකයි මාධ්‍යයි විනාශ කරපු දොස්තර ෂාෆි සහබ්දීන්! මේ නිසා දොස්තරගෙ දරුවන්ට ඉස්කෝලෙ යන්නත් බැරි වුණා! දරුවන් ඉස්කෝලෙන් අස්කරගෙන මුලු පවුලම හැංගුණා! අන්න ඒ දොස්තරගෙ දියණිය ශාෆි පාතිමා මෙච්චර කරදර මැද්දෙත් A 9ක් අරන් ඉහළින්ම පාස් වෙලා!

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.