මෙරට පවුලක බදු බර රුපියල් 28,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රජය පනවා ඇති වක්‍ර බදු හේතුවෙන් මෙලෙස බදු බර වැඩිවී ඇති බව තමන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයකදී අනාවරණ වූ බවයි.
මහාචාර්යවරහා වැඩිදුරටත් මෙලෙසද ප්‍රකාශ කළා.
‘ලංකාවේ මේ වෙනකොටත් ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් පවතින්නේ. මේ උද්ධමනයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ රජය මගින් විශාල වක්‍ර බදු ප්‍රමාණයක් පටවලා තියෙන්නේ. අපි මේ පිළිබඳ අධ්‍යනයක් සිදුකරනු ලැබුවා ඒ අධ්‍යනය තුළින් පැහැදිලි වුණේ ලංකාවේ 2021ට සාපෙක්ෂව 2022 වෙනකොට සාමාන්‍ය බදුබර 42%කින් පමණ ඉහළ ගිහින් තියෙනවා කියන එක. ඒ නිසාම සාමාන්‍ය පවුලක බදුබර රුපියල් 28,000ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. වඩාත් වැදගත් වන්නේ වක්‍ර බදු විශ්ලේෂණය. එයට හේතු වෙන්නේ වක්‍රබදු විශ්ලේෂණය එක් ආකාරයකින් භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉහළ යාමට බලපානවා. අනිත් පැත්තෙන් සෑම පුද්ගලයෙකුටම සේවා හා භාණ්ඩ ලබා ගැනීමේදී ඒ බදු ගෙවන්නට සිද්ධ වෙනවා’