ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ (මීටර් 2.5 – 3.0 පමණ) සහ තද සුළං (60-70) දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇත.
ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ (මීටර් 2.0 – 2.5 පමණ) සහ තද සුළං (50-60) දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් ඉහත මුහුදු ප්‍රදේශ රළු වනු ඇත.
ඉදිරි පැය 24 තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසත්, ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අවධානයෙන් පසුවන ලෙසත් දන්වා සිටී.