• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩ්ඩන්ට පොත් ලියූ අඟුරු කැබැල්ලෙන් සිතුවම් ඇන්ද කළු දෝණි…

October 2, 2022
in Exclusive, Mahawanshaya, News
Reading Time: 9 mins read
A A
පොඩ්ඩන්ට පොත් ලියූ අඟුරු කැබැල්ලෙන් සිතුවම් ඇන්ද කළු දෝණි…
Share on WhatsAppShare on Facebook

ළමයින්ව සුන්දර සිහින ලොවකට රැගෙන යන්නට අපමණ සේවයක් කළේ සිබිල් නැන්දාය. ලෝක ළමා දිනයදා ඇය අමතක නොකිරීම අපගේ යුතුකමකි. ඇය අහිංසක දරුවන් වෙනුවෙන් කළ සේවය නිතැනින්ම අගය කළ යුතුයි. ඇය කතන්දර විශාල ප්‍රමාණයක් ලියමින් දරුවන්ගේ මනස රස වින්දනය සඳහා යොමු කිරීමට කටයුතු කළාය. ඇය අද ජීවතුන් අතර නැති වුවත් ඇය කළ සේවය පරම්පරා ගණනක් පවතිනු ඇත. ඇය පරම්පරා ගණනකගේ නැණැස් පාදා ඇය 2020 ජුනි 30 වැනිදා මෙලොවින් සමුගත්තාය.

සමුගෙන යනදා ඇය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ තැබූ සටහනකින් උපුටා ගන්නා ලද්දකි. සිත්තමින් සහ ලේඛන කලාවෙන් දරුවන්ගේ ලොව එළිය කරන්නට නොනිමි සේවයක් කිරීම වෙනුවෙන් ඇයට උපහාරයක් පිණිසම මෙය පළකරමි.

ගාල්ලේ – ගිංතොට නම් වූ සුන්දර ගම්පියසේ 1928 ඔක්තෝබර් මස 31 වැනි දින උපත ලද අපූරු සිඟිත්තිය, නමින් සිබිල් ද සිල්වාය. සව්දේරියස් ද සිල්වා සහ ජොසලින් ද සිල්වා යන මවුපියන්ට දාව ඇය උපත ලැබුවේ සොයුරු සොයුරියන් පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙසටය. වැඩිමහල් නැඟණිය ගුණශීලී වූ අතර, බාල නැඟණිය අයිරාංගනී, මලණුවන් ඩෙන්සිල් හා මොරින් නම් වූහ.

සිවු හැවිරිදි කුඩා සිබිල්, ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුළු වූවාය. මෙය ඕල්කට්තුමන් විසින් පිහිටුවන ලද පාසලකි. එය මුහුද අද්දර පිහිටා තිබූ අපූරු පාසලකි. වර්තමානයේ ගිංතොට මධ්‍ය මහා විද්‍යාලය ලෙස හඳුන්වන්නේ මෙම පාසලයි.

සිය මිත්තණිය සමග අතිශය සමීප කුලුපගකමක් දැක් වූ කුඩා සිබිල් සිය නිර්මාණශීලිීත්වය උදෙසා අවශ්‍ය රසභාවයන් සංස්පර්ශය කළේ, ඇළ දොළ, කුඹුරුවල ඇවිදිමින් මිත්තණියගෙන් ඇසූ කතා ඔස්සේය.

සිංහල අවුරුද්ද උදෙසා කඩිමුඩියේ සූදානම් වෙමින් නිවෙස සෝදා, එකී පිරිසිදු කිරීම් කළ පසුව පස්වැනි වියට පාතබා සිටි ඇය කළුවූ අඟුරු කැබැල්ලක් ගෙන බිත්තියේ සිතුවමක් ඇන්දාය. ඒ අනාගත මහා සිත්තරාවියකගේ පළමු පියවර යැයි කීමේ වරදක් නොවේ.
මවුපියෝ වනාහි දරුවන්ගේ ඉටුදෙවියෝය. සිය දරුවන්ගේ අනාගත සුරක්‍ෂිතතාව උදෙසා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් සුන්දර ගම්පියස අතහැර කොළඹ නගරයේ පදිංචියට යාම පුංචි සිබිල්ට නම් එතරම් සුන්දර හැඟීමක් නොවීය. ගමේ ලඳු දෙණිවල දුවපැන ඇවිදිමින්, ගඟට පැන දියබුන් ගසමින්, දං, වීර, පලු කමින් ගෙවූ සැහැල්ලු විසිතුරු දිවිය කෙටි කලකින් අවසන් වුවද, ඒ සුවඳ ඇයට අදටත් බිඳකුදු අමතකව ගොස් ඇති බවක් නොහැඟේ. ඇය නගරයට ගියද ඇගේ හදවත, ආදරය යනාදී සියල්ල ගම තුළ ජීවත් විය. ඒ බව ඇගේ නිර්මාණකරණය තුළින් මනාව සඵල වේ.

