• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමන්ගේ තානාපතිවරුන්ට ගහපු රටවල්වලට ඇමෙරිකාව කරපු දේ! ‍ලංකාවත් ඔළුවට ගත්තොත් හොඳයි!

September 26, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
තමන්ගේ තානාපතිවරුන්ට ගහපු රටවල්වලට ඇමෙරිකාව කරපු දේ! ‍ලංකාවත් ඔළුවට ගත්තොත් හොඳයි!
Share on WhatsAppShare on Facebook

‘මම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. පසුගියදා රාත්‍රියේදී අරගලයේ උද්ඝෝෂකයන්ට එරෙහිව සිදුකරනු ලැබූ ප්‍රචණ්ඩත්වය ගැන මගේ තදබල අවධානය මම ඔහුට ප්‍රකාශ කර සිටියා. කිසිම තේරුමක් නැති ඉතා දරුණු ලෙස ඉහළ නගින අර්බුදකාරී ප්‍රචණ්ඩත්වය ගැන මගේ විරෝධතාවද ප්‍රකාශ කර සිටියා. මේක ජනතාව මර්දනය කරන මොහොතක් නෙවෙයි. මේ වෙලාවේ රජය ප්‍රත්‍යක්ෂව ගත යුතු පියවර වන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමයි. එහෙත් එවැන්නක් සිදු නොකර මෙසේ කටයුතු කිරීම කනගාටුවට කරුණක්. රජය ඉක්මනින්ම ජනතාවගේ ස්ථාවරත්වය සහ නැවත රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන අවශ්‍ය පියවර ගත යුතුයි. වත්මන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් රටේ පොදු ජනතාවගේ යහපත් අනාගතයක් සඳහා වන ඉල්ලීම් වගකීම් සහිතව ඉටු කිරීම සඳහා අවස්ථාව සලසාගත යුතුයි. එය ඔවුන්ගේ කාර්යභාරය විය යුතුයි…’ ට්විටර් සටහනකි.

‘ට්විටර්, ට්විටර්’ අප නොදන්නා අරුම පුදුම ට්විටර් කතාව කුමක්ද? ට්විටර් (Twitter) යනු අද ලොව ප්‍රබලතම ලෙස ජනප්‍රිය වී තිබෙන සමාජ මාධ්‍ය ජාලයකි. එම ජාලයෙහි විශේෂත්වය වන්නේ විවිධ පුද්ගලයන්ට අදාළව තම තමන්ගේ ට්විටර් ගිණුම් ඇති අතර ඒවායෙහි ඔවුන් විසින් සටහන් තබනු ලැබීමයි. මේ අනුව ඉහත ආන්දෝලනාත්මක ට්විටර් සටහන තබා ඇත්තේ කවුරුන් විසින්ද? ඇය ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග්ය. ඇය මෙම සුවිශේෂ සටහන තබා ඇත්තේ පසුගිය 2022 ජූලි 22 වැනිදාය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වී පැය කිහිපයක් ගතවන විට කොළඹ ගාලුමුවදොර පිටියේදී අරගලකරුවන්ට රාත්‍රියේදී කෲර ලෙස පහරදීමේ ක්‍රියාවක් සිදුවිය. පොලිසිය සහ හමුදාව විසින් මෙම ප්‍රහාරය සිදුකළ අතර එම සිදුවීම මහත් ආන්දෝලනයකට ලක්විය. මෙම වටපිටාවේදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තත්ත්වය ගැන සාකච්ඡා කරනු ලැබුවාය. ගාලුමුවදොර ප්‍රහාරය සිදුවූයේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වී පැය තුන හතරක් ගතවන්නටද මත්තෙන්ය. මේ හෙයින් මෙම සිදුවීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්ද දැඩි ලෙස හෙළාදැක ප්‍රකාශයක්ද නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් විසින් මෙම ශ්‍රී ලංකා ප්‍රචණ්ඩත්වය ගැන අවස්ථා කිහිපයකදීම ට්විටර් පණිවුඩ නිකුත් කළාය. එසේම ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් දේශපාලන නායකයන් ඉදිරියේදී සජීවීවද තම අදහස් ප්‍රකාශ කර සිටියාය. ඇය මෙම ආන්දෝලනාත්මක ක්‍රියාවලිය බොහෝ නිර්භයව සිදුකරන අතර මේ හෙයින් ඇය මේ වන විට ශ්‍රී ලාංකික සමාජය තුළ කැපීපෙනෙන සුවිශේෂ චරිතයක් බවටද පත්ව ඇත. ඇයගේ විශේෂත්වය වන්නේ පසුගිය කාලයේ පැවැති ජන අරගලයට ඇය බොහෝ පක්ෂපාතීව අදහස් දක්වා සිටීමය. මේ හෙයින් ඇය අරගකරුවන් අතර බොහෝ ප්‍රකට ජනප්‍රිය චරිතයක් බවටද පත්වූවාය. එහෙත් එසේම ඇයට එරෙහිව විවිධ පාර්ශ්වද ඇතිවිය. එම පිරිස් බොහෝ විට රාජ්‍ය පාර්ශ්ව වන්නට විය. කෙසේ හෝ ඇය බොහෝ විටදී තමන්ගේ අදහස් මති මතාන්තර ඉතා නිර්භයව ප්‍රකාශ කළාය.

