ස්වර්ණාභරණ ලොව කිරුළු පැලැඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලර්ස් සංවිධානය කළ ළමා සතුටු උළෙල (Kids Fun Fest) පසුගියදා කුඩා දරු දැරියන් 2000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් නිත්‍යකල්‍යාණි ජුවලරි රථ ගාලේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. මැරිගෝ රවුන්ඞ්, බවුන්සර්ස්, දුනු විදීම, බැලුම් පිපිරවීම, මුහුණු පාට කිරීම, ඡායාරූප ගැනීම ආදී විනෝද ක්‍රීඩා හා අංග රැසකින් මෙන්ම පොප් කෝර්න්, කැන්ඩි ෆ්ලොක්, මැගී නූඞ්ල්ස් සහ සිසිල් බීම ආදී කෑම බීම රැසකින් සපිරි මෙම ණසාි ත්‍මබ ත්‍ැිඑ උදෑසන 9 සිට සවස 4 දක්වා ආකර්ෂණීය සංගීතයෙන්ද රසවත්ව පවත්වන ලදී. මෙම Kids Fun Fest ප්‍රදේශවාසී දරු දැරියන්ට ගෙන ආවේ අමතක නොවන අත්දැකීමකි. දරු දැරියන්ට මෙන්ම ඔවුන්ගේ මාපියන්ටද මෙම උත්සවය අතිශය ප්‍රීතිජනක අවස්ථාවක් විය.