වයස අවුරුදු පහක් සපිරෙන විට බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූ සිබිල් ඉංග්‍රීසි අධ්‍යාපනය තුළින් සාහිත්‍ය දැනුම පු`ඵල් කරගත්තාය. පාසල තුළ ඇගේ චිත්‍ර කලාවේ උන්නතියට සාර්ථක පිටිවහලක් ලබාගත නොහැකි වුවද, ඇය සතු කලාකාමී හැකියාව පිළිබඳ හොඳින් හඳුනාගත් ඇගේ පියාණන් ඒ සඳහා ඇයට විශාල සහයෝගයක් ලබාදුන්නේය. ලංකා කලා සංගමය විසින් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයකට ඇගේ චිත්‍ර ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඒ වන විට පාහළොස් හැවිරිදි වියේ පසු වූ සිබිල් අතින් ඇඳි චිත්‍රය එම ප්‍රදර්ශනය නැරඹූ එච්.ඩී. සුගතපාල මහතාගේ සුවිශේෂ අවධානයට පාත්‍ර විය. එකල ‘නව මඟ’ අතිරේක කියවීම් පොත් මාලාවේ සම්පාදකවරයා ලෙස සුගතදාස මහතා කටයුතු කළේය. එහිදී සුගතදාස මහතා පස්වැනි ශ්‍රේණියේ පොත් සඳහා චිත්‍ර අඳින ලෙසට සිබිල්ට ආරාධනා කරමින් උපන්ගෙයි වූ අපූරු කලාත්මක ශක්‍යතාව වෘත්තීමය තලයක මුවහත් වන්නට පටන් ගැනිණි. ඒ ඔස්සේ ක්‍රමයෙන් ප්‍රසිද්ධියට පත් වූ සිබිල්ට තවත් පොත් කිහිපයකට චිත්‍ර ඇඳීමට ආරාධනා ලැබිණි. ඒ අනුව, ප්‍රවීණ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘අපේ ගම’ නම් කෘතියට චිත්‍ර ඇඳීමට ඇයට අවස්ථාව හිමි විය. තව ද නාරද හිමියන්ගේ ‘සදහම් පොත්’ ආදියට ද සිබිල්ගේ තෙලිතුඩේ සුන්දරත්වය එක් විය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය තුළින් පාසල් අධ්‍යාපනය හමාර කළ ද ඇය විවිධ පතපොත ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් ගොඩනඟා ගැනීමට සමත් වූවාය.

ආනන්ද සමරකෝන් මහතාගේ ගීත ශ්‍රවණය කරන්නට දැඩි ප්‍රියතාවක් සිබිල් දැක්වූ අතර, ගීත ගයන්නට වූ අසීමිත කැමැත්තක් ඈ සතුව පැවැතියද, මවුපිය අනුමැතිය නොලැබුණෙන් ගායිකාවක වීමේ සිහිනය බොඳව ගියාය. එමෙන්ම පාසල් සමයේ චිත්‍රසේන සූරීන්ගේ කලායතනය අසලින් යන විට, නැටුම් ඉගෙන ගන්නට ආසාවක් ඇති වුවද මවුපිය විරෝධය එල්ල වූයෙන් නර්නත ශිල්පිනියක වීමේ සිහිනය ද බොඳව ගියාය.