ජූලි චන්ග් නමැති මෙම සුවිශේෂ ගැහැනිය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ධුරයට පත්වී ආවේ පසුගිය 2022 පෙබරවාරි 25 වැනිදාය. මෙය ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් විසින් ඍජුව සිදුකරනු ලැබූ පත්වීමකි. ඇය තානාපතිවරියක් වශයෙන් කටයුතු කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඊට පෙර ඇය ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් ලෙස කටයුතු කළාය. දකුණු කොරියානු සම්භවයක් ඇති ජූලි චන්ග් දැනට 49 වැනි වියෙහි පසුවන්නීය. ඇය ලෝකයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියද, ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියද හිමිකර ගෙන සිටින්නීය. කෙසේ හෝ ඇය තම ජීවිතය තුළදී සත්‍යය සහ යුක්තිය කෙරෙහි නිර්ව්‍යාජව කටයුතු කරන චරිතයක් ලෙස ප්‍රකටය. ජූලි චන්ග් තම මැදිවියට එළඹ සිටින කාන්තාවක වුවද ඇය බොහෝ විට තරුණ පිරිස සමග එකට එක්ව කටයුතු කිරීමට උනන්දු වන්නීය. ශ්‍රී ලංකාව තුළදීද ඇය තම සහාය තරුණ ජන අරගලය වෙනුවෙන් ප්‍රකාශ කළේ මේ හෙයිනි. ඒ හෙයින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇයව එක්තරා ආකාරයකින් නොරිස්සන ස්වරූපයක්ද ගනු ලැබීය. මෙය මේ වන විට යම් ශීතල යුද්ධයක් බවටද පත්ව ඇති බව පෙනෙන්නට ඇත.

මෙම වටපිටාවේදී පසුගියදා සිදුව ඇත්තේ අපූරු සිදුවීමක්ය. මෙයට දින කිහිපයකට ඉහතදී ඇමෙරිකාවේ උසස්තම රාජ්‍යතාන්ත්‍රික තනතුරක් දරන නිලධාරිනියක් ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය නම් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු ඒජන්සියේ (US Aid) වත්මන් ප්‍රධානියා වන සමන්තා පවර් (Samantha Power) ය. මෙම සිදුවීම ප්‍රකාශ කරන්නට පෙර මෙම සුවිශේෂ කාන්තාව කවුදැයි යම් පමණකින් හඳුනා ගනිමු. දැනට 52 වැනි වියෙහි පසුවන සමන්තා පවර් යනු 2013 සිට 2017 වසර දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කළ ඇමෙරිකානු තානාපතිවරියයි. ජනාධිපති බැරක් ඔබාමාගේ සමයේදී ඇය එම තනතුර දැරූ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන් යටතේ ඇය 2021 වසරේ මැයි මාසයේදී US Aid සංවිධානයේ ප්‍රධානියාගේ තනතුරට පත් කරන ලදී. වසර 60ක් පැරැණි මෙම සංවිධානය ලෝකයේ ඇති ප්‍රබලතම සංවිධානයකි. සමන්තා පවර් යනු මෙයට කාලයකට පෙර ඇමෙරිකානු පුවත්පත් කිහිපයක සේවය කළ යුද ගැටුම් වාර්තාකරණය සිදුකළ මාධ්‍යවේදිනියකි. ලොව ප්‍රකට හාවර්ඩ් විශ්වවිද්‍යාල උපාධිධාරිනියක වන ඇය මාධ්‍යකරණයට අමතරව ලේඛිකාවක්ද වෙයි. එනම් ඇය ලොව කීර්තිමත් ලේඛන කලා සම්මානයක් වන පුලිට්සර් සම්මානයෙන්ද (Pulitzer Award) 2003 වසරේදී පිදුම් ලැබීය. ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන ඇය විසින් ලියනු ලැබූ A Problem from Hell; America and The Age fo Gen ocide ග්‍රන්ථය වෙනුවෙන් මෙම ප්‍රකට සම්මානය හිමිවිය. එසේම ඇය තවත් සම්මාන සහ ගෞරව නාමවලින්ද පිදුම් ලබා ඇති රාජ්‍යතාන්ත්‍රිකයෙකි. දැන් සමන්තා පවර් කවුරුන්දැයි ඔබ හඳුනනවා ඇත. පසුගියදා මෙම සුවිශේෂ නිලධාරිනිය ශ්‍රී ලංකාවට පැමිණීයේ ශ්‍රී ලකාවට ලබාදෙනු ලබන ආධාර වැඩසටහන ගැන සාකච්ඡා කිරීමටත්, නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීම උදෙසාත්ය. ඒ අනුව ඇය කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ගතකරමින් යට කී සාකච්ඡාවල නිරත වූවාය. අපගේ මෙම ලිපියේ ඉහත කතා නායිකාව වූ ජූලි චන්ග් ඇමෙරිකානු තානාපතිවරිය නැවතත් වේදිකාවට එන්නේ මෙතැනදීය. එනම් එම අපූරු සිදුවීම මෙසේ සිදුවුණි යැයි එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබිණි. එම වගතුග මෙසේය.

