ඇස්වහ කටවහ හෝවහ දුරුවීමට
වී, කපු ඇට, ලුණු කැටයක්, අමු කහ, අඟුරු කැබැල්ලක්, කතා නොකර ගත් වතුර බඳුනකට දෙහි අත්තක් සමඟ සෙනසුරාදා සවස දමා ඉරිදා පාන්දර 4.47ට මෙම මන්ත්‍රයෙන් 108 වරක් ජප කර උදේ ඇඟේ ගාන්න. වරු 3ක්ම ගාන්න. දෙහි අත්ත මැලවී යයි.
මන්ත්‍රය
ඕං කීකරු නොකීකරු දුටුකරු නොදුටු කරු ඇස්වහ කටවහ අද හිටන්.. නම… ට නෑ.
ගෙඩි ගැට වීමට ගුරුකමක්
ඇඟේ ගෙඩියක් මතුවී ගෙන එනවිටම කන හුනු ටිකක් ඇඟිල්ලට ගෙන තමාගේ හිසට උඩින් ඇඟිල්ලෙන් හුනුවලින් ඉරි නවයක් අඳින්න.
මන්ත්‍රය
ඕං පාපා කරුසියාගේ ආඥාවෙන් ආනුභාවයෙන් (නම) පැත්තේ දව දවා විකි විකි ඒහි ඒස්වාහඃ
වහා ගෙඩිය ගැටවී යනු ඇත.
ශ්‍රී දේවි මහා ධනලක්‍ෂ්මී වශීය
මේ මහා ධන ලක්‍ෂ්මී ආකර්ෂණ වශී මන්ත්‍රය දිනකට තුන් වරක් ජප කරන්න. ඔබට මූල්‍ය ආර්ථික සම්පත් ලැබේ.
මන්ත්‍රය
ඕං මහා ලක්‍ෂ්මීච විද්මනේ විෂ්ණු පන්නව ධීමහී තානෝ ලක්‍ෂ්මී ප්‍රචෝදයාත්
එදිනෙදා තමාගේ වැඩකටයුතු සාර්ථක වීමට
මන්ත්‍රය
ඕම් මුනි පද්මේ හුම්
(9 වරක් කියන්න)
ආපසු ණය ගැනීමට
වතුරට 21 වරක් මතුරා බොන්න. මුහුණේ ගාගෙන පිටත් වන්න.
මන්ත්‍රය
ඕං නමෝ සිද්ධ නෙත බ්‍රහ්මිනෙ ස්වාහඃ
සතුරා මිත්‍ර වීමට
බුලත් කොළේ දෙහි කටුවෙන් මන්ත්‍රය ලියා ළඟ තබාගෙන හමුවන්න.
මන්ත්‍රය
ඕං කාලී කාලී සංකාලී සාහි ඒස්වාහඃ
පාඩම් හිටීමට
වතුරට 108 වරක් මතුරා බොන්න.
මන්ත්‍රය
ඕං නමෝ සරස්වතී භවනේ තිබූ එරන්දති පොතයි. අද මම අතට ගත්තේ. ලත් විද්‍යාධරණි ඒස්වාහඃ
ප්‍රභූන් හමුවීමට
තලතෙලට මතුරා හිස පිටුපස ගාගෙන යන්න.
මන්ත්‍රය
ඕං කාලී මහා කාලී සරස්වතී දේවි බ්‍රහ්මේශ්වරී විද්‍යාධාරී ඥානේෂ්වරී දුදං
පුෂ්පාසන ප්‍රවිශ්ඨ වරොසු ලක්‍ෂණ බ්‍රහ්ම රාජිනී නමඃ
නඩුවලට උසාවියට යනවිට
ගල් කැට සතරක්, ලුණු කැටයක් ගෙන 108 වරක් මතුරා දියට දමා යනු අදහස ඉටුවෙයි.
මන්ත්‍රය
ඕං නමෝ කරතුර කාරකඩ කාරයේස් වාහඃ
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