පාසල් අධ්‍යාපනය ලබන සමයේ ලංකාදීප පුවත්පත් කාර්යාලය නැරඹීමට ගිය සිබිල්ට ඊට ඇතුළත් වීමට දැඩි අවශ්‍යතාවක් ඇති විය. පාසල් සමය තුළදී පවා ඇය වෙනත් නම්වලින් පුවත්පත්වලට කවි, චිත්‍ර ආදිය ඉදිරිපත් කළ අතර, ඒවා සෑම එකක්ම පාහේ පළ විය. පත්තරයකට සම්බන්ධ වනවාට සිබිල්ගේ මව එතරම් කැමැත්තක් නොදැක්වුවද, පාසල් වැඩකටයුතුවලට වඩා පත්තර රස්සාවට සිබිල් තුළ වූ දැඩි උනන්දුව නිසාවෙන්ම ලංකාදීප පුවත්පත් කාර්යාලය වෙත ගොස් ඩී.බී. ධනපාල මහතා මුණගැසුණි. ඒ අනුව 1952 දී පමණ ලංකාදීප පුවත්පතේ ‘ළපටි පෙළ’ පිටුවට පී.ඩී. ලැනරෝල් මහතා යටතේ වැඩකටයුතු කිරීම ඇරඹූ සිබිල්, තම මිත්තණිය කියාදුන් ජනකවි චිත්‍රයට නඟා ඉතා ඉක්මනින් පාඨකයා අතර ජනප්‍රිය වූවාය. ළපටි පෙළේ අඳින්නට ජන කවියක් සොයා ගැනීමට නොහැකි වූ දිනයකට, කවියක් නිර්මාණය කර හෝ ඉදිරිපත් කරන්නට ඇය සමත් වූවාය.

1953 දී ලේක්හවුස් ආයතනයේ ‘ජනතා’ නමැති පුවත්පතට සම්බන්ධ වූවාය. ඇය එහිදී ‘කුඩ හොරා’ නමැති කතාන්දරය ‘ජනතා’ පුවත්පතේ ළමා පිටුවට චිත්‍ර සහිත ලියා පළ කළාය. එය පසුව කෘතියක් ලෙසටද පළ විය.

‘කුඩ හොරා’ කෘතිය මේ වන විට විවිධ භාෂා 10කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබෙන අතර 1952 දී ජපානයේ පැවැති ලෝක ළමා කෘති තරගයකින් තෙවැනි ස්ථානය දිනා ගන්නටද සමත් විය. 1986 දී ජපානයේ පළ කළ හොඳම විදේශීය කෘතියට හිමි සම්මානයත්, 1987 දී ජනප්‍රිය කෘතියට හිමි සම්මානයත් දිනාගැනීමට ‘කුඩ හොරා’ කෘතිය සමත් විය. ජපානය, චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය යනාදී වශයෙන් රටවල් ගණනාවක මෙම කෘතිය පළ කර තිබේ. නෝර්වේහි මෙම ‘කුඩ හොරා’ කෘතිය පාදක කරගනිමින් ළමා චිත්‍රපටයක් ද ගොඩනඟමින් පැවැතීම තුළ මෙම කෘතිය තුළ වන අනභිභවනීය වටිනාකම ගම්‍යමාන වේ.

එවක ලේක්හවුස් සමූහයේ ප්‍රධානියා වූ ඩෙන්සිල් පීරිස් මහතාගේ ඇරයුම අනුව ලියූ ‘කුඩ හොරා’ ලෝක ප්‍රසාදය දිනාගන්නට තරම් විය. ඉන් ප්‍රමෝදයට පත් ඩෙන්සිල් පීරිස් මහතා ජනතා පුවත්පතේ ‘කුමාර මණ්ඩපය’ නමින් ළමා පිටුවක් ආරම්භ කර එහි සංස්කාරකත්වය සිබිල්ට පැවරීය. එකල කුමාර මණ්ඩලයේ දස්කම් දැක්වූවන් අතර සුනිල් ආරියරත්න හා තිලකරත්න කුරුවිටබණ්ඩාර වැන්නන් කැපී පෙනේ.

සිළුමිණේ පළ වූ ‘සූත්තර පුංචා’ හා සරසවියේ ‘කුසුමලතා’ යන කතාන්දරයන් ද සිබිල් හා සමග එකට බද්ධවී සිටී. ඒවා කොතරම් පාඨක වසඟයට පත් වීද යත් එම කතා නොකියවා සිටීමට නොහැකි තරමට පාඨකයා එම කතන්දර වෙත සමීප වූයේය.

සිළුමිණ පුවත්පතේ පළ වූ ‘සූත්තර පුංචා’ පොතක් ලෙසට ද පළ විය. එය එකල කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ පවා ආදරය දිනාගත් කතාවක් විය. එහි වූ සිතුවම් තුළ අමුතු ජීවී ගුණයක් මතුවී පාඨකයා වෙත ආරෝපණය වන ගුප්ත බලයක් වී යැයි පැවසීම එක් අතකට අතිශයෝක්තියක් නොවේ. මිනිස් චින්තනයන් ආරෝපණය කරන්නට අපූරු චුම්භනමය ශක්‍යතාවක් සහිත ‘කළු දෝණි’ මෙරට පෙර පිනකට පහළ වූ දුබල මැණිකක් බඳුය.