US Aid ප්‍රධානී සමන්තා පවර් සහ ඇගේ නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ඇත. එහිදී ප්‍රථමයෙන්ම පවත්වනු ලබන්නේ නිල සාකච්ඡාව වන අතර එහෙත් ජනාධිපති කාර්ය මණ්ඩලය සමන්තා පවර්ගෙන් විමසා ඇත්තේ ඇය සහ ජනාධිපතිවරයා පමණක් සහභාගි වනු ලබන සාකච්ඡාවක් ප්‍රථමයෙන් පැවැත්වීමට අවකාශ තිබේද යන්නය. ඒ සඳහා ඇයගේ කැමැත්තක් තිබේද යන්නද විමසා ඇත. එහිදී ඇය බොහෝ සාවධානව ප්‍රකාශ කර ඇත්තේ එවැනි සාකච්ඡාවක් පැවැත්වීමට තමන් කැමැති බවය. මෙහිදී මෙම සාකච්ඡාව සඳහා සහභාගි වීමට ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග්ද පැමිණ සිටියාය. එහෙත් එහිදී සමන්තා පවර් සහ ජනාධිපතිවරයා පමණක් සහභාගි වන සාකච්ඡාවක් පවත්වන්නට කටයුතු යෙදීම ගැන ජූලි චන්ග් තමන්ගේ අසතුට පළකර සිටියාය. එහෙත් කෙසේ හෝ සමන්තා පවර්ගේ කැමැත්ත සහ අවසරය මත රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුවද සඵල විය. එහිදී ජූලි චන්ග් ප්‍රකාශ කර ඇත්තේ එසේනම් පොදු සාකච්ඡාව ප්‍රථමයෙන් පවත්වන ලෙසය. එහෙත් එසේ වුවද ප්‍රථමයෙන් සමන්තා පවර් සහ රනිල් වික්‍රමසිංහ අතර පමණක් කෙටි සාකච්ඡාවක් පැවැත්වීය. කෙසේ හෝ ජූලි චන්ග් නැවත ප්‍රකාශ කර ඇත්තේ එසේ නම් එම සාකච්ඡාවට තමන්ද සහභාගි විය යුතු බවය. තම ඉල්ලීම ඇය ජනාධිපති නිලධාරීන් වෙත ඉදිරිපත් කළද එවිට නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එසේ නම් ඒ සඳහා ජනාධිපතිවරයා අවසර ලබාදිය යුතු බවය. කෙසේ හෝ ජනාධිපති නිලධාරීන් එම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඒ වෙලාවේ ඉදිරිපත් කර ඇති අතර එවිට ජනාධිපතිවරයා එයට තම කැමැත්ත ලබාදී ඇත. ඒ අනුව ජූලි චන්ග් තානාපතිනියද එම සාකච්ඡාවට සහභාගි වූවාය.

කෙසේ හෝ මෙම කතාව එක්තරා අපූරු වටපිටාවක් මවන වගතුගක් ලෙස පෙනෙන්නට විය. එනම් එය යම් ශීතල යුද්ධයක ස්වරූපයක් ගන්නා ආකාරයක්ද පෙනෙන්නට විය. මෙහිදී ඉහත ඉංග්‍රීසි පුවත් වාර්තාව ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත්වීමේදී ජූලි චන්ග් තානාපතිවරිය විසින් එම පත්වීම ගැන එවිට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිසි ලෙස සම්බන්ධීකරණය නොකළ බවයි. ඒ හෙයින් නව පත්වීම ගැන ඇමෙරිකානු බලධාරීන්ගෙන් නිසි සුබ පැතුම් පණිවුඩයක් හෝ නොලැබුණු බව මෙම මාධ්‍ය වාර්තාව කියා සිටියි. එසේම ඉන් පසුව ශ්‍රී ලංකාවේ ජන අරගලයට ජූලි චන්ග් තමන්ගේ සහාය දැක්වීමත්, ජන අරගලය මර්දනය කිරීමට එරෙහිව තම විරෝධතාව ප්‍රකාශ කිරීමත් මෙම සීතල යුද්ධය ඇති වීමට මර්ගය සැකසුණු බව ප්‍රකාශ වෙයි. මේ අතර ජූලි චන්ග් තානාපතිනිය විසින් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අදහස් සහ විරෝධයන්ද ප්‍රකාශ කර සිටීම තවත් හේතු සාධකයකි. කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් යටතේ දැන් ජූලි චන්ග් යනු ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී ඇත. එසේම ඇය ශ්‍රී ලංකාවේ පොදු ජනතාව අතර ජනප්‍රිය චරිතයක් බවටද පත්ව ඇත.

‘ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින පවුල් තමන්ට වගවීම සහ විනිවිදභාවය බලාපොරොත්තු වෙනවා. මම පසුගියදා දකුණු ප්‍රදේශයේ සංචාරයක යෙදුණා. දකුණු ප්‍රදේශයේද තමන්ගේ ආදරණීයයන්ගේ අතුරුදන්වීම් ගැන මට අසන්නට ලැබුණා. එම පවුල්වල සාමාජිකයන් මෙම ශෝකාන්තයන් ගැන මට කරුණු කියා සිටියා. සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා ඉවසීමේ හැකියාව සහ ගරුත්වය අවශ්‍ය වෙනවා. දකුණු ප්‍රදේශයේදී මම තරුණ ප්‍රජාවගේ විවිධ සංවාද වැඩසටහන්වලටද සහභාගි වුණා. ඒ අය මට දක්වන ලද ප්‍රතිචාරය ආදරය මම ඉතා අගය කරනවා. අන්තර් භක්තිය සහ විශ්වාසය මේ හරහා තහවුරු වුණා…’ යැයි පසුගියදා ඇමෙරිකානු තානාපතිනිය සටහනක් තැබීය. මෙවැනි වටපිටාවකදී දැන් ජූලි චන්ග් තානාපතිවරිය තවත් අර්බුදයකට මුහුණපා සිටින්නීය. එනම් ඇය පසුගිය දිනෙක මෙවැනි සටහනක් තම ට්විටර් ගිණුමේ තබා තිබිණි.

‘මාගේ නිල ට්විටර් ගිණුමෙහි ඇති ප්‍රකාශයන් ආශ්‍රිත කරගෙන බොහෝ අසත්‍ය ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කෙරෙනවා. මේ ප්‍රකාශ සියල්ලම ව්‍යාජ, අනුකරණ ඒවායි. මේ ප්‍රකාශවලට නොරැවටෙන ලෙස මා ඉල්ලා සිටිනවා. මාගේ නිල ට්විටර් ගිණුමේ තිබෙන මාගේ ප්‍රකාශ ගැන ඔබට යම් පිරිස් විසින් වැරැදි ආකල්පයක් ලබා දෙනවා. මාගේ ප්‍රකාශ ගැන ඔබට යම් සැකයක් ඇති වෙනවා නම් මාගේ නිල ගිණුම කෙරෙහිම ඍජුව අවධානය යොමු කරන්න. අසත්‍ය පුවත්, ව්‍යාජ ට්විටර් පණිවුඩ, අනුකාරක ප්‍රකාශ දැන් විශාල ප්‍රශ්නයක් ඇතිකර තිබෙනවා. මේ කිසිවකටත් ඔබ රැවටෙන්න එපා…’ යැයි ඇය සටහනක් තබා ඇත.