කතාන්දරයක් ලිවීමේදී ඇගේ පෑන් තුඩට නිරුත්සාහිකව වචන ගලා එන්නේ අපූරු කාව්‍යමය රිද්මයක් ද ආරෝපණය කරගනිමිනි. එය හද බසට සමීපය. එකී හදවතේ විවරයන් සමග ගැඹුරු ආත්මීය සුසංයෝගයකට සමීප වේ. එකී මිහිර පාඨකයාගේ සොඳුරු මිහිරක් වෙත පරිවර්තනය කරවයි.

කට වහර, ජන වහර, ගැමි පරිසරය, දුප්පත්කම යනාදිය එකිනෙකට සම්ප්‍රේෂණය කරවමින් ඇගේ කතා ලිවීම තුළ ඒවා සමස්ත පාඨක සමාජයේම පොදු රිද්මය බවට පත් වේ. එතුළ පවතින ආගන්තකු නොවූ කලාකාමීබව තුළ එක් අතකට අපට පවා මඟ හැරේ. ඒ තරමටම එම නිර්මාණ ජීවී ගුණයෙන්, පරිකල්පනීය සුන්දරත්වයෙන් අනූනය.

සූත්තර පුංචා, සුදු-කළු මිශ්‍ර චරිතයක් වූවා විනා එක් අන්තයකට සීමා වූවාක් නොවීය. සැබවින්ම මෙම නිර්මාණය තුළින් අපූරු සූත්තරයක් සිබිල් මහත්මිය සතුව පැවැති බව මොනවට පසක් වේ. ජන සාහිත්‍ය තුළ එන ගැමි ජනකවි තුළින් මතුවන රිද්මය, අව්‍යාජත්වය, සමීප බව යනාදිය පදමට සකසා ළමුන්ට සමීප කරවීම තුළ නවමු රසයක් වෙත සියල්ලන් රැගෙන යන්නට ඇය සමත් වූවාය.

‘ජනතා’ පුවත්පතේ උපකර්තෘවරයකු වූ ධනපාල වෙත්තසිංහ මහතා සමග 1955 දී විවාහ දිවියට ඇතුළත් වූ සිබිල් ද සිල්වා, එතැන් පටන් අපට හුරු පුරුදු ‘සිබිල් වෙත්තසිංහ’ බවට පත් විය.

සිබිල් වෙත්තසිංහ මහත්මිය රචනා කරන ලද ‘වෙසක් පහන’ නම් කතාවද 1965 දී එංගලන්තයේ කාන්තා කවුන්සිලය මගින් පිරිනමනු ලබන ‘ඉසබෙල් හටිං’ ත්‍යාගය දිනාගැනීමට සමත් වීමද සුවිශේෂ අවස්ථාවකි. එය ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් සඟරාවේ සහ 1979 දී යුනෙස්කෝව මගින් පළ කරන ලද ‘අද ආසියාවෙන් කතා’ නැමැති පොතේද පළ විය. 1984 දී සිංහල බසින් පළ වූ හොඳම ළමා කෘතියටත්, 1966 දී එහි ඉංග්‍රිසි පරිවර්තනයට හොඳම ළමා පොත ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි විය.

1970 දී ධනපාල වෙත්තසිංහට ලේක්හවුස් රැකියාව අහිමි වීමෙන් පසුව, සිබිල් වෙත්තසිංහ මහත්මිය ද සිය ලේක්හවුස් දිවියට සමුදුන්නාය. දරුවන් සතර දෙනා සමග ජීවන අරගලයට මුහුණ දෙන්නට ඔවුනට සිදු වුවද, එකී අභියෝගයන් මනාකොට ජයගන්නට ඔවුහු සමත් වූහ.