මෙවැනි හේතු සාධක යටතේ දැන් පැහැදිලිවම පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්ට එරෙහිව යම් පාර්ශ්වයක් කටයුතු කරන බවය. මෙම පාර්ශ්වය රාජ්‍ය පක්ෂග්‍රාහී පිරිසක් වන්නට ඉඩ ඇති බව සමහර මාධ්‍ය අවධාරණය කර ඇත. එවැනි පිරිසක් ඒ ආකාරයෙන් කුමන්ත්‍රණකාරී කටයුතු සිදුකළද ඇයට පාක්ෂිකව අන්තර්ජාලය තුළ සිදුකරනු ලබන ප්‍රකාශයන්ද බොහෝය. යම් රටක තානාපති ධුරයක් යැයි කියන්නේ ඉතා බලතල සහිත සුවිශේෂ තනතුරකටය. එසේම එම ඇමෙරිකානු තානාපති ධුරයක් යැයි කියන්නේද අංක එකටම තිබෙන කතාන්දරයකි. එනම් එය ලෝකයේ මහා බලවතාගෙන්ම ලබන තනතුරක්ද වෙයි. ජූලි චන්ග් ඉන්නේද එවැනි තත්ත්වයකය. එහෙත් මෙම සුවිශේෂ රාජ්‍යතාන්ත්‍රිකයා කිසි විටෙකවත් තම තනතුරෙන් අන්ධ වී නැති අතර ඇය බොහෝ විට මේ රටේ සාමාන්‍ය ජනතාව සමග සිටගන්නට උත්සාහ දරන්නීය. පසුගිය දිනෙක ඇය මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවා හමුවී මෙම අර්බුදකාරී තත්ත්වයන් ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. කෙසේ හෝ තත්ත්වය එසේ වුවද හෙට අනිද්දාම ඇයට මෙරට තුළ සතුරන් නිර්මාණය වී මෙරටින් බැහැර වන්නට සිදුවේද.

තත්ත්වය එසේ වුවද මේතාක් දක්වා ශ්‍රී ලංකාවේ සිට කිසිදා ඇමෙරිකානු තානාපතිවරයකු එවැනි තත්ත්වයකට මුහුණදී නැත. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මෙරට තුළ ඇමෙරිකානු තානාපතිවරුන් 28 දෙනකු සේවය කර ඇති අතර එහි 28 වැනි තානාපතිවරයා වන්න්නේ ජූලි චන්ග්ය. තානාපතිවරුන් 09 දෙනකු ආදි ලංකාව තුළද අනෙක් තානාපතිවරුන් 19 දෙනා ශ්‍රී ලංකාව තුළද තම සේවය සිදුකර ඇත. කෙසේ හෝ මෑතක සිට ඇමෙරිකානු තානාපතිවරුන්ගෙන් බොහෝ කාර්යසූර ආන්දෝලනාත්මක රාජකාරියක් ඉටුකළ තානාපතිවරුන් දෙදෙනකු වන්නේ රොබට් ඕ. බ්ලේක් (2006-2009) සහ ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් (2018-2021) යන තානාපතිවරුන් දෙදෙනාය.

මෙහිදී රොබට් ඕ. බ්ලේක් තානාපතිවරයා යුද සමය තුළ සහ රාජපක්ෂ පාලන සමය තුළදී ආන්දෝලනාත්මක රාජකාරියක් ඉටු කළේය. එසේම ඔහු එකල රාජපක්ෂ රජය පාලනය තුළදී බොහෝ විචාරයන්ට සහ විරෝධයන්ටද ගොදුරු විය. කෙසේ හෝ ඉන් පසුව මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී ආන්දෝලනයට ලක්වූ තානාපතිවරයා වන්නේ ජූලි චන්ග්ය.

දැන් ඔබට අපේ රටේ තානාපති කතා හොඳින්ම පැහැදිලි වනු ඇත. එහෙත් ලෝකයේ තානාපති කතා මෙයට වඩා බොහෝ කුරිරුය. සාහසිකය. එනම් ඇමෙරිකානු තානාපතිවරුන්ට පවා ලෝකයේ රටවල් රාශියකින් බොහෝ තර්ජන ගර්ජන එල්ල විය. එහිදී මෙවැනි ඇමෙරිකානු තානාපතිවරුන් රාශියක් එම රටවලින් පලවා හැර ඇත. එනම් එම රටවල අදාළ පාලනයන් විසින් එවැනි තීරණයන් ගනු ලබයි. එම වටපිටාවේදී තවත් භයානක පුවත් ලෙස වාර්තා වන්නේ සමහර තානාපතිවරුන්ට එරෙහිව පහරදීම්, ශරීර වධ හිංසා පවා පැමිණවීමයි. එසේම එම තත්ත්වය එතැනින්ද නොනැවතී ඇමෙරිකානු තානාපතිවරුන් කිහිප දෙනකු කුරිරු ලෙස ඝාතනයට පවා ලක් කළ ආකාරයද දක්නට හැකිය. මෙම තත්ත්වයන් යටතේ ඇමෙරිකානු රාජ්‍ය පාලනය පවා අන්ත අසරණ වූ ආකාරයක්ද දක්නට හැකිය. එම සුවිශේෂ කතාන්දර කිහිපයක වගතුග සොයා බලමු.

සයිප්‍රසයේ 1974 වසරේදී රාජකාරි කළ ඇමෙරිකානු තානාපති රොජර් ඩේව්ස් එරට විරුද්ධවාදී ග්‍රීක තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදී. ඇමෙරිකානු විරෝධී උද්ඝෝෂණයකදී මෙම ඝාතනය සිදුකෙරිණි. සයිප්‍රසයේ නිකෝසියා අගනගරයේ පිහිටා තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී ඝාතනය සිදුවිය. ඔහු මියයන විට 53 වැනි වියෙහි පසුවිය.

1988 වසරේදී ග්‍රීසියේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ විලියම් නූර්දීන් එම වසරේ නොවැම්බර් 17 වැනිදා බෝම්බ ප්‍රහාරයක් මගින් ඝාතනයට ලක්විය. අන්ත වාමාංශික ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදුකරන ලදී. එම කණ්ඩායම ඉතා ප්‍රබල ලෙස ඇමෙරිකානු විරෝධී අදහස් දැරීය.

පසුගිය 2021 වසරේදී තුර්කියේ ජනාධිපති තායිප් එර්ඩෝගන් විසින් එරට ඇමෙරිකානු තානාපතිවරයා සහ තවත් තානාපති නිලධාරීන් 07 දෙනකු තනතුරුවලින් ඉවත් කර රටින් පලවා හැරියේය. තුර්කියේ මහජන ක්‍රියාකාරිකයකු දැනට වසර 04ක් පුරා යුරෝපයේ බන්ධනාගාරයක සිරගත කර තිබීමට එරෙහිව මෙම විරෝධය ප්‍රකාශ කෙරිණි.

2022 මාර්තු මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් එරට සිටි ඇමෙරිකානු තානාපතිවරයා සහ තවත් ඇමෙරිකානු තානාපති නිලධාරීන් කිහිප දෙනකු රුසියාවෙන් පිටුවහල් කළේය. ඇමෙරිකාවේ සිටි රුසියානු තානාපති නිලධාරීන් 12 දෙනකු පිටුවහල් කිරීමට එරෙහිව මෙය සිදුවිය.

2010 වසරේදී ලිබියාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයාට පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙස එරට බලධාරීන් නියෝග කළේය. තානාපති නීතිරීති ලිබියාව තුළ කඩකිරීම ඔහුට එල්ලවූ චෝදනාව විය.

මේ ආකාරයට තානාපති රස්සාවත් හිතන තරම් ලෙහෙසි පහසු එකක් නොවනු ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රතිචාරයන්ට ඇමෙරිකාවද නිකම් සිට නැත. ඔවුන්ද ඒ හැම අවස්ථාවකදීම ඒ ඒ රටවලට එරෙහිව සිය දැඩි ප්‍රතිචාර දැක්වීම සිදුකොට ඇත. ඇතැම් අවස්ථාවලදී සම්බාධක පැනවීම, යුද ප්‍රකාශ කිරීම ආදියද සිදුකොට නැතුවා නොවේ. ඒ අනුව ලංකාව අද ඇමෙරිකානු තානාපතිවරුන්ට දක්වන ප්‍රතිචාරවලට ඇමෙරිකාව කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇතැදියි දැන්ම තියා කිව නොහැකිය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පවුලක් ‌ආණ්ඩුවට ගෙවන බද්දත් ඉහළට යයි!

Next Post

නගින්න-බලන්න-හිතන්න-මේක තමයි නෙලුම් කුලුන…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.