ළමයාගේ ලෝකය පිළිබඳ අපූරු උගැන්මක්, අපූරු හැඟීමක් ඇති සිබිල් වෙත්තසිංහ මහත්මිය නිරන්තරවම ගැමි සුන්දරත්වයට, ගමේ කලඑළියට, ජන කවියට, ජනකතාවට ආබද්ධ වී සිටියාය. ඇගේ නිර්මාණකරණය තුළින් කලඑළි බැස්සේ එකී කාරණාවන්වල ඔපමට්ටම් කරන ලද අමුතු දිස්නයක් යැයි පැවසීමේ වරදක් නොමැත. සිය කුඩා කල ලද මිහිරි අද්දැකීම්, දුක සේම, තම පරිකල්පන චින්තනය තුළින් ඉරාගත් අපූරු ලිබරල් ලෝකයක් වෙත පාඨක මනස අනවසරෙන්ම රැගෙන යන්නට තරම් ඇගේ කතා කලාව අපූරු ජීව ගුණයකින් සන්නද්ධව පැවැතිණි. ළමයාගේ ලෝකය තුළ වන නිර්ව්‍යාජ සියල්ල තුළ ඔහු සිටි ළමා කාලය ගෙවනු මිස, අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් එකී මනස වැඩිහිටි කිරීමට ඇය අකැමැති විය. වැඩිහිටියන් පවා සිය අතීත රසය වෙත රැගෙන යමින් ඒ තුළින් උද්දාමයට පත් කරලමින් ඔවුන්ගේ දරුවන්ට ළමා සිහින බොඳ වී යාම වළකන්නට ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ.

ඇය රචනා කරන ලද පොත් අතර ‘උඩ ගිය බබා’ කෘතිය මවක සිය දරුවන්ට බත් ගුළියක් කවන්නට ගන්නා උත්සාහය තුළ මවකගේ ආදරණීය බව, දරුවන්ට පෙන්වාදී ඇත්තේ ඇයගේ අපූරු නිර්මාණශීලී විවරණයකිනි.

කොකාගේ සුදු, සුසිනිඳු තුවාය හොරාගත් හාවාගේ කතාව වන ‘සුදු සිනිදු තුවාය’ ළමා මනස තුළ සොඳුරු හැඟීම් ජනිත කිරීමට සමත් විය. ගැමි දිවිය හා එක්වන සුන්දරත්වය අව්‍යාජ කියාපෑමකින් රචනා කර ඇති ‘මැටි ගෙදර ළමයි’ නම් කෘතියේ රසය උරා නොබිව් සිතක් වේ නම්, එය මුසාවකි.
සිය තෙලි තුඩින් රේඛා, වර්ණ, හැඩතල සමග සංකල්ප රූප අපූර්ව ලෙස සුසංයෝග කරමින් ළමා ලෝකයේ අපූරු රසභාවයන් ප්‍රත්‍යක්‍ෂ කරන්නට සිබිල් වෙත්තසිංහයන් තරම් සමත්කම් පෑ තවත් චිත්‍ර ශිල්පිනියක නොමැති තරම්ය.

ජාත්‍යන්තර සඟරාවක ලෝකයේ හොඳම චිත්‍ර ශිල්පීන් පනස්දෙනා අතර සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නාමය ඇතුළත්ව තිබීම තුළ උක්ත කාරණාව තවදුරටත් සනාථ වේ.

‘බිංදු’ ළමා පුවත්පතේ සමාරම්භක කර්තෘ වෙමින් සිබිල් වෙත්තසිංහ මහත්මිය උපාලි පුවත්පත් සමාගමටද සේවය කළාය. මුල්ම බිංදු පුවත්පතේ පිටපත් එක්ලක්ෂ හතළිස්දාහක් අලෙවි වූ අතර, එම අලෙවිය මාස 6ක් පමණ කාලයක් අඛණ්ඩව රැඳී තිබිණි.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතන්දරවලට පදනම් වූයේ ග්‍රාමීය ජීවිතය, කුඩාම අවධිය තුළ විඳි ග්‍රාමීය සුන්දරත්වය, ගැමි දිවිය තුළ වූ අව්‍යාජ මිහිරියාව යනාදියයි. 2003 වසරේදී හොඳම සැලසුම් සහිත ළමා කෘතියට හිමි සාර්ක් සම්මානය ‘දුවන රැවුල’ නම් ළමා කතාවට හිමි විය.

සිය ලොකු අම්මාගේ නිවෙසේ කොහු නිෂ්පාදන පිළිබඳ වූ ස්මරණය තුළින් මතු කරගත් අපූරු මතක මිටිය ඇය සිය ‘දුවන රැවුල’ කෘතියට පාදක කර ගත්තාය. වේළෙන්නට දමා තිබූ පොල් ලෙලි කොහුවලින් සකස් වූ මහා යෝධයකුගේ රැවුලක් ලෙස දුටු ඇගේ චිත්තය, අපූරුවට රැවුල සමග දිවීය.

මෙවැනි අපූරු නිර්මාණ කෘති 230කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරන ලද සිබිල් වෙත්තසිංහ මහත්මිය වසර අටකදී ළමා කෘති 8ක් සඳහා රාජ්‍ය සම්මාන දිනා ගැනීමට සමත් වූවාය. ඇය දිනාගත් සම්මාන, ත්‍යාග ප්‍රමාණය අතිමහත්ය. ඒ අතරින් ඈ වැඩියෙන්ම ඇලුම් කරනුයේ කැලණිය රජමහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කරන ලද සෝලියස් මැන්දිස් නමින් දෙනු ලබන සම්මානයටයි. එය 2007 වසරේදී ඇයට හිමි විය.

යුනෙස්කෝව, නෝමා කොන්කුවරස් චිත්‍ර තරගය, ටෙහෙරාන් බියෙනාල ඔෆ් ඉලෙක්ට්්‍රෂන්ස් චිත්‍ර තරගය ආදී වශයෙන් වන අන්තර්ජාතික ජූරි සභා ගණනාවකද සිබිල් වෙත්තසිංහ මහත්මිය කටයුතු කළාය.

‘පොඩ්ඩයි පොඩ්ඩියි’ නම් කෘතිය 2008 වසරේ දී මුලින්ම පළවීම ජපානයේ වීමද සුවිශේෂතාවයකි. සෞන්දර්යාත්මක රූපණ මඟ ඔස්සේ ළමා කතා, භාෂාමය හා මතවාදී ලෙස අපූරු සුසංයෝගයක් සිදු කරන්නට සිබිල් වෙත්තසිංහ මහත්මිය සතුව ඇත්තේ අසමසම ශක්තියකි. ළමයා නිසි පරිදි සමාජගත වීම තුළ සමස්ත සමාජයම සුවපත් වේ. එතුළ ‘කියවීම’ අත්‍යාවශ්‍ය වූවකි. එහෙත් එය දරුවාට නීරස නොවිය යුතුය. ඒ වෙනුවෙන්ම වෙනම ලෝකයක් තනන්නට ඇය ඇගේ ජීවිතයේ වැඩි ඉඩක් වෙන් කළාය.

1988 දී ඇගේ දයාබර සැමියා, ඇය හා ඇගේ දරුවන් අතහැර සදහටම මෙලොවින් සමුගැනීම තුළ, දිවි ගමනේ ඇය හුදකලා වුවද, අතීත ළමා ස්මරණ අතර තනි වූ ඇයට ඉන් ලත් පීඩාව නිවා ගන්නට එකී මතකයන් ආශීර්වාද සපයන්නට ඇත. ළමා ලෝකය තුළ සිතුවිලිවලින් දියවෙන, කෝම්පිට්ටු ඉදෙන, සෙල්ලම් ගෙවල් තනන, ඇළේ දොළේ දිය කෙළින, ගඩා ගෙඩිවල රස විඳින, කුහකයින් නැති, පාලකයන් වියුක්ත ලිබරල් ළමා ලොවක වසර 93ක් පමණ දිවිගෙවූ ආදරණීය සිබිල් වෙත්තසිංහ මහත්මිය පාඨක හදවත් තුළ සදා අමරණීය චරිතයක් වන බව අවිවාදාත්මකය.

ඇයගේ 90 වැනි ජන්ම දිනය සැමරීම වෙනුවෙන් 2017 දී ‘ආයුබෝ වේවා අනූවට පා තබන සිබිල්’ යනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්විණි.

එහිදී ඇය විසින් අඳින ලද ‘සිදුහත් කුමාරයාගේ කතාව’ සහ ‘පුදුම රීදි ගස’ යන චිත්‍ර එකතුව ප්‍රදර්ශනය කරන ලදී.

සිතින් කිසි දිනක වයස්ගත නොවූ, ගමෙන් පිටමං වූ දා පටන් ගම තුළ වැද දිවිගෙවූ, අඟුරු කැබැල්ලෙන් සිතුවම් ඇඳලූ, ‘කළු දෝණිට’

සිබිල් වෙත්තසිංහ මැතිණියනි, ඔබට නිවන් සුව ලැබේවා….

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මෛත්‍රීගෙ පුතා දහමුත් අරගලයකට ලෑස්ති වෙයි!

Next Post

දරුණු සුළඟක් එන්න පුළුවන් පරිස්සම් වෙන්න!

MORE NEWS

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

Load More
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

"බෝම්බ හැදුවේ සලේ නෙමෙයි..බෝම්බ හැදුවේ ජවිපෙ ඊබ්‍රහිම් නානගේ තඹ කර්මාන්ත ශාලාවේ" - "සිරිල් ගාමිණී පියතුමනි කොළේ වහලා ගහන්න එපා" Sri...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.